Sunday, August 21, 2011

අනේ මංදා සිරිසේන - 01


පින්තූරය මෙතනින්..

මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක්


කතාවේ මුල කොටසට ආයතන තුනක් සම්බන්ධයි නම සඳහන් කරන්න අකමැති නිසා ඒ ආයතන තුන මේ විදියට හඳුන්වන්නම්.


1. ආයතනය : මෙය රජයේ අනුමත විශ්ව විද්‍යාලයක්. දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
2. ආයතනය : මෙය රජයේ විශ්ව විද්‍යාලයක් ලෙස පිළි නොගත්තත් මෙහි උපාධි පාඨමාලාව රජයේ අනුමතයි. තවත් දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
3. ආයතනය : මෙය ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් මෙයද විවිධ ආකාරයේ දක්ෂ සිසුන් බිහි කරන ආයතනයකි..


පළවෙනි කතාව :  මම දවසක් එක් ආයතනයක විශින් ශිෂ්‍යයන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වීමට ගියෙමි. ඔන්න ඉතින් මේ වැඩමුළුවටත් විවිධ ආයතන වල සේවය කරන අය විවිධ විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයන් පෙර කී ආයතන තුනේ ශිෂ්‍යයන් පැමිණ තිබිනි.මමත් වාඩි වූ තැන අසල සිටියේ 1 ආයතනයෙන් පැමිණි ශිෂ්‍යයෙකි .මම වාඩි වී ටිකක් වෙලා යන විට ඔහු
ඔහු: මචං උඹ මොකේද බං..?
මම  3 වෙනි ආයතනේ ඉගෙන ගන්නේ බං. (3 වෙනි ආයතනය ගැන කීවද  මම 1 වෙනි හා 2 වෙනි ආයතනයන්හිද ශිෂ්‍යයෙක්මි.. )
ඔහු : මචං ඕකේ ඩිග්‍රිය පිළි ගන්නවද බං..?
මම : මම දන්නේ නෑ බං (වෙන මොනවා කියන්නද ?)
ඔහු : නෑ මචන් මෙහෙමනේ අර මේ අයතනය මේ මේ ආයතන (නාමාවලියක්ම කීවේය ) වැඩක් නැහැනේ අර ආණ්ඩුවේ අහවල් ආයතනයේ ලැයිස්තුවේ නැහැනේ( ඔය ආයතන නාමාවලියට තුන්වන ආයතනයත් අයත් විය )
මම : ඔව් බන් ඔව් ඔව්..
ඔහු : එතකොට බං , 1 වෙනි ආයතනේ ඒ කියන්නේ මම ඉගෙන ගන්න එක ඒ ලැයිස්තුවේ තියෙනවනේ (ආඩම්බර ලීලාවෙන් ),
මම : ආ.. ඔව් ඔව් වෙන්න ඇති නේ..?
ඔහු: වෙන්න ඇති නෙවෙයි බන් එහෙම තමා, එතකොට ඔය දෙවෙනි ආයතනය තියෙනවා නේද මචන්..? , ඒක අර ආයතන ලැයිස්තුවේ නෑ, නමුත් ඒකේ පාඨමාලාව අර රජයයේ අහවල් ආයතනේ  අනුමතයිනේ බන්..
මම : හ්ම්ම්ම්ම් මම දැනගෙන හිටියේ නැහැනේ බං
ඔහු ඊට පස්සෙත් දේශනය පටන් ගන්නා තුරු මචන් මේ අරකේ , එතකොට මේකේ අර මේ..බ්ලා බ්ලා බ්ලා බ්ලා....


දේශනයට  1 හා 2 ආයතනයේ උගන්වන දේශක මහතුන් දෙදෙනෙකුද පැමිණ සිටියෝය. 1 ආයතනයේ දේශක මහතා පෙන්වා අර මිතුරා , අර අපේ සර් කෙනෙක් බං,


වැඩමුළුව අතර මඟදී ඒ දේශක මහත් මා  ළඟට පැමිණ 
ඔය ළමයා අර අහවල් ආයතනේ  අහවල් බැච් එකේ නේද..?
මම: ඔව් සර්
දැක්කහම කතා කරන්නවත් එන්න එපා උගන්නපු සර් කෙනෙක් කියලා..
මම නෑ සර් මම යන්න ලෑස්ති වෙලා සර්ට කතා කරන්න හිටියේ..
හා හා ඒකට කමක් නෑ දැන් ඔය ළමයා මොනවද කරන්නේ..?
සර් මම මේ බ්ලා බ්ලා බ්ලා (විස්තරය )
හොඳයි හොඳයි..
 2 ආයතනයේ දේශකතුමාද මා අසලට "පැමිණ ආ චතුර දැන් කීවෙනි අවුරුද්දද..? "
මම: සර් දැන් මේ  බ්ලා බ්ලා බ්ලා විස්තරය..
ඉන්පසුව මා මිත්‍රයා එක්වරක්වත් මාදෙස හැරී බැලුවේ නැත, යනතුරු කතා කළේද නැත. නමුත් ඉතින් ඔහු කෙරේ තරහවක් නොවූ හෙයින් ආපසු එන්නට සූදානම් වී මචන් අපි එහෙනම් වාෂ්ප වුනා , තවත් මේවගේ එකකදි හම්බ වෙන්නේ නැතෑ නේද..?
මා දෙස අපහසුවෙන් බැලූ ඔහු අපහසුවෙන් "ඔව් මචන් හම්බ වෙයිනේ" කියා යන්නට ගියේය .


අනේ මංදා සිරිසේන මේවා අහලා පණ යනවලු කියා මට සිතුනි... අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් හෙලා දකින්නට යනවාට හොඳ පාඩම්ය, විවිධ ආයතන ගණනාවකම මිතුරන් ඇති නිසා මම මේ දෙයද කියමි. එක් ආයතනයක් වත් ලේබලයකට ලක් කළ නොහැක. අඩු වැඩි වශයෙන් එක් එක් ආයතන වලින් දක්ෂ සිසුන් බිහිවේ. මම දන්නා එක් පෞද්ගලික ආයතනයක ශිෂ්‍යයෙකු මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් රාජ්‍ය සම්මාන පවා ලැබුවේය. තවත් අයෙක් තම පළමු වෘත්තියටම වෙනත් අයෙක් තරමක අත්දැකීම් සඳහා ගන්න වැටුපක් ලැබුවේය. රාජ්‍ය ආයතන වලද දක්ෂ සිසුන් ඇත. එය අමුතුවෙන් කිව යුතු නොවේ, නමුත් දක්ෂතාවන්ට රාජ්‍යද පෞද්ගලිකද කියා නොව බලපාන්නේ තමන්ගේ පුද්ගලික කැපවීම හා උනන්දුවය. කැපවීමෙන් උගත් තැනැත්තා සාර්ථක අනාගතයක් ඇති සාර්ථක පුද්ගලයෙක් වන්නේය.


හීනමානයෙන් වන්නේ තමන්ටම අවැඩකි. ඒ මදිවාට අනවශ්‍ය සතුරන් ඇති කරලීමටද එය උදවු වේ.. මේ වගේ අයට කියන්න තියෙන්නේ ඉතින් අනේ මංදා සිරිසේන කියාය..


මේ දින වල වේලාව හිඟය ,වෙලාවෙන් කොටසක් යන්තම් වැය කර මෙය කොටා ගතිමි, කතාවේ හොඳම හරිය අනේ මංදා සිරිසේන -02 හවසට පළ කරමි ..


මතු සම්බන්ධයි..

චතුර....

17 comments:

දිල් said...

මට උන දෙයට දෙවෙනි නෑ වගේ නේද චතූ..... අනේ මන්දා සිරිසේන...... :p

Anonymous said...

1 NIBM
2 SLIIT
3 APIT

its my guess

මධුරංග said...

එහෙනම් හොදම හරිය ඉක්මනටම ලියන්න.
මගේ පුද්ගලික අදහසට අනුව පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරන එකට ගොඩක්ම විරුද්දයි.

ප්‍රසංග said...

ඇයි උබ 3නේ කියල කිව්වෙ අරූට....

කතන්දර මාමා said...

මරු මරු ඈ!

prasanna86k said...

අර අසරනට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ වෙන්න ඇති නේද...

blog gadol said...

හික්ස්...හොඳ වැඩේ අරූට

අසනි said...

අධ්‍යාපනය කරණ ආයතනය නෙමෙයි... වැදගත් වෙන්නේ...තමන් ඒ තුලින් කොයි තරන්නම් කුසලතාවයන් ඇති කර ගන්නවාද යන්නයි...වෙනයම් සහතිකයක් හෝ උපාධියක් කියන්නේ සහතික ගොන්නේ එක කොළයක් විතරයි..

Kasun said...

ඔහොම ඩයල් ඉන්නව බං. කැම්පස් එකට ගියාම සියල්ල දත්, සර්ව සම්පූර්ණ, අසමසම කෙනෙක් වෙනව කියල හිතන් ඉන්න උනුත්, කැම්පස් යාගන්න බැරිව වෙන ආයතන වල ඉගෙනගෙන ඒව කැම්පස් වලට වඩා හොඳයි කියල කියන උනුත් ඉන්නව. ඔය වෙලාවට හොඳම දේ උඹ කලා වගේ සද්ද නැතුව අහගෙන ඉන්න එක.

පිස්සු පුසා said...

හි හි අරූට පට්ට නොන්ඩිය නේ...ලොල් සිද්දිය..

ඇනෝ..ඔයාගේ නමින් කොමෙන්‍ටුවක් දැම්මනම් හරි නේද???

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

අනේ මන්ද බං...

චතුර.... said...

@ දිල් අක්කා

ඒක නෙව අක්කන්ඩියේ , ඒ වගේමයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ඇනෝ

කුණු හබ්බ නැති නිසයි පබිලිස් කොලේ හොඳේ, ආයතන දෙකක් හරි එකක් වැරදි .. ඔව්ව හොයනවට වැඩිය දෙයක් හිතට ආවෙම නැද්ද..?
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

වෙලාව හිඟය , ලැබුන හැටියේ ඉඩක් ලියමි ..
මම නම් ඒ අදහසේ ඉන්න කෙනෙක් නෙවෙයි , අධ්‍යාපනය කාටත් පොදුය, එපමණයි , ඒ මගේ අදහස..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

ඉතින් මං ඔය 3 ටත් යනවා බං, බොරු නෙවි.. ඒත් අනික්වටත් යනවා. මොකටද බං පැනපු ගමන් දෙන්න යන්නේ..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

චතුර.... said...

@ කතන්දර මාමා

හිකිස්..මරු තමා
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ මාළු යාලු

ඒක නොවෙන්නන් , එහෙම හිතෙන්න ඇති නේද..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ blog gadol

පස්සේ මට පවු කියලාත් හිතුනා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඔව් මමත් ඔය දේට 100%ක් එකඟයි..ඇත්ත කැපවීමෙන් ඔය දේ ඇති කර ගත්තොත් ඔය කොළ කෑල්ල නැතත් තමන් ගොඩ වගේ තමා , තමන්ට තමන්ගේ කියලා හරි යමක් පටන් ගත්තැකි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

හා පැටික්කි (MS) said...

පව් අප්පා අර ළමයා........... :)

චතුර.... said...

@ Kasun

ඔවු බං, කියලා ඉවර වෙලා නැටුමත් නටලා යන්නේ නැතෑ , අපට මොකෝ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ පිස්සු පූසා

ඒක නේන්නම් ..

ඇනෝට මමත් කියන්නේ ඕකම තමයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ පැණි දොඩම්

අනේ මංදා සිරිසේන..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

චතුර.... said...

@ හා පැටික්කි (MS)

ඒ මොකද..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Enemy said...

ඕකට තමයි සරලව කියන්නෙ හීනමානය කියල

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons