Tuesday, March 29, 2011

ස්කූල් වෑන් එක..



Prime Radio SriLanka 2010, Prime radio Web Site,[Online],Available :http://www.primeradio.lk/news/2010/11/21/special-license-to-school-vans/[Accessed 29 March 2011]


ඉස්සර ටිකක් පොඩි කාලේ කැන්ඩි කරපු සමහර වැඩකටයුතු හින්ඳා සහ කැන්ඩි ඉස්සර හැසිරිච්චි විදිය හින්ඳා කැන්ඩිගේ අම්මට කැන්ඩි ගැන ලොකු බයක් හිතේතිබ්බලු.මේකා තනියම යැව්වොත් රස්තියාදුකාරයෙක් වෙනවා කියලා හිතිච්චි හින්ඳමද කොහෙද කැන්ඩිගේ අම්මා නීතියක් පැනෙව්ව කැන්ඩිට කිසිදා තනියම ගමන් තහනම් ය කියලා, ඉතින් වෙන මොනවා කරන්නද දෙන දෙයක් කාලා ඉන්න එපාය ,කැන්ඩිට ඉතින් ඊට පස්සේ හැමදාම කවුරු හරි එක්ක මිසක් පන්තියකටවත් යන්න ලබුනේ නෑ. කොටින්ම කියනවනම් හිරගෙදර.

ඒක නිසා කැන්ඩිව ගේ ළඟින් යන ස්කූල් වෑන් එකේ නැතුව යැව්වේ කැන්ඩිගේ අම්මලාගේ ගමේ ඉඳන් ආපු ස්කූල් වෑන් එකක. ඒ වෑන් එකේ ඇන්ටියෙකුත් හිටිය නිසා තමයි වැඩිමනකුත් කැන්ඩිගේ අම්මා ඒ වෑන් එකට කැමති වුනේ. වෑන් එකේ ඇන්ටි කැන්ඩිගේ අම්මාගේ දුර නෑයෙක්. ඉතින් කැන්ඩිට ඔය වෑන් එකේ හම්බවුනේ ඉස්සරහම ආසනය නිසා ඉතින් වැඩිය බාලිකාවන්ගේ මූණු ටික බලාගන්නත් ගොඩාක් කාලයක් ගත වුනා,ඒත් ඉතින් මොනවා කරන්නද නෝ කතා නෝ සිනා ඇන්ටි ඉන්නවනේ.

ඇන්ටි මේ වෑන් එක කරන්නේ ඩ්‍රැයිවර් කෙනෙක් දාලා ඩ්‍රැයිවර්ට දවසේ පඩිය දීලා තමයි. ඔය වෑන් එකේම තමයි ඇන්ටිගේ දුවයි පුතයි ගියෙත්. ඔය දෙන්නත් හිටියෙ ඇන්ටිගේ වර් එක හිතට අරන් තමයි.කැන්ඩි වෑන් එකට ඇතුළු වුන කාලෙම තමයි ඇන්ටි අළුතෙන් වෑන් එකක් ගත්තෙත්.ඔය අළුත් වෑන් එකට අළුත් රියදුරු මහත්තයෙකුත් ආවා. ඉතින් ඔය අළුත් රියදුරු මහත්තුරු ගොඩ දෙනෙක් හැමතැනම පාරවල් දන්නේ නැහැනේ. මේ අළුත් රියදුරු මහත්තයත් එහෙම තමයි. ඔන්න ඇන්ටිට මේ රියදුරු මහත්තය කියනවා ," නෝනා මට හරියට හැරෙන තැන කියන්න." ඔන්න ඇන්ටිත් කියනවා " ඔය පාරෙන් රාජකාරුණා මාවතට දාන්න" ඔන්න ඉතින් අර රියදුරු මහත්තයා දහ අතේ හොයනවා රාජකරුණා මාවත ,හොයලා ආයෙත් අහනවා " නෝනා කොයි පත්තටද හැරෙන්නේ..?" ඇන්ටි ආයෙත් කියනවා " රාජකරුණා මාවත පැත්තට " ඔන්න ඉතින් මේ රියදුරු මහත්තය ටිකක් මූණ ඇඹුල් කරලා බැලුවම ඉස්සරහ හිටපු කැන්ඩි දකුණට අත දික් කරලා පෙන්නුවා, ඉතින් ඊළගට ආයෙත් මේ රියදුරු මහත්තයා අහනවා " නෝනා කොහෙටද හැරෙන්නේ " ඇන්ටිත් ඉතින් කියනවා, " සිරිධම්ම මාවතට " ඔන්න ඉතින් ආයෙත් කැන්ඩි අනාරාධිතවම පාර පෙන්නුවා.

ඔහෝම ඔහොම පාරහොයන් කැන්ඩිලගේ ඉස්කෝල පැත්තට එනකොට පටන් ගන්න වෙලාව පහු වෙලා, ඇන්ටිගේ දුවගේ පාසල වුනේ ගෝතා බාලිකාව, ඇන්ටිගේ පුතා ගියේ කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට. ඔන්න ඉතින් ඇන්ටිගේ දුවයි පුතයි ඉතින් දැන් "මේ ඩ්‍රැයිවර් එක්ක ආවම හැමදාම මෙහෙම වෙයි "කියලා බැහැලා ගියා. ඔය දෙන්නම බැස්සට පස්සේ තමයි කැන්ඩිගේ පාසලට එන්නේ, ඔන්න ඉතින් කැන්ඩිවත් බස්සවලා යන්න ගියා,එදා හවසත් තවත් සතියක් විතර අර රියදුරු මහත්මයට පාර හුරු වෙනකනුත් ඔහෝම තමයි වුනේ. පඩි නඩි හේතු නිසා ඇන්ටිගේ වාහනයට එන රියදුරු මහත්වර වැඩිය කල් හිටියේ නෑ. ඉතින් ඔය විදියට රියදුරු මහත්වරු පස් හය දෙනෙක්ම මාරු වෙලා යන්න ගියා.

මේ රියදුරු මාරුව ඇන්ටිට ටිකක් අමාරු වෙච්චි නිසාවෙන් ඇන්ටි ඊළඟට ගත්ත තීරණය තමයි , ගෙදර දොරේ ඉඩම් කඩම් බලා හදාගෙන හිටිය ඇන්ටිගේ අන්කල්ව රියදුරු වැඩේට ගන්න එක. ඉතින් අන්කලුත් වැඩේට ආවා. අන්කල් කොළඹ ඉගෙනගත් කොළඹ නිතර ආ ගිය කෙනෙක් නිසා පාරවල් නම් වැඩිය ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඉතින් ඔය පාගමනක් දවසක කලින් ඉස්කෝලේ ඇරිලා අන්කලුත් නොදන්න පාරවල් වගයක යන්න සිද්ධ වුනා, ඉතින් අන්කලුත් "මට හැරෙන තැන කියන්න" කිව්වම ඇන්ටි කිව්වේ " කුමාරතුංග මුනිදාස මාවතට හැරෙන්න" " රාජකරුණා මාවතට දාන්න" වගේ දේවල්. ටික වෙලාවක් මේක අහන් ඉඳපු අන්කල් මෙහෙම කිව්ව " මම ඔය මල ඉලව් පාරවල් දන්නේ නෑ, මට හැරෙන පැත්ත කියනවා " ටික වෙලාවක් " වමට හැරෙන්න " "දකුණට හැරෙන්න " කියපු ඇන්ටි ටික වෙලාවකින් ආයෙත් පරණ විදියටම පාර කියන්න පටන් ගත්තා, ඉතින් අන්කල් මෙහෙම කිව්වා,"මනුස්සයෝ මම ඔය නම් කට පාඩම් කරගෙන නෑ මට හැරෙන පැත්ත කියන්න කියලා" ඉතින් ආයෙත් ඇන්ටි වමට දකුණට උත්තරය දෙන්න පටන් ගත්තා. අන්කල්ට හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා ,ඒක තමයි අන්කල් ගොඩාක් කාලයක් වාහන එළවීමෙන් බැහැර වෙලා තමයි ඉඳලා තියෙන්නේ, ඒක නිසා එයාට වාහනය වැඩිය හුරු නැහැ. ඉතින් ටිකක් හෙමින් තමයි යන්නේ. ඒක නිසා ආයෙත් අර පරක්කු වෙන ප්‍රශ්නය ආවා.

ඉතින් ඔහෝම ටික දවසක් යද්දී පුංචි පවුල රත්තරන් කියලා කියන නිසාද කොහෙද ඇන්ටි ගාව සීට් එකේ හිටපු
ළමයි දෙන්නා පිටිපස්සට යවලා ඇන්ටිගේ දුවයි පුතයි ඒ සීට් එකට ආවා.ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. අන්කල් ටිකක් හෙමින් එළවන නිසා ඇන්ටි මෙහෙම කියනවා" ආනන්ද ටිකක් ඇක්සලරේට් කරලා යමුකෝ " ටික වෙලාවකින් පුතා මෙහෙම කියනවා " තාත්තේ ඔය බ්‍රේක් එකෙන් නැතුව ඇක්සලේටරය පාගලා වාහනේ යන්කෝ " ටික වෙලාවකින් ඇන්ටිගේ දුව මෙහෙම කියනවා " තාත්තේ මට හවස පන්තියට යන්න පරක්කු වෙනවා ".. ඒත් සතියක් විතර යනකන් අන්කල් ඕවට උත්තර විදියට හිනා වෙන එක විතරයි කළේ. ඔහොම සතියක් විතර ගියට පස්සේ අර තුන්දෙනා අර විදියට කියන වාර ගණන වැඩි වුනා, තවත් සතියක් විතර යනකොට ඕක අහන් ඉන්න බැරි තරමේ මන්තරයක් වගේ වුනා, එක පාරටම දවසක් අන්කල් වාහනේ පාරේ පැත්තකට කරල නවත්තල මෙහෙම කිව්වා " තමුසෙලා මට මේ වාහනය එළවන්න දෙනවද ..? නැත්තන් තුන්දෙනා එක්ක මේ වාහනය අරගෙන යනවද ..?" . එදාට පස්සේ ඇන්ටි වෑන් එකේ යන එක අඩු වුනා, අන්කල් විතරයි ආවේ, අර දුවයි පුතයිත් කළින් හිටපු සීට් වලටම ගියා. අන්කල්ගේ පරක්කුවට විසඳුම විදියට වැන් එක වෙනදාට වඩා කළින් පිටත් වුනා.

ඔහොම අවුරුද්දක් විතර යනකොට ඇන්ටි එන එක නැත්තටම නැවතුනා. ඒත් ඉතින් නෑකම නිසා කැන්ඩිට පාසල් ජීවිතය අවසාන වෙනකන්ම යන්න සිද්ධවුනේ ඔය වෑන් එකේ . ඔය අතරේ කැන්ඩි සාමාන්‍යපෙළ කළා ඉහළින් උසස් ආකාරයෙන් සමත් වුනත් කැන්ඩිට ඉතින් පාසල් වෙනස් කරන්න උවමනාවක් නැහැනේ, ඒත්
ඇන්ටිගේ දුවනම් ගෝත බාලිකාවට සමු දීලා ආඩම්බරෙන් මිගාර මාතා පාසලට ඇතුලත් වුනා.ඒක නිසා ගමනත් වෙනදට වැඩිය දිග්ගැස්සුනා..

ඔය කියන කාලේ වෙනකොට කැන්ඩි හොඳ නමක් හදාගෙන හිටපු නිසා සහ කැන්ඩිගේ යාළුවා හිරාන්ව ගෙදරට විශ්වාස වන්ත වෙච්චි නිසාවෙන් කැන්ඩිට තනියම අමතර පන්ති යන්න නිදහසක් ලැබුනා. ඒත් හිරාන් එන්නේ නෑයි කියන දාට යන්න ලැබුනේ කළින් වගේ රියදුරු සමඟ අපේ හිරකාර වාහනේ සුපුරුදු පරිදි හිරකාරයා වගේ. උසස්පෙළ කරන අවධියෙත් ඉස්කෝලේ ගියේ වෑන් එකේ වුනාට අවසන් වසර වැඩිය ස්කුල් වෑන් එකේ යන්න ලැබුනේ නෑ, ඒ මොකද කියනව නම් මම කළින් රසායන විද්‍යාව ඉගෙන ගත්තු ගුරුතුමා වන අපේ නැසීගිය බුලත්සිංහල ගුරුතුමා කියන විදියට කැන්ඩිත් උසස්පෙළ අවසන් වසර කොළඹ ක්‍රමයට අනූව දවස් තුනක් පාසලටත් දවස් දෙකක් පුනරීක්ෂණ පන්තියටත් වෙන් කරලා තිබ්බ නිසාවෙන්.

හැබැයි මේ ස්කූල් වෑන් එක ගැන කියනවා නම් අන්කල් වෑන් එකට පස්සේ පස්සේ දැම්මේ අළුත් ටයර් වෙනුවට පරණ ටයර් අර කම්බිත් මතුවෙච්චි ඒවා, ඉතින් මාසයකට එක පාරක්වත් මේ වෑන් එකේ ටයරෙකක් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා බෝම්බයක් වගේ පිපිරෙනවා. .පිපිරෙන්න ටයරයකුත් නැත්නම් නවතින්න වෙන හේතුවකුත් නැත්නම් ඔය වාහනේට හැදෙන අනිත් ලෙඩේ තමයි බොයිල් වෙන එක.මම හිතන විදියට අන්කල් ඔය වාහනේට පස්සේ හයි කරලා තියෙන්නේ කටුගෙදරින් පන්නපු රේඩියේටරයක්.කරුමේ කියන්නේ ඔය බොයිල් වීමත් ඔය බෝම්බ පිපිරවීමත් ඉතින් සිද්ද්ධ වෙන්නේ නිකන් ස්ථානයක එහෙම නෙවෙයි .හන්දියක් මැද්දේ එහෙමත් නැත්නම් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා වගේ ස්ථානවල තමයි. වැඩිපුරම ඔය දේවල් සිද්ධ වුනේ කනත්ත බාලිකාව ඉස්සරහා.කැන්ඩියි අනිත් වෑන් එකේ ගිය කැන්ඩිගේ මිත්‍රයා වන කල්පගේ අදහසට අනුව ඔය වෑන් එක අක්ක වෑන් එකක් නෙමෙයි අයියා වෑන් එකක්. ඒකනේ බාලිකා විද්‍යාල ඉස්සරහටම යන්නේ නතර වෙන්නෙ. ඉතින් ඔය නැවතිච්චි වෙලාවට නිකන් ඉන්නත් බෑනෙ කට්ටියම එකතු වෙලා ඕක තල්ලු කරනවා, ඒත් ඉතින් වෑන් එක තල්ලු කරනකොට බාලිකාවෝ කිචි කිචි ගානකොට හිතා ගත්තැකිනේ කැන්ඩිටයි අනිත් පිරිමි ළමයින්ටයි හිතිච්චි දේවල්..


කැන්ඩි....

18 comments:

"කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට"
:P

කැන්ඩිලාගේ ස්කූල් වෑන් එක අයිති ඇන්ටිව නම් අදහන්න වටින්නේ. එහෙම් පිටින්ම කොළඹ මැප් එක කට පාඩම් කරලනේ.

කැන්ඩි ගියේ මොන ඉස්කෝලෙටද ? රජ්ජුරුවන්ගේ එකටද ? නැත්නම් ලන්ද ඉස්කෝල දෙකෙන් එකකට ද ?

නියම කතා ටික. ඔන්න ආයෙත් ආව එකට ස්තුති කලොත් බලාගමු.
මේ බ්ලොග් එක මගේ රීඩර් එකටත් දාගත්තේ හැමදාම එන්න නේ බොල !!!!

@ කුරුං ගුරුං ..

ඔබතුමා වැරදියට වටහාගෙන, ඔය සහෝදර පාසල ආනන්දය..
ආනන්දය සහ නාලන්දය සහෝදර පාසල් නෙවේ නම් වෙන මොනවාද?
මේ පැත්තේ ආවට ස්තූතියි..

@ මධුරංග

ලන්දට ලන්දට..
එහෙම බෑ මේක මගේ විදිය..
ඔන්න එහෙනම් මේ පැත්තේ ආවට "බොහෝම" ස්තූතියි..
:D :D :D :D :P :P :P :P

@ කැන්ඩ්-බලු වැඩ කරන්න එපා බං.ඔබතුමා කිය කිය රට්ටු නිනස්සනවනේ.දන්න සිංහලෙන් මචං කියල කතා කරහංකො.

ආ එහෙමද?තේරෙන්න කියන්ට එපාය. :දිව දොට්ට

@ කුරුං ගුරුං

හොඳමයි මචං..
උඹ ටියුබ් ලයිට් කියල මං මක්කොරන්නද බන්..
:දිව දොට්ට

ඇත්තට කැන්ඩි මොනාද හිතුනේ කෙල්ලෝ ටික හිචි හිචි ගාද්දී...?

@ prasanna86k

හිකිස් හිකිස් ඇත්ත වශයෙන්ම කියනව නම් සවලක් තිබ්බානම් මම හාරගෙන පොළොවේ අනිත් පැත්තටම යනවා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@කැන්ඩි :
"වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.. "
අඩොව් ආයේ මෙහෙම ලිව්වොත් කපනවා ඩෝ කොන්ඩේ !!!!
ඔය ඇන්ටි තාමත් ස්කූල් හයර් යනවැයි ?

කතාව නම් එළැ.......
අයෙත් එන්නම් කෝ ඇවිල්ලා යන්න......
තව පොඩි ආරාධනාවක් තියනවා කැන්ඩියාට කොරන්ට..ඒකතමා මගේ බ්ලොගේටත් පොඩ්ඩක් හොට දාලා යන්ට කියලා

@ මධුරංග..

හිකිස්..
උඹ ඒකට පරක්කු වැඩී හොඳේ ,ඊයේ මම තට්ටේ ගෑවා..
අනිවා කොන්ඩේ වැවුනම කොන්ඩේ කපන්න මම උඹේ බාබර් සාප්පුවට එනවා කොහෙද කියපන් ඒක තියෙන්නේ..?

@ බීටා

ආරාධනාව ඉහළින්ම පිළි ගත්තා , දාන්න හොටක් නැතේ ඔන්න මම මූණ ඔබල යන්න එනෝ..
ආ කියන්න බැරි වුනා.. වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Reshan Chathuranga

තන්කූ තන්කූ..
මේ පැත්තේ ආවට ස්තූතියි..

@ මධුරංග

කියන්න බැරිවුනානේ
වෑන් එක ගියේ ඇන්ටිගේ දුවයි පුතයි ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන් විතරයි, ඒ දෙන්නගේ ගමන් වියදනුත් පිරිමහලා ලාබෙකුත් උපය ගත්තා, කොහොමද ඇන්ටිගේ ටිකිරි මොළේ..?
ඇන්ටි දැන් බාගදා මන්ත්‍රී තුමියක් වෙන්ට ඇති ,පහු ගිය ඡන්දේ අපේක්ෂිකාවක්, ඡන්දෙන් පස්සේ ආරංචියක් හම්බ වුනේ නැහැ නෙව..

දැම්ම ෆලොව් පාරට තෑන්ක්ස් හොදේ.....මොනව හරි ඔබලා ගියානම් එච්චරය්...[ වෙන ඒවා එහෙම හිතනවා නෙවෙය් බොල හරිය]

@ බීටා

හිතන්න තියෙන වෙන එව්වා මොනවද බොල?

මතක් කොරන්න එපා ස්කුල් වෑන්, මාත් චුට්ට කාලයක් ගියා ගම්පහ ඉඳල කොළඹට.

@ Observer

ඇයි ඒ වෑන් එකෙත් ඇන්ටියෙක් හිටියද..?
මේ පැත්තේ ආවට ස්තූතියි..

adai mulinma me blog 1ta awe.....mamath bulathsinhala sirge sisuwiyak thamai...

Post a Comment