Wednesday, July 20, 2011

විමසිලිමත්ව තහනම් ගසට නගිනු..

video


සැපත සොයන කළ
නොමනැති නුවණ
තහනම් ගහටමයි යොමුවන
සිත එවිට
අසුවූ කළට නොමනා කම්
කළ සොඳින
විපත ගෙනෙයි තහනම්
රස සිහි ගන්වමින..

මේ වීඩියෝවත් මිතුරෙක් විසින් මා වෙත එවන ලද්දකි. අපූරු අදහසකින් නිර්මාණය කරන ලද තවවත් අනර්ඝ වෙළඳ දැන්වීමකි. තහනම් රසය වින්ඳොත් එහි ප්‍රථිඵල විඳින්නටද වන්නේද ඔබටමය. එනිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න.

සැලකිය යුතුයි

සමහර වෙලාවට ඔබ සිටින තැනම රැඳී සිටීම වඩාත් සුදුසුය..  

චතුර..

12 comments:

blog gadol said...

හික් හික්!! ඔව් ඔව්...ගහෙන් වැටුනොත් එහෙම?

අසනි said...

සැපත ඉදිරියේ
මිනිසුන්
නොමිනිසුන් වෙති..
තහනම් ගහේ
එල්ලි
බැදිවලේ යති..
දැන හෝ නොදැන
උන් හැම
පව්කාරයන් වෙති..

Red Sea said...

කන එකක් ක්‍රමේට කැවනමි ඉවරයිනේ..තනියම කන්න නැතුව..

චතුර.... said...

@ blog gadol

නැත්තන් , වැටුනොත් එහෙම..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තුතියි..

@ අසනි

සැපත දුටු කළ තිරිසන් වීම සම"හරක්"ගේ ගතියයි
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Red Sea

ඔව් බෙදා හදාගෙන කෑවනම් ඉවරනේ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

මධුරංග said...

හපෝ වීඩියෝ එකක් !!!!
මේකත් ලෝඩ් කරගන්න අමාරුයි. මොකද වෙන්නේ කියලා සරලව කියන්න පුලුවන්ද

ඔබේ උදාන වාක්කිය දවසක් මාව පිස්සෙක් කරයි !!!! :)

චතුර.... said...

අනේ මන් දන්නේ නෑ ඔබතුමාගේ කනක්ශන් එක මොකකද කියලා.. ඕක අර ඉස්සර තාලේ බීප් බීප් ගාල සද්දෙත් එක්ක ඩයල් වෙලා කනෙක්ට් වෙන්න විනාඩි දහයක් විතර යන ඊට පස්සෙ පින්තූරයක් කාරිය ලෝඩ් වෙන්න පැයක් හමරක් යන ඩයල් අප් කනෙක්ශන් එකක්ද?
මම මීට පස්සේ ඔබතුමා වෙනුවෙන්ම වීඩියෝ එකක් දාද්දී කතාවත් දාන්නම්..
ආ කතාව , වැඩි යමක් නෑ වෙළඳ දැන්වීමක් ඇත්ත එක්කෙනා එනකොට අල්මාරියේ ඉන්න එක්කෙනා ඇවිත් කියනවා එතන හැඟෙන්න හොඳ නැති තැනක් විත්තිය ඉතින් සුට්කේසෙකට දාලා වහ්ල ලොක් කරද්දී ඇත්ත එක්කෙනා ඇවිත් ඒක දැකලා ඔයා මාව දාලා යන්න හදනවද කියලා සුට්කේස් එකට පයින් ගහලා ඒක ජනේලෙන් එළියට විසි කරනවා.. තට්ටු ගානක් උඩින්.. ඒකයි කතන්දරය..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතිය..

ගල් ඉබ්බා said...

ඔය ගහත් අර කප් රුක වගේ ගහක්ද? මුලේ ඉදන් කොළේ වෙනකන්ම ප්‍රයෝජනේට ගන්න බැරිද? බොලා ඕකේ ගෙඩි කෑවද?

චතුර.... said...

@ ගල් ඉබ්බා

උඹ ඔන්නම් කාලා බලල අපිටත් කියහන්.
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

මධුරංග said...

නෑ නෑ හලෝ. මගේ කනෙක්ශන් එක මොබිටෙල් එකක්. පේරාදෙණියේ මම් ඉන්න හරියට තුන්වෙනි පරම්පරාවේ සිග්නල් (3G)ගොඩක්ම අඩුයි.

චතුර.... said...

ඒකනේ මේ අපි වගේ හතරවෙනි පරම්පරාවේ සිග්නල් තියෙන පැත්තකවත් ඉන්න එපැයි..( හතරක් වුනාට සමහර වෙලාවට ඇත්තෙම නෑ )

ගල් ඉබ්බා said...

උඹලෑ ඉන්න පැත්තට කොහේද බොලන් අඩු ගානෙ පලවෙනි පරම්පරාවෙවත් සිග්නල්? පචෝරිස්

චතුර.... said...

@ ගල් ඉබ්බා

"පචෝරිස්"
උඹට ගෙදර අය කතා කරන නම නේද මට කිව්වේ..?

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons