Showing posts with label ආදරය... Show all posts
Showing posts with label ආදරය... Show all posts

Friday, August 26, 2011

ඔබේ ආලය....






සිත් රිදුමට
කරනට හැකි සියළුම දේ කර
මුකුත්ම නොවුන විදියට
මුකුත්ම නොකිව් විලසට
නැවත ආදරෙයි කියා
නැවත තොඳොල් බස් දොඩන
ඔබ 
ඔබගේ ආදරය
එක් එක් වේලාවට
එක් එක් වර්ණයන්ගෙන් සැරසී
වර්ණයෙන් මත්ව රඟන
වර්ණයෙන් ලොව රවටන
කටුස්සෙකුගේ 
හැසිරීමෙන් වෙනස් නොවනවා යයි
කෙලෙසක නොපවසා සිටිම්ද..?
මම..

චතුර....

Wednesday, August 24, 2011

දියමන්ති මාලය....







ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ


ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ
මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ


මුදු මීදුමෙන් පිරි කඳු යායේ
ඔබ හා කිවූ ගී මතකයි ..මතකයි.. මට 
ඇවිදින් යනකොට ගිම්හානේ
ඔබ හා කිවු ගී මතකයි
සීත පවනැල් දසතින් හඹා එද්දී
ඔබගේ සිරුරේ දැවටිච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මාහා සුරතල් වෙච්චි..


පින්තූරය මෙතනින් 


ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ

MP3 ය මෙතනින්....

සන්ජය බණ්ඩාර....



ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන ගිය ඒ කාලේ
ඔබේ සුසුමේ දැවටුනු ඒ සෙනෙහේ විඳි කාලේ 
අමතක කරනෙමි මා මේ සීත රෑ යාමේ
දෑසට කඳුලැල් නැං වූවත් තනිකම සොඳුරුයි සැමදා මාහට..

චතුර....




Friday, August 19, 2011

එයාට සඳුදට විභාගෙලුනේ..





මූණු පොතේ යාලුවොත් එක්ක කතා කළාට
පැය විසි හතරම මූණු පොතේ එක එක එව්වා දැම්මට
තත්පරයක් ගානේ යාළුවන්ට අදහස් දුන්නට
මූණුපොතේ යාළුවන්ගේ පින්තූර වල ඇද කුද හොයන්න වෙලාව තිබ්බට 
එකම එක මිනිත්තුවක්
මට කතා කරන්න
මගේ දුරකථන ඇමතුමකට උත්තර දෙන්න
මට කෙටි පණිවුඩයක් එවන්න
එයාට වෙලාවක් නෑලු
එයාට සඳුදට විභාගෙලුනේ....

ප.ලි  මේක අහපු මගේ යාළුවෙක් මෙසේ කීවේය : කෙල්ලට කොල්ලා  එපා වන තාක් කොල්ලා කෙල්ලගේ බල්ලාය....

චතුර....

Monday, August 8, 2011

ආදරයක්ද .. ? තරඟයක්ද .. ?




දුරකථනය නිවා දැම්මොත්
පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "
"මම පොඩි වැඩක ඉන්නේ ගෙදර ගිය ගමන්ම ගන්නම්"
පසු දිනට"මම පොඩි වැඩක ඉන්නේ පස්සේ ගන්න "
මොකද කරන්නේ..? "මම පාඩම් කර කර හිටියේ."
පසුදිනට "මම පාඩම් කරනවා පස්සේ ගන්න"
"අපි හෙට හම්බ වෙමුද..?" " බලමු"
පසුදිනට මම වෙන වැඩක් කරන විට "මම අද ගෙදර ඉන්නේ.."
ඇමතුමක්, "ඔයා මොකද කරන්නේ ..?" "මම පොතක් කියව කියව හිටියේ .."
පසුදිනට " මේ ඔයා අර අහවලාගේ මේ පොත කියවලා තියෙනවද..? එතකොට අර පොත , එතකොට අර අරයගේ පොත් ?"
ඇමතුමක් ,"ඔයා කොහෙද ඉන්නේ..?" "මම මේ කලින් අධ්‍යයන වාරේ ප්‍රතිඵල බලන්න ආවා" 
පසුදිනට "මට ගිය අවුරුද්දේ විෂයන් වලට මේ ප්‍රථිඵල තියෙනවා , එතකොට මේ අවුරුද්දේ ඒවට මෙහෙමයි තව මේ......."
ඇමතුමක් "ඔයා මොකද කරන්නේ ?" "මම මේ සින්දුවක් අහනවා"
පසුදිනට "මේ අර අහවල් ගායකයගේ අර සිංදුව හරිම ලස්සනයි , එතකොට ඔයා අර අහවල් ගායකයාගේ සිංදු අහලා තියෙනවද..?"
මුහුණු පොතට ලැප්ටොප්  පින්තූරයක් දැමීම
පසුදිනට "මේ මගේ ලැප් එකේ වේගේ ඔයාගේ ලැප් එකට වැඩිය වැඩියි"
මේක ඇත්තටම ආදරයක්ද ..? තරඟයක්ද..?

Picture source : http://www.sauce-music.com/Art.asp Accessed on 08th August 2011 07.00 [Online]

චතුර....

Friday, August 5, 2011

ආදරේ මෙයද..?



දවසක් ආදරෙන් හිටියොත්
මාසයක් තරහා වෙන
වචනයක් වැරදුනොත්
වචන සීයකින් පලි ගන්න
ආඩම්බරකමට මුල්තැන දෙන
ආදරේ මෙයද?
එහි සෙනෙහසක් ඇත්ද?
මා හට වැරදී  ඇති සෙයකි....



Picture source : http://www.artistsforum.org/viewtopic.php?f=4&t=2108065Accessed on 05th of August 2011 15.16 [Online]

චතුර....

Tuesday, August 2, 2011

මගේ නෙතඟට කඳුලක් ගෙනත්....


කොච්චර ලං වෙන්න හැදුවත්
ලං වෙන තරමටම ඈත් වෙන
කොච්චර ආදරෙයි කිව්වත්
අන්තිමට කේන්තියකින් ඉවර වෙන
කතා නොකරන්න හිටියත්
ඔය කටහඬ ඇහෙන කොට මටම කතා කරන්න හිතෙන
නොදැක ඉන්න හිටියත්
අන්තිමට ඔය රුව දකින්න දුවගෙන යන
කොච්චර එපා කිව්වත්
අන්තිමට ඕනෙම වෙන
ඔයාගේ ආදරය
මටත් නොදැනිම
මගේ නෙතඟට කඳුලක් ගෙනත්....





Picture source : http://my.opera.com/Kaitz/blog/tear Accessed on 02nd August 2011 16.00 [Online]

චතුර....

Monday, August 1, 2011

ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


ගිම්හානයේ
අහඹු ලෙස මතු වූ
ගිම්හානයට වර්ෂාව  නොදුන්
වැහි වළාව මෙන්
හිස්ව තිබූ සිත් අහසට
පෑයූ ඔබ මගේ සඳ
සිත් අහසේ අමාවක උදාකර
මා හට අහිමි වේද..
ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


Picture source : http://www.thepaintingloft.com/group/jonathanwheeler/forum/topics/post-your-florals-here?commentId=4556549%3AComment%3A123029&xg_source=activity&groupId=4556549%3AGroup%3A1556 Accessed on 01st of August 2011 16.30 [Online]

චතුර....

Monday, July 25, 2011

ඔයා කොහෙද..?



හෙලෝ
ඔයා කොහෙද?
මම හොස්පිට්ල් එකේ
ඔයා කොහෙද?
බස් හෝල්ට් එකේ
ඔයා කොහෙද?
මම බස් එකේ
ඔයා කොහෙද?
බස් එකෙන් බහින්න මේ යන්නේ
ඔයා කොහෙද?
මම පුස්තකාලේ
ඔයා කොහෙද?
මම යාළුවොත් එක්ක ඉන්නේ
ඔයා කොහෙද?
මම අද යාළුවොත් එක්ක ඩිස්කෂන්
ඔයා කොහෙද?
මම ලෙක්ච'ර්' එකක ඉන්නේ
ඔයා කොහෙද?
අම්මත් එක්ක ඇඳුම් ගන්න ආවා
"ඇයි මල හත්තිලව්වේ ගෙදර ඉන්නේ කොයි වෙලාවටද?"
මෙහෙම හිතුනට මම කොහොමද ඔයාගෙන් එහෙම අහන්නේ....

Picture source : http://annliciousy.tumblr.com/post/4254186283/this-reminded-me-of-where-are-you-now-by-britney Accessed on 25th July 2011 19.30 [Online]

චතුර....

Friday, July 22, 2011

නිහඬ උත්තරය..





හිතට ආපු කේන්තියට
නිවෙන්නට ඉඩක් ඉඩක් නොදී
වචන දෙකක් කියෙවුනාට
මට ආපහු ඒ ගැන කියන්නේ නැතුව
මුකුත් නොවුන තරමටම 
ඔය ලෙංගතු හිනහවෙන්
ඔය ආදර කතාවෙන්
දීපු නිහඬ උත්තරය
සැරයි අතුල් පහරකට වැඩියෙන්..


Picture source : http://www.blogcatalog.com/blogs/ishita-bandyo-fine-artsAccessed on 22nd July 2011 19.30[Online]

චතුර..

Monday, July 18, 2011

ඒ හිතම..




එපා වුන විට
අන්තයටම ගොස් එපයි කියපු
කෝපයක් නැගුන විට 
කේන්තියෙන් එපයි කියපු
දුකක් දැනුනම දුකෙන්ම එපයි කියපු
පිළිකුලක් දැනුනම
කලකිරීමෙන් එපයි කියපු
ඒ දේට
හැමදාම කියන නිදහසට කරුණුවලින් 
වෙනස් වී නැවත හා කියපු
ඒ හිතම 
අදත් ඔබේ නිදහසට කරුණු අසා
නැවත හා කියයිද?

Picture source : http://www.illustrationlovers.com/lauratrevey/Accessed 18th July 2011 19.00 [Online]

චතුර..

මෙහෙම අහන එක සාධාරණද..?


දවස් ගානකට පස්සෙ
ඔයාගේ මුවින් අමාරුවෙන්
"මම ඔයාට කැමතියි"
කියලා අහගත්තට පස්සේ
"ඇයි ඊයේ කතා නොකළේ"
"අපි කතා කළාට
අපිට කතා කරන්න කවුරුවත් නැහැනේ"
"ඇයි කතා නොකර හිත රිද්දන්නේ"
මෙහෙම කියපු ඔයා
මට දැන් දවස් දෙකක් දීපු
 නිහඬ පිළිතුරට
මට කේන්ති ආවම
"මට කතා කරන්න
බැරි වුනාට
ඔහොම කේන්ති ගන්නවද?"
කියලා අහන එක
සාධාරණයිද..?

Picture source : http://jilliebeanscene.wordpress.com/category/art/ Accessed 18th July 2011 18.30 [Online]

චතුර..

Sunday, July 17, 2011

සිත නුඹ..



නොලැබෙන බව
දැන දැනත්
අහිමි බව
දැන දැනත්
මිරිඟුව පසු පස 
ලුහුබැඳීමට සිහින මවන
ලද දෙයින් සතුටු නොවන සිත නුඹ
වෙන්ව යාමකට සිත නොදී
වෙන්වන බැඳීම 
සියළු වෙර යොදමින් 
විවිධ වූ හේතු මවමින්
සවිමත් කරන සිත නුඹ
අහිමි කර ගනිම්දෝ 
නැවත සවිමත් කර ගනිම්දෝ
එක හිතක් නැතුව 
දෙපසට වැනෙන
අකීකරු සිත නුඹ
අහිමි වුවත් හිමි ලෙසම
පෙනෙන මායාකාර පෙම පසුපසම
දිවූ ඒ සිත නුඹය
ගලවා  දැමිමි 
උදුරා දැමිමි
අදිසි මිරිඟුවේ
මායාකාර බන්ධනයෙන්
හෙම්බත්ව පසු පසම දිවූ සිත නුඹ..

Picture source : http://malcolmlowryatthe19thhole.blogspot.com/2011_05_01_archive.html Accessed on 16th July 2011 23.30 [Online]

චතුර..

Friday, July 8, 2011

නොදැනෙන නොහැඟෙන ප්‍රේමය..






සිතින් සිතකට
පෙම් බැන්ඳත්
සිතක් පුරා
ඒ සිතට සිතුම් පිරුවත්
දහසක් සිතුවිලි මල්
සිතේ පිපුනත්
හදින් හදකට ලං වූවත්
හද පුරා පැතුම් මල්
පීදුනත්
හද බැඳි දේ දහසක් වුවත්
එහි ඇති පල කිම
එයින් එකකුදු
ඔබෙ ඔය දැඩි හිතට
රළු හදට
නොදැනේ නම්
නොහැගේ නම්


Picture source : http://www.artween.com/Artists/Debora-Laura-Campobasso/Artworks/Impossible-Love Accessed 08th July 2011 20.30 [Online]


චතුර

Thursday, July 7, 2011

හුදකලා ප්‍රේමය


හැමදා ඒක පාර්ශවිකවූ
නමුත් කෙටි කලෙක සිට
ද්වී පාර්ශවීය වූ
අන්ධකාර ලෝකයේ
අහු මුළු සොයමි මම එළියට එන්නට
ඔබ වැරදි කළත්
මම වැරදි කළත්
අවසානයේ මම දොස් අසන
මරණයට කැප වූවන්ගෙන්ද
අසන නිදොස් බව
කිසිදිනෙක ඔබ මගෙන් ඇසුවේද කියනු මැන
දැනේ මට වෙනසක්
සිතේ සිතුවිල්ලකි එය
ඉඩ නොදෙනු වස් එයට
දුනිමි ඔබහට දඬුවමක්
සැමදා මගේ දොස් දකින ඔබ මෙ ලෙසින්
සිතන්නට මගේ සිත පෙලැඹුනේ මේ ලෙසින්
නාමයට ද්වීපාර්ශවද
පෙම් කරනුයේ මා පමණද
නොතිබේද ඔබ සිතේ
මා කෙරේ
ප්‍රේමයක්..


Picture source : http://powerofh.wordpress.com/category/poetry/,  Accessed 07th July 2011 20.30 [Online]

චතුර....

Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?



හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා..
තමන් ගැන විතරයි හිතන්නේ..
ඔයත් එහෙමද කියල මට හිතෙනවා..
තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල
ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..?
ඉස්සර වගේ නෙවෙයි දැන්..
කතා කරන්නේ අඩුවෙන්..
හිනා වෙන්නේ අඩුවෙන්..
හිනස්සවන්නේ අඩුවෙන්..
හැමදේම අඩුවෙන්..
ඔයා වෙනස් වෙලා..
තවත් වෙනස් වෙනවා..
මම ආදරේ ඉස්සර ඔයාට ..
දැන් ඔයා ඇතුලේ ඉන්න ඔයා හරියට මට ආගන්තුකයෙක් වගේ..
ඇයි මට මෙහෙම කරන්නේ..?
දවසෙන් දවස ඔයා මගෙන් ඈතට යනවා කියල මට හිතෙනවා..
ඇත්තටම ඔයා ඔයාමද..?
ඔයා වෙනස් වෙලාද..?

දවසක් කතා කරන්න බැරි වුනාට හිත රිදෙයි කියලා මම හිතුවෙ නෑ මගෙ රත්තරන්..
ලෝකෙම වෙනස් වුනත් මම වෙනස්වෙන්නේ නෑ මගෙ පණ..
හැමදාමත් මම ඔයා ළඟ....




කැන්ඩි....