Sunday, July 31, 2011

කැරපොත්තා..


චතුරට නුවරින් පාසල මාරු කරන්න  වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි ඔක්කෝම වගේ වැඩ ටික කරලා දෙනවා,ඇඳුම් ටික මැදලා දෙන එක කළේ ඒ අක්කා හරි ලොකු අම්මා හරි තමයි. චතුර ඊට පස්සේ අවුරුදු ගානක්  ඉස්කෝලේ ගිය ස්කූල් වෑන් හම්බවුනේ මෙහේ ඉන්න ගිහින් තමයි. ඒ වෑන් එකේ ඇන්ටිලගේ ගෙදර තිබ්බෙත් ඔය කිට්ටුව නිසාවෙන්. ස්කූල් වෑන් එක ගැන කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.


ඔය පැත්තෙන් වෑන් එක පිටත් වෙන්නේ සාමාන්‍යයෙන් උදේ පහට පහයි දහයට විතර. ඒ ඒකාලේ අනික් ඉස්කෝල අටට පටන් ගත්තට චතුරලාගේ ඉස්කෝලේ හතයි තිහට පටන් ගත්ත නිසාත් ඔය වැන් එකේ රියදුරන්ට සහ අන්කල්ට වැඩිය වේගයෙන් රථය ගෙන යන්න බැරි නිසාවෙන්, තව ඉතින් කොළඹ තියෙන මාර්ග තදබදයය නිසාවෙන්.ඔය වෙලාවට  ඔය වෑන් එකට කට්ටිය නඟින්නේ පුදුම නිදිමතකින්, ඇයි ඉතින් වෙන ළමයි සැප නින්දේ ඉන්න වෙලාවටනේ අපි ඉස්කෝලේ ගියේ. සමහරු නම් ලෑස්ති වෙලා පුටුවකට හරි වෙලා පොඩි නින්දක් දාලා ඉඳලා තමයි  හෝන් එකේ සද්දේට ඇහැරිලා වෑන් එකට නගින්නේ, සමහර පොඩි ඈයෝ ලෑස්ති කරලා හිටපු ගමන්ම නින්ද යන නිසා සමහර අම්මලා තාත්තාලා වඩාගෙන ගෙනත් වෑන් එකෙන් තියන්නේ.  ඔහොම යන අය සමහර වෙලාවට ඇහැරෙන්නේ ඉස්කෝල ළඟට ගියහම එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියටනම් හයයි තිහ පහුවෙලා ඉර එළිය වැටිලා වෑන් එක මාර්ග තදබදයකට අහුවෙලා ඉන්නකොට.


ඔන්න මේ කියන දවසෙත් ඇඳුම් එහෙම මැදලා කමරේ තියලා තිබ්බා, ඉතින් චතුරයත් ඇඳගෙන උදෙන්ම කාලා එහෙම (මම කෑවේ ගෙදරදි වෑන් එකේදි කන්න ගියොත් මට කන්න ගෙනියන දේකින් පොඩ්ඩක්වත් හම්බ වෙන්නේ නෑ)උදේම ඔන්න වෑන් එකට නැගලා ආයිත් නින්දට යන්න ලෑස්තිය. එදා වෑන් එක අරන් ආවේ අන්කල්. ටික දුරක් යද්දී මට දැනුනා මගේ කමිසේ ඇතුලෙන් බැනියමට උඩින් සතෙක් යන විත්තිය. ඔන්න ඉතින් චතුරයගේ ඉවසිල්ල කොච්චරද කියනව නම් ඒ වෙලාවේ මැරෙන්න කෑ ගහන්න හිතුනත් පොඩි ඇදේකටත් හිනාවෙන අක්කලා ටිකක් හිටපු හින්ඳා අමාරුවෙන් වුනත් කටවහගෙන හිටියා, සතා එහෙට මෙහෙට යනවට කමිසේ උඩින් සතාව තද කර ගෙන දැන් හෙමින් හෙමින් අත බුරුල් කරලා කමිසෙන් එළියට ගන්න ලෑස්ති වුනා, කොහොමින් කොහොම හරි අනිත් අතින් බොත්තම් දෙකක් විතර ඇරලා එළියට දාන්න හදනකොටම අතබුරුල් වෙච්චි නිසාම ද කොහෙද හිටපු සතා එළියට පැන්න, පනිනකොට පහුවෙච්චි ලයිට් කණුවක එළියෙන් තමයි  තමයි දැක්කේ නිකන් කටු කටු වගේ බැනියමට උදින් දැනුනට ඉඳලා තියෙන්නේ කැරපොත්තෙක් කියලා, හම්මේ චතුරයට දැනුන නිදහස නිකන් නිවන් ගියා හා සමානයි( තාම නිවන්වත් පත්තු කරගෙනවත් ගිහින් නෑ අහන්න එපා නිවන් ගියාද කියලා). 

ඔය ටික ඉතින් කාට වත් පෙනුනේ නෑ මොකද ඒ වෙලාවට කරුවලයි සහ කට්ටියම සැප නින්දෙනේ. අනික චතුර තමයි ඒ කාලේ අන්තිමට නගින එක්කෙනාට කලින් වෑන් එකට නගින්නේ, මේක වුනෙත් ඒ අන්තිමට නගින අක්කා නැගල පිටිපස්සට ගියාට පස්සේ. ඔන්න ඉතින් චතුරයත් මුකුත් නොවුනා වාගේ බොත්තනුත් දාගෙන ආයිත් නිදියන්න ලෑස්ති වුනා, කොටින්ම කිව්වොත් චතුරයා ළඟින්ම ඉඳගෙන වෑන් එකේ ගිය කල්පයටවත් වැඩේ මීටර් නෑ.චතුරයා සැනසුනේ වෙනමොනවත් හින්දා නෙවෙයි චතුරලාගේ සීට් එකට පස්සේ සීට් දෙකක තිබ්බ යස්සනියන්ගේ පාරාදීසයේ(ඒකාලේ කිව්වෙ ඔය නම , නමට හේතුව හිටිය අක්කලා සහ නංගිලාගේ හපන්කම් තමයි )  කිසිමකෙනෙකුට ඕක නොදැනුන එක නිසාවෙන්.නැත්නම් ඉතින් චතුරයට පොළොව හාරගෙන තමයි යන්න වෙන්නේ.

කැරපොත්තා ආයේ ආවොත් හොඳ පාරක් දෙන්න පොතකුත් අරගෙන චතුරයා ආයිත් නින්දට යන්න ලෑස්ති වුනා, ඔන්න වෑන් එක තව ටික දුරක් යනකොට පිටිපස්සෙන් මර ලතෝනියක් ඇහෙනවා "බුදු අම්මෝ මෙන්න මොකෙක්ද මගේ ඇගේ යනවෝ "කියලා, තව මිනිත්තුවක් විතර යද්දී මර ලතෝනිය දෙගුණ තෙගුණ වුනා , ඒකට තවත් ඒ පේළියේම හිටපු අක්කෙකුයි නංගියෙකුයිත් හවුල් වුනා. ඔන්න අඩ නින්දේ වාගේ හිටපු වෑන් එකේ ඇන්ටි විතරක් නෙවි නිදාගෙන හිටපු මුළු වෑන් එකම ඇහැරුනා. ඇන්ටි ඉක්මනට නැඟිටලා "ආනන්ද ආනන්ද පොඩ්ඩක් නවත්තන්න කියලා " ලයිට් එහෙම දාල තව තිබ්බ ටෝර්ච් එකකුත් අරගෙන(උදෙන් යන නිසා වෙන් ගෙදර ඉඳන් පාර අයිනට එන්න වෑන් එකේ සමහර ළමයි ගාව ටෝචුත් තිබුනා ඒ කාලේ ) සෝදිසි මෙහෙයුම දියත් කළා, අන්තිමට වෑන් එකේ පිටිපස්සේ පේළි ඔක්කෝගෙම අක්කලා නංගිලාගේ ඇගේ සැපට ඇවිදපු කැරපොත්තාව අන්කල් වෑන් එකෙන් එළියට විසි කළා.
ඔය අතරේ නැඟිට ගත්තු කල්පයා මේ කැරපොත්තා කරපු දේටපින් දෙනවා මොකද පොඩ්ඩ ඇත්තන් ඒකාලේ යස්සනියන්ගේ පාරාදීසේ අක්කලා කරන කියන දේවල් මතක් වෙලා.

පස්සේ උපකල්පනය කරපු විදියට කලින් දවසේ අයන් කරලා රැක් එකේ එල්ලලා තිබුණ කමිසෙට අඳිද්දී දැක්කේ නැති වුනාට කැරපොත්තා නැඟලා ඉන්න ඇතියි කියන එක. ඊට පස්සේ නම් සේප්පුවක දාලා තියලා ගත්තත් චතුර ඇඳුමක් අඳිද්දී සියපාරක්වත් සෝදිසි කරලා ගසලා බලලා මිසක් නම් ඇන්ඳේ නෑලු.

Picture source : http://www.srilankamirror.com/english/index.php?option=com_content&view=category&layout=blog&id=1&Itemid=18&limitstart=2900 Accessed on 31st July 2011 5.05 [Online]

චතුර....

9 comments:

අම්මෝ චතුරයාටත් වෙන සීන්.
හොද වෙලාවට කාටවත් චාටර් නොවී සීන් එක ගොඩින් බේරගන්න පුලුවන් උනේ. නැත්නම් වස චාටර් එකනේ.
ඊප පස්සේ නම් සතෙක් ඉන්න නැතුවැති නේ. හික්ස්. :)

ප.ලි.- අකුරු සයිස් එක ලොකු කරලා දෙන්න පුලුවන්ද

අම්මෝ..මටනන් පේන්න බෑ..කැරපොත්තොන්ව..

මට පේන්න බැ ඔය කැරපොත්තන්,හූ නොයි.
මම තාමත් හරි බයයි උන්ට.ඒ බය කවදා ඇරෙයිද මන්දා...

@ මධුරංග

ඒකනේ ..
මම කළිනුත් කිව්වේ , ඔය වයටසට ගියාම ඔහොම තමා, ඔන්න ලොකු කළා
මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඔව් ඔව් දුටු තැන මරනු, හරිම පින්වන්ත ඈයෝ නේ..
මේ පැත්තේ ආවට තුති..

@පීඩියා

ඇයි බන් හූනන්ට බය..? අර හූණු සාස්තර කියන දේවල් හින්ඳද?
මේ පැත්තේ ආවට තුති..

කැරපොත්තා ට වඩා මට හිනා ආවේ ටොචුත් උස්සන් ඉස්කොලේ යනවා කිව්වාම ..හෙහේ...

ස්කුල් වැන් සින් නම් මරු තමා..මමත් පොඩි කාලේ ගියා..අලේ මරු එව්වා..

මගේ සපත්තුවක් අස්සේ දවසක් තඩි ගෙම්බෙක් ඉඳියා බං. කකුල දැම්මම වෙනද නැති විදියට නිකං ස්පොන්ජ් එකක් තද වෙන ගතියක් ආවම බැලූවේ...

හික් හික් ලොල්.පට්ට සිද්දියනේ

@ මාළු යාළු

අඩේ මාරයි නෙව..
මේ පැත්තේ ආවට තුති

@ පිස්සු පූසා

ඒකනේ කියන්නේ
මේ පැත්තේ ආවට තුති..

@ නිම්ෂා

ඔව් ඒකාලේ විතරක් නෙවෙයි දැන් වුනත් ඇහැලියගොඩ දෙහිඕවිට අවිස්සාවේල්ල කොස්ගම වගේ පැති වල ඉඳන් කොළඹට ඉස්කෝලේ යන ළමයි ගාව ටෝර්ච් ඇති
මේ පැත්තේ ආවට තුති..

Post a Comment