Showing posts with label මගේ කතා හෙවත් රස කතා... Show all posts
Showing posts with label මගේ කතා හෙවත් රස කතා... Show all posts

Thursday, August 18, 2011

කළය....





ඔන්න ඉතින් මේ සිද්ධියත් වුනේ දහම් පාසලේදි තමයි.  
පරණ දහම් පාසල් කතා කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න.


මේ සිද්ධිය වුනේ චතුර හතර ශ්‍රේණියේ විතර ඉන්නකොට (මතක විදියට ).අයියා වැඩි කාලයක් ගෙදර හිටියේ නැති නිසා දහම් පාසල් ගියේ අක්කයි මමයි.  අම්මයි ලොකු අම්මයි දහම් පාසලේ ඉන්න නිසා වෙන ළමයින්ට වගේ නෙවෙයි චතුරටයි අක්කටයි  දාම් පාසල් යන්න වුනේ ගොඩාක් උදෙන් . ඒ මොකද ගුරුවරු ළමයින්ට කළින් යනවනේ. 

ඔන්න ඉතින් චතුරයි අක්කයිත් අම්මත් එක්ක ඔහොම කළින් තමයි ගියේ.කලින් ගියාම ඉතින් අපේ ලොකු අම්ම පොඩිත්තගේ වැඩේ අනේ පුතේ අනික් ළමයි එන්න කළින් අරක කරන්න මේක කරන්න කියලා අක්කටයි මටයි කියන එක තමයි. අම්මා ආචාර්‍යය මණ්ඩලයේ ඉන්න නිසා තවත් කළින් ආව එක්කෙනෙක් තමයි ලක්මිණි අක්කා. එයත් අපේ අක්කගේ වයසේ.දෙන්නම හිටියේ එකම පන්තියේ.කවුරුත් ආදරේට කිව්වේ ලකී කියලා.

 ඉතින්  ලොකු අම්මා උදෙන්ම එන අපි කට්ටියට දෙන වැඩ කොටසකින් එකක් තමයි දහම් පාසලේ ළමයින්ට බොන්න වතුර කළයක් ගෙනත් තියන එක. ඒ කාලේගම කෙලවරේ තිබ්බ නිසා පන්සලට විදුලි පහසුකම් තිබ්බේ නෑ. ඉතින් පන්සල් වත්ත කෙරවලේ තිබ්බ ළිඳකින් තමයි වතුර ගේන්න තිබුනේ. ඒ කළෙත් මහ විශාල කළයක්. සාමාන්‍ය ප්‍රමාණයේ කළයක් එහෙම නෙවෙයි. ඔන්න ඔය කළෙත් එක්ක තවත් පොඩි කළේකුත් තියෙනවා, ඒ කළේට වතුර ගේන්න ඕනේ චතුර ලොකු කළයට වතුර ගේන්න ඕනේ චතුරගේ අක්කයි ලකී අක්කයි. ඔය කාලෙ වෙනකොට මේ අක්කලා දෙන්නටම මේ කළය බරට බරේ උස්සන් එන එක එපා වෙලා තිබ්බේ, ඒත් ලොකු අම්ම නිසා වැඩේට බෑ කියන්නත් බැහැනේ.කළය බර වැඩි වෙලා මේකනම් මහ වදයක්, අපිටමනේ මේ කළය උස්සන් එන්න වෙන්නේ හැමදාම කියලා ඉතින් කියන කොට ලකී අක්කා කියන්නේ කමක් නෑ අපි කළේ උස්සගෙන ගියාට බලන්නකෝ මුළු දහම් පාසලම බොන්නේ අපි දෙන්නා අත හෝදපු වතුරනේ කියලා හිත හැදෙන්න කියනවා.(අත හෝදපු වතුර කිව්වේ, දන්නවනේ දෙන්නෙක් එක්ක කළයක් අරන් එනකොට උස්සන් එන්න ඕනේ විදිය දෙන්නම එක අතක් කළෙකටේ ගැට්ටෙන් දාලා අල්ලගෙන තමයි එන්නේ ඔය වෙලාවට අල්ල ඇතුලට නොයන්නෙත් නැහැනේ ) .

තව මේ කතාවට සම්බන්ධ කෙනෙක් තමයි පන්සලේ ඒ දවස් වල ආවතේව කටයුතු වලට හිටපු තරමක පිස්සුවක් තිබ්බ සාගර. සාගර මාසෙකට සැරයක් මානසික රෝහලෙන්  ප්‍රතිකාර ලබා ගත්ත , ඒත් කාටවත් හානියක් නොකරපු, කරන තරමක් පිස්සු වැඩ කරපු අහිංසක තරුණයෙක්.කාත් කවුරුවත් නැති සාගරට ප්‍රතිකාර වලට අනිත් යන වියහියදම් එහෙම දීලා හාමුදුරුවෝ ඒ දවස් වල පන්සලේ ආවතේව කටයුතු වලට නවත්තගෙන හිටියා. ඒත් මේකට පිස්සු කිව්වට මේකා දහම් පාසලේ ළමෙක් මොනවා හරිකරපු ගමන් නවතින්නේ එක්ක්කෝ අපේ ලොකු අම්මා ළඟ එහෙම නැත්නම් ලොකු හාමුදුරුවෝ ළඟ, තව කේලම එක දෙක කරලා කියලා. ඒක නිසා කොච්චර අහිංසක වුනත් චතුරලා වගේම දහම් පාසලෙ අනික් ළමයිනුත් මේ සාගර එක්ක තරහයි.ඒත් කේලම් කිව්වට දහම් පාසලේ ළමයි චණ්ඩිකම් පෙන්නලා දහම් පාසලේ ළමයින්ට සාගර බයයි. ගහනවයි කිව්වොත් මිනිහා අයේ පැත්ත පළාතකට එන්නේ නෑ.සමහර විට තිබ්බ පොඩි පිස්සුවත් හීන්දෑරෙ සරීරෙත් හින්ඳා මෙයා ළමයින්ට බය වෙන්න ඇත්තේ.

ඔන්න එදා නම් තව බංකු වගයකුත් එළියට අදින්න කියලා ඒක ඉවර වුනාම වතුර ගේන්න යන්න කියපු නිසා චතුරගේ අක්කටයි ලකී අක්කටයි එදා නම් මේ වතුර කෙරුවාව ගැන හොඳටම තරහා ගිහින් තිබ්බේ. "මේක අදින්න ඉතින අපිමනේ හැමදාම එන්න ඕනේ. "කිය කිය එදා තරහින් පිපිරි පිපිරි තමයි මේ දෙන්නා එදා වතුර ගේන්න ගියේ. ඔන්න භාගයක් වතුර පුරවනකොට ලකී අක්කට මෙහෙම අදහසක් පහළ වුනා "අනූ මේ කලේ තිබ්බොත්නේ ආයිත් අපිට වතුර ගේන්න වෙන්නේ, අපි මේක බිඳිමු " ,"හා" කියලා චතුරගේ අක්කත් එක පයින්ම කැමති වුනා. ඔන්න මේක නිකන්ම බිඳින්නත් ලේසි නැති නිසා දෙන්නා එක්ක කලෙන් භාගයක් විතර පිරෙන්න වතුර පුරවලා ළිං පඩිය උඩට කලේ ඇත ඇරියා. ඔන්න කළේ බිඳුනා. 

"ආ පුංචි නෝ නා කළේ බින්ඳා නේද..?" ආපහු හැරිලා බලනකොට සාගර පිටිපස්සේ ,ආවාසයේ කළෙත් අරගෙන වතුර අරන් යන්න.. ඔන්න පැනපු ගමන් චතුරගේ අක්කා "ඒයි සාගර මෙහෙට එනවා..""අම්මට හරි ලොකු හාමුදුරුවන්ට හරි ලොකු අම්මාට හරි කිව්වොත් මම කරන දේ බලා ගත්තැකි හරිද..?" 
"හා මම නම් ඕන් කියන්නේ නෑ ඔන්න" සාගරත් බයෙන් වගේ කිව්වා . අක්කලා දෙන්නා ඉතින් චතුරගේ අතේ තිබ්බ පොඩි කළයට වතුර පුරවගෙන ආපහු ආවා. මෙන්න පන්සල කිට්ටුවට එන්න හම්බවුනේ නෑ සාගර කඩාගෙන බිඳගෙන දුවගෙන ගිහින් දහම් පාසල මැද්දට පැනලා චතුරගේ අම්මයි ලොකු අම්මයි ලකී අක්කගේ අම්මයි ඉන්න තැනට පැනලා කියපි "ඉස්කෝලේ නෝනලා අද පුංචි නෝනලා දෙන්නා කලේ බින්දේ කොස්ගහ මුල නෙවි ළිං පඩියේ " කියලා.ඉතින් කළේ බින්ද විදියත් සාගරයා තව අතින් දාලා කිව්වා . හානේ මේ ගෑනු ළමයි දෙන්නා කරලා තියෙන වැඩක් කියලා ලොකු අම්මා කම්මුලටත් අත තියාගෙන කිව්වා.

තුන්දෙනාටම බැන්නට පස්සේ දුන්න දඬුවම තමයි මීට පස්සේ කළේ වෙනුවට පන්සලේ තිබ්බ ලොකු බෝතල් කීපයකට වතුර අරන් එන්න භාර දුන්න එක.ඒක කළයට වැඩිය අමාරුයි මොකද එක කළයයක් උස්සන් එන තරම් ලේසියෙන් වතුර බෝතල් කීපයක් උස්සගෙන එන්න අමාරුයි. පස්සේ ඉතින් අර කිව්වත් වගේ චතුරගේ අක්කාආවාස ගෙයි පිටි පස්සේ බූරු ඇඳක නිදා ගන්න පිස්සු සාගරට පන්තියේ අනිත් ළමයිනුත් එක්කාසු කරගෙන  කසන ඇට දිය කරපු වතුරත් එක්ක දිමි ගොටුවකුත් දැම්මා...

ප. ලි   එදා හවස ගෙදර එන ගන්මන් චතුර අක්කගෙන් "මේ ඔය දෙන්න කවදද මට හොරෙන් කොස් ගස් මුල කළ  ගෙඩි බින්දේ..?"
චතුරගේ අක්කා .." ඈ මොකක්..?"
චතුර "ඇයි අනේ අර සාගරයා ගිහින් කිව්වෙ ලොකු අම්මට අද පුංචි නෝනල කළේ බින්දේ කොස්ගස් මුල නෙවි ළිං පඩියේ කියලා.."
චතුරගේ අක්කා "ඒක ගිහින් ඒ පිස්සගෙන්ම අහගන්න...."

ප. ප. ලි ටික දවසකින් කළ ගෙඩියට වෙච්චි දේම වීදුරු වතුර බෝතල් වලට වෙන්න පටන් ගත්තු නිසා වතුර ගේන රාජකාරියෙන් අප තිදෙනා මුදා හරින ලදී..

චතුර....

Sunday, August 14, 2011

සරම....




මේක චතුර දහම් පාසල් ගිහින් වෙච්චි දෙයක්

එතකොට චතුර එක ශ්‍රේණියට ඇතුලත් කළා විතරයි. අම්මයි ලොකු අම්මයි දෙන්නම ඉන්න හින්දා චතුරට දහම් පාසලේ වසරක් ඉහළ පන්තියට තමයි ඇතුලත් වෙන්න ලැබුනෙත් දහම් පාසලට භාර දුන්නට චතුරට අම්මා සරමක් මහලා දුන්නේ නෑ, ඒ දවස් වල ටිකක් අම්මට වැඩ වැඩි වෙච්චි නිසාත් ගෙදර ඒ දවස් වල පොඩි වැඩ වගයක් කරපු නිසත් වෙන්න ඇති. මේ කියන දවස් වල චතුරගේ තාත්තා උසස්වීමකට මොකක් හරි විභාගයකට සහභාගී වෙන්න පන්ති වගයකට සහභාගී වුනා ඒ නිසා සති අන්තයටත් තාත්තා ගෙදර හිටියේ නෑ.තාත්තා ගෙදර හිටියේ නැති නිසාත් ගෙදර වැඩ වගයක් තිබුණ නිසාත් අම්මත් ඒ දවස් ටිකේ දහම් පාසලට ගියේ නෑ.

ඉතින් එදත් චතුර දහම් පාසල් ගියා. ඔය කාලේ දහම්පාසලේ විනය ඇඳුම් ගැන එහෙම භාරව තිබුනේ ලොකුඅම්මාට තමයි. ඔන්න ඉතින් සරමක් ඇඳගෙන ගියේ නැති නිසා ලොකු අම්මත් කිව්වා ඊළඟ දවසේ නම් කොහොම හරි අම්මාට කියලා සරමක් මහගෙන ඇඳන් එන්න කියලා.දැන් ඉතින් චතුර ගෙදර ඇවිල්ල අම්මට කිව්ව එන සතියේ නම් කොහොම හරි සරමක් මහලා දෙන්න ඕනේ කියලා, ඉතින් අම්මත් කිව්ව එන සතියේකොහොම හරි මහලා දෙන්නම් කියලා. ඒත් ඉතින් දන්නවනේ ඔය කාලේට මොකක් හරි හම්බ වෙනවා කිව්වම තියෙන නොඉවසිල්ල , ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කීප පාරක්ම කිව්වා "තාත්තේ ලොකු අම්මා කිව්ව සරමක් මහගෙන ඇඳන් එන්න කියලා". ඉතින් දවසම මහන්සි වෙලානේ තාත්තත් ඇවිත් හිටියේ ඔය කන්දොස්කිරියාවෙන් බේරෙන්න හිනා වෙලා එහෙම තාත්තා මෙහෙම කිව්වා"එහෙම එක සතියෙන් සරමක් මහගෙන යන්න රෙදි ගන්නේ කොහොමද..?  කියන්න ලොකු අම්මට ,සරමක් මහගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා දෙන්න කියලා ඊළඟ දවසේ .."

ඔන්න ඊළඟ දවසෙත් චතුර දහම් පාසල් ගියා ඒත් අම්මට වැඩ වැඩි නිසා සරමක් මහලා දෙන්න හම්බ වුනේ නෑ. යන්න ලෑස්ති වෙලා අම්මා කිව්වා ඔන්න ඔහේ අදට විතරක් ඕක ඇදන් යන්න කියලා. ඔන්න ඉතින් චතුරත් ඕක ඇදන් දහම් පාසල් ගියා. එදා ලොකු අම්මා සරමක් මහලා ඇඳන් ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවේ රැස්වීම උදේ රැස්වීම මැද්දේ. ඔන්න ඉතින් චතුරත් පැනපු ගමන් කිව්වේ එකපාරටම මතක වෙච්චි තාත්තා කිව්ව කතාව."ලොක්කම්මේ තාත්තා කිව්ව එක පාරටම සරම් මහන්න රෙදි ගන්න බෑ , සරමක් මහ ගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා ඉල්ලගෙන එන්නය කියලා", ඕක අහපු ලොකු අම්මගේ මූණ රතු වුනා, අනික් ළමයිනුත් හිනා වුනා. උදේ රැස්වීමට පන්සිල් දෙන්න වැඩලා හිටපු පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් හිනා. ලොකු අම්මා ඉතින් චතුරට මොනවත් කිව්වේ නෑ, එදත් ඉතින් චතුර දහම් පාසල් ඇරිලා ගෙදර ගියා..

ඔන්න හවස ලොකු අම්මා එනවා ගෙදර, ඇවිත් අම්මාට කිව්වා විස්තරය. අම්මත් ඉතින් මොනවත් කියන්නේ නැතුව අහගෙන  හිටියා. ඊට පස්සේ ලොකු අම්ම ගියාට පස්සේ තාත්තා එක්ක කියනවා අන්න ඔයා කියපු එක පුතා අකුරක් අඩු කරන්නේ නැතුවම ගිහින් කියලා. තාත්තටත් ඉතින් වැඩේට හිනා..

එදායින් පස්සේ චතුරගේ තාත්තා චතුරට මොකක් හරි කියනවා නම් දහපාරක් විතර හිතුවලු.

චතුර....

Friday, August 12, 2011

පෑනේ මිතුරෝ....




මේක කළේ නිවාඩු කාලෙක ගෙදර ඉන්න ගමන්. නිවාඩු කාළේට අයියත්  ගෙදර ඉන්න නිසා ඉතින් තුන් දෙනාම එක්ක මොනව හරි මගෝඩිස් වැඩක් තමයි ඉතින් කළොත්. 

ඒ දවස් වල තිබුණ ලොකුම උණ තමයි පෑනේ මිතුරන්ව ඇති කර ගන්න එක. ලෙඩේ ගෙදරට ගෙනාවේ අක්කා තමයි එයාගේ ඉස්කෝලේ යාලුවෙකුට වෙනත් රටක ඉන්න පෑනේ මිතුරෙක් ස්ටිකර් වගයක් එවලා කියන එකත් එක්ක. ඔන්න ඉතින් තුන් දෙනාම එක්ක ඒ දවස් වල ඔක්කෝම පත්තර වල තියෙන පෑනේ මිතුරු සමාජ හොයන්න පටන් ගත්තා. 

කොහොම හරි පත්තර කිහිපයක තිබුණ දැන්වීම වලට පිළිතුරු යවලා හොයා ගන්න හම්බවුනා මිතුරු සමාජවලට බැඳෙන ක්‍රම . ඒ අතරේ තව ඉරිදා ටයිම්ස් පත්තරේ තිබ්බ මිරර් මැගසින් එකේ ඒකේ ඒ කාලේ ළමා අතිරේකයක් තිබුණේ නෑ මට මතක විදියට  ළමයින්ට වෙනම පිටුවක් විතරයි, ඔය අතිරේකේ පළවෙනවා පෑනේ මිතුරුමිතුරියන්  ඇති කර ගන්න ඕනේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලිපින ,ඔය ලිපින වලට ලියලයි කොහොම හරි කිහිප දෙනෙක්ව අඳුන ගත්තා.

 නුවර පැත්තේ තිබුණ එක පෑනේ මිතුරු සමාජයක සඟරාවකින් විදේශීය මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුට යවපු ලියුම් වලටත් ප්‍රතිචාර ලැබුනා ඒ වගේම ඒ සඟරාවට අපේ තොරතුරු යවලා ඒකෙනුත් ලිපි කිහිපයක් ආවා. 

ඔන්න ඉතින් ඔය අතරේ තවත් ලංකාවේමිතුරු මිතුරියන් ඇති කර ගන්න සඟරවකට ඉල්ලුම් කරන්න ආවා. ඒ සඟරාවේ තිබුණා මෙහෙම කොන්දේසියක් , මිතුරු ජාලයේ සාමාජිකත්වය ගන්න බලාපොරොත්තු වෙන අය වයස අවුරුදු දහ අටට වැඩි අය වෙන්න ඕනේ කියලා. ඉතින් තුන් දෙනාම කල්පනා කළත් (ඒකාලේ මම කල්පනා කළා වුනාට මගේ තීරණ සතපහකටවත් ගණන් ගත්තේ නෑ ඔය දෙන්නා )තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් බැරි නිසා අක්කා මෙහෙම තීරණයක් ගත්තා ,අයියගේ නම දාලා වයස විදියට අවුරුදු විසිපහ දාලා අදාල පෝරමයට ඒ වයසට හරියන උපන් දිනයත් දාලා පුරවලා අරින්න. ඔන්න  ඉතින් එහෙමෙ කළා.

යැව්වට පස්සේ ඔය ජාලයෙන් ලියුමක් ආවා අපගේ මිත්‍රත්ව ජාලයේ  සඟරාවේ ඊලඟ කලාපයේ  ඔබගේ නම පළ කරනවයි කියලා.ඉතින් නිවාඩුවත් ඉවර වුනා. ඔන්න මාස කීපයකට පස්සේ ලියුමක් ආවා. අයියගේ නමට. ඉතින් එදා ගෙදර හිටිය නිසා ලියුම ගත්තේ ගිහින් අක්කා, ඔන්න ඉතින් ලියුම කඩලා බැලුවම තමයි කරපු වැඩේ බරපතල කම තේරුනේ.

ලියුමේ තිබ්බේ මෙහෙම.

දයාබර  ____අයියා (අයියගේ නම ) වෙත

(අසවල් )සඟරාවේ මේ මස කළාපයෙන් ඔබගේ නම හා ලිපිනය දැන ගතිමි. ඔබට මෙය කරදරයක් යැයි නොසිතන්න.බ්ලා බ්ලා බ්ලා බ්ලා (ඇය සේවය කරන ආයතනය , ලිපිනය , එන්න පාර  ඔය වගේ දේවල් ) තුන් මසක අසාර්ථක විවාහයකින් වෙන්ව සිටින මා යහපත් ගුණවත් උසස් රැකියාවක් කරන (රණවිරු සොහොයුරන් විශේෂයි ) නිහතමානී අවංක සොහොයුරෙකු හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටිමි.(මට මතක නෑ තව මේකේ ගොඩක් විස්තර තිබුනා ). අන්තිමට තිබුනා ලියුමට ප්‍රතිචාර දැක්වුවොත් හම්බ වෙන්න එන්න වුනත් කැමතියි කියලා.
 කොහොම හරි පස්සේ දැනුම තේරුම තියෙන කාලේ වෙනකොට තේරුනා ඕක මිතුරු හවුලක් නෙවෙයි සහකාරයන් සහකාරියන් සොයන අයට තියෙන හවුලක් කියලා. 

ඔන්න ඉතින් අක්කා චතුරටත් ඇහෙන්න ලියුම කියවද්දී අම්මා ආවා, ඇවිත් කවුද දුවේ ලියුම එවලා තියෙන්නේ කියලා ලියුම අරන් බැලුවා. ඔන්න අක්කගේ මූණ නිකන් ඇඹුල් වෙලා ගියා. චතුරයා ඉතින් එතකොට එකවසරේ හරි දෙක වසරේ හරි තමයි. 

ඔන්න ඉතින් අම්මා"කවුද ඔය සඟරාවට නම ඇරියේ ?"
(අක්කා බිම බලාගෙන ඇඹරෙනවා.) 
චතුර පැනපු සැණින් :"අයියාට ආපු ලියුමට අයියගේ නම දාලා අක්කා ලිව්වා "

එදා දවසම ඉතින් බැනුම් තමයි. ඔක්කෝම ඒ දෙන්නට ඉතින් ඒත් ඒ කාලේ හිටපු විදියට ඉතින් ඒ දෙන්නාට බනිනවා කියන්නේ ඉතින් මට බනිනවාට වැඩිය දුකයි.  ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කිව්වා, තාත්තා නම් එච්චර ගණන් ගත්තේ නෑ ඒත් අම්මගේ තීරණය විදියට මිතුරු සමාජයේ සාමාජිකත්වය අහෝසි කරනත් නම පළ නොකරන්නත් කියලා නැවතත් ලියුමක් ලියලා අරින්න සිද්ධ වුනා. 

ඊට පස්සේ ලියුමක් ලියනවා නම් අම්මට පෙන්නන්නත් අම්මට කියලා මිසක් ලියුම තැපැල් කරන්න බෑ කියලත් ලියුමක් ආවොත් කඩන්න කලින් අම්මා අතට පත් කරන්න ඕනේ කියලා අළුත් නීතියකුත් ආවා. පස්සේ කාලේක ලියුම් ලියන්න පටන් ගත්තු අක්කටයි අයියටයි වඩා වැඩි ලියුම් ප්‍රමානයකුත් මුද්දර සිය ගණනින් එවන යාළුවෝ පිරිසකුත් චතුරට හම්බ වුනා. 

පව් අර බලාපොරොත්තුවෙන් ලියුම් එවපු සහෝදරී, මොකක් වෙතත් එයා මිතුරෙක් වෙනුවට සහකාරයෙක් හොයා ගන්නනේ හැදුවේ.

චතුර....

Wednesday, August 10, 2011

දේශන අතරතුර - 03




 කියෙව්වේ නැත්නම් කියවන්න.



මේ සිදුවීම සිදුවුනේ අපේ පළවෙනි වසරේ තුන්වෙනි අධ්‍යයන වාරෙදි. මේ මිත්‍රයා මුස්ලිම් ජාතිකයෙක්. මේ කාලේ තමයි තුනවන අධ්‍යයන වාරේ පටන් ගත්තුම කාලේ. ඒ කියන්නේ අගෝස්තු මැදහරියේ විතර. ඒ අවුරුද්දේත් මේ වගේ කාලේ තමයි. ඔන්න ඉතින් ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයන් නෝම්බි සමරන කාලෙනේ.

 ඔන්න ඉතින් මේ යාළුවත් ඉතින් නොකා නොබී එහෙම තමයි උදේ ඉඳන් ඉන්නේ. ඒ දවස් වල මෙයා තවත් අමතර විභාගයකටත් පාඩම් කළා , ඉතින් ඒක නිසා ටිකක් නිදි මරලත් එහෙම තමයි එන්නේ .

 ඔන්න ඉතින් මෙයා එදත් එහෙම පාඩම් කරලා එහෙම තමයි ඇවිත් හිටියේ. එදා හවස එකට විතර ලැබ් සෙෂන් එකක් පටන් ගත්තා. ඔය වෙලාවට කාලා එහෙම කාටත් මොනතරම් ආසා හිතෙන පාඩමක් කෙරුවත් නින්ද යන වෙලාවනේ . එදා කරපු පාඩමත් ටිකක් නිදිමත එකක්. ඒ දේශක තුමාත් උගන්නන කොට ටිකක් අහන් ඉන්න අමාරුයි එපා වෙනවා, කියවගෙන කියවගෙන යන එක්කෙනෙක්. ඉතින් ටිකක් මේ වෙලාවට නිදිමත හැදෙනවා.

 ඔන්න ඉතින් මේ වෙලාවේ මේ නොකා නොබී නිදි වරලා හිටිය මේ යාළුවටත් හොඳටම නිදිමත ඇවිල්ලා ළඟ හිටපු එකාට ස'ර් ළඟට එනවන් ඇහැරවන්න කියලා පොඩි නින්දක් දාල. ලැබ් සෙශන් එකක්නේ ස'ර් ට හරියට කට්ටියව පේන්නෙත් නැති නිසා ලේසියෙන් නිදා ගත්තැකි. මෙයා තව ඒ දවස් වල බයෙන් හිටියේ දවස් දෙක තුනක් එන්න බැරි වෙච්ච නිසා සීයට අසූව නැති වෙයි කියලා, පැමිණීම ළකුණු කරන කොට මෙයා හැම වෙලාවෙම විපරමෙන් තමයි හිටියේ මෙයාගේ නම මඟ ඇරෙයි කියලා. 

ඔන්න පාඩමත් ටික වෙලාවක් කරගෙන යනවා. කවුරුවත් වෙන වැඩක් නෑ ස'ර් ලැබ් සෙෂන් එකේ කරන පාඩම කවුරුත් අත් හදා බලනවා. ඔන්න ඔය අතරේ එක පාරටම නැඟිටපු මෙයා Number 1 is presentකියලා කිව්වා. 

ඔන්න ස'ර්ටත් මේක මීටර් නෑ ස'රුත් මෙයාගේ මූණ දිහා බලන් ඉන්නවා. ඒ පාර මෙයා තවත් හයියෙන්  Sir number 1 is present කියලා කිව්ව එතකොට තමයි ඔක්කොටම තේරුනේ මෙයා හීනෙන් පැමිණීම ළකුණු කරනවා කියලා හිතාගෙන නැගිටලා කියලා.ඔක්කෝටම හිනා, 

මෙයාට නිදිය ගත්තු එකට දඬුවම විදියට නිදිමත නැති වෙනකම් හයවෙන්නි තට්ටුවේ ඉඳලා පළවෙනි තට්ටුවට බැහැලා තියෙන පඩි ටික ගණන් කරගෙන එන්න කිව්වා.මෙයත් විනාඩි පහක් ගියේ නෑ ආයිත් ඇවිත් පඩි ගණන කිව්වා . ස'ර් ගත් කටටම කිව්වා ඕක නෙවෙයි ගණන හරි ගණන ගැනගෙන ආවම කියන්නම් කියලා. මෙයා ඊට පස්සේ හරි ගණන ගැනගෙන ආවම තමයි ආයිත් ඇතුලට ගත්තේ. වෙලා තියෙන්නේ මෙයා එක තට්ටුවක් බැහැලා ඒක හයෙන් වැඩි කරලා. ඒත් මුල් තට්ටු දෙක අතර අනික්වට වැඩිය පඩි සංඛ්‍යාවක් තියෙනවා..


මේ සිද්ධිය වුනෙත් තුන්වෙනි අධ්‍යයන වාරෙදිම තමයි.  මේ කියන දවස් වල ව්‍යාපෘති වඩ කටයුතු වගයක් සහ විභාගයක් එක ළඟ යෙදිලා තිබුනා , ඔන්න ඉතින් කට්ටිය ගජරාමෙට නිදි මරන් ව්‍යාපෘතිය කරනවා සහ විභාගේට පාඩම් කරනවා. මේ කියන සිදුවීම සිදුවෙච්චි දේශනය තිබ්බේත් දිවා ආහාර වේලෙන් පස්සේ . ඔන්න ඉතින් නිදිමත හැදෙන එක අහනත් දෙයක් යැ. ඒ මදිවට නිදාගන්නේත් නැතුව ඉන්න අයනේ. 

ඔන්න ඉතින් දේශනෙන් ටික වෙලාවක් යද්දී පිටිපස්සේ ආසන වල කට්ටිය හොඳටම නිදි අනිත් අයත් අත් දෙකට මූණ තියන් හරිම අමාරුවෙන් ඇහැරගෙන ඉන්නවා.මේ කියන යාළුවත් හරිම නිදිමතෙන් අත්දෙක තියාගෙන අත්දෙක උඩ මූණ තියාගෙන අමාරුවෙන් ඇහැරගෙන හිටියේ. 

මෙයා කණ්නාඩි දාන එක්කෙනෙක්. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී මහා සද්දයක් ඇහුන , දේශනයක් මැද්දේ නිසා තරමක සද්දේට ඩග් ගානවා ඇහුනා. බැලින්නම් අර යාළුවා නින්ද ගිහින් මේසෙට මූණ වැදෙන විදියට කෝම හරි තදින් නිදිකිරා වැටිලා. පස්සේ මිනිහා ඔළුව උස්සද්දී තමයි දැක්කේ මිනිහාගේ ඇස් දෙක වාසනාවට බේරිලා තියෙන්නේ කියලා. වැටිච්චි පාරට මේසේ වැදිලා කණ්නාඩිය කැඩිලා ඒත් වාසනාවට ඇහේ නෙවෙයි ඇහැ අයිනට කණ්නාඩියේ රාමුව කැඩිලා වැදිලා තිබුනේ. කාචය ප්ලාස්ටික් නිසා රාමුවෙන් ගැලවිලා තිබුනා මිසක් බිඳිලා තිබුනේ නෑ. 

චතුර....

දේශන අතරතුර - 02


මේ කතාවත් අර දමිළ දේශකතුමා සහ අර අනිත් මිත්‍රයා සම්බන්ධවයි.මිත්‍රයා සහ දේශකතුමා ගැන කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. ඔන්න අර කළින් එකේදි ඒ දේශකතුමා අපේ මිත්‍රයාට ගෑනු ළමයයි නොකියා ගෑනු ළමයයි කිව්වනේ.

ඔන්න ඉතින් මේ මිත්‍රයයි තව එයාගේ යාළුවෝ දෙන්නෙකුයි එහෙම ස'ර්ව කේන්ති ගස්සන වැඩක් කරන්න දින ගැන ගැන හිටියේ. ඒත් ඉතින් ස'ර්'ව මොනවා කළත් කේන්ති ගස්සන එක නම් ලෙසි නැති නිසා මේ යාළුවෝ ටික තීරණය කරලා තිබ්බේ කඩාකප්පල් කාරී ශබ්දයක් හරි වෙන ඒවගේ දෙයක් හරි කරන්න.

 ඉතින් එදත් මේ කට්ටිය ටිකක් දේශන ශාලාවේ මැදහරියට වෙන්න ඉඳගෙන හිටියේ.දේශකතුමා දේශනයට දාල රූපසටහනක් බෝඩ් එකේ අඳිනවා පැහැදිලි කරන්න.ඔන්න මේ අතරේ අර සෙට් එකෙන් එකෙක් ස'ර්ට ඇහෙන්න දැම්ම පළවෙනි සද්දය.

ඒක තමයි අර සිංහලෙන් Flirt Whistle කියලා කියන විසිල් එක.අර සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට ඇහෙන්න ගහන විසිල් එක.  අහලා නැත්නම් මෙතන තියෙනවා අහන්න.  





ඔන්න ඉතින් පළවෙනි පාරට ඕක කාගේ හරි ෆෝන් එකක දැම්මට ඇහුනේ නෑ. ඉතින් දෙවෙනි පාර ඕක සද්දෙ වැඩි කරලා හොඳට ඇහෙන්න දැම්මා.ඔන්න ඒ පාර නම් ස'ර්ට ඕක ඇහුනා . 

බෝඩ් එකේ අඳින එක නවත්තලා හැරිලා බැලුවා සද්දය ආපු පැත්ත.ස'ර් බලන කොට ඉතින් මේ කට්ටිය බිම බලාගෙන හිනාවෙනවා. ඒ වෙලාවේනම් ස'ර්ගේ  මූනේ තිබ්බේ කේන්ති ගිය පාටක්. ඉතින් ඔක්කොම හිතුවේ අදනම් වැඩේ හරි තමා කියලා.

ටිකක් වෙලා කන්න වගේ බලන් හිටපු ස'ර් එදත් අර පල් හිනාව දාලා අර බිම බලන් හිටපු එවුන් ටික දිහා බලලා මෙහෙම කියනවා . "Guys, I'm straight and I have two kids...."එදාට පස්සේ නම් එකෙක්වත් ස'ර් එක්ක විහිළු කරන්න ගියේ නෑ.


මේකත් වුනේ දෙවෙනි අධ්‍යයන වාරෙදි. මේකෙදි එක විෂයකට ආවේ තරුණ දේශක තුමෙක් . මෙතුමා උපරිම වශයෙන් අපිට වැඩිය අවුරුදු තුනක් හරි හතරක් හරි වැඩිමල් ඇති. පළමු පන්තියේ සාමාර්ථයක් අරගෙන උපාධිය ගත්ත නිසාවෙන් තමයි මුළින්ම දේශන වලට ඉල්ලුම් කරලා තියෙන්නේ.

 ඔන්න ඉතින් මෙයා දේශන පැවැත්තුවට කවුරුත් මෙයා ඉන්නවද කියලාවත් ගණන් ගන්නේ  නෑ. කොටින්ම කිව්වොත් ස'ර් ශාලාවේ හිටියත් නෑ වගේ තමයි.ඉගෙන ගන්න අය අහන් ඉන්නවා අනිත් අය එක එක සෙල්ලම්. කෙල්ලන්ට එක එක එව්ව කරන එක , නිදා ගන්න එක වගේ එව්වා.

මේකුන්ට බැන්නොත් කොහොමටවත් පාලනය කර ගන්න බැරි වෙයි කියලා හිතපු ස'ර් කළේ තමන්ට එව්ව ඇහෙන්නේ නැති විදියට දේශනය අහන් ඉන්න අයට විතරක් දේශනය කරලා යන්න ගිය එක. මේ කියන දවසෙත් මේ ස'ර් ගේ දේශනයක් , ඒත් ස'ර්ට වෙන මොකක් හරි වැඩක් තිබ්බ නිසා ප්‍රශ්න වගයක් කරන්න දීලා ගියා. 

ඉතින් කොල්ලන්ටත් නිකන් ඉන්න බෑනේ ඔය ගෑනුළමෙක් අයිනේ වාඩි වෙලා හිටපු මිත්‍රයෙක් ඒ ගෑනු ළමයගේ පෑන් පැන්සල් දාන පර්ස් එක අරගෙන තින් අත යවනවා. (කියන්න එපා ඉතින් තාම කරන්නේ පහේ පන්තියේ වැඩ කියලා..). ඔය ප'ර්ස් වල පෑන් පැන්සල් ලක්ෂයක් විතර දාන්න තරම් සයිස් එව්වනේ ගන්නේ. මේකත් තරමක ලොකු එකක්. 

ඔන්න ඉතින් අතින් අත යවන කොට අර ගෑනු ළමය කෑ ගහනවා ඕක දෙන්න කියලා. ඒත් ඉතින් ඔය වෙලාවට ඕක දෙන එකක් යැ. ඔය අතරේ ඕක මඟදි නැවතිච්චි තැනක එකෙක් ඕක ඇරලා බලල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.කොහොම හරි ඕකේ තිබිලා තියෙනව අර ගෑනු ළමයි අසනීප වුනාම හදිසියට භාවිතයට ගන්න ජාතියේ දෙයක්(චන්ද්‍ර මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ ). 

කවුද දන්නේ ඔය අලි සයිස් පර්ස් වල එව්ව තියෙනවයි කියලා.අනික කොල්ලෝ ඔය එව්ව හරියකට දැකලා තියෙන එකක්යැ. ඔන්න අරුත් ඕක එළියට අරන් (ඕක තිබ්ලිලා තියෙන්නේ පොඩි පොලිතින් එකක වගේ ඔතලා ) ඒ මොකක්ද බන් මේ සිලි සිලියේ තියෙන ස්පොන්ජිය කියලා උස්සලා අර ළමයාට පෙන්නල ඇහුවා. ඕක දැක්ක විතරයි අර ගෑනු ළමය අඬන්න ගත්තා, අනික් ගෑනු ළමයි ඔක්කොම කන්න වගේ කොල්ලෝ සෙට් එක දිහා බලන් ඉන්නවා. 

ඔය අතරේ කන්න වගේ බලන් හිටිය ගොඩෙන් අපේ රෙපී නැඟිටලා ඇවිත් "තමුසෙලටත් ඕනේ මඟුලකුත් නෑ එපා මඟුලකුත් නෑ"කියලා පර්ස් එකයි අර අනිත් එකයි උදුරගෙන ගස්සගෙන ගිහින් අර ගෑනුළමයට දුන්නා.ඊට පස්සේ තමයි එකෙකුට මීටර් වෙලා කිව්වේ ඕක අහවල් එකක් වෙන්න ඇතිය කියලා.එදා ඉඳන් අර යාළුවට සිලි සිලියේ ස්පොන්ජි කිව්වම පරම්පරාවම මතක් කරලා දෙනවා.

අවුරුද්දක් විතර යනකන් සමාව ඉල්ලුවත් කෙල්ල නම් කොල්ලා දිහා සමාව දෙන්න තියා පැත්තවත් බැලුවේ නෑ. කොටින්ම කිව්වොත් බැච් එකේ එක කොල්ලෙක් දිහාවත් බැලුවේ නෑ.පස්සේ ඉතින් සමාව ඉල්ලලා තියෙන තරම කියන්නේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්න කොට මේ දෙන්න ආවේ ආදරවන්තයෝ වෙලා..


චතුර....

Monday, August 8, 2011

දේශන අතරතුර - 01




පින්තූරය මෙතනින්..



දේශන අතරතුරදි සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක් මතක් වුන නිසා ලියන්න හිතුනා..


මේක වුනේ අපි පළමු අවුරුද්දේ පළවෙනි අධ්‍යයන වාරයට පෙර තියෙන හුරුකරවීමේ කාලසීමාවේදී. මුල් සතියෙදි අපිට විවිධ ක්‍රියාකාරකම් කරන්න තිබුනා, ඒ ඒවායින් එකක් තමයි කණ්ඩායම් වශයෙන් සාර්ථක ඉදිරිපත් කිරීමක් කිරීම , ඒකට දේශන දෙකක් වගේ වෙන් වෙලා තිබුණා අන්තිමට දේශන ඉවර වෙලා දේශන වලින් ඉගෙන ගත්දේ ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නයි තිබුනේ. 


මුලින්ම දේශක තුමිය සියළුම සිසුන්ව කණ්ඩායම් කිහිපයකට බෙදලා දීලා ඒ ඒ අයට කැමති මාතෘකාවක් තෝරාගෙන තමන්ගේ ඉදිරිපත් කිරීම පහුවදාට කරන්න කියලා නියම කෙරුවා. මේ ඉදිරිපත් කිරීමට එක් එක් සාමාජිකයා තමන්ගේ කොටස ගැන මුලින්ම හැඳින්වීමක් කරන්න ඕනේ මේකට අවශ්‍ය නම් බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් සහ තමන් හොඳින්ම සූදානම් වෙලා තමන්ගේ ඉදිරිපත් කිරීම හොඳින් නරඹන්නන්ට තේරුම් යන විදියට තේරුම් කරන්න ඕනේ. ඉන් පස්සේ තමයි කණ්ඩායමම එකතු වෙලා හදපු පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකෙන් තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්නේ. 


මේකට අර මුලින් තනියම කිරීම නියම වුනේ පවර් පොයින්ට් භාවිතයේදී ඉදිරිපත් කිරීමක් කරද්දී ඒ ඉදිරිපත් කිරීම කරන්න තිරය මත තියෙන දේ පදනම් වෙලා ඒ දේම කියන එක නවත්වන්න. ඒත් අන්තිමට තමන්ට රූප සහ අනෙකුත් දේවල් එකතු කරලා හදා ගත්ත ප්‍රසන්ටේශන් එක කැමති ආකාරයකට පැහැදිලිව ඉදිරිපත් කළ හැකි.


ඉතින් ඔන්න මම මේ කියන යාළුවා ඔය කණ්ඩායම් වලට බෙදලා දෙන දවසේ ඇවිත් හිටියේ නෑ, පහුවදා ඉදිරිපත් කිරීම කරන්න ඕනේ වෙලාවේ අර දේශක තුමී ඔක්කෝම ඉන්නවද කියලා අහපු වෙලාවේ මෙයා කිව්වා මම ඊයේ හිටියේ නෑ මැඩම් මට කණ්ඩායමක් නෑ කියලා. මෑන්ස් රෙඩි නැතිනිසා තමන්ගේ කණ්ඩායමට දාගෙන ලකුණු අඩු කර ගන්න එකම එක කණ්ඩායම් නායකයෙක්වත් ලෑස්ති නෑ. 


ඔන්න ඒ පාර දේශකතුමී මෙයාට කිව්ව ඔය ළමය කැමති දෙයක් ගැන හොයලා ප්‍රසන්ටේශන් එකක් සරලව තමන්ට ඉදිරිපත් කරන්න හදාගෙන එන්න කියලා අනිත් අයගේ ප්‍රසන්ටේශන් ගන්නකම්.ඔන්න ඉතින් මෑන්සුත් අහල පහල හිටිය එකෙක්ගේ පෙන් එකකුත් ඉල්ලගෙන ගිහින් ප්‍රසන්ටේශන් එක හදන් ආවා අනික් අය කරලා ඉවර වෙන කොට පැයකට විතර පස්සේ. 


මිනිහගේ ටිකිරි මොළේට එකපාරටම මතක් වෙලා තියෙන්නේ කම්පියුටර්වෛරස් කියන මාතෘකාව , ඔන්න ඉතින් මිනිහා  ගූගල් එකෙන්  එවේලේ උඩින් පල්ලෙන් හොයාගෙන කොළේක ලියන් ආව විස්තරයක් එහෙම කරලා බෝඩ් එකෙත්  ඇඳලා පොඩි විස්තරයක් කළා, මිනිහට ඉතින් පොඩි විතර  සමාවක් ලැබුනා ඉතින් සූදානම් වෙලත් නැහැනේ, ඊට පස්සේ මිනිහට තමන් හදපු ප්‍රසන්ටේශන් එක හරියට ප්‍රසන්ට් කරන්නයි කියලා දේශකතුමී බලන් ඉන්නවා, ඔන්න මිනිහා ඉතින් I'm going to explain about computer viruses කියලා ආයිත් කියලා ඔන්න ප්‍රසන්ටේශන් එක සේව් කරගෙන ආපු පෙන් එක කම්පුටරයට ගැහුවා.


 ඒ කාලේ ලැබ් වල ඉන්ස්ටෝල් කරලා තිබ්බේ මැකාෆි , ඒකත් ඒ දවස් වල එක්ස්පයර් වෙලා හරි මොකක් හරි වෙලා තිබ්බේ, ඒ වුනාට දේශන ශාලාවල පරිඝනක වලට දාල තිබ්බේ කැස්'ප'ස්කි. අනික දැන් තියෙන වර්ශන් එකේ ඉන්ෆෙක්ටඩ් ෆයිල් එකකට දානවට වැඩිය මහා කැත විදියට චූස් චාස් ගාන සද්දයක් ඔය කාලේ තිබ්බ වර්ශන් එකේ තිබ්බේ. මිනිහ පෙන් එක ගහල තප්පර දෙකක් යන්න කළින් අර මහා කැත සද්දේකුත් එක්ක ස්ක්‍රීන් එකේ ට්‍රොජන් ඩිටෙක්ටඩ් කියලා වගේ මැසේජ් එකකුත් එක්ක රතු පාට ඇලර්ට් එකකුත් ආවා. මේක බලන් හිටපු ළමයින්ට විතරක් නෙවෙයි අර දේශකතුමීටත් හිනා, පස්සේ මෙයාට වෙන දවසක ප්‍රසන්ටේශන් එක කරන්න කියලා දේශකතුමී එතුමිගේ ඊළඟ දේශනයට යන්න ගියා.ඒ වුනාට අපේ අදහස නම් මේක තමයි කරපු හොඳම ප්‍රසන්ටේශන් එක කියලා . සජීවී නිදර්ශකයකුත් තිබ්බානේ.


මේ සිද්ධිය වුනේ දෙවෙනි අධ්‍යයන වාරේ. ඒකේ එක විෂයකට හිටියේ දෙමළ දේශකතුමෙක්. මෙතුමාට ඉතින් ඔය ළමයි කරන නවීන පන්නේ කිසිම දෙයක් පේන්න බෑ, බනින්නේ නම් නෑ ඒත් මහ කැත විදියට කට්ටියම ඉස්සරහා හිනාවෙන්නේ . ඔන්න අපේ බැච් එකේ හිටියා කොණ්ඩෙ බෙල්ල දිහාට වවා ගත්තු පොරක්.


 ඉතින් ඒ දවස් වල මූ ඒක තවත් ලස්සන වෙන්න ස්ට්‍රේට් කර ගත්ත. ස්ට්‍රේට් කළාට පස්සේ මේකාගේ කොණ්ඩේ ඉස්සෙල්ලාටත් වැඩිය කැපිලා පේන්න ගත්තා. ඉතින් මේ දේශකතුමාත් මූ ස්ට්‍රේට් කරලා ආපු පළවෙනි දවසේම ඕක දැක්කා.මෙයැයි ඕකට මොකාක් හරි කියනවමයි කියලා කට්ටියම කතා වෙලයි හිටියේ , ඒත් මුල් පැය භාගේදිම මෙයාට ඒකට කියන්න දෙයක් හිතා ගන්න බැරුව වෙන්න ඇති දේශන ශාලාව හරහා එක පාරක් ඇවිදගෙන ගියත් ම්ම්හ් නෑ මුකුත් කිව්වේ.


 ඔන්න ඉතින් දෙවෙනි පාර දේශන ශාලාවේ අපේ මිත්‍රයා ළඟින් ඇවිදගෙන යද්දී මෙයාට වාසනාව පෑදුනා. මේ කියන මිත්‍රයා ගාව එහා පැත්තෙන් එදා ඉඳගෙන හිටියේ ගෑනු ළමෙක්. දන්නවනේ ඉතින් ගෑනු ළමයි ගාව තියෙන ජාති ,පෑන් පැන්සල් වයි වර්ණ කොළ වගේ එව්ව. ඔන්න මෙයැයි ගාවත් තිබිලා තියෙනවා රෝස පාට කොළ වගයක්.මේ දේශකතුමා ඔතනින් යද්දී මෙයින් එකක් බිමට වැටිලා තිබිලා තියෙනවා. ඔන්න ඉතින් දේශකතුමා පාත් වෙලා ඕක ඇහිඳලා උඩට උස්සලා හොඳට බලල අර යාළුවා දිහාට හැරිලා කියල ඇහුවා"Is this yours..?",ඔන්න ඉතින් යාළුවත් "No Sir "කියලා උත්තර දුන්නා. ඊට පස්සේ පල් හිනාවක් දාල අර දේශකතුමා මෙහෙම කියනවා .. But that color suits you well.. දේශකතුමා ගියාට පස්සේ අර යාළුවා මෙහෙම කියනවා "උගේ *@#$%" 


චතුර....

Sunday, July 31, 2011

කැරපොත්තා..


චතුරට නුවරින් පාසල මාරු කරන්න  වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි ඔක්කෝම වගේ වැඩ ටික කරලා දෙනවා,ඇඳුම් ටික මැදලා දෙන එක කළේ ඒ අක්කා හරි ලොකු අම්මා හරි තමයි. චතුර ඊට පස්සේ අවුරුදු ගානක්  ඉස්කෝලේ ගිය ස්කූල් වෑන් හම්බවුනේ මෙහේ ඉන්න ගිහින් තමයි. ඒ වෑන් එකේ ඇන්ටිලගේ ගෙදර තිබ්බෙත් ඔය කිට්ටුව නිසාවෙන්. ස්කූල් වෑන් එක ගැන කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.


ඔය පැත්තෙන් වෑන් එක පිටත් වෙන්නේ සාමාන්‍යයෙන් උදේ පහට පහයි දහයට විතර. ඒ ඒකාලේ අනික් ඉස්කෝල අටට පටන් ගත්තට චතුරලාගේ ඉස්කෝලේ හතයි තිහට පටන් ගත්ත නිසාත් ඔය වැන් එකේ රියදුරන්ට සහ අන්කල්ට වැඩිය වේගයෙන් රථය ගෙන යන්න බැරි නිසාවෙන්, තව ඉතින් කොළඹ තියෙන මාර්ග තදබදයය නිසාවෙන්.ඔය වෙලාවට  ඔය වෑන් එකට කට්ටිය නඟින්නේ පුදුම නිදිමතකින්, ඇයි ඉතින් වෙන ළමයි සැප නින්දේ ඉන්න වෙලාවටනේ අපි ඉස්කෝලේ ගියේ. සමහරු නම් ලෑස්ති වෙලා පුටුවකට හරි වෙලා පොඩි නින්දක් දාලා ඉඳලා තමයි  හෝන් එකේ සද්දේට ඇහැරිලා වෑන් එකට නගින්නේ, සමහර පොඩි ඈයෝ ලෑස්ති කරලා හිටපු ගමන්ම නින්ද යන නිසා සමහර අම්මලා තාත්තාලා වඩාගෙන ගෙනත් වෑන් එකෙන් තියන්නේ.  ඔහොම යන අය සමහර වෙලාවට ඇහැරෙන්නේ ඉස්කෝල ළඟට ගියහම එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියටනම් හයයි තිහ පහුවෙලා ඉර එළිය වැටිලා වෑන් එක මාර්ග තදබදයකට අහුවෙලා ඉන්නකොට.


ඔන්න මේ කියන දවසෙත් ඇඳුම් එහෙම මැදලා කමරේ තියලා තිබ්බා, ඉතින් චතුරයත් ඇඳගෙන උදෙන්ම කාලා එහෙම (මම කෑවේ ගෙදරදි වෑන් එකේදි කන්න ගියොත් මට කන්න ගෙනියන දේකින් පොඩ්ඩක්වත් හම්බ වෙන්නේ නෑ)උදේම ඔන්න වෑන් එකට නැගලා ආයිත් නින්දට යන්න ලෑස්තිය. එදා වෑන් එක අරන් ආවේ අන්කල්. ටික දුරක් යද්දී මට දැනුනා මගේ කමිසේ ඇතුලෙන් බැනියමට උඩින් සතෙක් යන විත්තිය. ඔන්න ඉතින් චතුරයගේ ඉවසිල්ල කොච්චරද කියනව නම් ඒ වෙලාවේ මැරෙන්න කෑ ගහන්න හිතුනත් පොඩි ඇදේකටත් හිනාවෙන අක්කලා ටිකක් හිටපු හින්ඳා අමාරුවෙන් වුනත් කටවහගෙන හිටියා, සතා එහෙට මෙහෙට යනවට කමිසේ උඩින් සතාව තද කර ගෙන දැන් හෙමින් හෙමින් අත බුරුල් කරලා කමිසෙන් එළියට ගන්න ලෑස්ති වුනා, කොහොමින් කොහොම හරි අනිත් අතින් බොත්තම් දෙකක් විතර ඇරලා එළියට දාන්න හදනකොටම අතබුරුල් වෙච්චි නිසාම ද කොහෙද හිටපු සතා එළියට පැන්න, පනිනකොට පහුවෙච්චි ලයිට් කණුවක එළියෙන් තමයි  තමයි දැක්කේ නිකන් කටු කටු වගේ බැනියමට උදින් දැනුනට ඉඳලා තියෙන්නේ කැරපොත්තෙක් කියලා, හම්මේ චතුරයට දැනුන නිදහස නිකන් නිවන් ගියා හා සමානයි( තාම නිවන්වත් පත්තු කරගෙනවත් ගිහින් නෑ අහන්න එපා නිවන් ගියාද කියලා). 

ඔය ටික ඉතින් කාට වත් පෙනුනේ නෑ මොකද ඒ වෙලාවට කරුවලයි සහ කට්ටියම සැප නින්දෙනේ. අනික චතුර තමයි ඒ කාලේ අන්තිමට නගින එක්කෙනාට කලින් වෑන් එකට නගින්නේ, මේක වුනෙත් ඒ අන්තිමට නගින අක්කා නැගල පිටිපස්සට ගියාට පස්සේ. ඔන්න ඉතින් චතුරයත් මුකුත් නොවුනා වාගේ බොත්තනුත් දාගෙන ආයිත් නිදියන්න ලෑස්ති වුනා, කොටින්ම කිව්වොත් චතුරයා ළඟින්ම ඉඳගෙන වෑන් එකේ ගිය කල්පයටවත් වැඩේ මීටර් නෑ.චතුරයා සැනසුනේ වෙනමොනවත් හින්දා නෙවෙයි චතුරලාගේ සීට් එකට පස්සේ සීට් දෙකක තිබ්බ යස්සනියන්ගේ පාරාදීසයේ(ඒකාලේ කිව්වෙ ඔය නම , නමට හේතුව හිටිය අක්කලා සහ නංගිලාගේ හපන්කම් තමයි )  කිසිමකෙනෙකුට ඕක නොදැනුන එක නිසාවෙන්.නැත්නම් ඉතින් චතුරයට පොළොව හාරගෙන තමයි යන්න වෙන්නේ.

කැරපොත්තා ආයේ ආවොත් හොඳ පාරක් දෙන්න පොතකුත් අරගෙන චතුරයා ආයිත් නින්දට යන්න ලෑස්ති වුනා, ඔන්න වෑන් එක තව ටික දුරක් යනකොට පිටිපස්සෙන් මර ලතෝනියක් ඇහෙනවා "බුදු අම්මෝ මෙන්න මොකෙක්ද මගේ ඇගේ යනවෝ "කියලා, තව මිනිත්තුවක් විතර යද්දී මර ලතෝනිය දෙගුණ තෙගුණ වුනා , ඒකට තවත් ඒ පේළියේම හිටපු අක්කෙකුයි නංගියෙකුයිත් හවුල් වුනා. ඔන්න අඩ නින්දේ වාගේ හිටපු වෑන් එකේ ඇන්ටි විතරක් නෙවි නිදාගෙන හිටපු මුළු වෑන් එකම ඇහැරුනා. ඇන්ටි ඉක්මනට නැඟිටලා "ආනන්ද ආනන්ද පොඩ්ඩක් නවත්තන්න කියලා " ලයිට් එහෙම දාල තව තිබ්බ ටෝර්ච් එකකුත් අරගෙන(උදෙන් යන නිසා වෙන් ගෙදර ඉඳන් පාර අයිනට එන්න වෑන් එකේ සමහර ළමයි ගාව ටෝචුත් තිබුනා ඒ කාලේ ) සෝදිසි මෙහෙයුම දියත් කළා, අන්තිමට වෑන් එකේ පිටිපස්සේ පේළි ඔක්කෝගෙම අක්කලා නංගිලාගේ ඇගේ සැපට ඇවිදපු කැරපොත්තාව අන්කල් වෑන් එකෙන් එළියට විසි කළා.
ඔය අතරේ නැඟිට ගත්තු කල්පයා මේ කැරපොත්තා කරපු දේටපින් දෙනවා මොකද පොඩ්ඩ ඇත්තන් ඒකාලේ යස්සනියන්ගේ පාරාදීසේ අක්කලා කරන කියන දේවල් මතක් වෙලා.

පස්සේ උපකල්පනය කරපු විදියට කලින් දවසේ අයන් කරලා රැක් එකේ එල්ලලා තිබුණ කමිසෙට අඳිද්දී දැක්කේ නැති වුනාට කැරපොත්තා නැඟලා ඉන්න ඇතියි කියන එක. ඊට පස්සේ නම් සේප්පුවක දාලා තියලා ගත්තත් චතුර ඇඳුමක් අඳිද්දී සියපාරක්වත් සෝදිසි කරලා ගසලා බලලා මිසක් නම් ඇන්ඳේ නෑලු.

Picture source : http://www.srilankamirror.com/english/index.php?option=com_content&view=category&layout=blog&id=1&Itemid=18&limitstart=2900 Accessed on 31st July 2011 5.05 [Online]

චතුර....

Monday, July 25, 2011

සාරිය..



නිවාඩු දවසනේ ඔන්න ඉතින් පොඩි පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසත් පොඩි වෙනසකටත් එක්ක කියලා අම්මයි මමයි අයියයි ඔන්න ඊයේ පොඩි සාප්පු සවාරියක් වගේ එහෙමත් නොවෙන ගමනක් ගියා.
කොහොමින් කොම හරි ඔන්න අපේ අම්මත් අන්තිමට ඇඳුම් සාප්පුවකට ගොඩ වෙන්න තීරනය කළා, " අම්මා මල්ලිත් එක්ක යන්නකෝ මම වාහනේ ඉන්නම්" ඔන්න අපේ අයියා ශේප් වෙන්න ලෑස්තිය," නෑ නෑ ඔයත් යන්" ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් අපේ අම්මත් ඇඳුම් සාප්පුවට ගොඩ වුනා. 

" ආනේ කාලේකින්නේ දැක්කේ ඔයාව ඥානේ( අපේ අම්මව මිතුරියන් අමතන ආකාරය )" කියාන එක පාරටම ආවේ අපේ අම්මගේ පරණ මිතුරියක්." ආ රංජි ඔයා"  ඔන්න අපේ අම්මත් ඇඳුම් තේරිල්ල පැත්තක තියලා ඔන්න කතාව , ටික වෙලාවකින් අපි දෙන්නා දිහාවටත් හැරිලා මොනවද මොනවාද කිව්වා ඉතින් අපිත් හිටපු විදියටම හිටියා, ඔන්න ඊළඟට යාළුවා ගියාම තමයි අපි හැමදාම බය අති භයංකාර  වෙලාව ඊයෙත් ආවේ. ඒ තමයි ඉතින් සාරි තේරිල්ල. ඔන්න ඉතින් සාරි පෙන්නන්න ගෑනු ළමෙකුත් ආවා, " අනේ පව් මෙයාට සොරි.කොම් තමා" අපේ අයියත් එයාට පොඩි බැල්මක් දාන ගමන් කිව්වා.( මෙයා ඉතින් කොතන ගියත් ඇහැට ප්‍රිය දසුනක් වුනත් අප්‍රිය දසුනක් වුනත් "නියම කුකුළා" , වෙලාවට බ්ලොග් කියවන්නේ නැත්තේ සිකුරා නලලේ නෙවි සරුවාංගෙම කියලා හිතා ගත්තොත් තමයි හොඳ ..)

 ඔන්න ඉතින් අම්මා අපි දිහාට හැරිලා අහනවා 
" මේකෙ පාට හොඳද ?"
 " හොඳයි හොඳයි ඕක තමයි ලස්සනම" ,අපි 
"ඒත් මේක නිකන් අවුට් ඔෆ් ෆැශන් වගේ නේද?"
"මේක හොඳද ?",අම්මා
"ඔව් ඔව් ඒක අරකට වැඩිය හොඳයි ", අපි
"මේක හොඳද?",අම්මා
"ඔව් ඔව්  ඕක  තමයි දැන් ට්‍රෙන්ඩ් එක", අයියා  
" ඈ.. ?තමුසේ කෝමද සාරි ට්‍රෙන්ඩ් දන්නේ ??" ,මම
"ඉක්මනට ගෙදර යන්න ඕනේ නම් කට වහගෙන හිටු " , අයියා අයියා කනට කර රහසින්..
"අනේ මංද මේක මගේ ඇඟට හරියන එකක් නෑ ", " මේක ලස්සනද..?", අම්මා
"ඔව් ඔව් ඕක තමයි අපේ ලෙක්චරර්ස්ලත් දැන් අඳින්නේ" මම
" තරුණ අය අඳින එව්ව මේ වයස මට හරියයිද? " අම්මා
"ඕකනේ කිව්වෙ , කට වහගෙන හිටු" ,නැවතත් අයියා කනට කර රහසින්
" මේක නම් මගේ හිතට ඇල්ලුවා"
"ඔව් ඔව් ඕක හොඳයි "අපි
" නෑ ඒත් මේක ඇන්ඳම ටිකක් පිම්බෙනවා වගේ මැටීරියල් එකක් වෙන එකක් බලමු "අම්මා
" මේ මැටීරියල් එක හරි නෑ ඕක ඉක්මනට ඩැමේජ් වෙනවා "
 " ඔය පාට දෙකක්ම මං ගාව තියෙනවා ඒක නිසා  ඔය පාටින් එපා",අම්මා .............................................................................................................
.............................................................................................................
.............................................................................................................
..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
සංවාදය තව පැයක් හමාරක් දිග්ගැස්සුනි.අවසානයේ සොයාපු දේ සම්භ විය. සාරිය ගත්ත අම්මාට වඩා සංතෝස අපිටය. "වෙලාවට අක්කා ගෙදර නැත්තේ නේද?" මම අයියාගෙන් ඇසිමි "අනේ වාසනාවන් නැත්තන් ඇඳුම් සාප්පු වලටම ඉරිදයි සෙනසුරාදයි යයි " අයියා. අක්කා විවාහ වීමට පෙර රෙදි යාරයක් මිලට ගැනීමට කඩ සාප්පු ගණනාවකට ගොඩ වී අවසානයේ රෙදි රෝල් දහසක් පමණ පෙරලා රෙදි යාරය මිලට ගත් සැටි මට මතක් විය. 

අම්මලාට අක්කලාට මේ වගේ පැය ගානක් ඇඳුම් තෝරන්න යන එක නම් ලොකු ප්‍රශ්නයක්. කාන්තාවන් එක්ක සාප්පු සවාරි යන වෙලාව දා ගන්නකොට පොඩ්ඩක් වැඩියෙන් වෙන කාර්‍යයකට යන වෙලාව මෙන් දෙගුණයක් වෙලා යොදා ගන්න.ගොඩාක් වෙලාවට සරිලන මිලට හිතන හරියන එකම සෙවීමට කාන්තාවන් දස්සියන් නිසා මෙයට වේලාව ගත වීම වැඩි වනු ඇත.

මගේ අවවාදය :අම්මලා අක්කලා එක්ක හෝ ඔබගේ සහකාරිය සමඟ සාප්පු යනවිට පරිස්සම් වන්න, ඉක්මනට ඒමට අවශ්‍ය නම් තේරීමට ඔබ මැදිහත් නොවන්න.

Picture source : http://www.thehindu.com/todays-paper/tp-national/tp-andhrapradesh/article2052836.ece Accessed on 25th July 2011 20.00 [Online]

චතුර..

Thursday, July 21, 2011

මී දරු ප්‍රසූතිය....




මේ සිද්ධිය වුනේ අපි ගිය ජීව විද්‍යා පන්තියේදී. අපි කියන්නේ මගේ හොඳම යාළුවා හිරාන් , එයා තමයි ඉතින් ඒ කාලෙත් අදත් ඉන්න හොඳම යාළුවා. අපි ජීව විද්‍යාවට ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීව විද්‍යා 
ගුරුතුමියකගේ පන්තියට. මිස්ගේ නම මෙතන කියන එක හරි නැහැනේ ඒක හින්ඳ මිස්ගේ නම විදියට හවස මිස් කියලා කියන්නම්. මේ මිස් ඒකාලේ එක අවුරුද්දක ශිෂ්‍යයන්ට පන්ති තුනක් පැවැත්වුවා. අපි ඉතින් සහභාගී වුනේ ගෙදර පන්තියට තමයි. මිස්ගේ ගෙදර තියෙන්නේ හෝමාගම. ඒකාලේ මිස් හිටියේ හරියටම මොන ඉස්කෝලෙද කියලා මතක නෑ මට මතක ඇති විදියට කනත්ත බාලිකාවේ හරි කනත්තේ අනිත් පැත්තේ තියෙන දොන් ඉස්කෝලේ හරි තමයි. දැන් නම් මේ ගුරුතුමිය මිගාර මාතා බාලිකාවේ ජීව විද්‍යාව උගන්වනවා කියලා තමයි ආරංචිය. 

කොහොමින් කොහොමින් හරි ඔය මිස්ගේ පන්ති තුනෙන්ම අඩුවෙන්ම ළමයි හිටියේ ගෙදර පන්තියේ තමයි. ඒ ගෙදර පන්තියට ළමයි එන්න අකමැති වෙච්චි හින්ඳා නෙවෙයි ගෙදර පන්තියේ ඉඩ තිබ්බෙ ටිකයි ඒ ටිකත් 
නිකන් පොල් පටවල වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉඳගෙන හිටියේ.  කොහොම වුනත් මිස්ගේ පන්ති වලින් සුව පහසුවයි පුද්ගලික අවදානයයි අනික්වාට සාපේක්ෂව වැඩි ගෙදර පන්තියට නිසා ගෙදර පන්තියට තමයි වැඩිම 
ඉල්ලුමක් තිබුනේ. ගෙදර පන්තියට සහභාගී වෙන්න තිබ්බ තරඟය නිසාම පන්තියට ඇතුලත් වෙන්න චතුරයයි හිරානයයි අම්මලත් එක්ක පන්තියට නම දෙන්න ගියේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරවෙලා දවසක් හරි දෙකක් 
හරි ඇතුලත. ඒ වෙන කොටත් ළමයි දහයක් විතර නම් භාර දීල තිබුනා, හිතා ගන්න පුළුවන්නේ ඔය පන්තියට ඇතුලත් වෙන්න තිබ්බ තරඟය. 

පන්තියට සහභාගී වුනාට පස්සේ තමයි දැන ගත්තේ අපේ පන්තිවලම තවත් දෙතුන් දෙනෙක්ම ඔය පන්තියට සහභාගී වෙනවා කියලා. ඒ අයගෙන් එක්කෙනෙක් තමයි තිරංග. ටිකක් විතර කට හැකර ( ටිකක් නෙවි හොඳටම ) කළොත් අණ්ඩපාල වැඩක් කරන ජාතියේ කෙනෙක් තමයි තිරංග. මේකා කරපු වැඩ ගැන නම් වෙනම බ්ලොග් එකකුත් ලිව්වැකි. දවසක් මේකා ඔය පන්තියට යන අතරමඟ තිබ්බ රේල් ගේට්ටුවක් කෝච්චියක් එනකොටම ඇරලා දාලා තව පොඩ්ඩෙන් බයිසිකලයක් කඩාන බිඳගෙන කෝච්චියට යනවා. අනූනමයෙන් තමයි බේරුනේ. පොඩ්ඩක් නෙවි ගොඩාක් හොල්මන් මේකාට නම් .ඉතින් තිරංග පන්තියේ හැසිරුනේ කෝමද කියනවා නම් මෙයා සහ කුකුබිටා නංගි හවස ගුරුතුමීගෙන් බැනුමක් අහගත්තේ නැති දවසක් නැති තරම්.

 කුකුබිටා නංගිත් ඒකාලේ පන්තියට ආපු හයේ හතරේ සයිස් එකේ ඇඟක් තියෙන නංගි කෙනෙක් .හැබැයි මෙයා ගෑනු ළමෙක් වුනාට කරන්නේ පිරිමි ළමයි කරන වැඩ ඒක නිසා තමයි මිස්ගෙන් මේ දෙන්නම මොකාක් හරි අහගන්නේ. ආ කුකුබිටා නංගිට නම වැටුන විදියත් කිව්වේ නැත්නම් ලොකු හිස්තැනක්, කුකුබිටා කියන්නේ වට්ටක්කා වල විද්‍යාත්මක නාමය මට මතක විදියට. වෙන ඉතින් ඕකේ නම දැම්ම ආගිය මුල ගිය තැන් කියන්න ඕනේ නැහැනේ.   

කුකුබිටා නංගි ඉන්නේ චතුරයි හිරානුයි ඉඳ ගන්න පේළියට ඉස්සරහ එතකොට තිරාංග ඉන්නේ අපි ඉඳගන්න පේළියට පිටිපස්සේ. මේ දෙන්න ඉන්නේ පේළියක් අතර වුනාට ගනුදෙනු එක පේළියේ ඉන්නවා වගේ තමයි.තව කියන්න ඕනේ මේ හවස මිස්ගේ ගෙදර උයන්න ආච්චියෙක් හිටියා. ආච්චිට රසට උයන්න පුළුවන්. ආච්චි උයන කෑම රසයි කිව්වේ කාලා එහෙම නෙවෙයි හවස මිස්ගේ පන්තිය තිබ්බේ ගෙදර උඩ තට්ටුවේ හරියටම එතන පහලින් තිබ්බේ හවස මිස්ගේ ගෙදර කුස්සිය. කෑම රසයි කිව්වේ හැමදාම උඩට එන සුවඳ නිසා. මේ සුවඳ ආග්‍රාණය කරල එදාට ස්පෙශල් තියෙන ජාතිය අනුමාන කරන්න තිරංග සහ ඒ පේළියේ හිටපු කවුරුවත් අමතක කළේ නෑ. චතුරයා සහ හිරාන් හිටපු පේළියේ හිටියේ හැමදාම පන්තියේ පරීක්ෂණයෙන් වැඩිම ළකුණු ගන්න ළමයි ටික නිසා පන්තියේ ළමයි ටික ටිකක් අමුතුවට බැළුවත් මිස්නම් ආදරේ කළේ මේ පේළියේ ඉන්න අයටයි ඉස්සරහාම පේළියේ ඉන්න අයටයි තමයි.  ඔය ළකුණු වැඩියෙන් ගන්න අය අතරේ හැමදාම අංක එකට තමයි හිරාන්ගේ ළකුණු නම් තිබ්බේ. පහුගිය දවසක හිරාන්ට පන්තියේ ගෑනු ළමයෙක් හම්බවෙලා කියලා තියෙන විදියට හිරානයා සහ චතුරයා පන්තියට එනකොට ගෑනුළමයි ඒ කාලේ කිව්වේ දොස්තරලා දෙන්නා පන්තියට එනවා කියලලු. 

ඒ තරමට ජනප්‍රිය සහ ඒ ගෑනුළමයා කිව්වළු චතුර දොස්තර වෙලා නැත්නම් මේ හවස මිස් පන්ති කරන එක නවත්වයි කියලා. කොහොමින් කොහොම හරි පළවෙනිපාර චතුරයා විභාගයට එදා වගේම පැය භාගයක් පරක්කු වෙලා ගිය හින්ඳා හිරාන් අද වෛද්‍ය ශිෂ්‍යයෙක් චතුරයා මෘදුකාංග ඉන්ජිනේරු ශිෂ්‍යයෙක් හැබැයි දෙන්නම දෙවෙනි පාරටත් පන්ති ගියා හොඳේ. ඉතින් ඔය පේළියේ හිටපු ළකුණු ගන්න අයගෙන් අංක එක හිරාන් වුනාට මිස් වැඩිපුරම ආදරේ කළේ චතුරයාට. ඒ මොකද කියන්න චතුරයාවත් අඩුම තරමේ  පන්තියේ අනිත් එවුන්ටවත් තේරුනේ නෑ. සමහරු නම් කිව්වේ මිස්ගේ පුත්‍ර රත්නයත් මම වගේ නිසා වෙන්න ඇතියි කියලා. මිස්ගේ ආදරේ කොච්චරද කියනවා නම් අනිත් ළමයින්ට වෙන පන්තියක් ඇරෙන්න පරක්කු වෙලා පන්තියට එන්න පරක්කු වුනාම මිස් බැන්නට චතුරයා භෞතික විද්‍යා පන්තිය ඉවර වෙලා පැය භාගයක් පරක්කු වෙලා මාසයක් පන්ති ගියත් මිස් මුකුත්ම කිව්වේ නෑ. අනිත් එක මිස් පන්තියේ පාඩම පැහැදිලි කරද්දී වෙන ළමයි ප්‍රශ්න අහල යැව්වම අකමැත්තෙන් උත්තර දුන්නත් චතුරයා අත උස්සලා ප්‍රශ්නයක් ඇහුවත් මොනවත් කියන්නේ නෑ.කොටින්ම කියනවා නම් මිස්ට අදට පවා 2006 චතුර කිව්වම චතුරයව මතකලු.  ඉතින් කොල්ලො සෙට් එකට වැඩිය ,"හැමදාම මේ පිරිමි ළමයි සද්දයක් නැතුව හිටියට මෙතන කෑ ගහන්නේ ගෑනු ළමයි "කියලා බැනුම් අහන කෙල්ලො සෙට් එක හිටියේ ඔය පේළියේ එකෙකුට මොකක් හරි වෙනකම්. ඇත්තටම ඔය ගෑනු ළමයින්ගෙ කෑ ගැහිල්ලට හේතුව වුනේ ඔය පන්තියේ පිරිමි ගැහැනු අනුපාතය එකට හතරක් වගේ වෙච්චි නිසයි. 

චතුරයයි හිරානුනයි ඉඳ ගන්න ඩෙස් එක තිබ්බේ හරියටම පත බාල්කයක් යට. ඔන්න නියම වැඩේ වෙච්චි දවස ආවා. එදා කොහොම හරි කරපු පාඩම වුනෙත් ක්‍රියාකාරී සත්වයා පාඩමේ ප්‍රජනනය කොටස. පාඩම මැදහරියක් යද්දී එකපාරටම හිරාන්ගේ පොත උඩට රෝසම රෝස ඉපදිලා දවසක් දෙකක් ඇති ඇස් ඇරලත් නැති මී පැටියෙක් වැටුනා.මිස් නෝට් එක කියවන අතරේ ඔන්න හිරානයා දැන් මගේ ඇඟට අනිනවා, බැලින්නම් මී පැටියෙක්. දැන් දෙන්නම මේකා කොහෙන්ද ආවේ කියලා බැලින්නම් බාල්කේ උඩ නිකන් රෙදි කැලි ඒක් දෙකක් පේන්න තිබ්බා, මීයා  කූඩුව හදන්න ඇත්තේ මිස්ගේ රෙදි කපලාද කොහෙද? ඔන්න ඉතින් චතුරයට ඇනපු හිරානයා කියනවා මිස්ට කියන්නයි කියලා, "මගේ පොතටයැ වැටුනේ උඹ කියහන්" මොකද නැගිටලා ගිහින් විසි කරලා එන්නවත් මේසෙට නැගලා බාල්කෙන් තියන්නවත් බෑ මේ පන්තියේ ඉඳ ගත්තොත් ඉඳ ගත්තම තමයි ආයේ නැගිට්ටොත් ඉඩ නෑ සොරි.කොම් තමයි. ඔන්න ඉතින් වදෙන් බේරෙන්න බැරි තැන චතුරයා අත උස්සලා "මිස් මිස්"කිව්වා, මිසුත් හැරිලා බලල "මොකද චතුර " කියලා ඇහුවා. ඔන්න ඉති චතුරයා හිරන් දිහාට හැරිලා "උඹ කියහන්" කිව්ව, ඒත් ඉතින් මේකා කියන පාටක් නැති නිසා අන්තිමට මමම මිස් මේ මේ කියලා තෙපර බාද්දී මිස් ළඟට ආවා. ආවම චතුරයා ඉක්මනටම හිරානයගේ පොතත් එක්කම මී පැටියා මිස්ට දුන්නා. 

ඔන්න ඒ වෙලාවේ තමයි වටේම ඉන්න එවුන්ට වැඩේ මීටර් වුනේ. ඕක දිහා බලපු කුකුබිටා නංගි එකපාරටම "අනේ.. ස්වී......ට් මී පැටියා........." කියලා ඇදල පැදලා කිව්වා..ඕක ඇහුවම කොල්ලන්ට ඉතින් මොකද මිස් 
ඉන්නවද කියලවත් බැලුවේ නෑ ඕකට හිනහා වෙන්න ගත්තා. ඊට පස්සේ මිස් හිරාන්ගේ පොතත් පිටින්ම මී පැටියව අරගෙන පන්තියෙන් පල්ලෙහාට ගියා. ඒ අතරේ කට හැකර තිරංගයා " ප්‍රජනනය පාඩම අතර තුරේ 
හිරාන්ට මීදරු ප්‍රසූතියක් කියලා " මහා හයියෙන් කැත විදියට නෝන්ඩිය දෙනවා. ඕක අහලා ඉතින් කෙල්ලන්ට තවත් හිනා. ඒ අතරේ කුකුබිටා නංගී පිටිපස්සට හැරිලා හිරාන්ට කියනවා "අනේ ශෝයි මී පැටියා මිස් ඒකව පෙට්ටියකට දාල අපහු තියයි නේද කියලා" මේකිට මොන මී පෙට්ටිද ඔක්කොම එක්ක හිනා වෙනවා මොනව කරන්නද පේළියේ අනිත් උනුත් සද්දයක් නෑ අපි දෙන්නත් බිම බලාගෙන හිනා වෙවී හිටියා.

ඔක්කෝම හිනාවෙනවා මදිවට මේකිට මී පෙට්ටි, මේ හැල බතලිටත් ඕනේ නැති ඉලව්වක් නෑ. හිරාන් තවත් කටු කුටු ගාමින් බනින අතර කුකුබිටාට එරවූ නිසා ඇය අනිත් පැත්තට හැරී අනේ පව් මී පැටියා කියා තවත් පාරක් විස්සෝප විය.. ඒ අතරේ කට හැකර තිරංගයාට තවත් මතෘකාවක් හම්බ  විය. ඒ මිස්ගේ කුස්සියෙන් රසම රස යි කියා සිතිය හැකි මස් කරියක සුවඳ ඒමයි ඊළඟට මේකා කීවේ " අලුත උපන් මී පැටිය හොද්දේ නටයි දැන්" කියාය.ඒකට මුළු පන්තියම තවත් සිනා සෙන්නට විය. ඒමදිවාට මිස් මීයාව කැලයට විසිකර පොත ආපසු ගෙනවිත් දුන්නෙන් කුකුබිටාට මී විස්සෝපය දවසේම විය. තිරංගයාගේ  කට නම් වැහුනේ ම නැත . එදා පන්තිය ඉවර වනතෙක්ම මිස් සිටියද, දවසේ මාතෘකාව වුනේ මී දරු ප්‍රසූතිය සහ අලුත උපන් මී ව්‍යංජනයයි . පසුදා පාසැලට යන විටද තිරංගයා පාසලද වනසා හමාරය. හිරාන් සහ තිරංගයා එකම පන්තියේ වූ නිසා එදා උදය රැස්වීමේදීද කට්ටියගේම මාතෘකාව මීදරු ප්‍රසූතියයි. සති දෙකක් පමණ යනතුරු හිරාන් පන්තියට යනවිට කෙල්ලන් එහෙන් මෙහෙන් හිනා වෙන්නට විය.ඉන්පසුව එයද නැති විය . නමුත් ළඟදී හම්බ වුන එක්කෙනාටනම් මුලින්ම මතක් වී තිබුනේ එයයි.

Picture source : http://www.masterfile.com/stock-photography/image/614-02242767 Accessed 21st July 2011 14.30 [Online]

චතුර....

Saturday, July 16, 2011

වාසනාවන්ත එදින..



අවසානයේ පුල පුලා බලා සිටි එම දිනය උදා විය.ඒ මගේ අභාග දිනය හෙවත් විභාගයේ අවසාන දිනය වන අද දිනයයි. වෙනදාටත් කළියෙන් නැඟිට ගත් අම්මාද "ඔයාට අදත් විභාගේ නේද..?"  කියා ඇසුවාය, "හ්ම්ම්ම්" 
ඊයේත් හවස් වනතුරුම පන්තියකට සහභාගී වී පැමිණි නිසාවෙන් අදනම් විභාගෙට නොගිහින් නිදා ගන්න තිබ්බ නම් කොච්චර සනීපද කියා සිතමින් මම ඇඳෙන් නැඟිට්ටෙමි. "අද අයියා එක්ක යන්න එතකොට ලේසියිනේ නේද..?"  අම්මා නැවතත් අසයි." හා.." 

 පොඩ්ඩෝ ඔයා යන වෙලාවට යන්න නම් බෑ මම යනවෙලාවට යන්න ඔයත් ලෑස්ති වෙන්න මම ඔයාව ගෙනිහින් දාන්නම්, දැන් ඉතින් ඔතන මාව කන්න  වගේ ඉන්නේ නැතුව යනවා ගිහින් ලෑස්ති වෙලා එනවා මම යන වෙලාවට යන්න ඕනේ..හා හා අනේ මෙහෙමත් කරුමයක් මම යන විදියට ගියානම් ඉවරයි කියා සිතුනත් කන් කරච්චලයෙන් ගැලවීමට නියමිත වේලාවට ඉඟිලි රාජකාරී පුටුවේ වසන අපේ අයියා රත්නයට හිතින් බැන බැන ලෑස්ති වුනෙමි. 

ඔය විභාගෙට යන මනුස්සයා යන්නේ අදද හෙටද කියලා අහන්ටෝ..  මෙහෙමත් මල කරුමයක් තවත් ඉවරයක් නෑ යන් යන්  කියමින් අපේ අයියාගේ සෝභන සෝමාරී කිරි කිරි රථයට ගොඩ වුනෙමි.වෙනදා මෙන් නොව අයියාගේ රථයේ සිහිල් සුලන් රැලි ගත දැවටෙමින් මඟ දුරක් ආවෙමු.අමුතු ශබ්දයක්ද කර ගන්ඳයක්ද නන්වමින් අයියාගේ සෝභන කරත්තය ප්‍රථම වතාවට මඟ ඇන හිටුනි. අහෝ විපතක මහත.වාහන කුරුටු ගෑමේ ශිල්පයේ අති දක්ශයෙක් වන අයියා දන්න වැඩ කෑලි සියල්ලමද සියළුම ශිල්පයන්ද පාමින් මේ බඩකඩිත්තුව පණ ගැන්වීමට තැනුවේය, නමුත් අවසානයේ මේක බාස් කෙනෙක් ගෙන්නලා මිසක් හදන්න බෑ අපි මේක දාල ත්‍රී වීලර් එකක් ගෙන්නගෙන පාරට යමු කියා කීවේය. හාකෝ ඉතින් යමු යමු. මේක පාරේ දාල යන්න බෑ අර පල්ලෙහා තියෙන ගේ අයිනටවත් තල්ලු කරලා දාලා යන් , පල්ලමනේ පොඩි තල්ලුවක් දුන්නම ඇති.. 

හාකෝ නිදිමත විභාග මත පෙර දින මහන්සිය සමඟ තල්ලු කරහල්ලකො කාරුත් තුක් විතරක් , කාරයේ හිමි කරුවාගේ මා පියන්ට පින් දීමට නොහැක .එම නිසා කාරය හැදුවන්ගේ මව්පියන්ට පින් දෙමින් කාරය තල්ලු 
කිරීමට පටන් ගතිමි. එය තල්ලු කිරීමට පටන් ගත් කල්හි අපේ අයියාගේ අසමජ්ජාති දුරකථනය අද දිනයේ ප්‍රථම වරට දුන් දඬුවම ආරම්භ කළේය. ඒ ඇමතුමකි ආ ඔව් ඔව් මේ මම එමින් ගමන් තමයි තවත් හෑල්ලක් දෙඩවීම ආරම්භ විය තල්ලු කරන්නට ගත් රිය මාර්ගයේ පොඩි බෑවුම් සහිත පෙදෙසක තිරිංග තද කෙරිනි. අහින්සක චතුරයාද මේ කඩිමුඩියේ මේ ඉලාවටම හේත්තු වී පාරේ කවුරුවත් තල්ලු කරන්න අඬ ගහ ගන්නවත් ඉන්නවාද කියා බලන්නට විය. තත්පර දෙකක් ගත නොවුනි හදිසියේම රථය ගමන් ඇරඹුනි හේත්තු වී සිටි එකා කෙසෙල් ගසක් කපා බිම දැමූ ආකාරයටම පාරේ පතිත විනි. හරියටම නින්දෙන් නැගිට්ටේ දැන්ය. පාරේ තිබ්බ සකල විධ කුනුද දූවිල්ලද කමිසයේය. කාරයේ සිටි එකාද බැසවිත් දූවිලි පිස දමා මා නැගිටුවේය. මරන් කන්නට කෙන්තියක් ආවත් දැන් ඉතින් මොනවා කරන්නද කියා සිතමින් මා කිසිත් නොකීවෙමි. අවසානයේ අයියා ඔහුගේ සියළු සබ්බ සකල මානාවද මගේ බෑගයට පටවමින් කාරයද මඟ නතර කර දමා මාවද බසයක නංවා වැඩට යාම පසෙක ලා ගරාජයකට යන්නට පිටත් විය. 

යන්නට නැගගත් බසයද සුපිරි බස් රථයක්ම විය.එහි සිටි සෝමේ මාමලා දෙන්නාම මුලු ලෝකයටම යන අවසාන බස් රථය එය යයි සිතාදෝ ගමන් මඟෙහි වූ සියළු නැවතුම් වල සියළුම මඟීන් නංවා ගත්තෝය. නැගීමට කැමැත්තක් නැති අයවළුන්ව බලෙන් ඇද දමාගත්තේ නැති එක විතරය. කෙමෙන් කෙමෙන් බස් රථයද ගමනේ මාගේ ගමනේ අවසානයට ලඟා විය. ප්‍රශ්න පත්‍රයට විනාඩි පාලොහක්ම ඒ වනවිට ප්‍රමාද වූ හෙයින් දනි පනි ගා බසයෙන් බැසගත් චතුරයා යුසේන් බෝල්ට් ගේ පිම්මෙන් දුවන්නට විය. මෙච්චර වෙලා යස අගේට ඉඳගෙන හිටපු එකාට මොන මල යකෙක් වැහෙන්නට ඇතිද කියා බසයේ සිටි ඈයෝ කල්පනා කරන්නට ඇත. 

වෙර වීරිය යොදා දුවගෙන විත් වෙනදා විනාඩි දහයක් පමණ ගතවන ගමන තත්පර දහයකින් නිමා කරමින් චතුරයා ලෝකයේ වේගවත් ගමනින් ගමන් කරන හෙවත් විදුලි වේගයෙන් යන  " අප මහා සෝපනයේ " දොර 
වැසීමට ඔන්න මෙන්න තිබියදී විභාග මධ්‍යස්ථානය පිහිටි සයවන මහලට යාම සඳහා එය තුලට රිංගා ගත්තේය. දෙමහලක් පමණ විදුලි වේගයෙන් සෝපානයේ ගමන් ගත් චතුරයාට සෝපානයේ ගමන් ගතහොත් විභාගය සඳහා නැවත එළඹෙන වර්ෂය තෙක් නැවතීමට සිදුවන බව පෙනී ගියෙන් නැවත දෙවන මහලෙන් සෝපානයෙන් බැස පියගැට පෙළ දිගේම දුවගෙන විත් විභාග මධ්‍යස්ථානයේ දොරකඩට වී ශාලා නාම ලැයිස්තුවේ වූ නම් කියවන්නට විය.

  "අ" යන්නෙන් සහ "බ" යන්නෙන් නම පටන් ගන්නවුන් එම විභාග මධ්‍යස්ථානයට එදින සහභාගී වී නොතිබුන හෙයින් චතුරයාට හිමිව තිබුනේ අංක එකයි. චතුරයා විභාග මධ්‍යස්ථානයට ඇතුළු වූවේ  "ආ දැන්ද විභාගයට එන්නේ" යයි කවුරු හරි අසයි යන නියත බයෙනි . නමුත් විභාග මධ්‍යස්ථානය භාරව සිටියේ චතුරයා හොඳින් හඳුනන දේශක වරියකි. ඇය චතුරයාට තිබූ ආසනය දක්වා ප්‍රශ්න පත්‍රයද ගෙනවුත් දී  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු තබා හෝඩියේ අකුරුවත් මතකයට නො එන තත්වයක සිටි චතුරයාට දෙවරක් සුද්ධ සිංහලෙන් "කාම් ඩවුන් " කීයමින් සැනසීමට උත්සාහ කළාය.  චතුරයා මධ්‍යස්ථානයේ අංක එක වූ හෙයින් ලැබී තිබුනේ දේශනා ගාරයක් වූ එම ශාලාවේ උස්ම ස්ථානය වූ වේදිකාවයි. එහි වූ ඩෙස්කුව සහ පුටුව දේශක වරුන්ට ලබා දී තිබූ ඒවාය. එම නිසා ශාලාවේ සිටිය වුන්ට චතුරයාව නව දේශකයානෝ ලෙස පෙනෙන්නට ඇත.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු වෙන වුන්ට වඩා දෙවරක් වේගයෙන් ලියමින් සිටි චතුරයාට හුරු පුරුදු ජංගම දුරකතනයක නාදය ඇසුනි. චතුරයාට බෑගය දෙස බැලුනේ නිතැතිනි.එවරනම් දේශක තුමියට ටිකක් තරහා ගොස් ටිකක් ඔරවා චතුරයාට "ගෝ ඇන්ඩ් ස්විච් ඉට් ඔෆ්ෆ් " කියා නැවතත් සිංහලෙන් වදාලාය. අනතුරුව චතුරයා බෑගය සොයා යාමට නැඟිට්ට පමණි කකුල මේසයේ පැටලී මේසය සෙලවී ඒ මත වූ චතුරයාගේ පෑන් පැන්සල් සහ ප්‍රශ්න පත්‍රය යන සියල්ලම බිමට පතිත විය. අසල වූ යහළු බාලිකාවන් කිහිප දෙනෙකු කිචි බිචි ගෑවද දේශක තුමියගේ "කාරුණික " බැල්මේ ආනිසන්සයෙන් එය නතර විය. චතුරයා ජංගම දුරකථනය නිවා පැමින යහතින් ප්‍රශ්න පත්‍රය නිම කෙරුවේය.ඊළඟ වාරය ආවේ පිළිතුරු පත්‍රය බාර දීමටයි. වැඩි සැලකිල්ලට ප්‍රථමයෙන්ම පිළිතුරු පත්‍ර බාර ගැනීමට චතුරයා ළඟට පැමිණි දේශක තුමියට චතුරයා ප්‍රශ්නපත්‍රය ආසනයෙන් නැඟිට භාර දීමට ගියේය. කළින්වරද චතුරයාගේ කකුලේ පැටළුනු ඒ විනාශකාරී ඩෙස්කුවේ කැඩුන ලී කැබැල්ල මෙවර චතුරයාගේ සපත්තුවේ හොඳින් පැටලී තිබින. නැඟිටීමට ගිය චතුරයා හොඳින් ඩෙස්කුවද පෙරලාගෙන වේදිකාවෙන් බිමටම ,දවසේ දෙවන වරටත් බිමට පතිත විය. 

විපතක මහත, එවරනම් දේශක තුමියගේ බැල්ම ගණනකටවත් නොගත් බාලිකාවෝ බෙරිහන් දී සිනාසුනහ. කවුරු කළාද යන්න දැක්කේ නැතත් ශාලාවේ පසුපසින් විසිල් නාදයක්ද ඇසිනි.නමුත් දුකට සැපට එකට සිටින 
චාලියා පැමිණ චතුරයාට උදවු කළේය. ඒ විභාගය එසේ නිමා වුවද සවසද තවත් විභාගයකට මුහුණ දීමෙන් පසු අවසන් වසර සිසුන් සඳහා වූ වැඩමුළුවකට සිසුන් මදි වී ඇතැයි කියා චාලි ගොයියා කී නිසාවෙන් දුකට සැපට සනී චාලි ගොයියාගේ ඉල්ලීම අහක නොදා එයට සහභාගී වීමට තීරණය කළෙමි. 

චාලි ගොයියාගේඉල්ලීමට ආවද එය ඉතා ඵලදායී එකක් විය. සිසුන්ට අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන අයුරින් "නිල් කැබලි " ආයතන කිහිපයක ප්‍රධාන පෙළේ නිළදාරීන් විසින් මෙහෙය වූ එය ආරම්භ වූයේ හවස 
හතරටය. කෙසේ හෝ එය රාත්‍රී නවය දක්වා දීර්ඝ විය. දේශනයන් ඉතාමත් ලෙස සිත් ඇඳගන්න වූ නිසාවෙන් චතුරයාට එය දමා ඒමට කිසි සේත් සිත් නොවීය.බලෙන් වගේ චතුරයාව මේකට ඇදගෙන ගිය චාලි ගොයියාට 
රාත්‍රී අට පමණ වන විට ගෙදර යාමේ කඩි කුලප්පුවක් සෑදින. එතැන් පටන් ඔහු "අඩේ මචාන් වරෙන් බන් යන්න" කියා  දන්න එකම සිංහල පද පේළිය කියමින් චතුරයාට කන්නලව් කරන්නට විය. නමුත් චතුරයා එළියට ආවේ දේශනය නිම වී නමයයි තිහට පමණය. ඒ වනතුරු චාලි ගොයියා සිංහල භාශාවේ දන්න සියළු දෑ යොදමින් චතුරයා ආමන්ත්‍රණය කරන්නට විය.චාලි ගොයියාගේ සිංහල භාශාව සහ චාලි ගොයියා ගැන සටහනක් පසුවට තබමි. බස් නැවතුමට නමයයි තිහට ආ චතුරයාට ගෙදර යාමට බසයක් පැමිණියේ රාත්‍රී දහයට පමණය. රාත්‍රී එකොලහ වන විට පමණ බසයෙන් බැස ගත් චතුරයා ගෙදර යනවිට හතර වරිගයම චතුරයා හොයන්න යන්නට සූදානම්ය. විභාග ශාලාවේදී ක්‍රියා විරහිත කර දැමූ  ජංගම දුරකථනය තවමත් එලෙසම බෑගයේ තිබෙන බව චතුරයාට මතක් වූයේ එවිටය.

Picture source : http://www.thisnext.com/tag/fabulous-life  Accessed on 16th July 2011 23.00 [Online ]

චතුර..

Tuesday, March 29, 2011

ස්කූල් වෑන් එක..



Prime Radio SriLanka 2010, Prime radio Web Site,[Online],Available :http://www.primeradio.lk/news/2010/11/21/special-license-to-school-vans/[Accessed 29 March 2011]


ඉස්සර ටිකක් පොඩි කාලේ කැන්ඩි කරපු සමහර වැඩකටයුතු හින්ඳා සහ කැන්ඩි ඉස්සර හැසිරිච්චි විදිය හින්ඳා කැන්ඩිගේ අම්මට කැන්ඩි ගැන ලොකු බයක් හිතේතිබ්බලු.මේකා තනියම යැව්වොත් රස්තියාදුකාරයෙක් වෙනවා කියලා හිතිච්චි හින්ඳමද කොහෙද කැන්ඩිගේ අම්මා නීතියක් පැනෙව්ව කැන්ඩිට කිසිදා තනියම ගමන් තහනම් ය කියලා, ඉතින් වෙන මොනවා කරන්නද දෙන දෙයක් කාලා ඉන්න එපාය ,කැන්ඩිට ඉතින් ඊට පස්සේ හැමදාම කවුරු හරි එක්ක මිසක් පන්තියකටවත් යන්න ලබුනේ නෑ. කොටින්ම කියනවනම් හිරගෙදර.

ඒක නිසා කැන්ඩිව ගේ ළඟින් යන ස්කූල් වෑන් එකේ නැතුව යැව්වේ කැන්ඩිගේ අම්මලාගේ ගමේ ඉඳන් ආපු ස්කූල් වෑන් එකක. ඒ වෑන් එකේ ඇන්ටියෙකුත් හිටිය නිසා තමයි වැඩිමනකුත් කැන්ඩිගේ අම්මා ඒ වෑන් එකට කැමති වුනේ. වෑන් එකේ ඇන්ටි කැන්ඩිගේ අම්මාගේ දුර නෑයෙක්. ඉතින් කැන්ඩිට ඔය වෑන් එකේ හම්බවුනේ ඉස්සරහම ආසනය නිසා ඉතින් වැඩිය බාලිකාවන්ගේ මූණු ටික බලාගන්නත් ගොඩාක් කාලයක් ගත වුනා,ඒත් ඉතින් මොනවා කරන්නද නෝ කතා නෝ සිනා ඇන්ටි ඉන්නවනේ.

ඇන්ටි මේ වෑන් එක කරන්නේ ඩ්‍රැයිවර් කෙනෙක් දාලා ඩ්‍රැයිවර්ට දවසේ පඩිය දීලා තමයි. ඔය වෑන් එකේම තමයි ඇන්ටිගේ දුවයි පුතයි ගියෙත්. ඔය දෙන්නත් හිටියෙ ඇන්ටිගේ වර් එක හිතට අරන් තමයි.කැන්ඩි වෑන් එකට ඇතුළු වුන කාලෙම තමයි ඇන්ටි අළුතෙන් වෑන් එකක් ගත්තෙත්.ඔය අළුත් වෑන් එකට අළුත් රියදුරු මහත්තයෙකුත් ආවා. ඉතින් ඔය අළුත් රියදුරු මහත්තුරු ගොඩ දෙනෙක් හැමතැනම පාරවල් දන්නේ නැහැනේ. මේ අළුත් රියදුරු මහත්තයත් එහෙම තමයි. ඔන්න ඇන්ටිට මේ රියදුරු මහත්තය කියනවා ," නෝනා මට හරියට හැරෙන තැන කියන්න." ඔන්න ඇන්ටිත් කියනවා " ඔය පාරෙන් රාජකාරුණා මාවතට දාන්න" ඔන්න ඉතින් අර රියදුරු මහත්තයා දහ අතේ හොයනවා රාජකරුණා මාවත ,හොයලා ආයෙත් අහනවා " නෝනා කොයි පත්තටද හැරෙන්නේ..?" ඇන්ටි ආයෙත් කියනවා " රාජකරුණා මාවත පැත්තට " ඔන්න ඉතින් මේ රියදුරු මහත්තය ටිකක් මූණ ඇඹුල් කරලා බැලුවම ඉස්සරහ හිටපු කැන්ඩි දකුණට අත දික් කරලා පෙන්නුවා, ඉතින් ඊළගට ආයෙත් මේ රියදුරු මහත්තයා අහනවා " නෝනා කොහෙටද හැරෙන්නේ " ඇන්ටිත් ඉතින් කියනවා, " සිරිධම්ම මාවතට " ඔන්න ඉතින් ආයෙත් කැන්ඩි අනාරාධිතවම පාර පෙන්නුවා.

ඔහෝම ඔහොම පාරහොයන් කැන්ඩිලගේ ඉස්කෝල පැත්තට එනකොට පටන් ගන්න වෙලාව පහු වෙලා, ඇන්ටිගේ දුවගේ පාසල වුනේ ගෝතා බාලිකාව, ඇන්ටිගේ පුතා ගියේ කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට. ඔන්න ඉතින් ඇන්ටිගේ දුවයි පුතයි ඉතින් දැන් "මේ ඩ්‍රැයිවර් එක්ක ආවම හැමදාම මෙහෙම වෙයි "කියලා බැහැලා ගියා. ඔය දෙන්නම බැස්සට පස්සේ තමයි කැන්ඩිගේ පාසලට එන්නේ, ඔන්න ඉතින් කැන්ඩිවත් බස්සවලා යන්න ගියා,එදා හවසත් තවත් සතියක් විතර අර රියදුරු මහත්මයට පාර හුරු වෙනකනුත් ඔහෝම තමයි වුනේ. පඩි නඩි හේතු නිසා ඇන්ටිගේ වාහනයට එන රියදුරු මහත්වර වැඩිය කල් හිටියේ නෑ. ඉතින් ඔය විදියට රියදුරු මහත්වරු පස් හය දෙනෙක්ම මාරු වෙලා යන්න ගියා.

මේ රියදුරු මාරුව ඇන්ටිට ටිකක් අමාරු වෙච්චි නිසාවෙන් ඇන්ටි ඊළඟට ගත්ත තීරණය තමයි , ගෙදර දොරේ ඉඩම් කඩම් බලා හදාගෙන හිටිය ඇන්ටිගේ අන්කල්ව රියදුරු වැඩේට ගන්න එක. ඉතින් අන්කලුත් වැඩේට ආවා. අන්කල් කොළඹ ඉගෙනගත් කොළඹ නිතර ආ ගිය කෙනෙක් නිසා පාරවල් නම් වැඩිය ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඉතින් ඔය පාගමනක් දවසක කලින් ඉස්කෝලේ ඇරිලා අන්කලුත් නොදන්න පාරවල් වගයක යන්න සිද්ධ වුනා, ඉතින් අන්කලුත් "මට හැරෙන තැන කියන්න" කිව්වම ඇන්ටි කිව්වේ " කුමාරතුංග මුනිදාස මාවතට හැරෙන්න" " රාජකරුණා මාවතට දාන්න" වගේ දේවල්. ටික වෙලාවක් මේක අහන් ඉඳපු අන්කල් මෙහෙම කිව්ව " මම ඔය මල ඉලව් පාරවල් දන්නේ නෑ, මට හැරෙන පැත්ත කියනවා " ටික වෙලාවක් " වමට හැරෙන්න " "දකුණට හැරෙන්න " කියපු ඇන්ටි ටික වෙලාවකින් ආයෙත් පරණ විදියටම පාර කියන්න පටන් ගත්තා, ඉතින් අන්කල් මෙහෙම කිව්වා,"මනුස්සයෝ මම ඔය නම් කට පාඩම් කරගෙන නෑ මට හැරෙන පැත්ත කියන්න කියලා" ඉතින් ආයෙත් ඇන්ටි වමට දකුණට උත්තරය දෙන්න පටන් ගත්තා. අන්කල්ට හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා ,ඒක තමයි අන්කල් ගොඩාක් කාලයක් වාහන එළවීමෙන් බැහැර වෙලා තමයි ඉඳලා තියෙන්නේ, ඒක නිසා එයාට වාහනය වැඩිය හුරු නැහැ. ඉතින් ටිකක් හෙමින් තමයි යන්නේ. ඒක නිසා ආයෙත් අර පරක්කු වෙන ප්‍රශ්නය ආවා.

ඉතින් ඔහෝම ටික දවසක් යද්දී පුංචි පවුල රත්තරන් කියලා කියන නිසාද කොහෙද ඇන්ටි ගාව සීට් එකේ හිටපු
ළමයි දෙන්නා පිටිපස්සට යවලා ඇන්ටිගේ දුවයි පුතයි ඒ සීට් එකට ආවා.ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. අන්කල් ටිකක් හෙමින් එළවන නිසා ඇන්ටි මෙහෙම කියනවා" ආනන්ද ටිකක් ඇක්සලරේට් කරලා යමුකෝ " ටික වෙලාවකින් පුතා මෙහෙම කියනවා " තාත්තේ ඔය බ්‍රේක් එකෙන් නැතුව ඇක්සලේටරය පාගලා වාහනේ යන්කෝ " ටික වෙලාවකින් ඇන්ටිගේ දුව මෙහෙම කියනවා " තාත්තේ මට හවස පන්තියට යන්න පරක්කු වෙනවා ".. ඒත් සතියක් විතර යනකන් අන්කල් ඕවට උත්තර විදියට හිනා වෙන එක විතරයි කළේ. ඔහොම සතියක් විතර ගියට පස්සේ අර තුන්දෙනා අර විදියට කියන වාර ගණන වැඩි වුනා, තවත් සතියක් විතර යනකොට ඕක අහන් ඉන්න බැරි තරමේ මන්තරයක් වගේ වුනා, එක පාරටම දවසක් අන්කල් වාහනේ පාරේ පැත්තකට කරල නවත්තල මෙහෙම කිව්වා " තමුසෙලා මට මේ වාහනය එළවන්න දෙනවද ..? නැත්තන් තුන්දෙනා එක්ක මේ වාහනය අරගෙන යනවද ..?" . එදාට පස්සේ ඇන්ටි වෑන් එකේ යන එක අඩු වුනා, අන්කල් විතරයි ආවේ, අර දුවයි පුතයිත් කළින් හිටපු සීට් වලටම ගියා. අන්කල්ගේ පරක්කුවට විසඳුම විදියට වැන් එක වෙනදාට වඩා කළින් පිටත් වුනා.

ඔහොම අවුරුද්දක් විතර යනකොට ඇන්ටි එන එක නැත්තටම නැවතුනා. ඒත් ඉතින් නෑකම නිසා කැන්ඩිට පාසල් ජීවිතය අවසාන වෙනකන්ම යන්න සිද්ධවුනේ ඔය වෑන් එකේ . ඔය අතරේ කැන්ඩි සාමාන්‍යපෙළ කළා ඉහළින් උසස් ආකාරයෙන් සමත් වුනත් කැන්ඩිට ඉතින් පාසල් වෙනස් කරන්න උවමනාවක් නැහැනේ, ඒත්
ඇන්ටිගේ දුවනම් ගෝත බාලිකාවට සමු දීලා ආඩම්බරෙන් මිගාර මාතා පාසලට ඇතුලත් වුනා.ඒක නිසා ගමනත් වෙනදට වැඩිය දිග්ගැස්සුනා..

ඔය කියන කාලේ වෙනකොට කැන්ඩි හොඳ නමක් හදාගෙන හිටපු නිසා සහ කැන්ඩිගේ යාළුවා හිරාන්ව ගෙදරට විශ්වාස වන්ත වෙච්චි නිසාවෙන් කැන්ඩිට තනියම අමතර පන්ති යන්න නිදහසක් ලැබුනා. ඒත් හිරාන් එන්නේ නෑයි කියන දාට යන්න ලැබුනේ කළින් වගේ රියදුරු සමඟ අපේ හිරකාර වාහනේ සුපුරුදු පරිදි හිරකාරයා වගේ. උසස්පෙළ කරන අවධියෙත් ඉස්කෝලේ ගියේ වෑන් එකේ වුනාට අවසන් වසර වැඩිය ස්කුල් වෑන් එකේ යන්න ලැබුනේ නෑ, ඒ මොකද කියනව නම් මම කළින් රසායන විද්‍යාව ඉගෙන ගත්තු ගුරුතුමා වන අපේ නැසීගිය බුලත්සිංහල ගුරුතුමා කියන විදියට කැන්ඩිත් උසස්පෙළ අවසන් වසර කොළඹ ක්‍රමයට අනූව දවස් තුනක් පාසලටත් දවස් දෙකක් පුනරීක්ෂණ පන්තියටත් වෙන් කරලා තිබ්බ නිසාවෙන්.

හැබැයි මේ ස්කූල් වෑන් එක ගැන කියනවා නම් අන්කල් වෑන් එකට පස්සේ පස්සේ දැම්මේ අළුත් ටයර් වෙනුවට පරණ ටයර් අර කම්බිත් මතුවෙච්චි ඒවා, ඉතින් මාසයකට එක පාරක්වත් මේ වෑන් එකේ ටයරෙකක් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා බෝම්බයක් වගේ පිපිරෙනවා. .පිපිරෙන්න ටයරයකුත් නැත්නම් නවතින්න වෙන හේතුවකුත් නැත්නම් ඔය වාහනේට හැදෙන අනිත් ලෙඩේ තමයි බොයිල් වෙන එක.මම හිතන විදියට අන්කල් ඔය වාහනේට පස්සේ හයි කරලා තියෙන්නේ කටුගෙදරින් පන්නපු රේඩියේටරයක්.කරුමේ කියන්නේ ඔය බොයිල් වීමත් ඔය බෝම්බ පිපිරවීමත් ඉතින් සිද්ද්ධ වෙන්නේ නිකන් ස්ථානයක එහෙම නෙවෙයි .හන්දියක් මැද්දේ එහෙමත් නැත්නම් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා වගේ ස්ථානවල තමයි. වැඩිපුරම ඔය දේවල් සිද්ධ වුනේ කනත්ත බාලිකාව ඉස්සරහා.කැන්ඩියි අනිත් වෑන් එකේ ගිය කැන්ඩිගේ මිත්‍රයා වන කල්පගේ අදහසට අනුව ඔය වෑන් එක අක්ක වෑන් එකක් නෙමෙයි අයියා වෑන් එකක්. ඒකනේ බාලිකා විද්‍යාල ඉස්සරහටම යන්නේ නතර වෙන්නෙ. ඉතින් ඔය නැවතිච්චි වෙලාවට නිකන් ඉන්නත් බෑනෙ කට්ටියම එකතු වෙලා ඕක තල්ලු කරනවා, ඒත් ඉතින් වෑන් එක තල්ලු කරනකොට බාලිකාවෝ කිචි කිචි ගානකොට හිතා ගත්තැකිනේ කැන්ඩිටයි අනිත් පිරිමි ළමයින්ටයි හිතිච්චි දේවල්..


කැන්ඩි....

Sunday, March 27, 2011

නාරං භාවනාව..



ඊයේ පෙරේදා දවසක කැන්ඩිගේ අම්ම කියපු කතාවක් අහන් ඉන්නකොට තමයි මට මේක මතක් වුනේ.

ඒ කාලේ කැන්ඩියි අක්කයි මාර බුදු ෆිට් එක කියල කිව්වොත් තමයි වැඩිය හොඳ.මීට අවුරුදු පහලවකට විතර කලින් දහම් පාසල් යනකොට කරපු වැඩනම් ඉතින් කියලා නිම කරන්න බැ. මේකත් ඒ කතා වලින් එකක්.

ඔන්න ඉතින් ඒ කාලේ දහම් පාසලේ සිල්ගන්න දවසට කොච්චර කට් පාර දාලා ගෙදර ඉන්න හ්දුවත් කැන්ඩිගේ අම්මයි තවත් ලොකු අම්මෙකුයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු නිසා සිල් නොගෙන ඉන්නම අපිට බැරි වුනා කිව්වොත් තමයි කතාව නිවැරදි. මොකද ඒකාලේ අපිට සිල් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද සිල් ගත්තොත් ඉන්න වෙන්නේ අපේ අම්ම ළඟ හරි නැත්නම් අර කලින් කියපු රාස්සියක් වගේ අපේ ලොකු අම්මා ළඟ. ඔය කියපු ලොකු අම්මට ඒ කාලේ දහම් පාසලේ හිටපු ළමයි විතරක් නෙවෙයි අද ඉන්න ළමයිනුත් කියන්නේ රාස්සි ටීචර් කියලා ළඟදී ඉරිදා දවසක් අම්මව එක්කන් එන්න දහම් පාසල ළඟට ගියපු කැන්ඩිට ඇහුනලු.

ඔන්න ඉතින් මේ කිව්ව දවසේත් කැන්ඩියි අක්කයිකොච්චර කට් එක දාන හැදුවත් සිල් ගන්නම වෙන අතට වැඩ සිද්ධ වුන නිසා කැන්ඩියි අක්කයි ඉතින් හිතින් බැන බැන සිල් ගන්න ගියාලු. කොහොමින් කොහොමින් හරි දවල් වෙනකන් ශේප් එකේ අම්මවයි ලොකු අම්මවයි තියන් ඉඳලා දවල් දානේ වෙලාවෙන් පස්සේ තමයි කැන්ඩිටයි අක්කටයි සෙට් එක එක්ක එකතු වෙන්න ලැබුනේ. ඒ කාලේ හිටිය කැන්ඩිගේ අක්කගේ පන්තියෙ ළමයි සහ තව ඉහළ පන්තිවල අයියල සහ අක්කල දෙතුන් දෙනෙකුයි කැන්ඩිගෙ අක්කගේ පන්තියේ සෙට් එකයි ඔය කැන්ඩිගේ අක්කගේ පන්තියේ හිටපු අක්කලා රෑනගේ තවත් මල්ලිලා නංගිලා කිහිප දෙනෙකුයි තමයි සෙට් එක. ඔක්කොම දහයක් විතර ඇති.

කොහොම හරි අර අක්කලා රෑනගෙන් ටිකක් කට්ටිය වෙනම කට්ටියක්ලු. දවල් ඉතින් ඉන්න ගමන් අනිත් අයත් එක්ක මොනවද කරන්නේ කියලා කතා කර කර ඉන්නකොට මෙතන හිටියොත් නම් මොනවත් කරන්න හම්බ වෙන්නේ නැති නිසා උඩ මළුවට යමු කියලා යෝජනාවක් කොහෙන්ද ආවලු. කට්ටියම එක පයින් ඕකට කැමති වුනාලු. ඔක්කොම එක පාර යන්න ඇහුවොත් කාටවත් යන්න බැරිවෙන නිසා වෙන වෙනම කට්ටිය අහලා අනිත් ගුරුවරුන්ගෙන් අහල දෙන්න තුන්දෙනා වගේ කාණ්ඩ උඩ මළුවට භාවනා කරන්න කියලා ගියාලු.උඩමළුවේ තමයි විහරය තියෙන්නෙත්.

ඔහොම ඉඳලා ඉඳලා කැන්ඩියි අක්කයිත් අම්මගෙන් අවසර අරගෙන ධර්ම ශාලාවේ ඉඳලා උඩ මළුවට භාවනා කරන්න ගියාලු.කැන්ඩියි අක්කයි යනකොය අර කළින් ගිය අක්කලා රෑන සහ තව අයියල දෙන්නෙක් උඩ මලුව පිටිපස්සෙන් පහළට බැහැලා පන්සල් වත්ත පිටිපස්සේ තියෙන කොස්ගස් ළඟට ගිහින්ලු වරකා ගෙඩියක් හොයන්න.

අනිත් අය වරකා ලැබෙන කන් බකන්නිලා භාවනාවලු. ඔන්න කැන්ඩිගේ අක්කත් ගිහින් ටිකක් වටපිට බලබල ඉන්න කොට තමයි මතක්වුනේ උඩමළුවේ පිටිපස්සේ පැත්තක තියෙන නාරංගහ.හැබැයි මේක ධර්මශාලාව පැත්තට පේන්නේ නැති වුනත් මේ ගහ ආවාසගේ පැත්තට පේනවලු. ඔන්න ඉතින් ටිකක් විපරම් කරලා ඔත්තුකාරයෙක් ආවාසගෙට යැව්වලු කැන්ඩිගේ අක්කා. ඔත්තු කරුවාට දැනගන්න හම්බ වුන විදියට ලොකුහාමුදුරුවෝ සහ පොඩිහාමුදුරුවෝ මොකකට හරි අල්ලපු ගමේ පන්සලට වැඩම කරලලු.

ඔය කියන ගහේ හැමදාම වගෙ නාරං තිබුනත් කවදාවත් ඔය ගහ පැත්තකටවත් යන්න ලොකු හාමුදුරුවන්ගෙන් නම් අවසර ලැබුනේ නැහැලු.ඒ වගේම ඕක ටිකක් පරණ විශාල ගෙඩිතියෙන ටිකක් ලොකු නාරං ගහක්ලු.ටිකක් ලොකු නෙවේ කැන්ඩි දැකලා තියෙන නාරං ගස් වලින් විශාලම නාරං ගහ ඕක තමයි.

ඔන්න ඉතින් ඉතිරිවෙලා හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙන කැන්ඩිගේඅක්කා සහ අනිත් අය අර අක්කල අයියලාගේ නංගිලා මල්ලිලා .කැන්ඩිටත් වැඩිය වයසින් අඩුයිලු. දැන් හිටපු අයගෙන් ගහට නැගලා අතුපාත් කරන වගකීම පැවරුනේ කැන්ඩිට.පොල්පිත්තක් ගහට හේත්තු කරලා අක්කා කැන්ඩිව ගහට නැග්ගුවලු.කැන්ඩි ඒකාලේ ගස් නඟින්න දන්නේ නෑ(තවමත් එහෙම තමයි .)කැන්ඩිගේ අක්කනම් ඔය වැඩවලට කියාපු දස්සිලු.ඒත් ඉතින් කැන්ඩි ගහට නැග්ගට අතුවල මැද්දට යන්නවත් බයලු.ඒක නිසා අක්ක දුන්න විධානය තමා ගහේ අතු පාත්කරන්න කියපු එක.ඒත් කැන්ඩි පාත් කරපු අතුවල වැඩිය ගෙඩි තිබ්බේ නැති නිසා කැන්ඩිගේ අක්කගෙන් වහාම නියෝගයක් ලැබුනා වහාම බිමට බටු ලෙස.ඔන්න ඉතින් කැන්ඩි බිමට බැස්ස අක්ක ගහට නැග්ග.ළමා සාරියකුත් පටලවගෙන ගස් ගියයි කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ කට්ටියටම කෙනාගේ හැටි නේද..? ටික වෙලාවක් යනකොට වරකාත් අරගෙන කට්ටිය ආවලු.

ඒ අයටත් ගහේ ඉඳන් ගෙඩි කඩලාදෙන ගමන් කැන්ඩිගේ අක්ක ගහේ ඉඳන් නාරං කන්නත් පටන් ගත්තලු. මේ වැඩේ පටන් ගත්තේ ඉතින් බිම ඉන්න අයට ටිකක් කඩලා දීලා තමයි. ඒ බිම හිටපු තව අයියෙකුටයි අක්කෙකුටයිත් නරං හිතේ හැටියට කන්නඕනේ නිසා ඒ දෙන්නත් ගහට නැග්ගලු.

බිම ඉන්න අය දැන් වරකයි නාරනුයි දෙකම විකාල භෝජනයකරනවලු,ගහේ ඉන්න අය නාරං භෝජනය කරනවලු. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට ආවාසගේ පැත්තෙන් ඇහෙනවළු ළමයිනේ නාරං ගහෙන් බහින්න කියලා, බැලිනම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපහු වැඩලා වැඩේ දැකලලු.

කට්ටියටම ඉතින් උඩ මළුවෙන් ධර්මශාලාවට යන්න වෙන කියන්න ඕනේ වුනේ නැහැලු. ඔන්න ඉතින් ලොකු හාමුඩුරුවෝ ඇවිල්ල වැඩේ බලල නඩුව අහනවලු මුළු දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයත් එක්ක. ගියපු එක්කෙනෙක්ටවත් ගැලවෙන්න හම්බ වුනේ නැහැලු ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක නිසාවෙන්.

ඔන්න ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවලු මොනව කියලද මේ ළමයි උඩ මළුවට ගියේ කියල..? ඉතින් භාවනා කරන්න කියල තමයි ලොකු හාමුදුරුවනේ මේළමයි ගියේ කියලා ගුරුවරුත් කිව්වලු.

ටිකක් සැර වුනාට ලොකු හාමුදුරුවොත් ටිකක් විහිළුවට බරයි. ටිකක් බැරෑරුම් විදියට බලපු ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වා,"මම බලන කොට මේ ළමයින්ගෙන් කට්ටියක් වරකා භාවනාව තව කට්ටියන් නාරං භාවනාව අනිත් අය නාරං වරකා භාවනාව කරනවා" ඊට පස්සේ කැන්ඩිගේ ලොකු අම්මයි අම්මයි දිහාට හැරිලා කැන්ඩිගේ අක්කයි අර අනිත් අක්කයි අයියයි පෙන්නල මෙහෙම කිව්වා" ඒ විතරක්ය ඉස්කෝලෙ නෝනල මේ දැරිවියො දෙන්නයි අර ළමයයි නාරං භාවනාව වැඩි හොඳටද කොහෙද ගහ උඩම ඉඳන් නෙව කළේ "


පලි: මේ සඳහා ලොකු හාමුදුරුවන් කාටවත් දඬුවම් කළේ නැති අතර කැන්ඩිටයි අක්කටයි විශේෂයෙන් කැන්ඩිගේ අක්කට ඉන්පසුව සිල් ගත් කිසි දිනෙක අම්මගේ ළඟින් අඟලක්වත් එහාට වීමට ඉඩ ලැබුනේ නැත.

කැන්ඩි....

Tuesday, December 21, 2010

සිරියා සහ චූන් පාන්....




ආආආහ් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ් හරිම කම්මැලියි ගෙදර ඉඳල ඉඳල ආපහු ගමනට බැස්සම. ඔන්න ඉතින් කාලෙකින් කිසිම දෙයක් හරි විදියට ලියන්න බැරි වුන නිසා අද මොනව හරි කොටන්න කියල තමයි සූදානම.

කොටන්න මතක් වුනෙත් අද උදේම සිරිය දැකපු නිසා තමයි.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද..?

වගේ නෙවෙයි එහෙම තමයි(ඔන්න මමම උත්තරෙත් දී ගත්තා.)

අද උදෙන්ම සිරිය දැක්ක නිසා හිතුවා සිරියා ගැන තියෙන කතා ටිකත් එකින් එක ලියන්න ඕනේ කියල.ඔන්න ආපහු සිරියෙක් ගැන කිව්ව නේද..? සිරියා කියන්නේ පහුගිය කාලයේ කාලාන්තරයක් කැන්ඩිගේ අම්මගේ අත් උදවුවට කැන්ඩිලගේ ගෙදර තනි නොතනියට හිටපු ආදරණීය, මූන ටිකක් කළු වුනාට දත් නැති ලොඹු කට පෙන්නලා හිනාවෙනකොට සිරියාවන්ත සිරියාවතී.සැපට දුකට සනී වගේ හිටපු මෙයාට අපි ආදරේට කිව්වේ සිරියා කියල.

සිරියට හොඳට ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වුනාට මොකද පාසලකටවත් ගිහින් නැති හින්ඳද මංදා ටිකක් කරන කියන වැඩ විහිළුයි.ටිකක් මෝඩයි කිව්වොත් තමයි වැඩිය හොඳ.හැබැයි කවමදාකවත් තමන්ට පැවරුන වැඩක් අතපසු කරලවත් නොකරල ඉඳලවත් කිසිම නරක දෙයක් කරලවත් නම් නෑ.සිරියා ගෙදර ඉන්නව කියන්නේ කැන්ඩිටනම් ඉතින් සිනා සාගරයක් තමයි.මෙයාව කතාවට අල්ලගත්තොත් දවසක් හරි පෙරළි පෙරළි හිනා වුනෑකි.කතාවට අල්ල ගන්නම ඕනේ නැහැ.මෙයා නිකන් ඉන්න ගමන් නිකමට කියන කතාත් හරිම නුවණක්කාරයි.

ගෙදරට සිරියා නම් හරිම සිරියාවයි ඒ තරමට හිනා යන කතානේ කියන්නේ.ඒ දැන් මෙයා ටික කාලෙක ඉඳල කැන්ඩිලගේ ගෙදර එනව අඩුයි,ඒ මොකද කිව්වොත් මෙයාගේ දුවට දරුවෙක් ලැබිල මෙයත් ඒක නිසා දුව ඉන්න ගමට ගිය නිසයි.අපරාදේ කියන්න බෑ අර පොඩි එකානම් දවසම මැරෙන්න හිනා වෙනවා ඇති.ඔන්න මෙයා ගැන කියන්න කතානම් ගොඩයි ඒත් දැන් තියන වෙලාවේ හැටියට එකක් ලියන්නම්.

කැන්ඩිට පාන් කන්නේ නැතුව නින්ද යන්නේ නැති නිසා කැන්ඩිගේ ගෙදර රෑට කවුරු මොන කෑම කෑවත් කැන්ඩිට පාන් ගේන එක ඒකාලේ අනිවාර්ය අංගයක්.මොකද දැන් වගේ නෙවි ඒකාලේ කැන්ඩිනම් පාන් පාන් නම් කැන්ඩි කියන තරමට කැන්ඩි පාන් කන්න කැමතියි.ඔය ගේන පාන්ගෙඩිය ඉතින් කන්නේ භාගේ විතර පෙති දෙකක් කපල ,ඉතින් රෑට වැඩිය කැවෙන්නෙත් නෑ කියලා තමයි ඒ කාලේ කිව්වේ මොකද භාගේ සයිස් වුනත් කැන්ඩි කන්නේ පාන් පෙති දෙකනේ.ඔන්න ඉතින් ආයෙත් ට්‍රැක් පැන්න.

ඉතින් හවසට සිරියා ගෙදර යන්න කළින් කඩේට දුවලා ඔය පාන් ගෙඩියත් (ගෙඩිය කිව්වට හැදෙන ගහනම් මම දන්නේ නැහැ )ගෙනත් තියලා තමයි යන්නේ.ඉතින් කඩේ තියෙන්නේ ටිකක් දුර නිසා කැන්ඩිගේ අම්මත් දවසක් සිරියට කිව්වා අනේ සිරියෝ කඩේට නොයා ඔය ගේට්ටුව ගාවට ටිකක් වේලාසනින් ගිහින් ඉඳල චූන් පාන් එකෙන්ම ඕක ගන්න කියල.මොකද ඉතින් ඔය චූන්පාන් (ආ කියන්න බැරි වුනානේ අර හැම පලාතෙම සද්දය දාගෙන (සද්දය කිව්වේ අර මිහිරි නාදය ) උදේට හවසට යන පාන් වාහනය )එකෙන් පාන් ගන්න, ඒකෙ සද්දේ ඇහෙන වෙලාවට පාරට ගියොත් ,පාන් ගන්න සාමාන්‍යයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා මහත්මියට වගේ දිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ.

ඉතින් චූන් පාන් එකෙන් පාන් ගන්න කිව්වම සිරිය එක පාරටම කිව්වෙ මොකක්ද දන්නවද..?

"අනේ ලොකු නෝනේ චූන්පාන් කිව්වට ඕකෙ පාන්වල කිසිම රහක් නෑ... මමත් ඊයේ ගෙදර යනකොට අරගෙන ගියානේ "

අනේ මෙයැයි හිතන් ඉඳල තියෙන්නේ ඒකෙ පාන් අමුතු රසයක් තියෙන හින්දා චූන්පාන් කියනවයි කියල......

කැන්ඩි....