Friday, August 26, 2011

ඔබේ ආලය....






සිත් රිදුමට
කරනට හැකි සියළුම දේ කර
මුකුත්ම නොවුන විදියට
මුකුත්ම නොකිව් විලසට
නැවත ආදරෙයි කියා
නැවත තොඳොල් බස් දොඩන
ඔබ 
ඔබගේ ආදරය
එක් එක් වේලාවට
එක් එක් වර්ණයන්ගෙන් සැරසී
වර්ණයෙන් මත්ව රඟන
වර්ණයෙන් ලොව රවටන
කටුස්සෙකුගේ 
හැසිරීමෙන් වෙනස් නොවනවා යයි
කෙලෙසක නොපවසා සිටිම්ද..?
මම..

චතුර....

8 comments:

අසනි said...

දැන් කව්ද ඔය තොදොල් බස් දොඩන කටුස්සා............?

චතුර.... said...

@ අසනි

හිකිස් එහෙමත් එකෙක් ඉන්නවා..(එකියක්.. )
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Hasitha said...

ගැහැණුන්ගේ හිත හරියට ජපානේ [හෝ චීනයේ] අහස වගේ කියලා කියන්නේ නිකමටද ?? තත්පර ගාණට වෙනස් වෙනවාලු. එකක් කියලා තව එකක්ලු කරන්නේ :)

Kasun said...

නිසදැස නම් ගොඩක්ම ලස්සනයි සහෝ. ඒත් ඒක ලියන්න හේතු වුන කතාව නම් ලස්සන නෑ කියල දැනෙනව.

ඉන්දික said...

හ්ම්,,,හ්ම්....කසුට්ටෙක් වගේ >>;)

නදුන් උයන said...

කටුස්සගෙ කරේ රත්තරන් බැන්දහම ඔහොම තමයි... !!!

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

ඔය කටුස්සියො ඉන්නව නේද.. ඔහොමමයි...

චතුර.... said...

@ Hasitha

ඇත්ත සහෝ ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ Kasun

ඔව් කතාව නම් ලස්සන නෑ සහෝ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ඉන්දික

ඔව් ඔව් කසුට්ටෙක් වගේ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ නඳුන් උයන

ඒක නෙව කියන්නේ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ පැණි දොඩම්

ඔව් ඔව් ඔහොම්මම තමයි
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons