Friday, July 1, 2011

කැන්ඩිගේ මතක අහුර වෙනස් වූ වගයි..






පාඩම් සහ ව්‍යාපෘති වැඩ කටයුතු එක්ක ටිකක් හිර වෙලා හිටියත්, ටිකක් නෙවෙයි දැන් නම් ගොඩාක් හිරවෙලා හිටියත් ඒ දේවල්ම විතරක් කර කර ඉන්න අමාරු නිසා මාස දෙකකට විතර පස්සේ මම බ්ලොගයට ගොඩ වදින්න තීරණය කළා. දැන් කවුරුවත් අහන්න යන්න එපා මම විභාගයට ව්‍යාපෘතියට භාර දෙන්න යන්නේ බ්ලොග් එකේ මේ පෝස්ට් එකද කියලා? දැනටමත් දැන් කර කර ඉන්න වැඩේ මොකක්ද කියලා දැකපු එක්කෙනෙක් මගෙන් ඔය දේ ඇහුව්ව. ඒත් ඉතින් හැම වෙලාවේම ඔය දේවල් කර කර ඉන්න බැරි නිසා තමයි මම මාස දෙකක් තුරාවට පැත්ත පළාතටවත් ආවේ නැති බ්ලොගය පැත්තට ගොඩ වදින්න හිතුවේ.


කාලෙකින් ලිව්වේනැති නිසා ලියන්න දේවල් නම් ගොඩක් හිතේ තියෙනව, ඒත් ඒ දේවල් ලියන්න කළින් මම කාලෙක පටන් කරන්න කියලා හිතාගෙන හිටපු තවත් දෙයක් ඉස්සෙල්ලම කරන්න ඕනේකියලා හිතුන නිසා ඒකට මුල් තැන දෙන්න තීරණය කළා. ඒ තමයි මම කාලෙක පටන් බ්ලොග් ලියන නම වෙනස් කරන එක. බ්ලොග් අවකාශයේ වැඩිය ජනප්‍රිය නොවුනත් දන්න කියන හැමකෙනාම මගේ බ්ලොග් අඩවිය හඳුනන්නේ කැන්ඩිගේ මතක අහුර සහ මම කැන්ඩි ලෙස.

මුලින්ම කැන්ඩි කියන නමින් මම බ්ලොග් එක පටන් ගන්න තීරණය කළේ මට පාසල් කාලයේ සියළුම යාළුවෝ කතා කළේ කැන්ඩි කියන නමිනුයි, ඒ මම නුවර පාසලක ඉඳලා නාලන්දයට ඇතුලත් වුන නිසයි, අදටත් පාසල් කාලයේ මිතුරන් චතුරට වඩා අඳුරන්නේ කැන්ඩිවයි.  නමුත්කාලෙක පටන් මට හිතිලා තිබුන දෙයක් තමයි මගේම අනන්‍යතාවයෙන් මගේ අඩවිය ලියන්න පටන් ගන්න ඕනේ කියන එක, ඒකට පැහැදිලිවම හේතුවක් කියන්න බැරිවුනත් ගොඩාක් කාලෙක ඉඳලා මට ලැබුන සමහර කමෙන්ටු සහ විවිධ දේ නිසා මට මේ දේ හිතුනා කියලා කියන්නත් පුළුවන්. ලියපු සමහරදේවල් සමහර වෙලාවට ලියපු ආකාරයෙන් නැතුව වෙනත් වෙනත් ආකාරයන්ගෙන් තේරුම් අරගෙන ඒවාට ඒ ඒ ආකාරයේ මත පළ කරන්නත් ඒ නම හේතු වෙන්න ඇති කියලා මට හිතුන නිසාවෙන් තමයි මම මගේම අනන්‍යතාවයකින් ලියන්න පටන් ගන්න හිතුවේ.ඒක නිසා මම මගේ ඇත්ත නම ඒකියන්නේ මට අම්මයි තාත්තයි දීපු නමින්ම මගේ අනන්‍යතාවය පවත්වන් යන්න  තීරණය කළේ.

විශේෂ හේතුවක් නැති වුනත් මේක මට හිතුන නිසා කරපු දෙයක් කියලා කියන්න මම ගොඩක් කැමතියි, මොකද මේකත් යම් දෙයකට බයේ කරපු දෙයක් කියල සහ වෙනත් කෙනෙකුට තවත් වෙනත් අදහසක් ඇතුව තේරුම් යන්නත් ඉඩක් තියෙන්න පුළුවන්. ලියන සමහර දේවල් වල සියළු තොරතුරු දෙන්න බැරිවුනහම එක් එක් අය ඒදේ කියවලා තමන්ගේ බුද්ධි මට්ටමට අනූවයි තේරුම් ගන්නේ.ඒක මට පැහැදිලිවුනේ අවසානයට ලිව්ව පොස්ට් කිහිපයෙන් එකකට ආපු අමුතුම අර්ථකථනයක් සහිත කමෙන්ටුවක් නිසයි,එක් එක් පුද්ගලයාගේ සිතන පතන විදිය වෙනස් කරන්න මට බැරි වුනත් ඒ දේවල් ඒ ඒ ආකරයෙන් හිතන්නට තුඩුදුන්න හේතු නැති කළහම ඒ ඒ දෙයෙහි ඇති සත්‍ය ඒ ඒ ආකාරයෙන් පෙනෙයි කියලා හිතන නිසා මම මේ නම වෙනස් කිරීම කරන්න හිතුවෙ.
 
නම වෙනස් කළත් ලියන්නේ මමම නිසා "වෙනදා වගේ මේ පැත්තේ ආව " ගිය නමින් පමණක් අහලා තියෙන දැකලා නැති ඒත් හොඳ යහළු බැම්මක් තියෙන මම ලියන දේ ගැන අදහස් කියන මගේ බ්ලොග් යහළුවෝ දෙතුන් දෙනා මාත් එක්ක ඉඳියිකියලා මම හිතන ගමන් තමයි මේ වෙනසට මුල පුරන්නේ..

මම රචනා කරපු අනෙක් සියළුම අඩවි වලත් නම් වෙනස් වෙන්නේ මේ විදියටයි.

කැන්ඩිගේ මතක අහුර = චතුරගේ මතක අහුර..
කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තිය = චතුරගේ තොරතුරු තාක්ෂණ සිප්සල..
කැන්ඩිගේ ඇසින් = චතුරගේ තෙවැනි ඇසින්.......
The Story of Candy = The Story of Chathura..

Picture Source : http://www.flowcrete.com/OurNews/Flowcrete_Launch_New_Flooring_Website.aspx Accessed on 01 st July 2011, 11.22 AM  [Online]





චතුර....( කැන්ඩි )

6 comments:

අම්මෝ හුග කාලෙකට පස්සේම කැන්ඩි ඇවිත්. ඇති යන්තන් අපිව මතක් උනා. මම් ඒක තමා බැලුවේ අලුත් කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා. ඒ කෙනාව හොයාගෙන ආවම මෙතෙන්ට සෙට් උනා.

එක අතකට තමන්ගේ නමින්ම ලියන එකත් හොදයි.

හැබැයි කෝම කලත් කැන්ඩි මොනා ලිව්වත් ඒක අනිවාර්යෙන්ම මම කියවන්න එනවා.

වෙනදා වවේ මේ පැත්තට ආවට ස්තුතියි කියන උදාන වාක්කිය කිව්වට ගොඩක් ස්තුතියි. !!!!

සහෝ උදාන වාක්‍යයේ හිමිකම මා පමණක් සතුයි.. මට පෙර එය පැවසීම දඬුවම් ලැබිය හැකි වරදකි.. වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..!!

ගැත්තාට සමාව දෙනු. මා මේ වාක්කිය කවදාවත් ආයෙම කියන්නේ නෑ. හැබැයි චූටි පුතේ වෙන කවුරු හරි කිව්වොත් ඕං මාව නම් අල්ලගන්න එපා.

අනේ මචං තිබ්බ නම් මැක්සා බං. ඒක කෙලින්ම උඹටම විතරක් තියෙන ආවේනික නමක් බං. අපරාදේ වෙනස් කලේ.

අවුලක් නෑ කැන්ඩි මොකෝ චතුර මොකො.

එසේය ලොකු බාප්පානෙනි..

ආ ලොකු බාප්පය කිව්වේ මාළු මාමාට නොවේ මධුරංග බාප්පටය..

@ රන් මාළුවා..

ඒකනේ මොකක් වුනාම මොකද..?නේද?
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment