Showing posts with label අදහස්... Show all posts
Showing posts with label අදහස්... Show all posts

Saturday, September 3, 2011

ධාර්මිකයා....





පින්තූරය මෙතනින්

මම ධර්මය උගනිමි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
මම එම මඟම යන්නෙමි
මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
ඔබ ධර්මය දනිත්ද..?


අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව
සාගින්නේ මියෙනු දැක
ඒ වලකනුව සිත් නොදී
ලොව මේ දේ පිළි ගනියි
මමත් ඒ දේ කරමි
ලොව මේ අත ගමන් කරයි
මමද ඒ මඟ ගනිමි
මේ දේ මේ ලෙසින් නොම වූ කලට
ලෝ දනා අතර මා සුවිශේෂ වනු කෙලෙස
කියා සිතන ඔබ 
අවසන රැවටුවේ කවුද..?
ඔබමද ලෝ දනද..?


මේ ඔබ උගත් ධර්මයද
ඔබ සැබවින්ම දැහැමිද
වදනකට පමණක් 
ධාර්මික භාවයක් 
කුමට ඒ දැහැමි බව
රවටනු පිණිස අන් අයම
ලෝ පරකාස වන ඔබේ දැහැමි බව
ගෙන දුනිද ඔබ යහමඟ
හැරම තව පාපයක්


දුකකි ඒ මා සිතට
ලොවට පෙනුමට පිනට ලැදි ලෙස 
ලොව රැවටුමට ගිය ඔබට 
වී ඇති විපතක මහත.. 

චතුර....

Friday, August 26, 2011

අනේ මංදා සිරිසේන - 02






අනේ මංදා සිරිසේන - 01 කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න.


මේත් මට 1 වෙනි ආයතනයෙදි හම්බ වුන මිත්‍රයන් ගෙන් කෙනෙක්. හොඳ මිත්‍රයන් රාශියක් අතර හිටපු මෙයාට එක නරක පුරුද්දක් තිබුනා, ඒ තමයි  සිංහලෙන් කියනවා නම් 1000 ටෝක්ස් දෙන එක.මෙයාගේ පුරුද්දක් තිබුනා එක එක දේවල් කියන එක. ඉතින් යාළුවන්ගෙන් ගොඩාක් දෙනෙක් කළේ වට වෙලා සමහර වෙලාවට මෙව්ව අහගෙන ඉන්න එක. අනිත් එවුන් කළේ මෙයත් එක්ක කතා කලොත් අපිට ගම රට අතැරලා කුරුඳු වත්තට එන්න වෙයි කියලා කතා කරන එක නවත්තපු එක.තවත් සමහරු කරන්න වෙන දෙයක් ඇත්තෙම නැත්තන් ඔය කතා අහන්න පුරුදු වුනා.තවත් සමහරු ඔව්වා අහන් ඉඳලා ඒ විදියට කියන්න කරන්න පුරුදු වුනා, ඒ කියන්නේ ලොකු ලොකු වැඩ තමයි තවත් සමහරු ඉතින් ඔව්ව් අහන්න ගියෙත් නෑ ඇහුනත් ඒවා ගානකට ගන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ කටයුතු කරගෙන හිටියා. 
මේ කියන යාළුවට හැදිලා තිබුණ රෝගය එසේ මෙසේ එකක් නෙවෙයි  , ඒ කියන්නේ මෙයා කියන්නේ කරන්නේ මේ වගේ දේවල්


දවසක් මම මෙයා යාළුවෝ වට කරගෙන කතා කරන තැනක ඉඳන් අහගෙන හිටියා,
මෙන්න මෙයා ඒ වෙලාවේ කතාව කියන් ගියේ මෙහෙමයි..


යහළුවා : මචං මම අහවල් ආයත්නේට මේ මේ මේක ඉගෙන ගන්න යනවනේ..
යාළුවෝ : අපි නම් ඔය කියන තැන දැකලත් නෑ බන්, එතන හෙන ගානක් ගන්නවලු නේද බං,
යහළුවා : ඔව් බන් ඒත් හොඳයි, අපේ තාත්තටයි අම්මටයි ඕවාට පේ කරන එක සිම්පල් නේ බං,මොකටද සල්ලිත් තියාගෙන භාගෙට ඉගෙන ගන්නේ , ඒකයි මමත් ඕකට යන්නේ..
යහලුවෝ : ඔව් බන් ඒකත් ඇත්ත තමයි. අපිට ඉතින් ඉරිදට සෙනසුරාදට ඔව්වට එන්න සල්ලිත් නෑ බං ,ගෙවලා ආවත් සෙනසුරාදා ඉරිදත් පැය තුන ගානේ එන්නයි යන්නයි බස් එකට වෙලාව අපරාදෙන බං, එතකොට වෙන වැඩක්කර ගන්න හැටියක් නැහැනේ. (මේ කියපු යහළුවා දුර බැහැර පෙදෙසක සිට කොළඹට ළඟා වන්නෙකි )
යහළුවා : මට නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ බන්, වීක් ඩේස් වලට අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියාට වීකෙන්ඩ් එකට අම්ම ගෙදරනේ බං අම්මගේ කා එක මට දෙනවා , අහවල් ආයතනයේ පාක් එකේ දා ගත්තැකි බං,
යහලුවෝ : ඇයි බන් උඹ අම්මලාට කියන්නේ නැත්තේ උඹට හැමදාම එන්න කා එකක් අරන් දෙන්න කියලා , එතකොට අපිටත් රවුමක් ගියෑකිනේ බං..?
යහළුවා : අම්මලා කැමති නෑ මචං ඒකට, අනික මෙතන පාරේ අයිනෙනේ දාන්න වෙන්නේ , ලෙක්චරර්ස්ලට පාක් එකේ ඉඩ දුන්නට ස්ටූඩන්ට්ස්ලාට පාක් එකේ වෙහිකල් දාන්න දෙන්නේ නැහැනේ 
යහළුවෝ : ඔව් නේ..



මොහුට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හොඳට හැකියාවක් ඇත.නමුත් ඔහු සිංහල කතා කරන්නේද ඉංග්‍රීසි උච්චාරණය දමා ගොඩ සුද්දෙක් මෙන්ය. "දිනක් තවෙකෙක් උඹට කඩ්ඩ ඔච්චර හොඳට පුළුවන් උනේ කොහොමද බං..?
උඹ කොහෙද පංති ගියේ..?"
ඔහු : "මහ ලොකු පන්ති ගියේ නෑ බං අපේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි සීයයි ආච්චියිත් ගෙදර සිංහල කතා කරන්නේ නෑනේ.. ඒකයි"



තවත් දිනෙක ඔහු මිතුරන් සමඟ
ඔහු  : මචං අපේ අයියා එන මාසේ රට ඉඳන් එනවනේ 
යහළුවෝ : උඹට මොනවද ගේන්නේ?
ඔහු : මම නම් කිව්වෙ මොනවත් ගේන්න එපා කියලා ඒත් අයියා අම්මලාට කියලා තිබුනා ලැප් එකකුයි අළුත් කැම් එකකුයි ගේනවා කියලා
යහළුවෝ : ෂා මරුනේ 


දිනක් මම ඔහු සමඟ ව්‍යාපෘතියක වැඩ කටයුත්තක නියැලී සිටියෙමි. ඔහුට දුරකතන ඇමතුමකි
මෙසේ පිළිතුරු දෙයි..
ආ ඇඳපු ඇඳුම් ටික තියෙන්නේ අල්මාරිය උඩ..
එය නිම වූ පසු ඔහු  :
මචං මේ අම්මා ඇඳුම් ටික වොශිං මැශින් එකට දාන්න හොයනවා බං මට ඕකට ඒ ටික දාන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ බන් මේ දවස් ටිකේ..
මම : එකනේ නේද වෙලාවක් නැහැනේ..


පසුගිය දින කිහිපයක පටන් ඔහු දේශන වලට සහභාගී නොවූ නිසාවෙන් සහ ඔහුගේ ජංගම දුරකථනයට දින කිහිපයක පටන් ඇමතුමක් ලබා ගත නොහැකි වූ නිසාවෙන් මිතුරෙකු ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් දුන්නේය. දුරකථනයට පිළිතුරු දුන් ඔහුගේ සොහොයුරිය පවසා තිබෙන්නේ අප මිතුරාට සහ ඔහුගේ පියාට ඩෙංගු උණ සෑදීම නිසා රෝහල් ගතකර ඇති බවය. 



රෝහලට යාමට අවසර ලැබෙන්නේ දෙදෙනෙකුට පමණක් නිසා අප කිහිප දෙනෙකු ඔහුගේ නිවසට ගොස් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සුවදුක් විමසීමට තීරණය කළෙමු. දුරකථන ඇමතුමකින් අසා ගත් පරිදි අප ඔහුගේ නිවසට ළඟා වීමු. නිවෙස පිහිටා තිබුනේ මහා මාර්ගයෙන් මඳක් ඔබ්බට වන්නටය. නිවෙස අසලට ගිය මිතුරන් ගේට්ටුවෙන් ඇතුල් වීමට පෙර එක් මිතුරෙක් "කියලා තියෙන විදියට නම් ගේ මේක වෙන්න බෑ "යයිකීවේය. "කමක් නෑ අපි අහලා බලමුකෝ "කියා තවෙකෙක් කී නිසාවෙන් ගේට්ටුවෙන් ඇතුළු වූ ඔහු ගෙදර සීනුව නාද කළේය . නමුත් කිසිම ප්‍රතිචාරයක් නැත. ඉන්පසුව ගෙදර කවුද..? කියා කිහිප විටක් ඇමතූ පසු කාන්තාවක් මෙහෙන් එන්න මම වැඩක් යයි කියනු ඇසුනෙන් අපි නිවසේ පිටිපසට ගියෙමු. 


කාන්තාවක් කරාමයක් අසල රෙදි සෝදමින් සිටියාය. "ඇන්ටි මේ ____ ගේ ගෙදරද..?""ආ .. ඔව් පුතා, ඔය ගොල්ලොද ඊයේ කතා කළේ" ඇසුවාය. "ඔව් අපි තමයි ඇන්ටි කතා කළේ , දැන් __ටයි තාත්තටයි කොහොමද..?""ටිකට් කපන්න තව දවස් තුනක් වත් යයි පුතේ , මේ දවස් ටිකේම ඒ දෙන්න ළඟ හිටියේ __ගේ අයියා තමයි, වැඩට යන්නෙත් නැතුව මත් මේ උදෙඋටයි දවල්ටයි උයලා පිහලා දීල දුව අතේ තමයි කෑම බීම ඇරියෙත් පුතේ මම ගියොත් රෙදි ටිකවත් හෝදන්න කෙනෙක් නැහැනේ.. " "කරදර පිට කරදර පුතේ , __ගේ අයියත් ආපහු එන්න වුනේ වැඩ කරපු තැන වහලා දාපු හින්ඳනේ, තාම එයැයිටත් මෙහෙ වැඩ කරපු තැනට ආපහු යන්න බැරි වුනා." "කරදර ආවම ඔහොම තමයි ඇන්ටි අපිටත් තියෙන දෙයක් කියන්නකෝ ආව එකේ අපිත් මොනවහරි කරලා දෙන්නම්.." "අනේ ඔය ළමයින්ට එහෙම කියන්න පුළුවන්ද යංකෝ ගෙට .."
නිවසේ ඉදිරිපස දොර විවෘත කළ ඇය අපට නිවසට ආරධනා කළාය. "මම පුතාලට තේ ටිකක් හදන්නම්කෝ ", "කමක් නෑ ඇන්ටි එපා ", "මට කරදරයක් නෑ දරුවෝ ඉන්න මම හදලා දෙන්නම්". අප මිතුරාගේ මව නම් ඔහු මෙන් නොවේ , ඉතා කාරුණික නිහතමානී තැනැත්තියක් වූවාය.


"යකෝ මූ කිව්වට ගෙදර කාර් එකක් තියා අර ගේට්ටුවෙන් කාර් එකක් ඇතුලට ගන්නත් බෑනේ" එක් මිතුරෙක්
"ගෙදර රෙදි හෝදන්නේත් අම්මනේ "තවෙකෙක් "ඉතින් බං ඔය අපේ අම්මලත් හෝදලා දෙන්නේ ඕක අරුමයක්ද..?""නෑ බං අරූ කිව්ව එව්වා උඹට මතක නැද්ද"
"උඹ ආවේ ආදයම් මනින්නද..? , ලෙඩ්ඩු බලන්නද..?, ලෙඩ්ඩු බලන්න ආවා නම් කට වහගෙන හිටපන්.."මම හා තවෙකෙක් කීවෙන් ඔවුන් ඉන්පසු කුමක් වත් කීවේ නැත. 
අවසානයේ අපි ගෙන ගිය දෑද දී තවත් දවසක ඔවුන් නිවෙසට කැඳවාගෙන ආපසු යන අරමුණ සිතැතිව ආපසු පැමිණියෙමු. 


නමුත් ආපසු ඔහු දේශන කරා පැමිණෙන තෙක් අපට ඔහුගේ සුවදුක් විමසීමට යාමට නොහැකි විය. ඉන් පසු කිසි දිනෙක අප් මිතුරන් කිසිවෙක් ඔහුගෙන් පරණ කිසිවක් විමසීමටද ගියේ නැත. නොගියවුන් හට එය කීවේද නැත. ඉන් සෑහෙන කලක් යනතුරුම ඔහු මිතුරන් මඟ හරිමින් තමන්ගේ ලජ්ජාව වසා ගැනීමට උත්සාහ කරනු පෙනිනි. නමුත් කිසිවෙක් කිසිවක් නොකී නිසා ඔහු සාමාන්‍ය ලෙස මිතුරන් අතරට එක් විය , නමුත් කෙදිනකවත් ඔහු ඉන් පසුව පෙර දී මෙන් තමන් ගැන කීමට උත්සාහ නොදැරීය. 


තමන් ගැන අනවශ්‍ය පමණට බොරු කීමෙන් සහ අතන් ගැන අනුන්ට බොරු කීමෙන් රැවටෙන්නේ සහ අපහසුතාවයට පත්වන්නට සිදුවන්නේද තමන්ට යයි සිතා වැඩ කටයුතු කරනවා නම් මෙවන් තත්ව ඇති වන්නේ නැත. තමන්ට නැති දෙයක් තියෙනවා කීමට තරම් හීන මානසිකත්වයක් ඇති කර ගැන්ම වෙනුවට තමන්ට ඇති දේ ගැන කීමෙන් තමන්ට සැබෑ ලෙස හිතවත් මිතුරන් පිරිසක් ඔබටත් ඇති කර ගත හැකි වේවි. තමන්ට නැති දේ පවසා ඇති කර ගන්න මිතුරන් තමන්ටෑක් වන්නේ තමන්ගේ අදහස් වලට සහ තමන්ට ඇති හිතෛෂී බව නිසා නොව තමන් ඒ පැවසූ තමන්ට නැති දේ නිසාය. එවන් මිතුරන් කිසි විටෙකත් ඔබට ඒ දේ නැතැයි කියා දැනගත් විට ඔබ සමඟ රැඳෙන්නේ නැත.හොඳම දේ තමන් තමන් වීමය.
මෙය සටහන් කිරීමේ  අරමුණ ඔහුව උපහාසයට ලක් කිරීම නොව ඔහුට සිදු වුන දෙයින් තවෙකෙකුට එය සිදු වනු වලකනු පිණිස බව කරුණාවෙන් සලකන්න..


චතුර....

Sunday, August 21, 2011

අනේ මංදා සිරිසේන - 01


පින්තූරය මෙතනින්..

මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක්


කතාවේ මුල කොටසට ආයතන තුනක් සම්බන්ධයි නම සඳහන් කරන්න අකමැති නිසා ඒ ආයතන තුන මේ විදියට හඳුන්වන්නම්.


1. ආයතනය : මෙය රජයේ අනුමත විශ්ව විද්‍යාලයක්. දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
2. ආයතනය : මෙය රජයේ විශ්ව විද්‍යාලයක් ලෙස පිළි නොගත්තත් මෙහි උපාධි පාඨමාලාව රජයේ අනුමතයි. තවත් දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
3. ආයතනය : මෙය ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් මෙයද විවිධ ආකාරයේ දක්ෂ සිසුන් බිහි කරන ආයතනයකි..


පළවෙනි කතාව :  මම දවසක් එක් ආයතනයක විශින් ශිෂ්‍යයන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වීමට ගියෙමි. ඔන්න ඉතින් මේ වැඩමුළුවටත් විවිධ ආයතන වල සේවය කරන අය විවිධ විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයන් පෙර කී ආයතන තුනේ ශිෂ්‍යයන් පැමිණ තිබිනි.මමත් වාඩි වූ තැන අසල සිටියේ 1 ආයතනයෙන් පැමිණි ශිෂ්‍යයෙකි .මම වාඩි වී ටිකක් වෙලා යන විට ඔහු
ඔහු: මචං උඹ මොකේද බං..?
මම  3 වෙනි ආයතනේ ඉගෙන ගන්නේ බං. (3 වෙනි ආයතනය ගැන කීවද  මම 1 වෙනි හා 2 වෙනි ආයතනයන්හිද ශිෂ්‍යයෙක්මි.. )
ඔහු : මචං ඕකේ ඩිග්‍රිය පිළි ගන්නවද බං..?
මම : මම දන්නේ නෑ බං (වෙන මොනවා කියන්නද ?)
ඔහු : නෑ මචන් මෙහෙමනේ අර මේ අයතනය මේ මේ ආයතන (නාමාවලියක්ම කීවේය ) වැඩක් නැහැනේ අර ආණ්ඩුවේ අහවල් ආයතනයේ ලැයිස්තුවේ නැහැනේ( ඔය ආයතන නාමාවලියට තුන්වන ආයතනයත් අයත් විය )
මම : ඔව් බන් ඔව් ඔව්..
ඔහු : එතකොට බං , 1 වෙනි ආයතනේ ඒ කියන්නේ මම ඉගෙන ගන්න එක ඒ ලැයිස්තුවේ තියෙනවනේ (ආඩම්බර ලීලාවෙන් ),
මම : ආ.. ඔව් ඔව් වෙන්න ඇති නේ..?
ඔහු: වෙන්න ඇති නෙවෙයි බන් එහෙම තමා, එතකොට ඔය දෙවෙනි ආයතනය තියෙනවා නේද මචන්..? , ඒක අර ආයතන ලැයිස්තුවේ නෑ, නමුත් ඒකේ පාඨමාලාව අර රජයයේ අහවල් ආයතනේ  අනුමතයිනේ බන්..
මම : හ්ම්ම්ම්ම් මම දැනගෙන හිටියේ නැහැනේ බං
ඔහු ඊට පස්සෙත් දේශනය පටන් ගන්නා තුරු මචන් මේ අරකේ , එතකොට මේකේ අර මේ..බ්ලා බ්ලා බ්ලා බ්ලා....


දේශනයට  1 හා 2 ආයතනයේ උගන්වන දේශක මහතුන් දෙදෙනෙකුද පැමිණ සිටියෝය. 1 ආයතනයේ දේශක මහතා පෙන්වා අර මිතුරා , අර අපේ සර් කෙනෙක් බං,


වැඩමුළුව අතර මඟදී ඒ දේශක මහත් මා  ළඟට පැමිණ 
ඔය ළමයා අර අහවල් ආයතනේ  අහවල් බැච් එකේ නේද..?
මම: ඔව් සර්
දැක්කහම කතා කරන්නවත් එන්න එපා උගන්නපු සර් කෙනෙක් කියලා..
මම නෑ සර් මම යන්න ලෑස්ති වෙලා සර්ට කතා කරන්න හිටියේ..
හා හා ඒකට කමක් නෑ දැන් ඔය ළමයා මොනවද කරන්නේ..?
සර් මම මේ බ්ලා බ්ලා බ්ලා (විස්තරය )
හොඳයි හොඳයි..
 2 ආයතනයේ දේශකතුමාද මා අසලට "පැමිණ ආ චතුර දැන් කීවෙනි අවුරුද්දද..? "
මම: සර් දැන් මේ  බ්ලා බ්ලා බ්ලා විස්තරය..
ඉන්පසුව මා මිත්‍රයා එක්වරක්වත් මාදෙස හැරී බැලුවේ නැත, යනතුරු කතා කළේද නැත. නමුත් ඉතින් ඔහු කෙරේ තරහවක් නොවූ හෙයින් ආපසු එන්නට සූදානම් වී මචන් අපි එහෙනම් වාෂ්ප වුනා , තවත් මේවගේ එකකදි හම්බ වෙන්නේ නැතෑ නේද..?
මා දෙස අපහසුවෙන් බැලූ ඔහු අපහසුවෙන් "ඔව් මචන් හම්බ වෙයිනේ" කියා යන්නට ගියේය .


අනේ මංදා සිරිසේන මේවා අහලා පණ යනවලු කියා මට සිතුනි... අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් හෙලා දකින්නට යනවාට හොඳ පාඩම්ය, විවිධ ආයතන ගණනාවකම මිතුරන් ඇති නිසා මම මේ දෙයද කියමි. එක් ආයතනයක් වත් ලේබලයකට ලක් කළ නොහැක. අඩු වැඩි වශයෙන් එක් එක් ආයතන වලින් දක්ෂ සිසුන් බිහිවේ. මම දන්නා එක් පෞද්ගලික ආයතනයක ශිෂ්‍යයෙකු මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් රාජ්‍ය සම්මාන පවා ලැබුවේය. තවත් අයෙක් තම පළමු වෘත්තියටම වෙනත් අයෙක් තරමක අත්දැකීම් සඳහා ගන්න වැටුපක් ලැබුවේය. රාජ්‍ය ආයතන වලද දක්ෂ සිසුන් ඇත. එය අමුතුවෙන් කිව යුතු නොවේ, නමුත් දක්ෂතාවන්ට රාජ්‍යද පෞද්ගලිකද කියා නොව බලපාන්නේ තමන්ගේ පුද්ගලික කැපවීම හා උනන්දුවය. කැපවීමෙන් උගත් තැනැත්තා සාර්ථක අනාගතයක් ඇති සාර්ථක පුද්ගලයෙක් වන්නේය.


හීනමානයෙන් වන්නේ තමන්ටම අවැඩකි. ඒ මදිවාට අනවශ්‍ය සතුරන් ඇති කරලීමටද එය උදවු වේ.. මේ වගේ අයට කියන්න තියෙන්නේ ඉතින් අනේ මංදා සිරිසේන කියාය..


මේ දින වල වේලාව හිඟය ,වෙලාවෙන් කොටසක් යන්තම් වැය කර මෙය කොටා ගතිමි, කතාවේ හොඳම හරිය අනේ මංදා සිරිසේන -02 හවසට පළ කරමි ..


මතු සම්බන්ධයි..

චතුර....

Monday, August 8, 2011

ආදරයක්ද .. ? තරඟයක්ද .. ?




දුරකථනය නිවා දැම්මොත්
පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "
"මම පොඩි වැඩක ඉන්නේ ගෙදර ගිය ගමන්ම ගන්නම්"
පසු දිනට"මම පොඩි වැඩක ඉන්නේ පස්සේ ගන්න "
මොකද කරන්නේ..? "මම පාඩම් කර කර හිටියේ."
පසුදිනට "මම පාඩම් කරනවා පස්සේ ගන්න"
"අපි හෙට හම්බ වෙමුද..?" " බලමු"
පසුදිනට මම වෙන වැඩක් කරන විට "මම අද ගෙදර ඉන්නේ.."
ඇමතුමක්, "ඔයා මොකද කරන්නේ ..?" "මම පොතක් කියව කියව හිටියේ .."
පසුදිනට " මේ ඔයා අර අහවලාගේ මේ පොත කියවලා තියෙනවද..? එතකොට අර පොත , එතකොට අර අරයගේ පොත් ?"
ඇමතුමක් ,"ඔයා කොහෙද ඉන්නේ..?" "මම මේ කලින් අධ්‍යයන වාරේ ප්‍රතිඵල බලන්න ආවා" 
පසුදිනට "මට ගිය අවුරුද්දේ විෂයන් වලට මේ ප්‍රථිඵල තියෙනවා , එතකොට මේ අවුරුද්දේ ඒවට මෙහෙමයි තව මේ......."
ඇමතුමක් "ඔයා මොකද කරන්නේ ?" "මම මේ සින්දුවක් අහනවා"
පසුදිනට "මේ අර අහවල් ගායකයගේ අර සිංදුව හරිම ලස්සනයි , එතකොට ඔයා අර අහවල් ගායකයාගේ සිංදු අහලා තියෙනවද..?"
මුහුණු පොතට ලැප්ටොප්  පින්තූරයක් දැමීම
පසුදිනට "මේ මගේ ලැප් එකේ වේගේ ඔයාගේ ලැප් එකට වැඩිය වැඩියි"
මේක ඇත්තටම ආදරයක්ද ..? තරඟයක්ද..?

Picture source : http://www.sauce-music.com/Art.asp Accessed on 08th August 2011 07.00 [Online]

චතුර....

Saturday, August 6, 2011

ජාලයෙන් ස්වායත්ත වන්න ....



ජාලයක් ඇත
අහි ජාල පුරුක්වන අප
ජාලයට එක් කිරීමද ජාලයෙන් ගැනීමද කරන්නෙමු
නමුත් ජාලය නැති වූ කළ 
ජාලයෙන් තොරව කළ හැකි කිසිවක් අප නොසිතමු
ජාලයෙන් ස්වායත්ත වන්න 
ජාලයෙන් එපිට ලෝකය 
ජාලයේ ලක්ෂ්‍යයකට සීමා වී සිටින ඔබට වඩා 
බොහෝ පුළුල්ය
නමුත් එය විඳ ගැනුම 
එයට ඇතුල් වීම
ස්වායත්ත වීමට සිතන තරම් 
පහසු නොවනු ඇත....

Picture source : http://www.squidoo.com/digitalartsoftwareAccessed on 06th July 2011 19.00 [Online]

චතුර....

Friday, August 5, 2011

නොසෑහුන සිත....



මෙය ඇත මට
නමුත් මෙහි අඩු ලුහුඬු ඇත
එය සර්ව සම කර ගනිමි මම
මෙය නැත මට
එය කෙසේ හෝ කර ගනිමි මා සතු
එය තිබුනද
අවැසි ලෙස නොතිබෙද
වෙනසටත් ඉඩ නොම දෙද
එය ඉවත ලා හොඳ දේ සොයමි මම
මෙය මෙපමණකි
නමුදු එය එපමණකි
නමුත් එය මා නොසනසවන කල
දමමි ඒ දෙයද ඉවතටම
ඉවත ලූ පසු
සොයමි මම මට අවැසි දෙය
හමු වූ කළ ඒ වැනි යමක්
සසඳමි ඒ, පෙර සමඟ
මේ දේ ඒ දේ කොයි දේ
ගෙන දේද වැඩි සතුට
මේ දේ මේ අඩුවද
මේ දේ මේ දෙය වැඩිද
පෙරදේ එය සමව තිබිණිද
හොඳම දේ , ඒ මා සෙවූ දේ
මා ළඟම තිබී ඇත
අවසනේ මා විසින්ම ඉවත හැරදමා ඇති එය
නැවත මා සතු කර ගනු කෙලෙස
පමා වැඩි සිත , ඔබ එයට පමා වැඩිය
හොඳම දේ සෙවූ සිත ඔබ
අසල වූ හොඳම දෙයම අහිමි කර ඇත
හොඳම දේ හොඳම ආකාරයට
සොයන නුඹ ,නොසෑහුන සිත
කවදා මෙල්ල කර ගනුද
ඒ නිම නොවෙන අසීමිත
නොසෑහීමම....


Picture source : http://debbieflood.blogspot.com/2010_07_01_archive.html Accessed on 05th July 18.00 [Online]

චතුර....

Wednesday, August 3, 2011

සිරිමතී....


"අම්මේ මගේ කකුල් රිදෙනවා "පුංචි සහන් නගන මැසිවිල්ල නිසාවෙන් සිරිමතී දරුවාට කිසිත් නොකියා දරුවාව වඩා ගෙන උරෙහි තිබූ බෑඅගයද අනෙක් උරයට දමාගෙන බස් නවතුම කරා එන්නට පිටත් වූවාය.පෙරපාසල් වියේ යන දරුවෙක් වූවත් උසුලන දුක් කන්දරාව නිසාදෝ ඇයට දරුවාගේ බරක් නොදැනුනි. මහත්තයා "මහත්තයා මීගොඩට යන බස් නවත්තන්නේ කොහෙද?"ඇය තමන් මෙන් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි තලතුනා පෙනුමැති මහත්මයෙකුගෙන් විමසා සිටියාය."ඔහොම යන්න , ගියාම උමං මාර්ගය හම්බ වෙයි ඇතුලෙන් වම් පැත්තට හැරෙන්න  කොටා පාර කියන බෝඩ් එක බලන්න" කරුණාවන්ත බැල්මක් හෙලූ එම පුද්ගලයා නැවත හැරී ගමන් කරන්නට විය. එතුමාට පින්සිද්ධ වෙන්න ඕනේ. අද දවසට මට එකම එක වචනෙකින්වත් කරුණාවෙන් කතා කලේ ඒ මහත්තයා,සිරිමතී ගේ සිත කියයි..

සැමියා හැරගොස් සිටින සිරිමතී තම පාසල් යන දියණියත් පස් හැවිරිදි පුතුත් රැක බලා ගත්තේ වත්තක කිරි කැපීමෙන්ය. දියණිය පාසල් ගොස් එනතුරා සිය කුඩා පුතු අසල පෙරපාසලෙන් පැමිණි පසු ඔහුත් සමඟ කිරිමිදවීමේ කාර්‍යයට සවස දෙක පමණ වනතෙක් හවුල් වන ඇය සවස් වරුව වතු හිමියාගේ නිවසේ වැඩ පලට උදව් වන්නීය.සහන්ට හදිසියේම සහලවල උණ ගත් නිසාවෙන් අසල්වැසි කාන්ති කියා සිටියේ "නංගියේ මොන උණක්ද දන්නේ නෑනේ අනේ ඉක්මනට ළමා රෝහලට අරන් පලයන්"  කියාය. උදේ රැයින්ම අවදිව සිය කිරිකට්ටියේ වැඩ නිමකළ ඇය සිය දියණියද පාසලට ඇරලවා වතු හිමි වික්ටර් මහත්මාගේ නිවසට ගියේ ඇයට සවස වඩට ඒමට නොහැකි වේ යයි පැවසීමටය. වික්ටර් මහතා නම්  දරු දෙදෙනා කෙරේ අනුකම්පා කරන නිසාවෙන් ඇයට කුමක් වත් කියනු නැතැයි ඇය සිතුවාය. ඇය යනවිට වික්ටර් මහතා නිවසේ සිටියේ නැත. සිටියේ වික්ටර් මහතාගේ නෝනාය. "නෝනා මේ පොඩි එකාට සනීප නෑ මම මේ  නෝනා වාට්ටුවටවත් ගෙනිහින් බලන්න කියලා" ඇය සිය කාරණාව නෝනා ඉදිරියේ දිග හැරියාය. "අනේ මංද උඹලට පිච්චිය නැති උනාට  යන්න ඕනේ කොළඹ රටේ " නෝනා ගත් කටටම එසේ කීවාය, එමලින් දැන් වයසක එකී , ඒකි කෝමද මේ වැඩ ටික තනියම කර ගන්නේ..? නෝනා තවත් ගෝරනාඩුවය. "අනේ නෝනො එහෙම කියන්න එපා , මට ඉන්නේ ඉතින් මුන් දෙන්න විතරනේ, කාන්ති අක්කා කිරි ටික අකුලලා  ගෙනත් දෙයි " කඳුළු පිරුණ දෙනෙතින් බැගෑපත්ව කීවාය. "මම දන්නේ නෑ ඉක්මනට වරෙන් හවස් වෙන්න කලින් " ඇය නෝනාගේ ස්වරය තවත් ටිකකින් "උඹ යන්න ඕනේ නෑ"කීමට කලියෙන් ඉක්මන් ගමනින් පිටත් වූවාය.

"දඩාස්" කොහෙ බලාගෙනද ගෑනියේ යන්නේ..? තව ටිකෙන් මගේ අම්බ්‍රෙල්ල එකත් කැඩෙනවා.." ලස්සන නෝනා කෙනෙකු රලු වචන වලින් නැවතත් ඇයට දමා ගැසුවාය. අනේ නෝනා මට සමා වෙන්න මම වෙන කල්පනාවක ආවේ නැවතත් ඇය උරුම බැගෑපත් ස්වරයෙන් කීවාය සිරිමතීගේ ඉහේ සිට දෙපතුලටම කෝපාවිෂ්ඨ බැල්මක් හෙළු ඇය මොහොතකදු තම ගමන පමා නොවීමට ඉඩ නොදී  යන්නට ගියාය. බස් නැවතුමට එන තෙක්ද ඇයට සිහි වූයේ රෝහලේදීත් "තමන්ගේ දරුවා මෙහෙමද බලා ගන්නේ , තමන්ගේ දරුවා මීට වඩා පරිස්සමෙන් බලාගත්තොත් හොඳයි කියා දොස්තර මහත්වරුන්ද ඇයට දොස් නැගූ ආකාරයයි".

"අසරණ මම වෙන මොනවා කරන්නද දෙයියනේ..?" නැවතත් ඇය සුසුමක් හෙලමින් බසයක්  ඒදැයි බැලුවාය.. බසයකට මඟ බලමින් උන්නද නැවත කල්පනා ලෝකයේ සිටි ඇයගේ සිතුවිලි දැහැන  බිඳුනේ  අසල නැවතුනු බසයේ කොන්දොස්තරගේ හඬිනි. රාජගිරිය , බත්තරමුල්ල මාලඹේ අතුරුගිරිය මීගොඩ මීගොඩ  මීගොඩ ..බසයට නැඟුන ඇය හෙමින් හෙමින් බසයේ ඉදිරියට ගියාය, සමහරු දරුවාත් කර පින්නාගෙන සිටින ඇය දුටු විට ඉවත බලා ගත්තෝය, සමහරු  නිඳි කිරා වැටුනෝය, සමහරු මේ මොන මල කරදරයක්ද කියා මෙන් ඔරවා බැලුවෝය, කමක් නෑ මට මේ දුර ආවනම් දරුවත් අරන් හිටගෙන යන්න බැරි කමක් නෑ ඇගේ සිත ඇයටම කියයි. "ඔය දරුවත් එක්ක ඉන්න අක්කට කවුරු හරි සීට් එකක් දෙන්න" , කොන්දොස්තර බසයේ පිටුපස සිට මොර දුන්නත් සිරිමතීට අසුනක් පිරි නමන්නට කෙනෙක් ඉදිරිපත් වූයේ නැත. අවසානයේ බසයේ ඉදිරිපස අසුනකට වන්නට හිඳගෙන සිටි තරුණ මහතෙක් කාරුණික සිනහවක් පාමින් ඇයට අසුන පිරි නැමුවේය.

ටිකට්ස් ටිකට්ස් නැවතත් කොන්දොස්තර හඬ තලයි. බසය ටික දුරක් ගිය පසු නින්ඳේ හුන් සහන් අවදි විය, "අම්මේ මට ඕක් වගේ" වේදනා බර මුහුණින් දරුවා කීවේය , දෙයියනේ මම සිලි උරයක්වත් දාගෙන ආවේ නෑනේ, ඇය නැවතත් සැක හර දැන ගැනීමට සිය මල්ලට අතදා බැලුවාය,එකදු සිලි උරයක් නැත. අසුනේ අනෙක් පස හිඳසිටියේ තරුණ ගැහැනු ළමයෙකි. ඇයට සිරිමතී පිළිබඳ වගක්වත් නැත , කනේ ඉයර් ෆෝනයක් ගසා ගෙන කවුළුවෙන් ඉවතබලා  සිටි ඇය තමා දෙස හැරී බැලූ එකම වතාව වූයේ නින්දේ සිටි සහන්ගේ පය ඇයගේ ඇඟේ වැදුන අවස්ථාවයි. "නෝනා දරුවට වමනේ යන්න එනවලු, මට පොඩ්ඩක් වීදුරුව අයින දෙනවද නෝනා ළමයට වමනේ කරවන්න", දෙවරක්ම මෙසේ පැවසූ නමුත් යුවතිය වැරදීමකින්වත් සිරිමතී දෙස නොබැලුවාය, ඇය තවමත් සංගීතයට හෝ රේඩියෝවට කන් දෙමින් කවුළුවෙන් ඉවත බලා සිටියි. සිරිමතී දෙස බලා සිටි පිටිපස අසුනේ විශ්‍රාම ව සිටින ගුරුමෑණියක් යයි සිතිය හැකි වයසක කාන්තාව තරුණ ගැහැණු ළමයාගේ උරහිසට අත තැබුවාය. එසැණින් පියවි ලොවට පැමිණි තරුණ යුවතිය ඒදෙස හැරී බැලුවාය , එසැනින් සිරිමතී, "නෝනා පොඩ්ඩක් මට වීදුරුව අයින දෙනවද දරුවට වමනේ යන්න වගේ".. යයි නැවතත් කීවාය. අහංකාර පෙනුමකින් සිටි තරුණිය මුහුණට සිනාවක් නංවාගෙන "එන්න එන්න මට ඔයා කතා කරනවා ඇහුනේ නෑනේ" කියා සිනහ මුසු මුහුණින් අසුනේ තම ස්ථානයට සිරිමතීට ඒමට අයගේ මල්ලද ඔසවාගෙන සිරිමතීට උදවු කළාය. සිරිමතියගේ මුවඟටද අහිංසක සිනහවක් නැඟුනි. අසුනේ තැන් මාරු කළද සහන්ට වමනය ගියේ නැත. මීගොඩින් බසයෙන්බැස ගත් සිරිමතී සිය කුඩා නිවස්නය කරා අලස ගමනින් පියමන් කළේ  වික්ටර්මහතාගේ නෝනාගෙන් හවස් වරුවට හවසට අසන්නට වන දෝස් මුරයෙන් ගැලවෙන්නේ කෙසේදැයි සිතමින්ය....

Picture source : http://snarkernackle.blogspot.com/2006_03_01_archive.html Accessed on 03rd July 16.00 [Online]

චතුර....

Thursday, July 28, 2011

යකුන් අප සිතනා තරම් කළු නැත..


බලා සිටියෙමි
හමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්
නොසැලි සිටියෙමි
සිතට එඩි ගෙන
විපත දැන් දැන් එයි කියා
නමුදු කිසිවක් සිදු වූයේ නැත
සිංහ සෙයියාව
රඟ දුන්නාට
යකා හට කළ හැකි
වැඩක් නොම නැත
හීන් සැරයට යකා බයව ඇති සැටියකි,
කළ හැකිව තිබු
එකම දෙය වන උමතු සුනඛ රැඟුමද
සැනින් නිම විය.
යකුන් අප සිතනා තරම් කළු නැත..

Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online]

චතුර....

පරවේණි උරුමය....


අඩු නැතිව
වැඩි නැතිව
මටත් ලැබුනා
පරවේණි උරුමය
උරුමයද කරුමයද
නොවිසඳිය හැක එය
පලක් ඇති මුත්
පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම
පරවේණි උරුමයට
ඇත යොමුව ගිජු ලිහිණි ඇස්
ඔබ නැති නිසාවෙන්
සිටින ගිජු ඒ තන්හාපතින්..
පලවා හැරුමට එක් සරින්
නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම්
පියාණෙනි නැවත එනු මැන
සවිය වනු මැන
හිඳිනු ලෙස මා පසුපසින් ..

Picture source : http://trip2orissa.com/orissa-paintings.html Accessed on 28th July 2011 07.00 [Online]

චතුර....

Wednesday, July 27, 2011

බාලගිරි සහ මම....



උදේ 7 ට - ඊයෙත් පටන් ගන්න බැරි වුනා අදවත් පටන් ගන්න ඕනේ..
උදේ 8 ට - කාලා පත්තරෙත් බලලම පටන් ගන්නවා..
උදේ 9 ට - සින්ඩිය පැත්තත් බලල තවත් ටිකක් කියවලම පටන් ගන්නවා..
උදේ 10.30 ට - හොඳ ෆිල්ම ටිකක් හම්බ වුනා මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා අළුතෙන් දාල තියෙන බ්ලොග් පෝස්ට් ටිකත් කියවලම පටන් ගන්න ඕනේ..
11.30 ට - ඔන්න ඔහේ ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ මේ මූවි එකත් බලලම පටන් ගන්න්නවා...
දවල් 2 ට - ඔන්න ඔහේ කාලාම පටන් ගන්නවා..
2.30 ට - අළුතෙන් පෝස්ට් එකක් ලියන්න ඕනේ..
2.45 ට - මේක පස්සේ ඉවර කරනවා, දැන් අර නවකතාව භාගයක් වත් කියවලා ඉවර කරන්න ඕනේ....
හවස 4 ට - පුතේ ගෙදර ඉන්න දවසනේ මම  පිහදලා දෙන්න ලස්කාව නාවන්න..
හවස 4. 30 ට - පුතේ මට පන්සල් යන්න තියෙනවා මල් ටිකක් කඩලා දෙන්න..
4.45 - ඔන්න ඔහේ අර පෝස්ට් එකේ ඉතුරු ටිකත් ලියලා ඉවර කරන්න ඕනේ..
5 ට - මූණු පොත පැත්තේ ගිහින් චැටක් දාලම පටන් ගන්නවා..
6. 30 ට - පොඩ්ඩෝ මෙන්න මේක කරලා දෙන්න මට යාළුවෙක් හම්බ වෙන්න යන්න තියෙනවා , ඕක හෙට දෙන්න ඕනේ..
8 ට - පුතේ මෙන්න ඔයාට දිලීපගෙන් කෝල් එකක්..
8.45 ට - ඔන්න ඔහේ නාට්‍යයත් බලලම පටන් ගන්නවා..
9.30 ට - ස්කයිපියෙන් " මචාන් චතුර මෙන්න මේක වැඩ කරන්නේ නෑ  පොඩ්ඩක් බලපන් ", චාලි
10.30 ට - Gtalk එකෙන් ශශික " මචන් මේල් වගයක් එව්වා පොඩ්ඩක් බලපන් "
11 ට - පොඩ්ඩෝ වැඩේ ඉවරද ..? "න් නෑ මේ තව පොඩ්ඩක් තියෙනවා දැන් ඉවර කරලා දෙන්නම් "
 රෑ 11.30 ට - ස්කයිපියෙන් චාලි ," මචාන් මේක මම වෙනස් කළා දැන් මේ පාට් එක වැඩ නෑනේ.. පොඩ්ඩක් බලපන්.."
12.30 ට - අරයගෙන් කෝල් එකක් " ඔයා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් උදවු කරනවද..? "
 පාන්දර 1.30 ට - මේසේ උඩ  "ග ර් ර් , කු රූ ස් ස් , ග ර් ර්"
 පාන්දර 2 ට - අම්මා,"කොච්චර කිව්වත් අහන්නේ නෑ රෑ තිස්සේ ඇහැරගෙන මේක ඉස්සරහම තමයි නිදියන්නේ , මම මේන් එක ඕෆ් කරන්න කලින් ඕක නිවලා ඇඳට ගිහින් නිදිය ගන්න"
පාන්දර 2.01 ට - ඇඳටගිහින් ලැපෙන් කරන්න පටන් ගන්නවා..
පාන්දර 2.02 ට- ලැප ඔන් කරයි
පාන්දර 2.30 ට  ඇඳ මත නින්දෙන් , " කෝ අර පරණ ඩොක් එක "
පාන්දර 3.01 ට - නින්දෙන් ඇහැරී," ඔන්න ඔහේ හෙටම පටන් ගන්නවා..", 'ලැප නිවා දමයි'
බාලගිරි අද නොවෙයි හෙට ....


චතුර....

Tuesday, July 26, 2011

අපේ ප්‍රධානියා..




අපි වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත්
ප්‍රධානියා කියන්නේඅපි හෙමින් වැඩ කියලා
ප්‍රධානියා වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත් ඒකට කියන්නේ 
සර්ව සම්පූර්ණ කටයුත්තක් ඔහු සාර්ථක නිම කරන්නෙක්
අපිට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
අපිට කියන්නේ අපි කම්මැලියෝ කියලා
ප්‍රධානියාට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
ඒකට කියන්නේ එයා කාර්‍යබහුලයි කියලා..
අපි හොඳට වැඩක් නිම කළොත් 
ඒක ප්‍රධානියාට මතක නෑ
අපි අතින් වැරැද්දක් වුනොත් 
ප්‍රධානියාට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ
ඔක්කොම ප්‍රධානියෝ එක වගේද..?
ඒත් මෙහෙමත් හිතුවොත්
ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්  
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත් 
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්
ඔහු ඔබේ ප්‍රධානියා වුනොත්....





Picture source : http://www.realsoftwaredevelopment.com/software-developers-guide-to-managing-your-boss/ Accessed on 26th July 2011 14.00[ Online]
Picture source : http://www.soannoying.com/blogs/b/1516 Accessed on 26th July 2011 14.00[ Online ]

Love you Mr. Kalakaar ඇසුරෙනි.

චතුර....

Monday, July 25, 2011

සාරිය..



නිවාඩු දවසනේ ඔන්න ඉතින් පොඩි පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසත් පොඩි වෙනසකටත් එක්ක කියලා අම්මයි මමයි අයියයි ඔන්න ඊයේ පොඩි සාප්පු සවාරියක් වගේ එහෙමත් නොවෙන ගමනක් ගියා.
කොහොමින් කොම හරි ඔන්න අපේ අම්මත් අන්තිමට ඇඳුම් සාප්පුවකට ගොඩ වෙන්න තීරනය කළා, " අම්මා මල්ලිත් එක්ක යන්නකෝ මම වාහනේ ඉන්නම්" ඔන්න අපේ අයියා ශේප් වෙන්න ලෑස්තිය," නෑ නෑ ඔයත් යන්" ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් අපේ අම්මත් ඇඳුම් සාප්පුවට ගොඩ වුනා. 

" ආනේ කාලේකින්නේ දැක්කේ ඔයාව ඥානේ( අපේ අම්මව මිතුරියන් අමතන ආකාරය )" කියාන එක පාරටම ආවේ අපේ අම්මගේ පරණ මිතුරියක්." ආ රංජි ඔයා"  ඔන්න අපේ අම්මත් ඇඳුම් තේරිල්ල පැත්තක තියලා ඔන්න කතාව , ටික වෙලාවකින් අපි දෙන්නා දිහාවටත් හැරිලා මොනවද මොනවාද කිව්වා ඉතින් අපිත් හිටපු විදියටම හිටියා, ඔන්න ඊළඟට යාළුවා ගියාම තමයි අපි හැමදාම බය අති භයංකාර  වෙලාව ඊයෙත් ආවේ. ඒ තමයි ඉතින් සාරි තේරිල්ල. ඔන්න ඉතින් සාරි පෙන්නන්න ගෑනු ළමෙකුත් ආවා, " අනේ පව් මෙයාට සොරි.කොම් තමා" අපේ අයියත් එයාට පොඩි බැල්මක් දාන ගමන් කිව්වා.( මෙයා ඉතින් කොතන ගියත් ඇහැට ප්‍රිය දසුනක් වුනත් අප්‍රිය දසුනක් වුනත් "නියම කුකුළා" , වෙලාවට බ්ලොග් කියවන්නේ නැත්තේ සිකුරා නලලේ නෙවි සරුවාංගෙම කියලා හිතා ගත්තොත් තමයි හොඳ ..)

 ඔන්න ඉතින් අම්මා අපි දිහාට හැරිලා අහනවා 
" මේකෙ පාට හොඳද ?"
 " හොඳයි හොඳයි ඕක තමයි ලස්සනම" ,අපි 
"ඒත් මේක නිකන් අවුට් ඔෆ් ෆැශන් වගේ නේද?"
"මේක හොඳද ?",අම්මා
"ඔව් ඔව් ඒක අරකට වැඩිය හොඳයි ", අපි
"මේක හොඳද?",අම්මා
"ඔව් ඔව්  ඕක  තමයි දැන් ට්‍රෙන්ඩ් එක", අයියා  
" ඈ.. ?තමුසේ කෝමද සාරි ට්‍රෙන්ඩ් දන්නේ ??" ,මම
"ඉක්මනට ගෙදර යන්න ඕනේ නම් කට වහගෙන හිටු " , අයියා අයියා කනට කර රහසින්..
"අනේ මංද මේක මගේ ඇඟට හරියන එකක් නෑ ", " මේක ලස්සනද..?", අම්මා
"ඔව් ඔව් ඕක තමයි අපේ ලෙක්චරර්ස්ලත් දැන් අඳින්නේ" මම
" තරුණ අය අඳින එව්ව මේ වයස මට හරියයිද? " අම්මා
"ඕකනේ කිව්වෙ , කට වහගෙන හිටු" ,නැවතත් අයියා කනට කර රහසින්
" මේක නම් මගේ හිතට ඇල්ලුවා"
"ඔව් ඔව් ඕක හොඳයි "අපි
" නෑ ඒත් මේක ඇන්ඳම ටිකක් පිම්බෙනවා වගේ මැටීරියල් එකක් වෙන එකක් බලමු "අම්මා
" මේ මැටීරියල් එක හරි නෑ ඕක ඉක්මනට ඩැමේජ් වෙනවා "
 " ඔය පාට දෙකක්ම මං ගාව තියෙනවා ඒක නිසා  ඔය පාටින් එපා",අම්මා .............................................................................................................
.............................................................................................................
.............................................................................................................
..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
සංවාදය තව පැයක් හමාරක් දිග්ගැස්සුනි.අවසානයේ සොයාපු දේ සම්භ විය. සාරිය ගත්ත අම්මාට වඩා සංතෝස අපිටය. "වෙලාවට අක්කා ගෙදර නැත්තේ නේද?" මම අයියාගෙන් ඇසිමි "අනේ වාසනාවන් නැත්තන් ඇඳුම් සාප්පු වලටම ඉරිදයි සෙනසුරාදයි යයි " අයියා. අක්කා විවාහ වීමට පෙර රෙදි යාරයක් මිලට ගැනීමට කඩ සාප්පු ගණනාවකට ගොඩ වී අවසානයේ රෙදි රෝල් දහසක් පමණ පෙරලා රෙදි යාරය මිලට ගත් සැටි මට මතක් විය. 

අම්මලාට අක්කලාට මේ වගේ පැය ගානක් ඇඳුම් තෝරන්න යන එක නම් ලොකු ප්‍රශ්නයක්. කාන්තාවන් එක්ක සාප්පු සවාරි යන වෙලාව දා ගන්නකොට පොඩ්ඩක් වැඩියෙන් වෙන කාර්‍යයකට යන වෙලාව මෙන් දෙගුණයක් වෙලා යොදා ගන්න.ගොඩාක් වෙලාවට සරිලන මිලට හිතන හරියන එකම සෙවීමට කාන්තාවන් දස්සියන් නිසා මෙයට වේලාව ගත වීම වැඩි වනු ඇත.

මගේ අවවාදය :අම්මලා අක්කලා එක්ක හෝ ඔබගේ සහකාරිය සමඟ සාප්පු යනවිට පරිස්සම් වන්න, ඉක්මනට ඒමට අවශ්‍ය නම් තේරීමට ඔබ මැදිහත් නොවන්න.

Picture source : http://www.thehindu.com/todays-paper/tp-national/tp-andhrapradesh/article2052836.ece Accessed on 25th July 2011 20.00 [Online]

චතුර..

Sunday, July 24, 2011

හලාගෙන ඩයි කුප්පියක්..



ඉපදෙන සැවොම
වයස්ගත වන බව දැන
රූපයෙන් මන්මත්ව
සිටිනු රිසි සැම දිනෙම
අනුන් රවටනු පිණිස
මවා බොරු රූපයක්
හලාගෙන ඩයි කුප්පියක්
තම රුව ඇති සැටි
පෙන්වුමට කිමද ඒ හිරිකිතක්
සියළු දේ නැසෙන්නෙය
ඔබට පමණක් නොව සැමට එය පොදු දෙයකි
ඔබත් මහළුව දිරයි
තමා මිස අන්කෙනෙකු නොවේ ඒ රුව තුලම
ලෝධර්මතාවයට
පිටු නොපා සිටියේ නම්
අනුන් රවටනු පිණිස
කිමට තව බොරු රන් රූපයක්..

Picture source : http://www.clubplanet.com/Articles/2223/Hair-Dying-101-Stop-Worrying-and-Love-the-Bottle Accessed on 23rd July 2011 22.30 [Online]

චතුර....

Saturday, July 23, 2011

මරණය අභියස හිඳ..




දියට බසින විට
සිතුනෙද කිසිවිටෙකත්
සැණෙන් මහදිය කඳක් ගලයි කියා
මහදිය කඳක් ආවත්
සැඩ වේගයකින්
සිතුනෙද සැඩපහරට හසුවේවි කියා
කාලය වෙනස් වන සැනෙකින්
වන සිදුවීම
මරණය සිදුවන්නේ අසවල්  වෙලාවේයයි
මරණය අභියස  හිඳගෙනවත්
කිය හැකි හපනෙක් වේද
පහලව මේ දියත..

දියට බසින විට අනතුරක සේයාවක් නැතත් සැමවිටම අනතුර ගැන විමසිලිමත් වන්න..

චතුර....

ප.ලි. මුලින්ම කොමෙන්ටුව දාන එක්කෙනා මධුරංග අයියට විස්තරේ ලියලා කොමෙන්ටුව දානවනම් හොඳයි..

Friday, July 22, 2011

මමී පපා පපී ජූස් පාන් චූස් ..



රෝහිනී නැන්දට
ආන්ටි  මයි ඩාලින්
අල්ලපු ගෙදරට අලුතෙන් ආපු අක්කා කිව්වලු
මිසිස් පෙරේරා අනියන් එකක් දෙනවද කියලා
අල්ලපු ගෙදර නැන්දා ආවලු
තව ශුගර් ටිකක් තිබ්බා නම් ඔයාගේ ඩ්‍රින්ක් එක මරු කියලා 
ඒ මාමා කිව්වලු
මල්ලි අපි ප්ලේ කරමු කියලා
ඒ පොඩි එකා කිව්ව්වලු
මේවා අහපු අපේ පොඩි එකා
"මමී පපා පපී ජූස් පාන් චූස් "
කියලා කිව්ව්වලු..


තේරුම
"අම්මේ තාත්තා පරිප්පු හොඳි එක්ක පාන් කනවා.."

Picture source : http://www.crestock.com/image/20113-Shopping-family.aspx Accessed on 22nd July 2011 20.30 [Online]

චතුර....

මගේම අදහස..



මමම හොඳයි කියාපු
මමම හොයලා දීපු
මටම හිතුනු
මගේම අදහස
මගෙන්ම අහගෙන
මාව අමතක කර
මගේම අදහස උඹලගේ කරගෙන 
උජාරුවෙන් මටම පෙන්නපු හැටි....

Picture source : http://www.wiggz.com/blog/art/tag/paintings/page/2/ Accessed on 27th July 2011 06.00 [Online]

චතුර....

Wednesday, July 20, 2011

විමසිලිමත්ව තහනම් ගසට නගිනු..



සැපත සොයන කළ
නොමනැති නුවණ
තහනම් ගහටමයි යොමුවන
සිත එවිට
අසුවූ කළට නොමනා කම්
කළ සොඳින
විපත ගෙනෙයි තහනම්
රස සිහි ගන්වමින..

මේ වීඩියෝවත් මිතුරෙක් විසින් මා වෙත එවන ලද්දකි. අපූරු අදහසකින් නිර්මාණය කරන ලද තවවත් අනර්ඝ වෙළඳ දැන්වීමකි. තහනම් රසය වින්ඳොත් එහි ප්‍රථිඵල විඳින්නටද වන්නේද ඔබටමය. එනිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න.

සැලකිය යුතුයි

සමහර වෙලාවට ඔබ සිටින තැනම රැඳී සිටීම වඩාත් සුදුසුය..  

චතුර..

බස් වෙළඳාම සහ මිතුරා..




පසුගිය දිනෙක සිදු වූ සිදු වීමක් නිසා මෙම සටහන තැබීමට සිත් විය. තොරතුරු තාක්ෂන උපාධි අපේක්ෂකයන් වන අප ව්‍යාපෘතීන්හි අවසන් කාලා සීමාවේ කෙතරම් වෙහෙසක් දරනවාද යන්න ඔබට එම තත්වයේ නොසිට වටහා ගත නොහැකි යයි සිතමි. එහෙත් සත්‍ය වශයෙන්ම එය ඉතා දුෂ්කර කාලා සීමාවක් වන්නේය. මන්දයත් ව්‍යාපෘතීන් කිරීමට බොහෝ විට සිදු වන්නේ ඒ සම්බන්ධ විෂයන් ඉගෙන ගන්න කාල සීමාව අතර තුර වීම මෙයට හේතුවයි. තවද එය නිම කිරීමට ලැබෙන මාස දෙකක පමණ කෙටි කාලයත් ව්‍යාපෘතියේ ඉලක්ක සියල්ල නියම ආකාරයෙන් සපුරා ගැනීම අසීරු කාර්‍යයක් වීමත් මෙයට එක් හේතුවක් වේ. සත්‍ය වශයෙන්ම මාස දෙක හමාරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියකට ලැබුනත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තරම් සෑහෙන දැනුමක් ලැබෙන්නේ ඒ ඒ විෂයය සති දෙකක් තුනක් පමණ කාලයක් හැදෑරීමෙන් පසුවය.

එම නිසා සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතියට ලැබෙන්නේ මාස දෙකක පමණ කාලයකි. ඒ කාලය අතර තුරත් දේශන වලට සහභාගී වීම දේශන වලදී ලබා දෙන විශය මාලාවේ අමතර පැවරුම් කිරීම විශයයන් තුනක් හෝ හතරක එකවර කරන්නට වීමත් යන කරුණු නිසා බොහෝ විට ව්‍යාපෘති සඳහා කාලය සොයා ගැනීම දුෂ්කරය. තවද විෂය මාලාවෙන් ලැබෙන න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම තම තමන්ගේ  ග්‍රහණය කිරීමේ හැකියාව දක්ෂතාව යන කාරණා නිසා

එය නිවැරදි ආකාරයෙන් තම දැනුමට තවත් එක් කරුණක් ලෙස නොව ප්‍රායෝගිකව යොදා ගත හැකි ආකාරයේ දැනුමක් බවට පත්කර ගැනීම සඳහාද අමතර කාලයක් මිඩංගු කර අභ්‍යාසයන්හි නියැලීමට සිදුවේ.මේ සියළු සකල විධ කරුණු කාරණා සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතීන් දෙකක් හෝ තුනක් එකවර කිරීමට සිදුවන අතර එය කිසිවෙකු විසින් කළ දෙයක්, උපුටා ගැනීමක් , වෙන කෙනෙකුගේ අදහසක් හෝ වෙනත් කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තක් නොවිය යුතුය.මේ සියළු සකලවිධ කරුණු සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතියක් සාර්ථකව නිම කර ගැනීමට භාර දීමට ඇති අවසන් තත්පරය දක්වා කාලයද අප ප්‍රයෝජනයට ගන්නෙමු. ඒ නිසාවෙන් මෙම කාලසීමාව ඉතා දුෂ්කර කාලසීමාවක් වන්නේය.

පසුගිය සතියේ දිනයක අපහට මෙම වාරයේ විශයයන් දෙකක් සඳහා වූ ව්‍යාපෘතීන් භාර දීමට සිදුවී තිබුනේ එකළඟ වූ දින දෙකකය. එම නිසා එම දින කිහිපය මමත් මාගේ මිතුරාත් වෙහෙසී නිම කිරීමට උත්සාහ ගත්තෙමු. එම දින කිහිපයම රෑ නිදිවරා වැඩ කිරීමෙන් පසු සාර්ථකව ක්‍රියාත්මකවන වැඩසටහනක්  අපට නිම කරගත හැකි විය. එදින ස්වස පහට ප්‍රථමයෙන් භාර දීමට තිබූ එම ව්‍යාපෘතියේ අපට ඉතිරිව තිබුනේ වාර්තාවේ යම් යම් වෙනස් කම් කිහිපයක් කර එහි මුද්‍රණ පිටපතක් ලබා ගෙන එය අධ්‍යයන අංශය වෙත භාර දීමටයි. සියල්ල අවසන් කරගෙන එක්ව එම කටයුත්ත පැයකින් හමාරකින් ශිෂ්‍ය ශාලාවේදී අවසන් කර මුද්‍රණය කර භාරදීමට සැලසුම් කරගෙන මමත් මගේ මිතුරාත් යාමට බසයට නැගුනෙමු.

 බසයට නැගුන මාගේ මිතුරා ඔහුට තදින් නිදිමත ඇති හෙයින් ඔහු නිදා ගන්න බවත් ගමනාන්තයට ළංවූ කල්හි ඔහුට ඇහැරවන මෙන් මා හට කියා නින්දට වැටුනේය. මා සිටියේ කවුළුව අසල වන අතර ඔහු එම අසුනේම අනෙක් පස හිඳ සිටියේය. ටික වේලාවක් යන විට බස් රථයට නැඟුන වෙළෙන්දෙක් කිසියම් පත්‍රිකාවක් සමඟ බ්තවත් කුඩා පොත් කීපයක් ( මා දුටු ආකාරයට  මේවා පෙර පාසල් යන දරුවන් සඳහා රචනා කරන ලද පොත් විය ) එක් එක් මඟියාගේ ඔඩොක්කුවට දමන්නට විය. කිසි අයෙක් එය නොගෙනීමට අහක බලා ගත්තේ වීද , ඒත් මොහු ඒ පුද්ගලයාගේ ඔඩොක්කුවටද එය බලෙන් දමන්නට විය.

ඔහු අප සිටි අසුන ළඟටම විත් මාගේ ඔඩොක්කුවට දැමීමට පෙර මාගේ මිතුරාගේ ඔඩොක්කුවටද එය දමා ඔහු සිටි ඉරියව්වට අනූව ඒ පොත් බිම පතිත වේ යයි සිතාදෝ ඔහුව මඳක් සොලවා ඇහැරවන්නට විය. මාගේ මිතුරාටද ඉතා නරක පුරුද්දක් විය ඒ තමන් නිඳා සිටින විට වෙනකෙකු ඔහු ඇහැරවීමට උත්සාහ කළහොත් ඒ පුද්ගලයාව තල්ලු කර දැමීම හෝ ඒ පුද්ගලයාට විසිවන තරමේ පා පහරක් එල්ල කිරීමය. එය ඔහු සමඟ රාත්‍රී කාලයේ පාඩම් කිරීමට එකතුවන මගේ මිතුරන් කිහිප දෙනෙකුට අත් විඳින්නට සිදු වූ සුලභ අත්දැකීමක් විය. ක්ෂණයෙන් අවදි වූ මාගේ මිතුරාට එදිනද ඔහු බසයේ සිටින්නේ යයි අමතක විය  ඇහැරවීමට සෙලවූ සැණින්ම ඔහු ඒ පුද්ගලයාට පාපහරක් එල්ල කළේය.සැනින් ඒ පුද්ගලයා විසිවී පතිත වුනේ ඉන් එහා අසුන් පෙළේ අයිනේ වාඩි වී සිටි තරමක් සැර පරුෂ මෙනුමැති තරබාරු කාන්තාවකගේ ඇඟ උඩටය. ක්ෂණයෙන් කෝප ගත් ඒ කාන්තාවද කැඳ බීලද ඉන්නේ මනුස්සයෝ හයියෙන් අල්ල ගන්න බැරිද කියමින් සිදු වූ දේ නොදැන ඔහුව තල්ලු කර දමමින් ඇයගේ අතෙහි වූ කුඩයෙන් පහරක් එල්ල කිරීමටද මැලි නොවූවාය. අවදි වූ මාගේ මිතුරාට ඔහු කළ දෙය පෙනුනේ එවිටය. කිසිදු වදනක් නොදෙඩූ එම මිනිසා නැවත ඔහුගේ පොත්පත්‍රිකාද  එක්කසු කොට ගෙන බසයේ ඊළඟ නැවතුමෙන් බැස ගියේය.

ඉන්පසු සිදු වූ සිදුවීම දැක බසයේ වූකිහිප දෙනෙකුම මාගේ මිතුරාට "ඔහොම කරපු එක තමයි හොඳ වැඩේ " කියාද කීවෝය. නමුත් මම මාගේ මිතුරා කළදේ නම් කිසිසේත් අනුමත නොකරමි. නමුත් මා සිටි තත්වයද අනූව මමද එසේ සිට ඇහැර වූවානම් මටද කෝපයක් පැන නැගෙන්නට තිබිණ.නමුත් කිසිවිටෙකවත් පහර දීමට තරම් මා සාහසික නොවන්නෙමි. නමුත් මාගේ මිතුරාට නිඳා ගැනීමට එදින තිබුනේ ඒ පැයක පමණ බසයේ ගත වූ කාලය පමණි මන්දයත් එදිනට පසුදින අපගේ ඊළඟ ව්‍යාපෘතිය භාර දීමට තිබූ දිනය වූ හෙයිනුත් එහි කිරීමට තරමට වැඩ කටයුතු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනුත්ය.ඔහුට එම වැඩ කටයුතු නිම කිරීමට එදින රාත්‍රියද වෙහෙස වීමට තිබූ බැවින්ය.

මෙම බස් රථයට ගොඩ වන සමහර වෙළෙඳන් තමන් විකුණන දෑ කියා විස්තරයක් බස් රථය ඉදිරියේ කර එය කැමතිකෙනෙක් හට මිලට ගැනීමට කියා බස් රථයේ ගමන් කරයි තවත් සමහරෙක් කරන්නේ මා මිතුරා පහර එල්ල කළ පුද්ගලයා කරන ආකාරයේ දෙයකි. එය කොතරම් වදයක් වන්නේද යන්න මොහොතකට සිතා බලන්න. බස් රථයකට ගොඩ වදින අප බලාපොරොත්තු වන්නේ හුදෙක්ම ගමනාන්තය කරා යාම පමණක් නොවේ. ඒ ගමන සුව පහසු එකක්ද විය යුතුය.

සමහර විටෙක කොන්දොස්තර මෙම පුද්ගලයන් බසයට නංවා ගැනීමට කැමති වන්නේ බස් රථයේ
කොන්දොස්තරට ලබා නොදෙන මාරු සල්ලි මෙම භාණ්ඩ මිලට ගැනීමට මඟීන් වැය කරන නිසා විය හැක. අවසන ඔහු එම වෙළෙඳ අත වන සියළු මාරු සල්ලි තමන්ගේ මුදල් වලට මාරු කර ගන්න අන්දම මා අනන්තවත් දැක ඇත. බස් රථයේ පෙරකී අන්දමින් විස්තර කර තමන්ගේ වෙළඳාම කර ගන්න අයවළුන්ගෙන් මඟීන්ට වන කරදරය අවම නමුත් සමහර විටෙක මේ පොත් පත්‍රිකාවක් සමඟ දමන්නන් එය මිලට ගන්න තුරුම
මඟීන් අසලින් ඉවත්ව නොයයි. බොහෝ විට මෙය බහුලව සිදුවන්නේ කාන්තාවන්ටය, ඒ ඔවුන් මේ වදයෙන් බේරීමට මුදල් දී එය මිලට ගන්න බැවිනි. තවද හිඟන්නන් ගැනද කියනවා නම් කරුණු රාශියකි. ඒ සියළු දේ
වෙනත් ලිපියකින්මතුවට ගෙන හැර පාන්නෙමි.  බස් රථයන් හි ගාස්තු සංශෝධන කරනවා මෙන්ම බස් රථ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව නීති රීති පර්යේෂණාත්මකව සංශෝධනය කිරීමට  කාලය පැමිණ ඇත.

Picture source : http://www.mirissa.com/getthere.htm Accessed 19th July 20.00 [Online]

චතුර..

Monday, July 18, 2011

ඔබටත් මෙහෙම දෙයක් වුනොත්..



මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝව මගේ යහළුවෙක් එවපු විද්‍යුත් ලිපියක අන්තර්ගත වුන එකක්.එය ඉන්දියානු වෙළඳ දැන්වීමක්. සරල විදියට ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති අදහසක් මේ වෙළඳ දැන්වීමේ දක්වා තිබෙනවා යයි සිතුන නිසා මේ සටහන තබමි.

මේ විදියටම ඔබගේ පෙම්වතිය හෝ පෙම්වතා ඔබව යම් කාලයක් ආශ්‍රය කරලා ඔබට මේ වගේ දෙයක් කිව්වොත් ඒක දරා ගන්න පුළුවන් වෙයිද?
ඔබ එය දරා ගන්න සූදානම් වුනත් නැවත කිසි දිනෙක ඔබට ඒ නිසා පසු තැවිල්ලක් ඇති නොවෙයිද..?
ඔබට එය දරා ගන්න පුළුවන්නම් ඔබ ඒ පුද්ගලයා සමඟ කෙබඳු ඇසුරක් ඉන්පසුව පවත්වයිද?
ඒ ඇසුර පෙර පරිදිම මෙම හේතුව නිසා කිසි ලෙසකින් වෙනස් වූවක් නොවෙයිද?
ඔබට එය දරා ගන්න බැරිනම් කිනම් දෙයක් සිදු වෙයිද?
ඔබ ඒ පුද්ගලායාට කිනම් ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද?
ඔබ ඒ පුද්ගලයාට වෛර කරයිද?
ඇත්තටම ඔබ ආදරය කළානම් ඔබට ඒ පුද්ගලයාට වෛර කරන්නට පුළුවන්ද?
ඇත්තටම ඒ පුද්ගලයා ඔබට ආදරය කළා නම් ඔහු හෝ ඇය ඔබව මෙතුවක් රවටාවිද?

ඔබට සිතෙන ඔබ සිතන ආකාරයට සිතා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලා ඔබත් කුමන ආකාරයක තීරනයකට යයිද කියා සොයා බැලීමට ඔබට භාර කරමි.

පුද්ගලයන් විවිධාකාරයි , එක් එක් පුද්ගලයාට දරා ගැනීමට ඇති හැකියාව ඒ ඒ පුද්ගලයාගේ ආත්ම ශක්තිය සහ වෙනත් සාධකයන් මත රඳා පවතින නිසා ඒ ඒ පුද්ගලයා මේ ආකාරයේ සිදුවීම් වලට ගන්න තීරණ විවිධාකාරයි. නමුත් හොඳම දේ තවෙකෙකු රවටා සිත දිනා ගන්නවාට වඩා සත්‍ය පවසා සිත දිනා ගැනීමයි.බොහෝවිට සත්‍ය වසන් කර අහිමි වන දෙයක් හිමි කර ගන්නට යාමෙන් එය පෙරටත් වඩා තම ජීවිතයෙන් ඈතට යාම සිදුවේවි, එය ඔබ ආදරය කරන පුද්ගලයා මත තීරණය වන්නක් .කලාතුරෙකින් අවස්ථාවක ඒ පුද්ගලයා ඔබට පෙරටවඩා ආදරය රැකවරණය ලබා දේවි, නමුත් කෙනෙකු රැවටීම කුමන අවස්ථාවකවත් අනුමත කළ නොහැකි ආකාරයේ දෙයකි.

මතක තබා ගන්න දීර්ඝ කාලීන සබඳතා රඳා පවතින්නේ එහි ඇති  විනිවිද භාවය මතයි..ඔබ සබඳතාවයකදී අනෙක් පාර්ශවකරුට යමක් හංගනවානම් එය දීර්ඝ කාලීන සබඳතාවක් නොවේවි..

චතුර..

උඹේ යාළුකම..




හැමදාම නිදහසේ හිතන
අනුන් ගැන දොස් උඹට නොකියපු
තමන්ගේ පාඩුවේ වැඩක් බලන් හිටපු
උඹ කියපු දේ අහන් හිටපු
යාළුකමට ඒවයේ හරි වැරැද්ද නොහොයපු
මට
උඹ ඔහොම කිව්වේ
යාළුවෝ සෙට් වුනාම මම මෙහෙමයි මගේ නෑයෝ මෙහෙමයි කියලා
පාරම් බෑවේ නැති නිසාද?
ගුරුතුමියෝ ගැන එක එක අවලම් කැත කිව්වේ නැති නිසාද?
ඉරිදා හවසට චීත්ත කොට කලිසමක් ඇඳගෙන පලක් නැතිව එම් සී එකේ
බොරුවට එහාට මෙහාට යන්නේ නැති නිසාද?
පලක් නැති දේ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව
අම්මා තාත්තාගේ දේ රැකගෙන ඉන්න නිසාද?
මම එක එක විච්චූරන නොකරන නිසාද?
අනුන් විච්චූරන නොකලාම උන් ගොඩයෝ කියලා කිව්වේ නැති නිසාද?
ඇක්සන්ට් එක දාලා සිංහලෙන් කතා කළේ නැති නිසාද?
උඹ වගේ පොර ටෝක් දීලා අන්තිමට ඒ හිස් දේ පස්සේ නොයපු හින්දද?
යාළුකමට උඹේ හරි වැරැද්ද පෙන්නන්නේ නැතුව හිටපු නිසාද?
මට ඒ මන්ද මානසිකත්වය නැති නිසාද?


Picture source : http://www.alexremy.com/2007/11/punk-paintings-for-sale.htmlAccessed 18th July 2011 19.15 [Online]


චතුර..