Wednesday, July 20, 2011

බස් වෙළඳාම සහ මිතුරා..




පසුගිය දිනෙක සිදු වූ සිදු වීමක් නිසා මෙම සටහන තැබීමට සිත් විය. තොරතුරු තාක්ෂන උපාධි අපේක්ෂකයන් වන අප ව්‍යාපෘතීන්හි අවසන් කාලා සීමාවේ කෙතරම් වෙහෙසක් දරනවාද යන්න ඔබට එම තත්වයේ නොසිට වටහා ගත නොහැකි යයි සිතමි. එහෙත් සත්‍ය වශයෙන්ම එය ඉතා දුෂ්කර කාලා සීමාවක් වන්නේය. මන්දයත් ව්‍යාපෘතීන් කිරීමට බොහෝ විට සිදු වන්නේ ඒ සම්බන්ධ විෂයන් ඉගෙන ගන්න කාල සීමාව අතර තුර වීම මෙයට හේතුවයි. තවද එය නිම කිරීමට ලැබෙන මාස දෙකක පමණ කෙටි කාලයත් ව්‍යාපෘතියේ ඉලක්ක සියල්ල නියම ආකාරයෙන් සපුරා ගැනීම අසීරු කාර්‍යයක් වීමත් මෙයට එක් හේතුවක් වේ. සත්‍ය වශයෙන්ම මාස දෙක හමාරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියකට ලැබුනත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තරම් සෑහෙන දැනුමක් ලැබෙන්නේ ඒ ඒ විෂයය සති දෙකක් තුනක් පමණ කාලයක් හැදෑරීමෙන් පසුවය.

එම නිසා සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතියට ලැබෙන්නේ මාස දෙකක පමණ කාලයකි. ඒ කාලය අතර තුරත් දේශන වලට සහභාගී වීම දේශන වලදී ලබා දෙන විශය මාලාවේ අමතර පැවරුම් කිරීම විශයයන් තුනක් හෝ හතරක එකවර කරන්නට වීමත් යන කරුණු නිසා බොහෝ විට ව්‍යාපෘති සඳහා කාලය සොයා ගැනීම දුෂ්කරය. තවද විෂය මාලාවෙන් ලැබෙන න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම තම තමන්ගේ  ග්‍රහණය කිරීමේ හැකියාව දක්ෂතාව යන කාරණා නිසා

එය නිවැරදි ආකාරයෙන් තම දැනුමට තවත් එක් කරුණක් ලෙස නොව ප්‍රායෝගිකව යොදා ගත හැකි ආකාරයේ දැනුමක් බවට පත්කර ගැනීම සඳහාද අමතර කාලයක් මිඩංගු කර අභ්‍යාසයන්හි නියැලීමට සිදුවේ.මේ සියළු සකල විධ කරුණු කාරණා සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතීන් දෙකක් හෝ තුනක් එකවර කිරීමට සිදුවන අතර එය කිසිවෙකු විසින් කළ දෙයක්, උපුටා ගැනීමක් , වෙන කෙනෙකුගේ අදහසක් හෝ වෙනත් කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තක් නොවිය යුතුය.මේ සියළු සකලවිධ කරුණු සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතියක් සාර්ථකව නිම කර ගැනීමට භාර දීමට ඇති අවසන් තත්පරය දක්වා කාලයද අප ප්‍රයෝජනයට ගන්නෙමු. ඒ නිසාවෙන් මෙම කාලසීමාව ඉතා දුෂ්කර කාලසීමාවක් වන්නේය.

පසුගිය සතියේ දිනයක අපහට මෙම වාරයේ විශයයන් දෙකක් සඳහා වූ ව්‍යාපෘතීන් භාර දීමට සිදුවී තිබුනේ එකළඟ වූ දින දෙකකය. එම නිසා එම දින කිහිපය මමත් මාගේ මිතුරාත් වෙහෙසී නිම කිරීමට උත්සාහ ගත්තෙමු. එම දින කිහිපයම රෑ නිදිවරා වැඩ කිරීමෙන් පසු සාර්ථකව ක්‍රියාත්මකවන වැඩසටහනක්  අපට නිම කරගත හැකි විය. එදින ස්වස පහට ප්‍රථමයෙන් භාර දීමට තිබූ එම ව්‍යාපෘතියේ අපට ඉතිරිව තිබුනේ වාර්තාවේ යම් යම් වෙනස් කම් කිහිපයක් කර එහි මුද්‍රණ පිටපතක් ලබා ගෙන එය අධ්‍යයන අංශය වෙත භාර දීමටයි. සියල්ල අවසන් කරගෙන එක්ව එම කටයුත්ත පැයකින් හමාරකින් ශිෂ්‍ය ශාලාවේදී අවසන් කර මුද්‍රණය කර භාරදීමට සැලසුම් කරගෙන මමත් මගේ මිතුරාත් යාමට බසයට නැගුනෙමු.

 බසයට නැගුන මාගේ මිතුරා ඔහුට තදින් නිදිමත ඇති හෙයින් ඔහු නිදා ගන්න බවත් ගමනාන්තයට ළංවූ කල්හි ඔහුට ඇහැරවන මෙන් මා හට කියා නින්දට වැටුනේය. මා සිටියේ කවුළුව අසල වන අතර ඔහු එම අසුනේම අනෙක් පස හිඳ සිටියේය. ටික වේලාවක් යන විට බස් රථයට නැඟුන වෙළෙන්දෙක් කිසියම් පත්‍රිකාවක් සමඟ බ්තවත් කුඩා පොත් කීපයක් ( මා දුටු ආකාරයට  මේවා පෙර පාසල් යන දරුවන් සඳහා රචනා කරන ලද පොත් විය ) එක් එක් මඟියාගේ ඔඩොක්කුවට දමන්නට විය. කිසි අයෙක් එය නොගෙනීමට අහක බලා ගත්තේ වීද , ඒත් මොහු ඒ පුද්ගලයාගේ ඔඩොක්කුවටද එය බලෙන් දමන්නට විය.

ඔහු අප සිටි අසුන ළඟටම විත් මාගේ ඔඩොක්කුවට දැමීමට පෙර මාගේ මිතුරාගේ ඔඩොක්කුවටද එය දමා ඔහු සිටි ඉරියව්වට අනූව ඒ පොත් බිම පතිත වේ යයි සිතාදෝ ඔහුව මඳක් සොලවා ඇහැරවන්නට විය. මාගේ මිතුරාටද ඉතා නරක පුරුද්දක් විය ඒ තමන් නිඳා සිටින විට වෙනකෙකු ඔහු ඇහැරවීමට උත්සාහ කළහොත් ඒ පුද්ගලයාව තල්ලු කර දැමීම හෝ ඒ පුද්ගලයාට විසිවන තරමේ පා පහරක් එල්ල කිරීමය. එය ඔහු සමඟ රාත්‍රී කාලයේ පාඩම් කිරීමට එකතුවන මගේ මිතුරන් කිහිප දෙනෙකුට අත් විඳින්නට සිදු වූ සුලභ අත්දැකීමක් විය. ක්ෂණයෙන් අවදි වූ මාගේ මිතුරාට එදිනද ඔහු බසයේ සිටින්නේ යයි අමතක විය  ඇහැරවීමට සෙලවූ සැණින්ම ඔහු ඒ පුද්ගලයාට පාපහරක් එල්ල කළේය.සැනින් ඒ පුද්ගලයා විසිවී පතිත වුනේ ඉන් එහා අසුන් පෙළේ අයිනේ වාඩි වී සිටි තරමක් සැර පරුෂ මෙනුමැති තරබාරු කාන්තාවකගේ ඇඟ උඩටය. ක්ෂණයෙන් කෝප ගත් ඒ කාන්තාවද කැඳ බීලද ඉන්නේ මනුස්සයෝ හයියෙන් අල්ල ගන්න බැරිද කියමින් සිදු වූ දේ නොදැන ඔහුව තල්ලු කර දමමින් ඇයගේ අතෙහි වූ කුඩයෙන් පහරක් එල්ල කිරීමටද මැලි නොවූවාය. අවදි වූ මාගේ මිතුරාට ඔහු කළ දෙය පෙනුනේ එවිටය. කිසිදු වදනක් නොදෙඩූ එම මිනිසා නැවත ඔහුගේ පොත්පත්‍රිකාද  එක්කසු කොට ගෙන බසයේ ඊළඟ නැවතුමෙන් බැස ගියේය.

ඉන්පසු සිදු වූ සිදුවීම දැක බසයේ වූකිහිප දෙනෙකුම මාගේ මිතුරාට "ඔහොම කරපු එක තමයි හොඳ වැඩේ " කියාද කීවෝය. නමුත් මම මාගේ මිතුරා කළදේ නම් කිසිසේත් අනුමත නොකරමි. නමුත් මා සිටි තත්වයද අනූව මමද එසේ සිට ඇහැර වූවානම් මටද කෝපයක් පැන නැගෙන්නට තිබිණ.නමුත් කිසිවිටෙකවත් පහර දීමට තරම් මා සාහසික නොවන්නෙමි. නමුත් මාගේ මිතුරාට නිඳා ගැනීමට එදින තිබුනේ ඒ පැයක පමණ බසයේ ගත වූ කාලය පමණි මන්දයත් එදිනට පසුදින අපගේ ඊළඟ ව්‍යාපෘතිය භාර දීමට තිබූ දිනය වූ හෙයිනුත් එහි කිරීමට තරමට වැඩ කටයුතු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනුත්ය.ඔහුට එම වැඩ කටයුතු නිම කිරීමට එදින රාත්‍රියද වෙහෙස වීමට තිබූ බැවින්ය.

මෙම බස් රථයට ගොඩ වන සමහර වෙළෙඳන් තමන් විකුණන දෑ කියා විස්තරයක් බස් රථය ඉදිරියේ කර එය කැමතිකෙනෙක් හට මිලට ගැනීමට කියා බස් රථයේ ගමන් කරයි තවත් සමහරෙක් කරන්නේ මා මිතුරා පහර එල්ල කළ පුද්ගලයා කරන ආකාරයේ දෙයකි. එය කොතරම් වදයක් වන්නේද යන්න මොහොතකට සිතා බලන්න. බස් රථයකට ගොඩ වදින අප බලාපොරොත්තු වන්නේ හුදෙක්ම ගමනාන්තය කරා යාම පමණක් නොවේ. ඒ ගමන සුව පහසු එකක්ද විය යුතුය.

සමහර විටෙක කොන්දොස්තර මෙම පුද්ගලයන් බසයට නංවා ගැනීමට කැමති වන්නේ බස් රථයේ
කොන්දොස්තරට ලබා නොදෙන මාරු සල්ලි මෙම භාණ්ඩ මිලට ගැනීමට මඟීන් වැය කරන නිසා විය හැක. අවසන ඔහු එම වෙළෙඳ අත වන සියළු මාරු සල්ලි තමන්ගේ මුදල් වලට මාරු කර ගන්න අන්දම මා අනන්තවත් දැක ඇත. බස් රථයේ පෙරකී අන්දමින් විස්තර කර තමන්ගේ වෙළඳාම කර ගන්න අයවළුන්ගෙන් මඟීන්ට වන කරදරය අවම නමුත් සමහර විටෙක මේ පොත් පත්‍රිකාවක් සමඟ දමන්නන් එය මිලට ගන්න තුරුම
මඟීන් අසලින් ඉවත්ව නොයයි. බොහෝ විට මෙය බහුලව සිදුවන්නේ කාන්තාවන්ටය, ඒ ඔවුන් මේ වදයෙන් බේරීමට මුදල් දී එය මිලට ගන්න බැවිනි. තවද හිඟන්නන් ගැනද කියනවා නම් කරුණු රාශියකි. ඒ සියළු දේ
වෙනත් ලිපියකින්මතුවට ගෙන හැර පාන්නෙමි.  බස් රථයන් හි ගාස්තු සංශෝධන කරනවා මෙන්ම බස් රථ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව නීති රීති පර්යේෂණාත්මකව සංශෝධනය කිරීමට  කාලය පැමිණ ඇත.

Picture source : http://www.mirissa.com/getthere.htm Accessed 19th July 20.00 [Online]

චතුර..

14 comments:

බස් රථවල යම් යම් වෙළදාම්වල නිරත වෙන්නේ යමක් හම්බ කර ගැනීමේ පරමාර්ථය උඩ මුත් මගීන්ට මෙයින් වන අපහසුතාවය මොනතරම්ද ?

සමහර විට මෙම පුද්ගලයින් වෙළදාම්වල නිරත වන අතර තුර මගීන්ගෙ මුදල් පසුම්බි කෙරෙහිත් තමන්ගේ අවධානය යොමු කරනවා අනන්තවත් දැක තිබේ. එම පණිවිඩය සැනෙකින් යන්නේ බස් රථ වල ගැට කපන්නන් වෙතයි.

@දිල් අක්කා

ඇත්ත..
ඔව් දැන් ඔය වෙළෙන්ඳන්ගේ මුවාවෙන් ගැට කපන්නොත් එනවා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

වෙලාවකට හිතුනත් එදා වේල හම්බ කරන අසරණ අපේ පන්තියෙම මිනිස්සු කියලා..ඒ ඒ අයගෙම හැසිරීම් අපිව කලකිරවන බව ඇත්ත යාලූ..

වෙලෙන්දෝ විතරක් නෙමෙයිනේ..සමහර බස් එකේ යන එන ඈයොත් ඉතින් සුව පහසුව කෙසේවෙතත් අහිංසක කෙල්ලොන්ට ආරක්ෂාවත් අහිමි කරන වෙලාවල් තියෙනවනේ යාලුවේ..කර කියා ගන්න දෙයක් නැති ඒ වෙලාවටනම් කදුලු බින්දු රූරා ගිය අවස්ථා අසනිගේ ජිවිතෙත් එමටයි..බස් එකට පටවපු තරමට කට අරින්නත් බෑනේ..ඕන් වචනයක් කිව්වොත් චන්ඩි වගේ කිසි හිරිකිතක් නැතුන් කියනවනේ"සැපට යන්න ඕනනන් වාහනයක් ගන්න වෙයි කියලා"ඕකට ඉතින් අපේ ඈයොත් සිරික්කිය දාන අපුරුවත් බලන්නම ඕනා..

ඔයාගෙම වචන වලින් කිව්වොත්"බස් රථයන් හි ගාස්තු සංශෝධන කරනවා මෙන්ම බස් රථ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව නීති රීති පර්යේෂණාත්මකව සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇත".

මටත් ඔය ඔඩොක්කුවට දාන එක පෙන්නන්න බෑ. බස් එකේ ඉස්සරහ ඉඳලා ඉල්ලලා කැමති අයගෙන් මුදල් ගන්න එකනම් ඔන්න කමක් නෑ කියලා කියන්න පුලුවන්.

එක වෙලාවකට නම් ඒ මිනිස්සු ගැන පව් කියලත් හිතෙනවා.
මොනදේ කරන්නෙත් ජීවත් වෙන්න නේ. ඒ උනාට ඒකට කට්ටියට කරදර කරන එක නම් අනුමත කරන්න බෑ.

ප.ලි. - අකුරු සයිස් එක ටිකක් ලොකු කරලා පෝස්ට් කරන්න පුලුවන් නම් නියමයි.

@ අසනි

එදා වේල හම්බ කරගෙන කන අසරණ මිනිස්සු තමයි , ඒත් ඒකත් අනුන්ට කරදරයක් නැතුව කරනවා නම් තමයි හොඳ. අර කියපු දේවල් වලට නම් කාන්තාවෝ ටිකක් තදින් ඉන්න ඕනේ බනින්න යනවට වඩා උප්ක්‍රම සහ ක්‍රම අපේ අක්කා නම් ඒ කාලේ පාවිච්චි කළා, අල්පෙනෙති ආයා කටු ,ආ තව කොන්ඩෙට ගහන කොන්ඩ කටු වගේ දේවල් එයා ආරක්ෂක ක්‍රම විදියට පාවිච්චි කළා, කරන විදිය කියන්න ඕනේ නැහැනේ අපේ අක්කා ඒ කාලේ කිව්ව විදියට නම් දවසක් දෙකක් ඔය ආරක්ෂක උපක්‍රමය පාවිච්චි කළොත් ඔය කාන්තාවන් ළඟට එක එක දේ ඉෂ්ඨ කර ගන්න එන එන පිරිමි අයේ දවසක දැක්කත් පැත්ත පළාතේ එන්නේ නෑලු. වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.

@ blog gadol

ඔව් ඕක මහ කරදරයක්.
කාලෙකට පස්සේ මේ පැත්තට ආවට ස්තූතියි පුරු පුරු යාළුවා..

@ මධුරංග

අසරණ මිනිස්සු තමයි , ඒත් හම්බ කරගන්න එක කරන්න ඕනේ අනුන්ට කරදරයක් නැතුව.
ප.ලි
මගේ කණ්නාඩිය එවන්ටැයි.? වසයට ගියාම ඔහොම තමා..
විහිළුවකට තරහ ගන්න කාරි නෑ ඕන්. ඔය දකුණු පැත්තේ ගැජට්ටු පේළියේ මගේ බ්ලොග කියන එකට යටින් විශාලනය|Change Text කියලා ගැජට්ටුවක් තියේ. ඒකේ මධ්‍යම ප්‍රමාණය කියන එක තෝරන්න එතකොට තරමක ලොකු වැඩි නැති ලොකු ප්‍රමාණයකට හැරෙයි. අනික්වා ලොකු වැඩියි.
ඔන්න ඔබතුමාටත් උදාන වාක්‍යය "වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි."

ඔබේ උදාන වාක්කිය දවසක මාව පිස්සෙක් කරයි !!!!
බොහොම ස්තුතියි යාලු අකුරු සයිස් ලොකු කරන ගැජමැටික් එක ගැන කිව්වට. අම්මෝ පොඩි අකුරු කියවන්න අමාරුයි නේ බොලව්. වයසයි නේ මම් !!!!

පාඨකයාට අකුරු ලොකු කර ගන්න කියනවාට වඩා කාගේත් හිත සුව පිණිස උඹේ ලිපි වල අකුරු ලොකු කරොත් පංකාදුයි. අනේ කරහන්කො බොලන්?

හැබෑට උඹලා අන්තිම මොහොතෙද නිදි වරන් පොජෙට්ටු කොරන්නේ? හනේ පව්... ඔය අන්තර්ජාලයේ පැය ගණන් චිත්තරපටි සින්දු බබා, යළුවො එක්ක දොඩ දොඩ ඉන්නෙ නැතුව කල් තියාම පොජෙට්ටුවට වැඩ කොරා නම් නින්දත් ලැබෙනව නොවැ?

@ ගල් ඉබ්බා

බෑ බෑ කොරන්නෙම නෑ ,එහෙම උඹ කියන කියන එව්ව මෙතන කොරන්ට බෑ, වවුලගෙ ගෙදර ආවනම් එල්ලිලා හිටු.ඇයි උඹට අර ගැජට් එක ක්ලික් කළාම මවුස් එක ගෙවෙනවද?
"හැබෑට උඹලා අන්තිම මොහොතෙද නිදි වරන් පොජෙට්ටු කොරන්නේ? හනේ පව්... ඔය අන්තර්ජාලයේ පැය ගණන් චිත්තරපටි සින්දු බබා, යළුවො එක්ක දොඩ දොඩ ඉන්නෙ නැතුව කල් තියාම පොජෙට්ටුවට වැඩ කොරා නම් නින්දත් ලැබෙනව නොවැ? "
උඹ කෝමද ඔහොම කියන්නේ? ඈ බොලන්.?උඹත් අර ඉස්සෙල්ල මම ගැන මත පල කරන්න ආපු කිටියමද කියලා මට දැන් සැකයි.
මටත් අහන්න ප්‍රශ්න තියෙනවා,
ඉස්සර නම් ඔය කියන දේවල් කළා ඒත් සෙකන්ඩ් ඉයර් ඉඳලා මම ඔව්ව කළේ නෑ,)01. උඹ කෝමද හරියටම ඔහොම කියන්නේ?
02.ඇයි ප්‍රොෆයිල් එකකින් නැතුව ගල් ඉබි නමකින් කමෙන්ට් දාන්නේ, උඹට ප්‍රොෆයිල් එකක් හදලා ලොග් වෙන්න බැරි තරමටම බිසි පොරක්ද?
03.උඹට විතරක් අච්චර පැහැදිලිව කියලා තියෙන පළවෙනි ඡේදේ තේරෙන්නේ නැත්තේ මොකද?
04. මම කවදාවත්මේ බ්ලොගයේ මම කරනවයි කියලා කියලත් නැති කරලත් නැති දේවල් ගැන කියන්න උඹට පර චිත්ත විඥ්ඥානය තියෙද?

කියපු විස්තරෙන්ම සතා මොකාද කියා හඳුනා ගන්න නොලැබුනත් යම් තරමක වැටහීමක් ලැබුනි. මතක තියා ගනින් කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ හොඳේ..

@ ගල් ඉබ්බා

කියන්න බැරි වුනා.,
මේ පැත්තේ ආවට ස්තූතියි..

මාත් ඉස්සර එහෙමයි නොවැ. ඒ නිසා හිතලා මතලා කියන්න පුළුවන් අසාමාන්‍ය දක්ෂ බුද්ධියක් මට තියෙනවා. හික්ස් :)
මගේ තව යාළුවො ඉන්නවා ඔය දේම කොරන. ඒකයි බොලාත් එසේම කොරනව කියල හිතුවෙ බොලානේ.

@ ගල් ඉබ්බා

වෙන්ට ඇති හැම එකාම එක වගේ නෑ..

හැම එකාම එහෙම නැතත් උඹ එහෙමයි නෙව. ඒ බව සක්සුදක් සේ පැහැදිලියි උඹේ කතාවෙන්. හ්ම්ම්

@ ගල් ඉබ්බා

හැබෑට උඹට තව වෙන මොනවත් සක්සුදක් වගේ පැහැදිලි වුනේ නැද්ද?

Post a Comment