Showing posts with label මගේ නිර්මාණ... Show all posts
Showing posts with label මගේ නිර්මාණ... Show all posts

Saturday, September 3, 2011

ධාර්මිකයා....





පින්තූරය මෙතනින්

මම ධර්මය උගනිමි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
මම එම මඟම යන්නෙමි
මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
ඔබ ධර්මය දනිත්ද..?


අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව
සාගින්නේ මියෙනු දැක
ඒ වලකනුව සිත් නොදී
ලොව මේ දේ පිළි ගනියි
මමත් ඒ දේ කරමි
ලොව මේ අත ගමන් කරයි
මමද ඒ මඟ ගනිමි
මේ දේ මේ ලෙසින් නොම වූ කලට
ලෝ දනා අතර මා සුවිශේෂ වනු කෙලෙස
කියා සිතන ඔබ 
අවසන රැවටුවේ කවුද..?
ඔබමද ලෝ දනද..?


මේ ඔබ උගත් ධර්මයද
ඔබ සැබවින්ම දැහැමිද
වදනකට පමණක් 
ධාර්මික භාවයක් 
කුමට ඒ දැහැමි බව
රවටනු පිණිස අන් අයම
ලෝ පරකාස වන ඔබේ දැහැමි බව
ගෙන දුනිද ඔබ යහමඟ
හැරම තව පාපයක්


දුකකි ඒ මා සිතට
ලොවට පෙනුමට පිනට ලැදි ලෙස 
ලොව රැවටුමට ගිය ඔබට 
වී ඇති විපතක මහත.. 

චතුර....

Friday, August 26, 2011

ඔබේ ආලය....






සිත් රිදුමට
කරනට හැකි සියළුම දේ කර
මුකුත්ම නොවුන විදියට
මුකුත්ම නොකිව් විලසට
නැවත ආදරෙයි කියා
නැවත තොඳොල් බස් දොඩන
ඔබ 
ඔබගේ ආදරය
එක් එක් වේලාවට
එක් එක් වර්ණයන්ගෙන් සැරසී
වර්ණයෙන් මත්ව රඟන
වර්ණයෙන් ලොව රවටන
කටුස්සෙකුගේ 
හැසිරීමෙන් වෙනස් නොවනවා යයි
කෙලෙසක නොපවසා සිටිම්ද..?
මම..

චතුර....

Friday, August 19, 2011

එයාට සඳුදට විභාගෙලුනේ..





මූණු පොතේ යාලුවොත් එක්ක කතා කළාට
පැය විසි හතරම මූණු පොතේ එක එක එව්වා දැම්මට
තත්පරයක් ගානේ යාළුවන්ට අදහස් දුන්නට
මූණුපොතේ යාළුවන්ගේ පින්තූර වල ඇද කුද හොයන්න වෙලාව තිබ්බට 
එකම එක මිනිත්තුවක්
මට කතා කරන්න
මගේ දුරකථන ඇමතුමකට උත්තර දෙන්න
මට කෙටි පණිවුඩයක් එවන්න
එයාට වෙලාවක් නෑලු
එයාට සඳුදට විභාගෙලුනේ....

ප.ලි  මේක අහපු මගේ යාළුවෙක් මෙසේ කීවේය : කෙල්ලට කොල්ලා  එපා වන තාක් කොල්ලා කෙල්ලගේ බල්ලාය....

චතුර....

Monday, August 8, 2011

අඟන සහ පර පුරුෂයා..



පැහැපත් ඡවියෙන්ද
දිගු වරලෙන්ද 
මනාවූ රුවෙන්ද යුතු 
ඇය රුවැති අඟනක් විය
කාලයේ වරදින් 
දෛවයේ සරදමින් 
ඇයට ලැබුණු අධම පුරුෂයාගේ පහත් ක්‍රියාවෙන්  
ඇය වෙසඟනක් විය
ඇය ස්පර්ෂයට
ඇගේ රුව දැකීමට
ඇගේ රුව විඳීමට
ඇය විඳ ගැනීමට
පහසින් මත් වීමට
නොයෙක් පර පුරුෂයන්  
ඇය වෙත එන්නාහ
ඇය ඔවුන්ට රහස, පහස, සුවය දෙන්නීය
එක් දිනක් තවත් එක් පුරුෂයෙක් ඈ වෙත ආවේය
රහස ,පහස ,සුවය විඳ ගත්තේය 
එයින් මත් වූවේය
සුරාතාන්තයට පැමිණියේය
අඟනද ඔහු රිසිසේ සිටියාය
ඈ අත ගතමනාවද තැබූ ඔහු
යන්නට සැරසින
නළල සිඹ 
"දියණියන් වැඩිමහල්ය දැන් ,ඔවුන් ප්‍රවේසම් කරනු වස් "
"සමසක සිට ඔවුන් තනිකර ඇය පවුල් යහනට නො එයි දැන්"
"නුඹ නාඩ ඉඳපන් මම සැමදාම එන්නම් "
යයි ' අඟනගේ සවන්පත් මත මිමිනුවේ"ලු"

පින්තූරය මෙතනින්..

චතුර....

ආදරයක්ද .. ? තරඟයක්ද .. ?




දුරකථනය නිවා දැම්මොත්
පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "
"මම පොඩි වැඩක ඉන්නේ ගෙදර ගිය ගමන්ම ගන්නම්"
පසු දිනට"මම පොඩි වැඩක ඉන්නේ පස්සේ ගන්න "
මොකද කරන්නේ..? "මම පාඩම් කර කර හිටියේ."
පසුදිනට "මම පාඩම් කරනවා පස්සේ ගන්න"
"අපි හෙට හම්බ වෙමුද..?" " බලමු"
පසුදිනට මම වෙන වැඩක් කරන විට "මම අද ගෙදර ඉන්නේ.."
ඇමතුමක්, "ඔයා මොකද කරන්නේ ..?" "මම පොතක් කියව කියව හිටියේ .."
පසුදිනට " මේ ඔයා අර අහවලාගේ මේ පොත කියවලා තියෙනවද..? එතකොට අර පොත , එතකොට අර අරයගේ පොත් ?"
ඇමතුමක් ,"ඔයා කොහෙද ඉන්නේ..?" "මම මේ කලින් අධ්‍යයන වාරේ ප්‍රතිඵල බලන්න ආවා" 
පසුදිනට "මට ගිය අවුරුද්දේ විෂයන් වලට මේ ප්‍රථිඵල තියෙනවා , එතකොට මේ අවුරුද්දේ ඒවට මෙහෙමයි තව මේ......."
ඇමතුමක් "ඔයා මොකද කරන්නේ ?" "මම මේ සින්දුවක් අහනවා"
පසුදිනට "මේ අර අහවල් ගායකයගේ අර සිංදුව හරිම ලස්සනයි , එතකොට ඔයා අර අහවල් ගායකයාගේ සිංදු අහලා තියෙනවද..?"
මුහුණු පොතට ලැප්ටොප්  පින්තූරයක් දැමීම
පසුදිනට "මේ මගේ ලැප් එකේ වේගේ ඔයාගේ ලැප් එකට වැඩිය වැඩියි"
මේක ඇත්තටම ආදරයක්ද ..? තරඟයක්ද..?

Picture source : http://www.sauce-music.com/Art.asp Accessed on 08th August 2011 07.00 [Online]

චතුර....

Saturday, August 6, 2011

ජාලයෙන් ස්වායත්ත වන්න ....



ජාලයක් ඇත
අහි ජාල පුරුක්වන අප
ජාලයට එක් කිරීමද ජාලයෙන් ගැනීමද කරන්නෙමු
නමුත් ජාලය නැති වූ කළ 
ජාලයෙන් තොරව කළ හැකි කිසිවක් අප නොසිතමු
ජාලයෙන් ස්වායත්ත වන්න 
ජාලයෙන් එපිට ලෝකය 
ජාලයේ ලක්ෂ්‍යයකට සීමා වී සිටින ඔබට වඩා 
බොහෝ පුළුල්ය
නමුත් එය විඳ ගැනුම 
එයට ඇතුල් වීම
ස්වායත්ත වීමට සිතන තරම් 
පහසු නොවනු ඇත....

Picture source : http://www.squidoo.com/digitalartsoftwareAccessed on 06th July 2011 19.00 [Online]

චතුර....

Friday, August 5, 2011

නොසෑහුන සිත....



මෙය ඇත මට
නමුත් මෙහි අඩු ලුහුඬු ඇත
එය සර්ව සම කර ගනිමි මම
මෙය නැත මට
එය කෙසේ හෝ කර ගනිමි මා සතු
එය තිබුනද
අවැසි ලෙස නොතිබෙද
වෙනසටත් ඉඩ නොම දෙද
එය ඉවත ලා හොඳ දේ සොයමි මම
මෙය මෙපමණකි
නමුදු එය එපමණකි
නමුත් එය මා නොසනසවන කල
දමමි ඒ දෙයද ඉවතටම
ඉවත ලූ පසු
සොයමි මම මට අවැසි දෙය
හමු වූ කළ ඒ වැනි යමක්
සසඳමි ඒ, පෙර සමඟ
මේ දේ ඒ දේ කොයි දේ
ගෙන දේද වැඩි සතුට
මේ දේ මේ අඩුවද
මේ දේ මේ දෙය වැඩිද
පෙරදේ එය සමව තිබිණිද
හොඳම දේ , ඒ මා සෙවූ දේ
මා ළඟම තිබී ඇත
අවසනේ මා විසින්ම ඉවත හැරදමා ඇති එය
නැවත මා සතු කර ගනු කෙලෙස
පමා වැඩි සිත , ඔබ එයට පමා වැඩිය
හොඳම දේ සෙවූ සිත ඔබ
අසල වූ හොඳම දෙයම අහිමි කර ඇත
හොඳම දේ හොඳම ආකාරයට
සොයන නුඹ ,නොසෑහුන සිත
කවදා මෙල්ල කර ගනුද
ඒ නිම නොවෙන අසීමිත
නොසෑහීමම....


Picture source : http://debbieflood.blogspot.com/2010_07_01_archive.html Accessed on 05th July 18.00 [Online]

චතුර....

ආදරේ මෙයද..?



දවසක් ආදරෙන් හිටියොත්
මාසයක් තරහා වෙන
වචනයක් වැරදුනොත්
වචන සීයකින් පලි ගන්න
ආඩම්බරකමට මුල්තැන දෙන
ආදරේ මෙයද?
එහි සෙනෙහසක් ඇත්ද?
මා හට වැරදී  ඇති සෙයකි....



Picture source : http://www.artistsforum.org/viewtopic.php?f=4&t=2108065Accessed on 05th of August 2011 15.16 [Online]

චතුර....

Wednesday, August 3, 2011

සිරිමතී....


"අම්මේ මගේ කකුල් රිදෙනවා "පුංචි සහන් නගන මැසිවිල්ල නිසාවෙන් සිරිමතී දරුවාට කිසිත් නොකියා දරුවාව වඩා ගෙන උරෙහි තිබූ බෑඅගයද අනෙක් උරයට දමාගෙන බස් නවතුම කරා එන්නට පිටත් වූවාය.පෙරපාසල් වියේ යන දරුවෙක් වූවත් උසුලන දුක් කන්දරාව නිසාදෝ ඇයට දරුවාගේ බරක් නොදැනුනි. මහත්තයා "මහත්තයා මීගොඩට යන බස් නවත්තන්නේ කොහෙද?"ඇය තමන් මෙන් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි තලතුනා පෙනුමැති මහත්මයෙකුගෙන් විමසා සිටියාය."ඔහොම යන්න , ගියාම උමං මාර්ගය හම්බ වෙයි ඇතුලෙන් වම් පැත්තට හැරෙන්න  කොටා පාර කියන බෝඩ් එක බලන්න" කරුණාවන්ත බැල්මක් හෙලූ එම පුද්ගලයා නැවත හැරී ගමන් කරන්නට විය. එතුමාට පින්සිද්ධ වෙන්න ඕනේ. අද දවසට මට එකම එක වචනෙකින්වත් කරුණාවෙන් කතා කලේ ඒ මහත්තයා,සිරිමතී ගේ සිත කියයි..

සැමියා හැරගොස් සිටින සිරිමතී තම පාසල් යන දියණියත් පස් හැවිරිදි පුතුත් රැක බලා ගත්තේ වත්තක කිරි කැපීමෙන්ය. දියණිය පාසල් ගොස් එනතුරා සිය කුඩා පුතු අසල පෙරපාසලෙන් පැමිණි පසු ඔහුත් සමඟ කිරිමිදවීමේ කාර්‍යයට සවස දෙක පමණ වනතෙක් හවුල් වන ඇය සවස් වරුව වතු හිමියාගේ නිවසේ වැඩ පලට උදව් වන්නීය.සහන්ට හදිසියේම සහලවල උණ ගත් නිසාවෙන් අසල්වැසි කාන්ති කියා සිටියේ "නංගියේ මොන උණක්ද දන්නේ නෑනේ අනේ ඉක්මනට ළමා රෝහලට අරන් පලයන්"  කියාය. උදේ රැයින්ම අවදිව සිය කිරිකට්ටියේ වැඩ නිමකළ ඇය සිය දියණියද පාසලට ඇරලවා වතු හිමි වික්ටර් මහත්මාගේ නිවසට ගියේ ඇයට සවස වඩට ඒමට නොහැකි වේ යයි පැවසීමටය. වික්ටර් මහතා නම්  දරු දෙදෙනා කෙරේ අනුකම්පා කරන නිසාවෙන් ඇයට කුමක් වත් කියනු නැතැයි ඇය සිතුවාය. ඇය යනවිට වික්ටර් මහතා නිවසේ සිටියේ නැත. සිටියේ වික්ටර් මහතාගේ නෝනාය. "නෝනා මේ පොඩි එකාට සනීප නෑ මම මේ  නෝනා වාට්ටුවටවත් ගෙනිහින් බලන්න කියලා" ඇය සිය කාරණාව නෝනා ඉදිරියේ දිග හැරියාය. "අනේ මංද උඹලට පිච්චිය නැති උනාට  යන්න ඕනේ කොළඹ රටේ " නෝනා ගත් කටටම එසේ කීවාය, එමලින් දැන් වයසක එකී , ඒකි කෝමද මේ වැඩ ටික තනියම කර ගන්නේ..? නෝනා තවත් ගෝරනාඩුවය. "අනේ නෝනො එහෙම කියන්න එපා , මට ඉන්නේ ඉතින් මුන් දෙන්න විතරනේ, කාන්ති අක්කා කිරි ටික අකුලලා  ගෙනත් දෙයි " කඳුළු පිරුණ දෙනෙතින් බැගෑපත්ව කීවාය. "මම දන්නේ නෑ ඉක්මනට වරෙන් හවස් වෙන්න කලින් " ඇය නෝනාගේ ස්වරය තවත් ටිකකින් "උඹ යන්න ඕනේ නෑ"කීමට කලියෙන් ඉක්මන් ගමනින් පිටත් වූවාය.

"දඩාස්" කොහෙ බලාගෙනද ගෑනියේ යන්නේ..? තව ටිකෙන් මගේ අම්බ්‍රෙල්ල එකත් කැඩෙනවා.." ලස්සන නෝනා කෙනෙකු රලු වචන වලින් නැවතත් ඇයට දමා ගැසුවාය. අනේ නෝනා මට සමා වෙන්න මම වෙන කල්පනාවක ආවේ නැවතත් ඇය උරුම බැගෑපත් ස්වරයෙන් කීවාය සිරිමතීගේ ඉහේ සිට දෙපතුලටම කෝපාවිෂ්ඨ බැල්මක් හෙළු ඇය මොහොතකදු තම ගමන පමා නොවීමට ඉඩ නොදී  යන්නට ගියාය. බස් නැවතුමට එන තෙක්ද ඇයට සිහි වූයේ රෝහලේදීත් "තමන්ගේ දරුවා මෙහෙමද බලා ගන්නේ , තමන්ගේ දරුවා මීට වඩා පරිස්සමෙන් බලාගත්තොත් හොඳයි කියා දොස්තර මහත්වරුන්ද ඇයට දොස් නැගූ ආකාරයයි".

"අසරණ මම වෙන මොනවා කරන්නද දෙයියනේ..?" නැවතත් ඇය සුසුමක් හෙලමින් බසයක්  ඒදැයි බැලුවාය.. බසයකට මඟ බලමින් උන්නද නැවත කල්පනා ලෝකයේ සිටි ඇයගේ සිතුවිලි දැහැන  බිඳුනේ  අසල නැවතුනු බසයේ කොන්දොස්තරගේ හඬිනි. රාජගිරිය , බත්තරමුල්ල මාලඹේ අතුරුගිරිය මීගොඩ මීගොඩ  මීගොඩ ..බසයට නැඟුන ඇය හෙමින් හෙමින් බසයේ ඉදිරියට ගියාය, සමහරු දරුවාත් කර පින්නාගෙන සිටින ඇය දුටු විට ඉවත බලා ගත්තෝය, සමහරු  නිඳි කිරා වැටුනෝය, සමහරු මේ මොන මල කරදරයක්ද කියා මෙන් ඔරවා බැලුවෝය, කමක් නෑ මට මේ දුර ආවනම් දරුවත් අරන් හිටගෙන යන්න බැරි කමක් නෑ ඇගේ සිත ඇයටම කියයි. "ඔය දරුවත් එක්ක ඉන්න අක්කට කවුරු හරි සීට් එකක් දෙන්න" , කොන්දොස්තර බසයේ පිටුපස සිට මොර දුන්නත් සිරිමතීට අසුනක් පිරි නමන්නට කෙනෙක් ඉදිරිපත් වූයේ නැත. අවසානයේ බසයේ ඉදිරිපස අසුනකට වන්නට හිඳගෙන සිටි තරුණ මහතෙක් කාරුණික සිනහවක් පාමින් ඇයට අසුන පිරි නැමුවේය.

ටිකට්ස් ටිකට්ස් නැවතත් කොන්දොස්තර හඬ තලයි. බසය ටික දුරක් ගිය පසු නින්ඳේ හුන් සහන් අවදි විය, "අම්මේ මට ඕක් වගේ" වේදනා බර මුහුණින් දරුවා කීවේය , දෙයියනේ මම සිලි උරයක්වත් දාගෙන ආවේ නෑනේ, ඇය නැවතත් සැක හර දැන ගැනීමට සිය මල්ලට අතදා බැලුවාය,එකදු සිලි උරයක් නැත. අසුනේ අනෙක් පස හිඳසිටියේ තරුණ ගැහැනු ළමයෙකි. ඇයට සිරිමතී පිළිබඳ වගක්වත් නැත , කනේ ඉයර් ෆෝනයක් ගසා ගෙන කවුළුවෙන් ඉවතබලා  සිටි ඇය තමා දෙස හැරී බැලූ එකම වතාව වූයේ නින්දේ සිටි සහන්ගේ පය ඇයගේ ඇඟේ වැදුන අවස්ථාවයි. "නෝනා දරුවට වමනේ යන්න එනවලු, මට පොඩ්ඩක් වීදුරුව අයින දෙනවද නෝනා ළමයට වමනේ කරවන්න", දෙවරක්ම මෙසේ පැවසූ නමුත් යුවතිය වැරදීමකින්වත් සිරිමතී දෙස නොබැලුවාය, ඇය තවමත් සංගීතයට හෝ රේඩියෝවට කන් දෙමින් කවුළුවෙන් ඉවත බලා සිටියි. සිරිමතී දෙස බලා සිටි පිටිපස අසුනේ විශ්‍රාම ව සිටින ගුරුමෑණියක් යයි සිතිය හැකි වයසක කාන්තාව තරුණ ගැහැණු ළමයාගේ උරහිසට අත තැබුවාය. එසැණින් පියවි ලොවට පැමිණි තරුණ යුවතිය ඒදෙස හැරී බැලුවාය , එසැනින් සිරිමතී, "නෝනා පොඩ්ඩක් මට වීදුරුව අයින දෙනවද දරුවට වමනේ යන්න වගේ".. යයි නැවතත් කීවාය. අහංකාර පෙනුමකින් සිටි තරුණිය මුහුණට සිනාවක් නංවාගෙන "එන්න එන්න මට ඔයා කතා කරනවා ඇහුනේ නෑනේ" කියා සිනහ මුසු මුහුණින් අසුනේ තම ස්ථානයට සිරිමතීට ඒමට අයගේ මල්ලද ඔසවාගෙන සිරිමතීට උදවු කළාය. සිරිමතියගේ මුවඟටද අහිංසක සිනහවක් නැඟුනි. අසුනේ තැන් මාරු කළද සහන්ට වමනය ගියේ නැත. මීගොඩින් බසයෙන්බැස ගත් සිරිමතී සිය කුඩා නිවස්නය කරා අලස ගමනින් පියමන් කළේ  වික්ටර්මහතාගේ නෝනාගෙන් හවස් වරුවට හවසට අසන්නට වන දෝස් මුරයෙන් ගැලවෙන්නේ කෙසේදැයි සිතමින්ය....

Picture source : http://snarkernackle.blogspot.com/2006_03_01_archive.html Accessed on 03rd July 16.00 [Online]

චතුර....

Tuesday, August 2, 2011

මගේ නෙතඟට කඳුලක් ගෙනත්....


කොච්චර ලං වෙන්න හැදුවත්
ලං වෙන තරමටම ඈත් වෙන
කොච්චර ආදරෙයි කිව්වත්
අන්තිමට කේන්තියකින් ඉවර වෙන
කතා නොකරන්න හිටියත්
ඔය කටහඬ ඇහෙන කොට මටම කතා කරන්න හිතෙන
නොදැක ඉන්න හිටියත්
අන්තිමට ඔය රුව දකින්න දුවගෙන යන
කොච්චර එපා කිව්වත්
අන්තිමට ඕනෙම වෙන
ඔයාගේ ආදරය
මටත් නොදැනිම
මගේ නෙතඟට කඳුලක් ගෙනත්....





Picture source : http://my.opera.com/Kaitz/blog/tear Accessed on 02nd August 2011 16.00 [Online]

චතුර....

පාෂාණයේ රහස සොයා..




හද උණුසුම් කරන
දීප්තිමත් පාෂාණයේ 
ආලෝකයට නෙත් යොමන්න
ආලෝකයේ කාන්තිය දකින්න
එහි ඇති අරුත සොයන්න
දිවි ඇති තුරු අරුත සොයා යන්න
ඔබ එය සෙවීමට අසමත් වේ නම්
ඔබ සත්‍යය සොයා
නිවැරදි මඟ ගොස් නැත
ඔබ ආලෝකයේ කාන්තිය 
නිවැරදිව දැක නැත..
සත්‍ය සෙවුමට ආලෝකයේ කාන්තිය දකින්න..

පාෂාණය හිමි ආනි ෆ්‍රාග්ලන්තයේ මහා ශ්‍රාවකයාට පැවසූ අවසන් වදන් පෙළ....
 Hans Bemmann ගේ The Stone and the Flute  ඇසුරෙනි..

Picture source : http://www.dailypainters.com/paintings/63256/Riding-The-Creek-western-horse-and-rider/ Accessed on 02nd August 2011 05.00 [Online]

චතුර....

Monday, August 1, 2011

ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


ගිම්හානයේ
අහඹු ලෙස මතු වූ
ගිම්හානයට වර්ෂාව  නොදුන්
වැහි වළාව මෙන්
හිස්ව තිබූ සිත් අහසට
පෑයූ ඔබ මගේ සඳ
සිත් අහසේ අමාවක උදාකර
මා හට අහිමි වේද..
ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


Picture source : http://www.thepaintingloft.com/group/jonathanwheeler/forum/topics/post-your-florals-here?commentId=4556549%3AComment%3A123029&xg_source=activity&groupId=4556549%3AGroup%3A1556 Accessed on 01st of August 2011 16.30 [Online]

චතුර....

Thursday, July 28, 2011

යකුන් අප සිතනා තරම් කළු නැත..


බලා සිටියෙමි
හමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්
නොසැලි සිටියෙමි
සිතට එඩි ගෙන
විපත දැන් දැන් එයි කියා
නමුදු කිසිවක් සිදු වූයේ නැත
සිංහ සෙයියාව
රඟ දුන්නාට
යකා හට කළ හැකි
වැඩක් නොම නැත
හීන් සැරයට යකා බයව ඇති සැටියකි,
කළ හැකිව තිබු
එකම දෙය වන උමතු සුනඛ රැඟුමද
සැනින් නිම විය.
යකුන් අප සිතනා තරම් කළු නැත..

Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online]

චතුර....

පරවේණි උරුමය....


අඩු නැතිව
වැඩි නැතිව
මටත් ලැබුනා
පරවේණි උරුමය
උරුමයද කරුමයද
නොවිසඳිය හැක එය
පලක් ඇති මුත්
පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම
පරවේණි උරුමයට
ඇත යොමුව ගිජු ලිහිණි ඇස්
ඔබ නැති නිසාවෙන්
සිටින ගිජු ඒ තන්හාපතින්..
පලවා හැරුමට එක් සරින්
නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම්
පියාණෙනි නැවත එනු මැන
සවිය වනු මැන
හිඳිනු ලෙස මා පසුපසින් ..

Picture source : http://trip2orissa.com/orissa-paintings.html Accessed on 28th July 2011 07.00 [Online]

චතුර....

Wednesday, July 27, 2011

බාලගිරි සහ මම....



උදේ 7 ට - ඊයෙත් පටන් ගන්න බැරි වුනා අදවත් පටන් ගන්න ඕනේ..
උදේ 8 ට - කාලා පත්තරෙත් බලලම පටන් ගන්නවා..
උදේ 9 ට - සින්ඩිය පැත්තත් බලල තවත් ටිකක් කියවලම පටන් ගන්නවා..
උදේ 10.30 ට - හොඳ ෆිල්ම ටිකක් හම්බ වුනා මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා අළුතෙන් දාල තියෙන බ්ලොග් පෝස්ට් ටිකත් කියවලම පටන් ගන්න ඕනේ..
11.30 ට - ඔන්න ඔහේ ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ මේ මූවි එකත් බලලම පටන් ගන්න්නවා...
දවල් 2 ට - ඔන්න ඔහේ කාලාම පටන් ගන්නවා..
2.30 ට - අළුතෙන් පෝස්ට් එකක් ලියන්න ඕනේ..
2.45 ට - මේක පස්සේ ඉවර කරනවා, දැන් අර නවකතාව භාගයක් වත් කියවලා ඉවර කරන්න ඕනේ....
හවස 4 ට - පුතේ ගෙදර ඉන්න දවසනේ මම  පිහදලා දෙන්න ලස්කාව නාවන්න..
හවස 4. 30 ට - පුතේ මට පන්සල් යන්න තියෙනවා මල් ටිකක් කඩලා දෙන්න..
4.45 - ඔන්න ඔහේ අර පෝස්ට් එකේ ඉතුරු ටිකත් ලියලා ඉවර කරන්න ඕනේ..
5 ට - මූණු පොත පැත්තේ ගිහින් චැටක් දාලම පටන් ගන්නවා..
6. 30 ට - පොඩ්ඩෝ මෙන්න මේක කරලා දෙන්න මට යාළුවෙක් හම්බ වෙන්න යන්න තියෙනවා , ඕක හෙට දෙන්න ඕනේ..
8 ට - පුතේ මෙන්න ඔයාට දිලීපගෙන් කෝල් එකක්..
8.45 ට - ඔන්න ඔහේ නාට්‍යයත් බලලම පටන් ගන්නවා..
9.30 ට - ස්කයිපියෙන් " මචාන් චතුර මෙන්න මේක වැඩ කරන්නේ නෑ  පොඩ්ඩක් බලපන් ", චාලි
10.30 ට - Gtalk එකෙන් ශශික " මචන් මේල් වගයක් එව්වා පොඩ්ඩක් බලපන් "
11 ට - පොඩ්ඩෝ වැඩේ ඉවරද ..? "න් නෑ මේ තව පොඩ්ඩක් තියෙනවා දැන් ඉවර කරලා දෙන්නම් "
 රෑ 11.30 ට - ස්කයිපියෙන් චාලි ," මචාන් මේක මම වෙනස් කළා දැන් මේ පාට් එක වැඩ නෑනේ.. පොඩ්ඩක් බලපන්.."
12.30 ට - අරයගෙන් කෝල් එකක් " ඔයා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් උදවු කරනවද..? "
 පාන්දර 1.30 ට - මේසේ උඩ  "ග ර් ර් , කු රූ ස් ස් , ග ර් ර්"
 පාන්දර 2 ට - අම්මා,"කොච්චර කිව්වත් අහන්නේ නෑ රෑ තිස්සේ ඇහැරගෙන මේක ඉස්සරහම තමයි නිදියන්නේ , මම මේන් එක ඕෆ් කරන්න කලින් ඕක නිවලා ඇඳට ගිහින් නිදිය ගන්න"
පාන්දර 2.01 ට - ඇඳටගිහින් ලැපෙන් කරන්න පටන් ගන්නවා..
පාන්දර 2.02 ට- ලැප ඔන් කරයි
පාන්දර 2.30 ට  ඇඳ මත නින්දෙන් , " කෝ අර පරණ ඩොක් එක "
පාන්දර 3.01 ට - නින්දෙන් ඇහැරී," ඔන්න ඔහේ හෙටම පටන් ගන්නවා..", 'ලැප නිවා දමයි'
බාලගිරි අද නොවෙයි හෙට ....


චතුර....

Tuesday, July 26, 2011

අපේ ප්‍රධානියා..




අපි වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත්
ප්‍රධානියා කියන්නේඅපි හෙමින් වැඩ කියලා
ප්‍රධානියා වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත් ඒකට කියන්නේ 
සර්ව සම්පූර්ණ කටයුත්තක් ඔහු සාර්ථක නිම කරන්නෙක්
අපිට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
අපිට කියන්නේ අපි කම්මැලියෝ කියලා
ප්‍රධානියාට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
ඒකට කියන්නේ එයා කාර්‍යබහුලයි කියලා..
අපි හොඳට වැඩක් නිම කළොත් 
ඒක ප්‍රධානියාට මතක නෑ
අපි අතින් වැරැද්දක් වුනොත් 
ප්‍රධානියාට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ
ඔක්කොම ප්‍රධානියෝ එක වගේද..?
ඒත් මෙහෙමත් හිතුවොත්
ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්  
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත් 
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්
ඔහු ඔබේ ප්‍රධානියා වුනොත්....





Picture source : http://www.realsoftwaredevelopment.com/software-developers-guide-to-managing-your-boss/ Accessed on 26th July 2011 14.00[ Online]
Picture source : http://www.soannoying.com/blogs/b/1516 Accessed on 26th July 2011 14.00[ Online ]

Love you Mr. Kalakaar ඇසුරෙනි.

චතුර....

Monday, July 25, 2011

ඔයා කොහෙද..?



හෙලෝ
ඔයා කොහෙද?
මම හොස්පිට්ල් එකේ
ඔයා කොහෙද?
බස් හෝල්ට් එකේ
ඔයා කොහෙද?
මම බස් එකේ
ඔයා කොහෙද?
බස් එකෙන් බහින්න මේ යන්නේ
ඔයා කොහෙද?
මම පුස්තකාලේ
ඔයා කොහෙද?
මම යාළුවොත් එක්ක ඉන්නේ
ඔයා කොහෙද?
මම අද යාළුවොත් එක්ක ඩිස්කෂන්
ඔයා කොහෙද?
මම ලෙක්ච'ර්' එකක ඉන්නේ
ඔයා කොහෙද?
අම්මත් එක්ක ඇඳුම් ගන්න ආවා
"ඇයි මල හත්තිලව්වේ ගෙදර ඉන්නේ කොයි වෙලාවටද?"
මෙහෙම හිතුනට මම කොහොමද ඔයාගෙන් එහෙම අහන්නේ....

Picture source : http://annliciousy.tumblr.com/post/4254186283/this-reminded-me-of-where-are-you-now-by-britney Accessed on 25th July 2011 19.30 [Online]

චතුර....

Sunday, July 24, 2011

හලාගෙන ඩයි කුප්පියක්..



ඉපදෙන සැවොම
වයස්ගත වන බව දැන
රූපයෙන් මන්මත්ව
සිටිනු රිසි සැම දිනෙම
අනුන් රවටනු පිණිස
මවා බොරු රූපයක්
හලාගෙන ඩයි කුප්පියක්
තම රුව ඇති සැටි
පෙන්වුමට කිමද ඒ හිරිකිතක්
සියළු දේ නැසෙන්නෙය
ඔබට පමණක් නොව සැමට එය පොදු දෙයකි
ඔබත් මහළුව දිරයි
තමා මිස අන්කෙනෙකු නොවේ ඒ රුව තුලම
ලෝධර්මතාවයට
පිටු නොපා සිටියේ නම්
අනුන් රවටනු පිණිස
කිමට තව බොරු රන් රූපයක්..

Picture source : http://www.clubplanet.com/Articles/2223/Hair-Dying-101-Stop-Worrying-and-Love-the-Bottle Accessed on 23rd July 2011 22.30 [Online]

චතුර....

Saturday, July 23, 2011

මරණය අභියස හිඳ..




දියට බසින විට
සිතුනෙද කිසිවිටෙකත්
සැණෙන් මහදිය කඳක් ගලයි කියා
මහදිය කඳක් ආවත්
සැඩ වේගයකින්
සිතුනෙද සැඩපහරට හසුවේවි කියා
කාලය වෙනස් වන සැනෙකින්
වන සිදුවීම
මරණය සිදුවන්නේ අසවල්  වෙලාවේයයි
මරණය අභියස  හිඳගෙනවත්
කිය හැකි හපනෙක් වේද
පහලව මේ දියත..

දියට බසින විට අනතුරක සේයාවක් නැතත් සැමවිටම අනතුර ගැන විමසිලිමත් වන්න..

චතුර....

ප.ලි. මුලින්ම කොමෙන්ටුව දාන එක්කෙනා මධුරංග අයියට විස්තරේ ලියලා කොමෙන්ටුව දානවනම් හොඳයි..

Friday, July 22, 2011

මමී පපා පපී ජූස් පාන් චූස් ..



රෝහිනී නැන්දට
ආන්ටි  මයි ඩාලින්
අල්ලපු ගෙදරට අලුතෙන් ආපු අක්කා කිව්වලු
මිසිස් පෙරේරා අනියන් එකක් දෙනවද කියලා
අල්ලපු ගෙදර නැන්දා ආවලු
තව ශුගර් ටිකක් තිබ්බා නම් ඔයාගේ ඩ්‍රින්ක් එක මරු කියලා 
ඒ මාමා කිව්වලු
මල්ලි අපි ප්ලේ කරමු කියලා
ඒ පොඩි එකා කිව්ව්වලු
මේවා අහපු අපේ පොඩි එකා
"මමී පපා පපී ජූස් පාන් චූස් "
කියලා කිව්ව්වලු..


තේරුම
"අම්මේ තාත්තා පරිප්පු හොඳි එක්ක පාන් කනවා.."

Picture source : http://www.crestock.com/image/20113-Shopping-family.aspx Accessed on 22nd July 2011 20.30 [Online]

චතුර....