Saturday, September 3, 2011

ධාර්මිකයා....





පින්තූරය මෙතනින්

මම ධර්මය උගනිමි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
මම එම මඟම යන්නෙමි
මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
ඔබ ධර්මය දනිත්ද..?


අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව
සාගින්නේ මියෙනු දැක
ඒ වලකනුව සිත් නොදී
ලොව මේ දේ පිළි ගනියි
මමත් ඒ දේ කරමි
ලොව මේ අත ගමන් කරයි
මමද ඒ මඟ ගනිමි
මේ දේ මේ ලෙසින් නොම වූ කලට
ලෝ දනා අතර මා සුවිශේෂ වනු කෙලෙස
කියා සිතන ඔබ 
අවසන රැවටුවේ කවුද..?
ඔබමද ලෝ දනද..?


මේ ඔබ උගත් ධර්මයද
ඔබ සැබවින්ම දැහැමිද
වදනකට පමණක් 
ධාර්මික භාවයක් 
කුමට ඒ දැහැමි බව
රවටනු පිණිස අන් අයම
ලෝ පරකාස වන ඔබේ දැහැමි බව
ගෙන දුනිද ඔබ යහමඟ
හැරම තව පාපයක්


දුකකි ඒ මා සිතට
ලොවට පෙනුමට පිනට ලැදි ලෙස 
ලොව රැවටුමට ගිය ඔබට 
වී ඇති විපතක මහත.. 

චතුර....

6 comments:

prasanna86k said...

මම නම් කළුත් නෙවේ සුදුත් නෙවේ... අලු...

මධුරංග said...

මොකෝ එකපාරටම ධාර්මික වෙන්න හිතක් පහල උනේ ?
මට නම් තාම එහෙම දෙයක් නම් හිතිලා නෑ. මොනා උනත් ලස්සන කවි සිතුවිල්ලක්.

අසනි said...

කටුස්සෙක් ගැන ලිව්වා..තනිකම හොදයි කිව්වා..දැන් ධාර්මික.
කොල්ලෝ...ලෙඩේ හොද නෑ..හික්ස්
අනේ මංදා සිරිසේන..

Kasun said...

ඔව් ඉතින් ගොඩක් අය ලෝකෙට පෙන්න විතරයි ධාර්මික. මාත් අළු තමයි.

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
මටත් හිතෙනවා හැම විට
එහෙත් කප්පරක් ඇති
වගකීම් යුතුකම් ඉටු කරන්නට
මතක් වුනහම
මං කරන්නේ නොමිලේ කරන්ට
පුළුවං උපකාරයක් විතරමයි!

අසනි said...

කාලෙකින් පේන්න නැත්තේ මොකද ඇහුවට බලධාරින් අමනාප වෙන් නැති වෙයි නේද..යාලු..ලියමුකෝ අළුත් පෝස්ටුවක්..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons