Thursday, July 7, 2011

විඳින කළට..


කරන කළට සිතුවද නුඹ
දුකක් දැනෙයි කියා අන් හට
හිතැසි වෙසින් හිඳ
මිතුරු කමක් පා
පාවා දීමට පැමිණි ඔබ
සිතුවද කෙදිනක මෙසේ වෙයි කියා..
වෙනෙකෙකුගේ ජීවිතය
තවෙකෙකුගේ අරමුණක්
ඉෂ්ඨ වීම වලකනු වස්
නොපනත් කම් කළ නුඹ
සිය මතය ප්‍රකට කර
එයම හැර වෙනකක් නැතැයි සිතූ නුඹ
නුඹට පමණක් නුවණැස ඇතැයි සිතූ නුඹ
අනුන් පරදවීමට
තමන් දේ කර ගැනුම පසෙක ලා
උනුන් පා පැටලවීමට ගිය කළැ
සිතුවද නුඹ හට මෙසේ වෙයි කියා..
එකෙකුගේ අහිංසක කම
නිහින කමෙකයි සිතා
උන් තලා පෙළන කළ
දැනුනෙද අනුකම්පාව නුඹ හට
සිනා නොමසෙමි නුඹ හට
වෛර නොකරමි නුඹ හට
නමුත් මම නුඹහට
කරමි උපකාරය
දෙමින් මෙම උපදේශය
නුඹ හට වුන දේ දැක
මතුවට ගෙන එය ආදර්ශය
මෙවන් අවමාන කම්
නොකරනු මින් මතුවට
කෙනෙකු රිදවූවොත්
කෙනෙකුට අවැඩක් කළොත්
සෙවණල්ල මෙන් එහි විපාකය
එනු ඇත ඔබ පසු පසින්..

Picture source : http://www.artquotes.net/artists/mccurry/regret_painting.htm, Accessed 07th July 2011 20.00 [Online]

චතුර....

2 comments:

මේක පුද්ගලික අත්දැකීමක්ද කැන්ඩි. ආහ් සොරි .. චතුර. ඕකටම තමා කියන්නේ කරන කලට පව් මිහිරිය මී සේ කියලා කියන්නේ.

අනුන්ට උගුල් අටවන්න ගිහින් ඒ උගුලේ තමන්ම වැටිච්ච කෙනෙක් නේ ?

ඔව් ඔව්..
ගොඩක් පුද්ගලිකයි..ටිකක් පුද්ගලික නෑ..
එක දෙයක් හින්ඳා හිතිච්ච දෙයක් නෙවෙයි , හේතු ගණනාවක් තියෙනවා ඒක නිසා පුද්ගලිකයි..
ලිව්වේ මට විතරක් වෙච්චි දෙයක් නෙවෙ නිසා ටිකක් පුද්ගලික නෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment