Saturday, August 6, 2011

ජාලයෙන් ස්වායත්ත වන්න ....



ජාලයක් ඇත
අහි ජාල පුරුක්වන අප
ජාලයට එක් කිරීමද ජාලයෙන් ගැනීමද කරන්නෙමු
නමුත් ජාලය නැති වූ කළ 
ජාලයෙන් තොරව කළ හැකි කිසිවක් අප නොසිතමු
ජාලයෙන් ස්වායත්ත වන්න 
ජාලයෙන් එපිට ලෝකය 
ජාලයේ ලක්ෂ්‍යයකට සීමා වී සිටින ඔබට වඩා 
බොහෝ පුළුල්ය
නමුත් එය විඳ ගැනුම 
එයට ඇතුල් වීම
ස්වායත්ත වීමට සිතන තරම් 
පහසු නොවනු ඇත....

Picture source : http://www.squidoo.com/digitalartsoftwareAccessed on 06th July 2011 19.00 [Online]

චතුර....

10 comments:

අසනි said...

පරායත්ත..ස්වායත්ත විචල්‍යයන්ට පින් පිණිස ජාලික සිතුවිල්ල, ජන්ජාලයක් නොකොට ගෙනම.. මගේ පරිකල්පන මෙව්වා එකෙන් ඕන් තේරුන් ගත්තා..හික්ස්

මන් හිතන්නේ ඔය කියනවා ඇත්තේ..ළිදේ ඉන්න ගෙම්බා ළින් කටින්ම එලියට ඇවිත් ලෝකය දකින්න ඕනා..නමුත් ඒක හිතන තරන් ලේසි පහසු දෙයක් නෙමේ කියලා..එහෙම නේද යාලු..

ඇත්තටම අමුතුම පබැදුම් රටාවක් ඔයාට තියෙන්නේ..

චතුර.... said...

@ අසනි

අසනිගේ පරිකල්පන මෙව්ව එක හොඳයි එහෙනම්, ඔව් තමන්ට කරන්න පුළුවන් දේවල් එක රාමුවකට කොටු නොවී සිතනවා නම් ළිං කටෙන්ම එළිය දකින්න ඕන ගෙම්බට ඒක අමාරු වෙන එකක් නෑ..
ඒක හිතන තරම් නම් ලේසි නෑතමයි යාළු..

"ඇත්තටම අමුතුම පබැදුම් රටාවක් ඔයාට තියෙන්නේ.." , පොඩ්ඩක් අප්සට් පොරක්නේ( මම ) ඒකයි..(පොඩි විහිළුවක් )
අගය කිරීමට මෙන්ම වෙනදා වගේ මේ පැත්තේ ආවටත් තුති..

නදුන් උයන said...

හරිම අමාරු වැඩක්...

රාජ් said...

ස්වායත්ත වූ විට "ඉ" ජාලයෙන්
සැරිසරනු හැක සමාජ ජාලයේ
එතනත් ඇත්තේ වෛරස් මැල්වෙයා හැකින්
සැරිසරනු කෙලෙසද රිසින්..

මධුරංග said...

ජාලයෙන් පිටට එන්න ගොඩක්ම ආසයි. ඒ උනාට එන්න අමාරුයි නේ.
මොනා කරන්නද ඒ තරමටම අපි ජාලය ඇතුලේ හිර වෙලා ඉන්නේ.

චතුර.... said...

@ නඳුන් උයන

ඔව් හරිම අමාරු වැඩක්
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

@ රාජ්

ඔව් 'ඉ' ජාලයේ සැරිසැරීම භයනක විය හැක..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

ඔව් අපි ජාලයෙම කොටසක් වෙලා
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

නාකියා said...

ජාලය කියන එක මටත් දැන් ජංජාලයක් වෙලා .. :(
ඒ හින්දම ඊට එපිට ලෝකයත් අවුල් ජාලයක් වෙලා ..

චතුර.... said...

@ නාකියා

ඒ මොකද සහෝ ජංජාලයක් වෙලා තියෙන්නේ..?
වෙනද වගේ මේ පැත්තේ ආවට තුති..

පිස්සු පුසා said...

අනේ අම්මේ මගේ ඔලුව...ලොල්..මගේ ඔලුවත් ජංජාලයක් වගේ..අමුතු උනත් හිතන්න දෙයක් තියෙනවා වගේ

චතුර.... said...

@ පිස්සු පූසා

හික්ස් ස්තූතියි
වෙනදා වගේ මේ පැත්තේ ආවාට තුති..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons