Wednesday, August 24, 2011

දියමන්ති මාලය....







ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ


ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ
මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ


මුදු මීදුමෙන් පිරි කඳු යායේ
ඔබ හා කිවූ ගී මතකයි ..මතකයි.. මට 
ඇවිදින් යනකොට ගිම්හානේ
ඔබ හා කිවු ගී මතකයි
සීත පවනැල් දසතින් හඹා එද්දී
ඔබගේ සිරුරේ දැවටිච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මාහා සුරතල් වෙච්චි..


පින්තූරය මෙතනින් 


ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ

MP3 ය මෙතනින්....

සන්ජය බණ්ඩාර....



ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන ගිය ඒ කාලේ
ඔබේ සුසුමේ දැවටුනු ඒ සෙනෙහේ විඳි කාලේ 
අමතක කරනෙමි මා මේ සීත රෑ යාමේ
දෑසට කඳුලැල් නැං වූවත් තනිකම සොඳුරුයි සැමදා මාහට..

චතුර....




11 comments:

tee ළමයා said...

This is somewhat similar to the story of "Nil Diya Yahana" movie but not totally. However a good attempt for a new artist. This is the 1st time I'm seeing this video and listening to the song. And there are some similarities with the "Broken Angel" music video also. However the both examples show that the boy is no longer living and how the girl suffers after losing the partner which is seen even in this music video.

අසනි said...

මේ මොකද මේ... ලස්සන සිංදුවක් යටින් දුක වැයෙන පද වැලක්...

ChammA said...

සින්දුව + ව්ඩියෝ එක පට්ට මචන්...

ඉන්දික said...

ලස්සනයි සහෝ

blog gadol said...

ලස්සන සිදුවක් සහෝ!

දිල් said...

හ්ම්ම්ම්ම්ම් ! ලස්සන සින්දුවක්...බොහොම ස්තුතියි මලයන්ඩී

prasanna86k said...

මේක උම කියපු එකක් එහෙම නෙමේනේ...

චතුර.... said...

@ tee ළමයා

I haven't watched both the videos that u've mentioned here..
Just thought of publishing this coz it touched my heart..
Thanks for paying a visit here..

@ අසනි

කෙනෙක්ව අමතක කරන්න හිතුනා.. ඒකයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ChammA

මටත් ඕක හිතුනා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

චතුර.... said...

@ ඉන්දික

අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආව එකටත් තුති සහෝ ..

@ blog gadol

අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආව එකටත් තුති සහෝ ..

@ දිල් අක්කා

අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආව එකටත් තුති අක්කණ්ඩි..

චතුර.... said...

@ මාලු යාලු

හිකිස් තවම එච්චර හපන් කමක් කොරන්න බැරි වුනා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

මධුරංග said...

වෙනදා වගේම වීඩියෝ එක ලෝඩ් උනේ නෑ.
අනේ මන්දා කනෙක්ශන් එකට මක් වෙලාද කියලා.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons