Monday, July 18, 2011

මෙහෙම අහන එක සාධාරණද..?


දවස් ගානකට පස්සෙ
ඔයාගේ මුවින් අමාරුවෙන්
"මම ඔයාට කැමතියි"
කියලා අහගත්තට පස්සේ
"ඇයි ඊයේ කතා නොකළේ"
"අපි කතා කළාට
අපිට කතා කරන්න කවුරුවත් නැහැනේ"
"ඇයි කතා නොකර හිත රිද්දන්නේ"
මෙහෙම කියපු ඔයා
මට දැන් දවස් දෙකක් දීපු
 නිහඬ පිළිතුරට
මට කේන්ති ආවම
"මට කතා කරන්න
බැරි වුනාට
ඔහොම කේන්ති ගන්නවද?"
කියලා අහන එක
සාධාරණයිද..?

Picture source : http://jilliebeanscene.wordpress.com/category/art/ Accessed 18th July 2011 18.30 [Online]

චතුර..

5 comments:

හරිම ආසාධාරනයි නේද...... :D

හ්ම්ම් ඒකනම් ඇත්ත..හරිම අසාධාරණයි..

අද තමයි මේ පැත්තේ ආවේ..හිතුවටත් වඩා වැඩි කාලයක් ලීපි අතර එහේ මෙහේ ඇවිද්දා...ලස්සන අදහස් ගොන්නක්...

@ දිල් අක්කා

හරිම අසාධාරණයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ අසනි

ස්තූතියි..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

කෙල්ලො දෙන්නෙක්ටම ලව් ද?

@ ගල් ඉබ්බා

උඹේ ගල් ඉබි මොළයට ඔහොම අදහසක් පහළ වුනේ මොකද?
අහපු දේට පිළිතුර
කිසි දිනෙක ඩබල් ගේමකට එන්ටර් වී නැත , එසේ කිරීමට බලාපොරොත්තුවක්ද නැත..එක් ප්‍රේමයක් පමණි..
මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment