Sunday, August 29, 2010

බියර් රස බැලීම.......




ඔන්න ඉතින් මම පොඩි විවේකයක් හම්බ වුන ගමන්ම තවත් කතාවක් ලියන්න කියලා හිතුවා.

මේක නම් යාළුවෝ ගැන නෙමෙයි.මේක මමයි අක්කයි ඒ කාලේ එකතු වෙලා කරපු වැඩක් ගැන.මේක මට මතක් වුනේ වෙන කෙනෙක්ගේ Post එකකට Comment එකක් දාන්න ගිය වෙලාවේ.ඔන්න ඉතින් මම මේ කතාවත් ලියන්න කියලා හිතුවා ඔන්න.දැන්නම් අක්කට මාවත් මට අක්කාවත් පේන්න බැරි වුනාට ඒ කාලේ අක්කගේ හොර වැඩවලට හිටිය එකම බුදු ෆිට් එක මම තමා.කොටින්ම කිව්වොත් මෙයා ගෙදරදි කරපු සියළුම හොර වැඩ වලට මගේ 100%ක සහයෝගය ලැබුනා.ඔන්න ඉතින් මේකත් එහෙම සහයෝගය ඇතිව දෙන්නම කරපු වැඩක් තමයි.හැබැයි මෙයාගේ එක කපටි කමක් තිබුනා ඕනෙම එකකට මාව දායක කර ගත්තාට අම්මාට හරි තාත්තාට හරි වැඩේ අහු වුනොතින් බිල්ලට දෙන්නේ මාව තමා.ඒත් ඉතින් ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් ලොකුයි කියනවා වගේ මමත් මෙයාගේ හොර වැඩ වලට සහයෝගය දුන්නා.

මේ කතාව ඉතින් කැන්ඩියි කැන්ඩිගේ අක්කයි පළමුවෙනිපාරට බියර් ටෙස්ට් කරපු හැටි තමයි.කැන්ඩිගේ තාත්තට මීට අවුරුදු පහළවකට විතර කළින් රට ගිහින් ආපු යාළුවෙකුගෙන් විශාල බියර් කෑන් තොගයක් සහ රට බීම තොගයක්ම ලැබුනා.කැන්ඩිගේ තාත්තත් ඕවා භාවිතයක් ඇත්තේම නැති වුනාට යාළුවාගේ හිත නරක් වෙන නිසා ඔය ටික ගෙදර ගෙනැත් තියාගෙන එක එක කෙනාට තෑගි කර කර හිටියා.ඔය තොගයේ බියර් කෑන් විතරකුත් නෙවෙයි බියර් බෝතල් වගයකුත් තිබුනා.

ඔය අතරේ දවසක් තාත්තගේ යාළුවෙකුගේ ගෙදර පාටියකට ගිහිල්ලා කට්ටිය බියර් බොන හැටි කැන්ඩියි කැන්ඩිගේ අක්කයි දැක්කා.ඔය අතරෙදි කෙනෙක් බිබී හිටපු බියර් වීදුරුවකුත් එයා මොකකට හරි එළියට යන්න ගිය නිසා කැන්ඩියි කැන්ඩිගේ අක්කයි හිටපු තැනින් තියලා ගියා.ඔන්න දැන් කවදාවත් බියර් බෝතල් ඇතුලේ ,කෑන් ඇතුලේ තියෙනවා දැක්කට වැඩිය ළඟට දැකලා නැති නිසා අම්මා වෙන යාළු ඇන්ටි කෙනෙක් එක්ක කතාකර කර ඉන්න අතරේ දෙන්නාම කිට්ටු කළා අර වීදුරුව ළඟට.දෙන්නාම දැන් කිට්ටු වෙලා බලාගෙන ඉන්නවා ,ඔහොම ඉන්න ගමන් අර වීදුරුවට නහයත් පොඩ්ඩක් කිට්ටු කළා ගඳ සුවඳ බලන්න හම්මේ එවෙලේ ආපු සුවඳ,දෙන්නාටම ආවේ පැණි සුවඳක්.අම්මා ඉන්න නිසා ඔයිට වැඩිය පරීක්ෂණයක් පවත්වන්න බැරි නිසා ඔන්න දෙන්නාම අහකට වුනා.ඔන්න දැන් පාටිය ඉවර වෙලා රෑ ගෙදර ආවා.ඔන්න ඉතින් ආව හැටියෙම ඉතින් දෙන්නාම වෙනදා වගේ කුටු කුටු සාඛච්ඡාව.


ඔන්න ඉතින් දෙන්නාම සාඛච්ඡාව පටන් ගත්තා."මේ එක නෙමෙයි අරක මාර සුවඳයි නේද?ඔන්න කැන්ඩිගේ අක්කා අහනවා.ඒක තමයි ඒකෙ සුවඳෙ හැටියට මාර පැණිරහ ඇති නේද? ඒකතමා අපේ තාත්තා ඒවා බොන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ නේද?ඒක තමා මාත් හිතුවේ ඒකෙ සුවඳෙ හැටියට ඒක මාර පැණිරහ ඇති නේද?මටත් හිතුනා අපි අම්මයි තාත්තයි නැති දවසක ටිකක් බීල බලමුද?"ඔන්න ඉතින් කැන්ඩිගේ අක්ක යෝජනාව ගෙනාව."හා" ඔන්න ඉතින් කැන්ඩිත් එක පයින්ම කැමති වුනා.

ඔන්න ඉතින් දැන් දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙන දවසක් එනකම් ඉවසිල්ලක් නෑ.විශේෂයෙන් කැන්ඩිගේ අක්කාට.ඔහොම සති දෙකක්ම ගියා.අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙලාවක් හොයා ගන්න බැරි වුනා.දෙන්න්නගේම නිකන් කටවල් කහනවා වගේ.ඇයි ඉතින් මෙච්චර පැණිරස බීමක් බොන්න ආස නැත්තේ මොකාද?ඔන්න තවත් සතියක් ඔය විදියට ගෙවිලා ගියා.ඔන්න ඒ සති අන්තේ නම් කැන්ඩිව ගෙදර තියලා අම්මයි තාත්තයි ටිකක් හවස් වෙලා බණගෙදරක යන්න පිටත් වුණා.එදා ඉතින් කැන්ඩිගේ අක්කත් පන්තියකට ගිහින් හිටිය නිසා කැන්ඩිටත් ගෙදර ඉන්න සිද්ධ වුණා අක්කා එනකන්.කැන්ඩිත් ඉතින් සන්තෝසෙන් ගෙදර නතර වුණා මොකද අද නම් මේ වැඩේ කළෑකි තව ටික වෙලාවකින් අක්කත් එනවනේ මොකද අක්කගේ පන්තිය තිබුනේ ගෙදර ඉඳන් වැඩි දුරක නෙවෙයි කැන්ඩිලාගේම මහප්පලාගේ ගෙදර,ඒක නිසා අක්කාට ඉක්මනටම එන්න පුළුවන් කියලා කැන්ඩි දැන ගත්තා.

ඔන්න ඉතින් අක්ක එන්න කළින් ටිකක් බීලා බලන්න ඕනේ කියලා බියර් බෝතල්,බියර් කෑන් ටික තිබ්බ කබඩ් එක ඇරලා බැළුවා මොකද අක්කා එක්ක බොනකොට අක්කා දාන ඔක්කෝම නීති වලට යටත් වෙන්න එපැයි.කබඩ් එක ඇරල බෝතල් දෙකක්ම එලියට අයින් කරල ගත්තේ නෑ වගේ පේන්න ඒක හරි ගැස්සුවා.ගත්තට මොකෝ බොන්න බෑනේ මොකද ඒකාලේ කැන්ඩිට බෝතල් මූඩියක් ගලවන්න ඒතරම් තේරුමක් තිබුනේ නැහැ.ඒක නිසා අදහස අත් අරින්න සිද්ධ වුණා.කොහොම හරි ඉතින් ගත්තු එක අක්ක එනකන් ෆ්‍රිජ් එකේ තිබ්බොත් කූල් කරලාම බොන්න පුළුවන් නිසා ඉක්මනට කූල් වෙන්න කියලා එකක් ෆ්‍රිජ් එකේ ෆ්‍රීසරයට දාල ඉක්මනට වැඩේ සිද්ධ වෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බ බොත්තනුත් අසූහාර දාහටම කරකවල අනිත් එක විතරක් එලියෙන් තිබ්බා.

ඔන්න ඉතින් ටික වෙලාවක් විනාඩිතිහක් හතලිහක් ගියාට පස්සේ අක්කා ආවා.ඔන්න ඉතින් කැන්ඩිට මාර හැපිනේ.දූවගෙන ගිහින් විස්තරය කිව්ව.ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කටත් මාර හැපි.අක්කාත් ඉතින් පොත් ටික තියන්න කාමරයට ගිහින් ඇඳුම් අහෙම මාරු කරන අතරේ ඔන්න එක පාරටම මාර සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන් හරියට නිකන් කවුරුහරි වීදුරුවක් බින්ඳා වගේ.දෙන්නම ඉතින් ඒ පැත්තට ගිහින් බැලුවත් මොකක්වත් පේන්න නැති නිසා ඔන්න දෙන්නම ගියා ෆ්‍රිජ් එක ළඟට වැඩේ පටන් ගන්න.ගිහිල්ල ඉතින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා බැලුවමයි එලොව පොල් පෙනුනේ .ඒක ඇතුලේ දාපු බෝතලය වෙනුවට තිබුනේ වීදුරු කටු.කැන්ඩි ඉක්මනට සීතල වෙන්න කියලා අර බෝතලය ෆ්‍රීසරයට දාල ඒකේ තිබ්බ සේරම බොත්තම් කැරකුවානේ,ඉතින් ඉක්මනටම සීතල වෙලා බෝතලය ඇතුලේ තිබ්බ ඒවා මිදිලා ඉඩ නැති වෙච්චි නිසා තමයි බෝතලය බිඳිලා තියෙන්නේ.

ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කා බැන බැන ගිහින් වීදුරු කටු ටික පේන්නේ නැති තැනක හංගලා එහෙම ආයිත් ආව වැඩේ පටන් ගන්න.ඔන්න මේ පාර නම් අක්ක වීදුරු දෙකක් එහෙම අරගෙන අර බෝතලයේ මූඩිය එහෙම ගලවලා බියර් අර වීදුරු දෙකටම පිරෙව්වා.ඔන්න දැන් වීදුරු දෙකටම පුරවල දෙන්නම එකපාර බොන්න ලෑස්තිය.ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේකෙත් එදා අර සුවඳ බලපු ඒවායේ වගේම සුවඳක් එනවා.

ඔන්න ඉතින් එකයි දෙකයි තුනයි කියල දෙන්නම එක පාර බිව්වා.

පූ....ස් එයැක් තුක් විතරක් අක්කා කටට ගත්තු උගුරම ආපහු විසි කළා.විසි කළා නෙවෙයි විසි වුණා.කැන්ඩිටනම් කටට ගත්තු උගුර එකපාරටම ගිළුනා.ඒ වුනාට කට තිත්තේම තිතේ බෑ.චික් විතරක් මේවා මල ජරාවක්නේ අක්ක බෝතලේ ඉතුරු ටිකත් හැලුවා .

ඔන්න දැන් තමයි කැන්ඩිට තරු පේන්න ගත්තේ.අර ගිළුන එක උගුරටයි කටේ තිත්ත නිසා ඇති වෙච්ච අප්පිරියාවටයි ඔන්න දැන් එක පාරටම කැන්ඩිගේ ආමාශගත ද්‍රව්‍ය එක පාරින්ම එළියට ආවා.ඔන්න ඉතින් දැන් අක්කත් බය වෙලා ලඟට ආවා.ඉක්මනට කට හෝද ගන්න වතුර එහෙම දීලා දැන් කැන්ඩිව පුටුවක් ගෙනැල්ලා ඉන්ඳුවා.තව තත්පර දෙකක් ගියේ නැහැ ඔන්න තව පාරක් .ඔහොම ඔහොම කැන්ඩිගේ ආමාශයේ තව එළියට එන්න දෙයක් නැතිවෙනකන්ම තුන්පාරක් විතර කැන්ඩිගේ ආමාශ ගත ද්‍රව්‍ය එළියට ආවා.

දැන් අක්කා අසූහාර දාහට බය වෙලා ඔන්න ඉතින් පැනඩෝල් දීලා දෙහි හදලා දීල ඔන්න පුළුවන් ප්‍රතිකර්ම සියල්ලම දුන්නාට පස්සෙ කැන්ඩිගේ බඩ පෙරළි කරන එක නැවතුනා. කොහොමින් කොහොමින් හරි අම්මලා එනකොට කැන්ඩිගේ අක්ක සියල්ල යතා තත්වයට පත් කරලා වමනය ගියා කියලා අම්මලාට කියන්න එපයි කියලත් කැන්ඩිව පොරොන්දු කර ගත්තා.

එදාට පස්සේ බියර් කියන වචනය අහනකොටත් කැන්ඩිට මරණ භය ඇතිවෙනවා.කැන්ඩිගේ අක්කාට අවුරුද්දක් දෙකක් යනකන් ඊටත් වඩා භීතිකාවක් තිබුණා, කැන්ඩි ඕක අම්මට කියයි කියලා.දැන් නම් බියර් වචනය මතක් වෙනකොටත් බඩ පැලෙන්න හිනා.නමුත් පස්සේ කාලේක කැන්ඩි හිතා ගත්තා ජීවිතේටම ඔය වර්ග වලින් කිසිම එකක් කටේ තියන්නේ නැතුව ඉන්නවා කියලා.




කැන්ඩි.....


32 comments:

හෝව් හෝව්........ බියර් වලට බනින්න එපා හරි....බියර් නැති කල අපි කොයිබටද.......:)))))

@ හේමල...

හෝව් හෝව් සහෝ.......

බියර් වලට බැන්නේ නැත...

තිත්තයි කියලා විතරයි කිව්වේ.....

පිස්සුනම් කතා කරන්න ලෑස්ති වෙන්න එපා...

බියර් අවසානයක මුලයි. නොදත් දුදනෝ යහමින් බොති, නාති

@ අභීත..

හික්zzzzzzzzzz...

ඒකනේ...මේ පැත්තේ ආවට ස්තූතියි....

බියර් වලට බැන්නේ නැත......

@ ටී

සහතික ඇත්ත..

ඔයිට වඩා කතා කර පලක් නැත..

තම තමන්ගේ නැණ පමණින් විසඳිය යුතු පැණයකි.

තමාට වන හානිය ගැන තමා දැන ගත යුතුය.නොදත් දුදනන් නා බී වැනසුනාවේ එය ඔවුන්ගේ තීරණයයි එයින් අපට හානියක් නොවන්නේ නම් එය ගැන කතා කර අපට ඇති ඵලය කිම?

බියර් තිත්තයි.....

Chill out dudez, Beer is just a soft drink.Its something you taste. if you like just have a zip. If not just F**k-off....simple as that...:D...

හික්ස්! නියම කතාව නෙව මචෝ...බැරිවෙලා හරි එදා බියර් පැණිරස වුණානං කැන්ඩිත් දැන් නොම්මර එකේ බේබද්දෙක්ලු

පූසො බියර් බීපු හැටිනං මෙන්න මෙහෙමයි

http://bloggadol.blogspot.com/2010/04/blog-post.html

http://bloggadol.blogspot.com/2010/04/2.html

@ Anonymous

We (Me and TeeRox)have never said anything against beer.We know that beer's a soft drink and it will never kill any person.
We said that it will be a beginning of a disastrous habit.
Just only that .
And just remember it contains 4%-8% alcohol..
You may feel like "this is too mild and I need something more than this" after taking the soft drink which you are mentioning here.
I don't care whatever the thing you do with it..
I don't mind anything you do because you have rights to take your own decisions to do whatever you want.
I don't mind if u can f__k off or do anything more than that with it.I just said the truth.
Prevention is better than cure.
And finally I really appreciate if you can post me comments as a real person from a real profile.I hope you'll do that next time.
No grudge ....
Just expressed my point of view about that.
:D:D:D:D:D:D:D:D:D:D

@ ගඩොල් පුරු පුරු

හික් හික්..

ඒකනේ වෙලාවට පැණිරහ නොවුනේ නේද?

මම ඊයේ ඕක කියෙව්වා..ඕකට Comment එකක් ලියද්දී තමයි මට මේක මතක් වුනේ...

මේ පැත්තේ ආවට ස්තූතියි..

look whoz taking it seriously now....:))..i'm not trying 2 justify drinking.Addiction is a very subjective word mate.Most Sri Lankans drink B-coz they are under stress.Theres no point trying to stop 'em from it without looking at the actual cause.What i meant by the word "a soft drink" is No one except Sri Lankan ppl drink Beer to get drunk.Its just a beverage.U knw that & i know that.Yet its cheaper than liquor so Our guyz go all the way.And the main disadvantage of beer is not the alcohol but the sugar content.And on personal not i like drunk ppl coz they speak their mind.Cheers... Cherri o Mate........:D

Patts storiya aa... apith bear bonne nathi suukiri kollo.

@ Anonymous

Do you think that really I got it as a serious matter..?
Never...You have misunderstood Candy. Candy's not a person who's getting angry over trivial matters.
Hikzzzzzzzzzzzzzz
Do you really think drinking is a good way to relax or to reduce your stress?
I know solving a problem without solving the actual cause of the problem will never success.
and I know the other thing that beer is a beverage.Earlier I mentioned the percentage of alcohol in beer not to say that the level of alcohol is high but to say that you cannot simply say that it's just a soft drink.It has some percentage of alcohol.That's that.May be you are not justifying drinking but if I say truth I really felt like that.I know we can't change the way of thinking, specially in SriLankans but I don't think they really do this to relax or because of stress,and if anyone says that it's a lie.Drinking will never reduce your stress it will make the stress worse than that.
I know drunk people speak their mind because always those who drinking are the people who doesn't have enough courage to do what they really want to do.By other words almost all of them are cowards not real males.I know about the sugar content it's more vulnerable than the alcohol percentage comparing each other.but I told you no the reason why I mentioned the alcohol percentage.
I hope to discuss about that from an upcoming article recently..
Till then you have to wait because this isn't the time for it.
I got a clue about you by reading this comment.

And the last word..:I think you are a spineless human who doesn't have enough courage to express your ideas as a real person.
I don't have to say the reason no?
You don't like to say those things with your identity because you think the things that you say won't help you to keep up your good name or you think it'll be a stigma to express these ideas from your real profile..isn't it?
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
Cheerio mate..................

මම මේ මුලින්ම බියර් බීපු දවසෙ ආපු රස තියෙන බියර් එකක හොයනවා තාම නෑනේ ඒ රස හි හි.

නොබොන එක හොඳයි.. අපි බිව්වට හි හි

oh don't be childish dude.First you allow ano comments and then question my motive..:)).there are no real people in cyber space except fragments of your imagination.its the ideas that matter & counts.you seem to think the other way around.looking forward to your other article... cheeri o mate.....

මාත් ඉස්සෙල්ලම බියර් ටෙස්ට් කලේ ඔය වගෙම කුතුහලේ හින්ද. එතකොටම මම නමයෙ වසරෙ විතර මගෙ හිතේ. තාත්ත රට ඉඳන් ගෙනාපු බියර් කෑන් එකක් හොරෙන් බොන්න ගිහිල්ල තිත්ත හින්ද ඔක්කොම වීසි කරා. ඊට පස්සෙ ආපහු බියර් බිව්වෙ ඒ ලෙවෙල් කරල ඉවර වෙලා ඉස්කෝලෙ පංතියේ සෙට් එකත් එක්ක දවස් තුනක් මරදන්කඩවලට ගිය ට්‍රිප් එකේදි. එදා බියර් බිව්වෙ කොකා කෝලා දාල. මතක් වෙනකොටත් හිනා යනවා.

"I Hope They Serve Beer in Hell"...

අඩෙ..යි..
අක්කයි මලයයි එකතු වෙලා..බියර් බෝතල් දෙකක්ම මෙ රටට අහිමි කලා මදිවට..තව එනවද තිත්තයි කියන්නත්...
ජාතික සම්පත් විනාශ කොරලා තව..එනවා මෙතන..හුහ්..

කතාව නම් මරු.. දිගටම ලියමු කැන්ඩි

මාත් බීල නැතුවම නෙවෙයි. ඒත් චුට්ටක්. හැබැයි ඒ බීවේ මොනාද කියන්න නම් දන්නේ නෑ. සමහර විට විස්කි වෙන්නත් ඇති. නිකන් රස බලන්න දිවේ ගා ගත්තා විතරයි පොඩි කාලේ. ඒත් අද කාලේ කොල්ලො ඕවා බීලා නටන පිස්සු වැඩ, විකාර, නැතිවන ලැජ්ජ බය දිහා දැක්කම ඕවට පුරුදු නොවී හිටපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවා. කෝම නමුත් සමහරු බියර් වලට ඇබ්බැහි නොවුනට පාටියකදි හරි වීදුරුවක් තොල ගාන බව නම් දන්නවා. ඒත් ඒවායේ වරදක් පෙන්නල දුන්නත් වැඩක් නෑ. මොකද ඕවායෙන් ජීවිතේ නැති නොවෙන නිසා. ඒත් බිව්වම ශරීරයේ ක්ෂය වීමක් නම් අනිවාර්යෙන්ම තියෙනව. මොකද ඇල්කොහොල් අඩංගු නිසා. කැමති අය බීපුදෙන්. නොබොන අය නොබීපුදෙන්. ඒත් නොබොන අයට බලෙන් පොවන්න යන්න එපා. මොකද එයාලා නොබොන්නේ ජීවිතේට ප්‍රිය කරන නිසා. බොන අය බොන්නේත් ජීවිතේට ප්‍රිය කරන නිසා. ඒත් බලන කෝණය වෙනස්. මේවට අපේ තරුණ තරුණියො හුරු පුරුදු වෙන්නේ මිතුරු ආශ්‍රයන් නිසා. කොල්ලෙක් වුනාම බියර් එකක්වත් බීලා නැත්නම් ඌ නපුංසකයෙක් ගාණට වැටෙන රටක් මේක. රට විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි හිතන්නේ. ඒත් ඒ දේවල් තම තම නැණ පමණ අනුව සිතා මතා ගත් දේවල් මිසක් ලෝක නීතියක් නෙවෙයි. බේබදු කම පටන් ගන්නේ ඔය වගේ මූලික අඩිතාලමකින්. ඉස්සෙල්ලම බියර් බොනවා. යාළුවෝ විස්කි බොද්දි ඒකටත් හුරු වෙනවා. මොකද තිත්ත කට ගාලා හොඳට දිව හුරු වෙලා තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් මීලඟ පියවර විදියට පිළිවෙලින් අරක්කු, ගල් අරක්කු, වොඩ්කා, බ්ලැක් ඩැනියල් වගේ නා නා ප්‍රකාර ජාති මුළු සේසතම විකුණලා හරි අරන් බොන්න හුරු වෙනවා. ඉතින් සල්ලි බාගේ නැති වෙද්දි ණයටත් බොන්න ගන්නවා. තමන්ට ස්වයං පාලනයක් තියෙනවා නම් බියර් එකක් කලාතුරකින් බීවට වරදක් නෑ. හැබැයි අර කීවත් වගේ දොස්තර කෙනෙක් අරක්කු වීදුරුවක් ලෙඩෙකුට දවසකට බොන්න කියලා සීමාවක් පැනෙව්වාම බැරල් එකක් තරමේ වීදුරුවක් බොන එක නෙවෙයි ස්වයං පාලනය කියන්නේ. ඒ ඉතින් තම තමන් තමන්ගේ වාසියට පනව ගන්න සීමාවල්. කොහොමින් කොහොම හරි මේ දේ කොච්චර සුළු දෙයක් වුනත් මිනිහෙක් වුනාම කාගේවත් අඟිල්ල තමන් දිහාට දික් නොවෙන ජීවිතයක් ගත කරනවා නම් තමයි වඩා හොඳ. මෙතන කී දෙනෙක් නම් බොන්න එපා කීව කියලා ඒකට විරුද්ධව අනම් මනම් කියලා කමෙන්ට් දාලා තියෙනවද. එපා කියන්නේ නෑ කිසි දෙයක්. බුද්ධියෙන් හිතලා ඔයාලම තීරණයක් ගන්න. මොකද එක මිනිස් ජීවිතයක් හරි වටින නිසා.

Study: Moderate drinking increases life span
http://abclocal.go.com/wtvg/story?section=news/health&id=7627502

http://teedutulowa.blogspot.com/2010/08/blog-post_30.html

@ පිස්සා

ඔබගේ අදහස ඉතා වටනේය.

මම කළත් ඔබ නොකරන්න යයි කීම ඉතා අගය කරනවා.

මගේ හද පිරි තුතිය ඔබට...

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Anonymous

I put this comment moderation to prevent from bad words not to prevent from anonymous comments .
Still I'm saying that you are posting these comments as an anonymous because you don't like to express these ideas public ,you think it will not good for your good name...
No doubt in that...
hikzzzzzzzzzzzzz
I know there are no real people in cyber space but you can express these ideas from any kind of profile no?
Again same thing you don't like to express these ideas from any kind of profile because of that reason.
I know idea is important but it will get added an extra value by the person who says that. isn't it?
You have to wait for that article as I'm busy in this week.
Cheerio mate...

@ දුමී

මේ පැත්තේ මුල්ම වතාවට ආවට ස්තූතියි...

හි හි ඒ කතාවත් ලියමුද?

@Mister Curiosity

hmmm May be..

Thanxx for paying a visit here for the first time...

@ මාරයාගේ හෝරාව

ඒකනේ නේද ? අක්කයි මල්ලියි කළ අපරාධයක මහත...

පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තුතියි..

@sameerausa

අදහසට ස්තූතියි.

පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ ටී

අදහසට ස්තූතියි.

මට ලිපියක් ලියන්න අළුත් අදහසක් දුන්නටත් මේ පැත්තේ ආවටත් ස්තූතියි...

@ Anonymous

Pure justifying..

We have said that this will be just a begging of a bad habit..

If you can control yourself very well and if you have your own limits in beer it won't be a problem no? will it be?

The thing is if you can control yourself why does it bite you so much?
why are you trying to justify this always?

Remember this is only a research....(Your link)

ane oya bona aya biipuwaawe appaa. ape moko. beela beela marenna kalinwat kattiyage mole paadunoth watinawa. diwa pinawanna gihin jeewiteta nodanuwathwama saapa kara ganna ekama jaathiya minis jaathiyada koheda.

හහ් හා බඩ විරේක කරගන්න ඕන වෙලාවට මරු. මට පේන්න බෑ සුරාමෙර එකක්වත්.
මම මේ පැත්තට ගොඩ වුනේ පලමු වතාවට. දිගටම එනවා ඔන්න අද ඉඳලා

@ නදී අක්කි

පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..
දිගයම එන්න...
කාලෙකින් මමත් මේ පැත්තේ ආවේ...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

Post a Comment