Thursday, August 18, 2011

කළය....





ඔන්න ඉතින් මේ සිද්ධියත් වුනේ දහම් පාසලේදි තමයි.  
පරණ දහම් පාසල් කතා කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න.


මේ සිද්ධිය වුනේ චතුර හතර ශ්‍රේණියේ විතර ඉන්නකොට (මතක විදියට ).අයියා වැඩි කාලයක් ගෙදර හිටියේ නැති නිසා දහම් පාසල් ගියේ අක්කයි මමයි.  අම්මයි ලොකු අම්මයි දහම් පාසලේ ඉන්න නිසා වෙන ළමයින්ට වගේ නෙවෙයි චතුරටයි අක්කටයි  දාම් පාසල් යන්න වුනේ ගොඩාක් උදෙන් . ඒ මොකද ගුරුවරු ළමයින්ට කළින් යනවනේ. 

ඔන්න ඉතින් චතුරයි අක්කයිත් අම්මත් එක්ක ඔහොම කළින් තමයි ගියේ.කලින් ගියාම ඉතින් අපේ ලොකු අම්ම පොඩිත්තගේ වැඩේ අනේ පුතේ අනික් ළමයි එන්න කළින් අරක කරන්න මේක කරන්න කියලා අක්කටයි මටයි කියන එක තමයි. අම්මා ආචාර්‍යය මණ්ඩලයේ ඉන්න නිසා තවත් කළින් ආව එක්කෙනෙක් තමයි ලක්මිණි අක්කා. එයත් අපේ අක්කගේ වයසේ.දෙන්නම හිටියේ එකම පන්තියේ.කවුරුත් ආදරේට කිව්වේ ලකී කියලා.

 ඉතින්  ලොකු අම්මා උදෙන්ම එන අපි කට්ටියට දෙන වැඩ කොටසකින් එකක් තමයි දහම් පාසලේ ළමයින්ට බොන්න වතුර කළයක් ගෙනත් තියන එක. ඒ කාලේගම කෙලවරේ තිබ්බ නිසා පන්සලට විදුලි පහසුකම් තිබ්බේ නෑ. ඉතින් පන්සල් වත්ත කෙරවලේ තිබ්බ ළිඳකින් තමයි වතුර ගේන්න තිබුනේ. ඒ කළෙත් මහ විශාල කළයක්. සාමාන්‍ය ප්‍රමාණයේ කළයක් එහෙම නෙවෙයි. ඔන්න ඔය කළෙත් එක්ක තවත් පොඩි කළේකුත් තියෙනවා, ඒ කළේට වතුර ගේන්න ඕනේ චතුර ලොකු කළයට වතුර ගේන්න ඕනේ චතුරගේ අක්කයි ලකී අක්කයි. ඔය කාලෙ වෙනකොට මේ අක්කලා දෙන්නටම මේ කළය බරට බරේ උස්සන් එන එක එපා වෙලා තිබ්බේ, ඒත් ලොකු අම්ම නිසා වැඩේට බෑ කියන්නත් බැහැනේ.කළය බර වැඩි වෙලා මේකනම් මහ වදයක්, අපිටමනේ මේ කළය උස්සන් එන්න වෙන්නේ හැමදාම කියලා ඉතින් කියන කොට ලකී අක්කා කියන්නේ කමක් නෑ අපි කළේ උස්සගෙන ගියාට බලන්නකෝ මුළු දහම් පාසලම බොන්නේ අපි දෙන්නා අත හෝදපු වතුරනේ කියලා හිත හැදෙන්න කියනවා.(අත හෝදපු වතුර කිව්වේ, දන්නවනේ දෙන්නෙක් එක්ක කළයක් අරන් එනකොට උස්සන් එන්න ඕනේ විදිය දෙන්නම එක අතක් කළෙකටේ ගැට්ටෙන් දාලා අල්ලගෙන තමයි එන්නේ ඔය වෙලාවට අල්ල ඇතුලට නොයන්නෙත් නැහැනේ ) .

තව මේ කතාවට සම්බන්ධ කෙනෙක් තමයි පන්සලේ ඒ දවස් වල ආවතේව කටයුතු වලට හිටපු තරමක පිස්සුවක් තිබ්බ සාගර. සාගර මාසෙකට සැරයක් මානසික රෝහලෙන්  ප්‍රතිකාර ලබා ගත්ත , ඒත් කාටවත් හානියක් නොකරපු, කරන තරමක් පිස්සු වැඩ කරපු අහිංසක තරුණයෙක්.කාත් කවුරුවත් නැති සාගරට ප්‍රතිකාර වලට අනිත් යන වියහියදම් එහෙම දීලා හාමුදුරුවෝ ඒ දවස් වල පන්සලේ ආවතේව කටයුතු වලට නවත්තගෙන හිටියා. ඒත් මේකට පිස්සු කිව්වට මේකා දහම් පාසලේ ළමෙක් මොනවා හරිකරපු ගමන් නවතින්නේ එක්ක්කෝ අපේ ලොකු අම්මා ළඟ එහෙම නැත්නම් ලොකු හාමුදුරුවෝ ළඟ, තව කේලම එක දෙක කරලා කියලා. ඒක නිසා කොච්චර අහිංසක වුනත් චතුරලා වගේම දහම් පාසලෙ අනික් ළමයිනුත් මේ සාගර එක්ක තරහයි.ඒත් කේලම් කිව්වට දහම් පාසලේ ළමයි චණ්ඩිකම් පෙන්නලා දහම් පාසලේ ළමයින්ට සාගර බයයි. ගහනවයි කිව්වොත් මිනිහා අයේ පැත්ත පළාතකට එන්නේ නෑ.සමහර විට තිබ්බ පොඩි පිස්සුවත් හීන්දෑරෙ සරීරෙත් හින්ඳා මෙයා ළමයින්ට බය වෙන්න ඇත්තේ.

ඔන්න එදා නම් තව බංකු වගයකුත් එළියට අදින්න කියලා ඒක ඉවර වුනාම වතුර ගේන්න යන්න කියපු නිසා චතුරගේ අක්කටයි ලකී අක්කටයි එදා නම් මේ වතුර කෙරුවාව ගැන හොඳටම තරහා ගිහින් තිබ්බේ. "මේක අදින්න ඉතින අපිමනේ හැමදාම එන්න ඕනේ. "කිය කිය එදා තරහින් පිපිරි පිපිරි තමයි මේ දෙන්නා එදා වතුර ගේන්න ගියේ. ඔන්න භාගයක් වතුර පුරවනකොට ලකී අක්කට මෙහෙම අදහසක් පහළ වුනා "අනූ මේ කලේ තිබ්බොත්නේ ආයිත් අපිට වතුර ගේන්න වෙන්නේ, අපි මේක බිඳිමු " ,"හා" කියලා චතුරගේ අක්කත් එක පයින්ම කැමති වුනා. ඔන්න මේක නිකන්ම බිඳින්නත් ලේසි නැති නිසා දෙන්නා එක්ක කලෙන් භාගයක් විතර පිරෙන්න වතුර පුරවලා ළිං පඩිය උඩට කලේ ඇත ඇරියා. ඔන්න කළේ බිඳුනා. 

"ආ පුංචි නෝ නා කළේ බින්ඳා නේද..?" ආපහු හැරිලා බලනකොට සාගර පිටිපස්සේ ,ආවාසයේ කළෙත් අරගෙන වතුර අරන් යන්න.. ඔන්න පැනපු ගමන් චතුරගේ අක්කා "ඒයි සාගර මෙහෙට එනවා..""අම්මට හරි ලොකු හාමුදුරුවන්ට හරි ලොකු අම්මාට හරි කිව්වොත් මම කරන දේ බලා ගත්තැකි හරිද..?" 
"හා මම නම් ඕන් කියන්නේ නෑ ඔන්න" සාගරත් බයෙන් වගේ කිව්වා . අක්කලා දෙන්නා ඉතින් චතුරගේ අතේ තිබ්බ පොඩි කළයට වතුර පුරවගෙන ආපහු ආවා. මෙන්න පන්සල කිට්ටුවට එන්න හම්බවුනේ නෑ සාගර කඩාගෙන බිඳගෙන දුවගෙන ගිහින් දහම් පාසල මැද්දට පැනලා චතුරගේ අම්මයි ලොකු අම්මයි ලකී අක්කගේ අම්මයි ඉන්න තැනට පැනලා කියපි "ඉස්කෝලේ නෝනලා අද පුංචි නෝනලා දෙන්නා කලේ බින්දේ කොස්ගහ මුල නෙවි ළිං පඩියේ " කියලා.ඉතින් කළේ බින්ද විදියත් සාගරයා තව අතින් දාලා කිව්වා . හානේ මේ ගෑනු ළමයි දෙන්නා කරලා තියෙන වැඩක් කියලා ලොකු අම්මා කම්මුලටත් අත තියාගෙන කිව්වා.

තුන්දෙනාටම බැන්නට පස්සේ දුන්න දඬුවම තමයි මීට පස්සේ කළේ වෙනුවට පන්සලේ තිබ්බ ලොකු බෝතල් කීපයකට වතුර අරන් එන්න භාර දුන්න එක.ඒක කළයට වැඩිය අමාරුයි මොකද එක කළයයක් උස්සන් එන තරම් ලේසියෙන් වතුර බෝතල් කීපයක් උස්සගෙන එන්න අමාරුයි. පස්සේ ඉතින් අර කිව්වත් වගේ චතුරගේ අක්කාආවාස ගෙයි පිටි පස්සේ බූරු ඇඳක නිදා ගන්න පිස්සු සාගරට පන්තියේ අනිත් ළමයිනුත් එක්කාසු කරගෙන  කසන ඇට දිය කරපු වතුරත් එක්ක දිමි ගොටුවකුත් දැම්මා...

ප. ලි   එදා හවස ගෙදර එන ගන්මන් චතුර අක්කගෙන් "මේ ඔය දෙන්න කවදද මට හොරෙන් කොස් ගස් මුල කළ  ගෙඩි බින්දේ..?"
චතුරගේ අක්කා .." ඈ මොකක්..?"
චතුර "ඇයි අනේ අර සාගරයා ගිහින් කිව්වෙ ලොකු අම්මට අද පුංචි නෝනල කළේ බින්දේ කොස්ගස් මුල නෙවි ළිං පඩියේ කියලා.."
චතුරගේ අක්කා "ඒක ගිහින් ඒ පිස්සගෙන්ම අහගන්න...."

ප. ප. ලි ටික දවසකින් කළ ගෙඩියට වෙච්චි දේම වීදුරු වතුර බෝතල් වලට වෙන්න පටන් ගත්තු නිසා වතුර ගේන රාජකාරියෙන් අප තිදෙනා මුදා හරින ලදී..

චතුර....

9 comments:

අයියෝ අහුවෙන්නෙ නැතිවෙන්න කළයක් වත් බිඳගන්න බෑනේ. පී

අනේ... අනේ... මුන් දහම් පාසල් ගොහින් තවත් පවු පුරවගෙන නෙව....

අපෝ ඔයාලෑ අක්කා තමා දවසකට හරි අක්කා කියනේ. කලයක්වත් අහුවෙන්නේ නැතුව බිඳගන්න බෑනේ. මතකනේ අර නරං ගහේ සීන් එක. ඒකත් මාට්ටු උනේ අක්කා නිසා නේ. !!!

ප්ලාස්ටික් කළයක් දුන්නනං ඉවරයිනෙ.

දැන් කාටද ඇත්තටම පිස්සු...හික්ස්...
සද්දේ දැම්මොත් ඉතින් අහිංසක පිස්සෙක්ට තමා මේ ගොල්ලෝ ඊයායා....

හෆෝ, චතුරගෙ අක්ක හරි චාටර් නෙ. :(

@ පැණි දොඩම්

කියල වැඩක් නෑ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

ඒකාලේ කොරපුවා කොහොමත් පින් අතේ වැඩ තමයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..


@ මධුරංග

ඒකනේ හරියට මොකවත් කර ගන්න බෑ නෙව..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ Praසන්ன

අර මැටි කළේ විතර සයිස් ප්ලාස්ටික් එව්වා මම තාම දැකල නෑ, ඒක ජම්බෝ සයිස් ප්ලාස්ටික් කළයක්
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඒකනේ කාටද පිස්සු
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති යාළු..

අනේ අනේ...මෙයාලත් කරලා තියෙන වැඩ...:))

@ Kasun

"හෆෝ, චතුරගෙ අක්ක හරි චාටර් නෙ"
ලොල්ය සහෝ පරිස්සමින් මේක දැක්කොත් හෙම හෙට උදේම ගෙදරට සුදු වෑන් එකක් එවයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ Nisupa

ඒකනේ කරපු වැඩ කියලා වැඩක් නෑ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

Post a Comment