Wednesday, July 27, 2011

බාලගිරි සහ මම....



උදේ 7 ට - ඊයෙත් පටන් ගන්න බැරි වුනා අදවත් පටන් ගන්න ඕනේ..
උදේ 8 ට - කාලා පත්තරෙත් බලලම පටන් ගන්නවා..
උදේ 9 ට - සින්ඩිය පැත්තත් බලල තවත් ටිකක් කියවලම පටන් ගන්නවා..
උදේ 10.30 ට - හොඳ ෆිල්ම ටිකක් හම්බ වුනා මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා අළුතෙන් දාල තියෙන බ්ලොග් පෝස්ට් ටිකත් කියවලම පටන් ගන්න ඕනේ..
11.30 ට - ඔන්න ඔහේ ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ මේ මූවි එකත් බලලම පටන් ගන්න්නවා...
දවල් 2 ට - ඔන්න ඔහේ කාලාම පටන් ගන්නවා..
2.30 ට - අළුතෙන් පෝස්ට් එකක් ලියන්න ඕනේ..
2.45 ට - මේක පස්සේ ඉවර කරනවා, දැන් අර නවකතාව භාගයක් වත් කියවලා ඉවර කරන්න ඕනේ....
හවස 4 ට - පුතේ ගෙදර ඉන්න දවසනේ මම  පිහදලා දෙන්න ලස්කාව නාවන්න..
හවස 4. 30 ට - පුතේ මට පන්සල් යන්න තියෙනවා මල් ටිකක් කඩලා දෙන්න..
4.45 - ඔන්න ඔහේ අර පෝස්ට් එකේ ඉතුරු ටිකත් ලියලා ඉවර කරන්න ඕනේ..
5 ට - මූණු පොත පැත්තේ ගිහින් චැටක් දාලම පටන් ගන්නවා..
6. 30 ට - පොඩ්ඩෝ මෙන්න මේක කරලා දෙන්න මට යාළුවෙක් හම්බ වෙන්න යන්න තියෙනවා , ඕක හෙට දෙන්න ඕනේ..
8 ට - පුතේ මෙන්න ඔයාට දිලීපගෙන් කෝල් එකක්..
8.45 ට - ඔන්න ඔහේ නාට්‍යයත් බලලම පටන් ගන්නවා..
9.30 ට - ස්කයිපියෙන් " මචාන් චතුර මෙන්න මේක වැඩ කරන්නේ නෑ  පොඩ්ඩක් බලපන් ", චාලි
10.30 ට - Gtalk එකෙන් ශශික " මචන් මේල් වගයක් එව්වා පොඩ්ඩක් බලපන් "
11 ට - පොඩ්ඩෝ වැඩේ ඉවරද ..? "න් නෑ මේ තව පොඩ්ඩක් තියෙනවා දැන් ඉවර කරලා දෙන්නම් "
 රෑ 11.30 ට - ස්කයිපියෙන් චාලි ," මචාන් මේක මම වෙනස් කළා දැන් මේ පාට් එක වැඩ නෑනේ.. පොඩ්ඩක් බලපන්.."
12.30 ට - අරයගෙන් කෝල් එකක් " ඔයා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් උදවු කරනවද..? "
 පාන්දර 1.30 ට - මේසේ උඩ  "ග ර් ර් , කු රූ ස් ස් , ග ර් ර්"
 පාන්දර 2 ට - අම්මා,"කොච්චර කිව්වත් අහන්නේ නෑ රෑ තිස්සේ ඇහැරගෙන මේක ඉස්සරහම තමයි නිදියන්නේ , මම මේන් එක ඕෆ් කරන්න කලින් ඕක නිවලා ඇඳට ගිහින් නිදිය ගන්න"
පාන්දර 2.01 ට - ඇඳටගිහින් ලැපෙන් කරන්න පටන් ගන්නවා..
පාන්දර 2.02 ට- ලැප ඔන් කරයි
පාන්දර 2.30 ට  ඇඳ මත නින්දෙන් , " කෝ අර පරණ ඩොක් එක "
පාන්දර 3.01 ට - නින්දෙන් ඇහැරී," ඔන්න ඔහේ හෙටම පටන් ගන්නවා..", 'ලැප නිවා දමයි'
බාලගිරි අද නොවෙයි හෙට ....


චතුර....

13 comments:

"බාලගිරි අද නොවෙයි හෙට"
ඕක තමා අපේ ජීවිතේ..

රෑ එක දෙක වෙනකන් මුලු ලෝකෙම තියෙන වැඩ කරත්..අපි කරන්න ඕන දේ කරලා නෑ..

@ අසනි

ඒක ඇත්ත..
මැරෙන කම් වැඩ කළත් කරන්න ඕන දේ නෙවෙයි කරලා තියෙන්නේ, මේ පැත්තේ ආවට තුති..

ඕක තමයි කම්මැලිකම .. ම්ගේ ජීවිතෙන් වැඩි හරියක් ඕකට යට වුණා ..

@ සඳරු

ඇත්ත..
ගොඩක් වෙලාවට ඕකට ඔය නම ඇරෙන්න කියන්න දෙයක් නෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

හි හි මටත් ඔය ලෙඩේම තියෙනවා මචන්..මම හිතුවෙ මට විතරයි කියලා ලොල් :D

අනේ මන්ද නේ....................

@ පිස්සු පූසා

ඔව් ඔව් කාඅටත් ඔහොම තමයි
මේ පැත්තේ ආවට තුති..

@රතු මුහුද

හ්ම්ම්ම් හ්ම්ම්ම් අනේ මංදා
මේ පැත්තේ ආවට තුති..

මාත් මගේ ෆයිනල් එකට පාඩම් කරන්න ඕන කියලා හිතෙනවා ඒත් ගොඩක් වෙලාවට පොත වහලා දාලා ඉන්නවා. මටත් බාලගිරි දෝශය !!!

@ මධුරංග

කියලා වැඩක් නෑ සහෝ
මේ පැත්තේ ආවට තුති..

හික් මාත් වැඩ කරන්නේ මෙහෙම තමා ;)

@ deeps

ඒකනේ නවත්තන්න අමාරු පුරුද්දක්..
මේ පැත්තේ ආවට තුති..

කලකට පස්සේ වෙළකට බැස්සේ... අහ් මේ ඉන්නෙ චතුර වස්සා.
ඈ බොලං උඹට මම දවසක් කිව්වා නොවැ උබලෑ පොජෙට්ටු කොරන්නේ මෙහෙමයි කියලා? එදා උඹ නෑ කිව්වට මෙන්න උඹම අද රෙද්ද ගලෝගෙන?

@ ගල් ඉබ්බා
ඔන්න අදත් තප්පු ලලා පෙන්නලා තියෙනවා උඹේ වර්ගේ හැටි..
ඈ බොල බූරු හරක් පැටියෝ නිවාඩු දවස් වලට ප්‍රොජෙක්ට් කරන්නේ උඹේ ආච්චිගේ කැම්පස් එකේද..?
"12.30 ට - අරයගෙන් කෝල් එකක් " ඔයා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් උදවු කරනවද..? "
කියවන රෙද්දක් හරියට කියවහන් මැටිමෝල් ගොන් හරක් බූරු වහු කුනා ,තොට ඔය පේළිය කියව ගන්න බැරි වුනා කියලා මම මැරෙන්නද?

Post a Comment