Monday, August 2, 2010

වහල් සේවය.




ඔන්න ඉතින් මේ කියන්න යන්නේ බුදුන් වැඩිය දේශයක සිටින තවත් මිනිසෙක් කරපු වැඩක් ගැන තමයි.කැන්ඩිගේ ගෙදර කැන්ඩිගේ අම්මගේ වැඩ වලට උදවු කරමින් දුර ගමනක් යනකොට ගෙදර තනි නොතනියට එහෙම හිටපු මුහුණේ සිරියාවක් නැති සිරියාගේ දුවට දරුවෙක් ලැබුන නිසා කැන්ඩිගේ අම්මාට සිරියව සිරියාගේ දුව පදිංචි වෙලා හිටපු අලව්වට නිවාඩු දීල පිටත් කරන්න සිද්ධ වුණා.

ඔන්න ඉතින් මේ අතරේ තමයි කැන්ඩිගේ අම්මා දුර ගමනක් යනකොට සහ නිතර දෙවේලේ ගෙදර තනි නොතනියට ඉන්න කෙනෙක් හොයන්න පටන් ගත්තේ.ඉතින් ඔය අතරේ කැන්ඩිගේ අම්මාට මතක් වුනා එයාගේ ගමේ ගෙවල් ළඟ මේ වැඩේට සුදුසු වයසක ආතා කෙනෙක්.මෙයා මීට කලිනුත් කැන්ඩිලගේ ගෙදර සේවය කරල තියෙනව.මෙයත් සේවයෙන් ඉවත් වෙලා ගියේ සිරියට වගේම දරුවෙකුට කුමක් හෝ ඇබැද්දියක් වෙලා තමයි.ඒ මීට අවුරුදු පහළවකට විතර කළින්.එතකොට මේ ආතා ආතමත් නෙවෙයි එතකොට ගොඩාක් වෙහෙසිලා බර වැඩ කරන්න පුළුවන්.

ඉතින් කැන්ඩිගේ අම්මා හෙව්වේ බර වැඩ කරන්න නෙවෙයි නිසා වයස වුනත් මෙයාට අපේ ගෙදර සේවයට එන්න කියන්න උවමනා උනා,ඉතින් ඒක නිසා කැන්ඩිගේ අම්මා ගෙදර ගිය දවසකඒ අසලම තිබූ මේ ආතගේ නිවසටත් ගොඩ වුනා.මේක දැන ගත්තේ එතකොට තමයි.

මේ ආතට දරුවන් පස් හය දෙනෙක්ම සිටියත් මේ ආතා ජීවත් වුනේ තට්ට තනියම තමන්ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුන ගෙදර ඒකට පිළියම් යොදමින් .තමන්ගේ දරුවන් තමන්ට සැලකුවේ නැතත් මේ ආතට වැඩ කිරීමේ හැකියාව තියෙන නිසා තමන්ගේ වියහියදම් ටික උපයා ගැනීමේ හැකියාවක් තිබිණ.

මෙම ලිපියට වස්තු බීජය වන කතාව පටන් ගන්නේ මෙතනින්.
මීට මාස එකහමාරකට විතර කළින් මේ ආතාව තමන්ගේ තනි නොතනියට වත්ත පිටිය එළිපෙහෙලි කිරීමට කියා නැවතී සේවය කිරීමට ටිකක් දුර බැහැර පෙදෙසක පොහොසත් මහතෙකු විසින් කැඳවාගෙන ගොස් තිබිණි.
මේ මහතා තරමක දුර බැහැර පෙදෙසක වතු හිමියෙකි.ඔහුගේ වත්තේ ගව ගාලක් එළුගාලක් තිබී ඇත.
මෙම මහතාගේ නිවසද තිබී ඇත්තේ එයට සුළු දුරකිනි.ගිය පළමු දිනයේ මේ ආතාට කිසිදු වැඩක් කිරීමට සිදු නොවී ඇත්තේ යනවිට රෑ බෝ වී තිබුන නිසාවෙනි.පසුවදා පාන්දරින්ම මේ ආතා කිසිවකු විසින් අවදි කරන ලදී.ඉන්පසුව ඔහුට එකින් එක රාජකාරී පැවරී ඇත.

ඉන්පසු ඔහු පැවසූ ආකාරයට ඔහුගේ දෛනික වැඩ මෙසේය.ඔහුට අවදිවීමට සිදු වී තිබුනේ පාන්දර 4ට පමණය.ඉන්පසු පෙරකී සතුන් සියයක් පමණ වූ එලු හරක් ගාලේ කිරි දෙවීම.එය පාන්දර පහට පටන් ගත් විට නිමවන බව කීවේ උදේ හතට අටට පමණය.ඉන්පසු මෙම සතුන් නෑවීමය.එම සතුන් නෑවීමෙන් පසු වත්ත උදළු ගෑම සවස පහ පමණ වනතෙක් කළ යුතු විය.ඉන්පසුව ඔහුට සිදුවී තිබුනේ එම නිවසේ බල්ලන් නෑවීමය.
තවද රෑ දහය වනතුරු ඔහුට නිවසේ වලන් පිඟන් සේදීම ආදී කටයුතු පැවරී තිබී ඇත.සෑම දිනකම ඔහු මේ සියළු වැඩ කටයුතු සිදු කළ යුතු විය.

ඔහු දිනපතා මෙම වැඩකටයුතු සියල්ල කරමින් මසක් සේවය කර දින දෙකක් ගමේ ගතකර ඒම සඳහා තම දරුවන්ගේ නිවෙස් වලට ගොස් පැමිණීමටඔහුගේ වැටුප ඉල්ලා ඇත.ඒ අවස්ථාවේදී මේ මහතාගේ මහත්මා ගතිගුණ හොඳින් ප්‍රදර්ශනය වී ඇත.මෙම ආතා පවසන පරිදි මෙම මහතා යයි පවසන මිනිසා මොහුට පඩිය ලබා දී ඇත්තේ දීනකට රුපියල් පනහක් බැගින්ය.ඉතුරු මුදල ලබා නොදී ඔහු පවසා ඇත්තේ මම උඹට කන්නත් දුන්නා කියායි.ඉතින් අවසානයේ දුර බැහැර සිට මෙම ආතා බස් රථයෙන් ගමට පැමිණෙන විට ඔහු සන්තකයේ තිබුනේ බස් ගාස්තු වලටද වැයවී ඉතිරි වී තිබුණ මුදලක් පමණි.

මසක් පමණ මෙසේ වහල් සේවය කර පැමිණි මේ ආතාට අන්තිමේදී ගෙදර ආපසු රෝගී තත්වයක් ඇතිවී රෝහලකට ඇතුලත් කර ඇත.එහිදී අධිමිලැති ඔසුවක් නියම කළද මසක් සේවය කර පැමිණි මෙම ආතාට එම බෙහෙත මිලට ගැනීමට මුදල් තිබී නැත.මෙම බෙහෙත ඔහුට මිලදී ගෙන දී ඇත්තේ ඔහු රෝහලට ඇතුලත් කළ අසල්වාසීන්මය.

අහිංසක මොහුගෙන් වැඩ අරගෙන මොහුට සොච්චම් මුදලක් දී ආපසු එවූ මේ මිනිසාට හිතක් පපුවක් තිබීමට
හැකිද?
අඩුම තරමේ ඔහුට මේ ණය කෙදිනකවත් ගෙවීමට සිදුවේ යයි වත් ඔහු සිතා නොමැත
නමුදු මේ ආතා පැවසූ පරිදි මොහු ලෝකයට පෙනෙන්නට මහා බෞද්ධයෙක් බවයි.
ඔහු ලෝකයාට පෙනෙන්නට මහා පින් දහම් කරන්නෙකු මෙන් ජීවත් වන්නෙකු බවය.මේ රැවටීම ඔහු සිදු කරන්නේ කවුරුන් රැවටීමටද?
මෙම කර ඇති ක්‍රියාව අනූව මොහුට මෙයට මේ ආත්මයේදීම මෙයට වන්දිගෙවීමට සිදුවනු නොඅනුමානය.

කෙනෙකුගේ මහන්සියට සරිලන වැටුපක් ගෙවීමට නොහැකිනම් තවත් කෙනෙක්ගෙන් වැඩක් කරවා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුය.මක්නිසාදයත් මෙවන් ලෙස කිරීම මහ කුරීර ක්‍රියාවක් නිසා හා එම පුද්ගලයා අවසානයේදී තමන්ගේ මහන්සියත් වතුරේ යවා අනුන් උදෙසා වෙහෙසී ඇති නිසාය.අවසානයේදී කිව යුත්තේ බෞද්ධයන් වශයෙන් අවසානයේදී අපට කුමන ඉරණමක් අත් වේ යයිද සිතාවත් අන්යටගෞරව කිරීමට, ඔවුන් කරන ක්‍රියාවට කළගුණ සැලකීමද කළ යුතු බවය.


කැන්ඩි.......

මේ ගැන ඔබේ අදහසුත් පවසන්න.

4 comments:

අගනා ලිපියක් මචං!

@ ගඩොල්
ස්තූතියි ඔබේ අදහසට..............

ඇත්ත මචෝ කතාව...ඒ වුනාට කොයිතරම් නම් මිනිස්සු සූරකෑමට ලක්වෙනවාද.....තේදළු කඩ මිනිස්සුන්ගේ දලු බොහො විට කිරන්නේ කිරන එකාට දැනෙන විදිහට මිස තරාදියට අනුව නෙමෙයි...සම හර තාරදි වැඩකරන්නෙත් නෑ...මම කීවේ මිස්සුන්ගේ ශ්‍රමය වංචාකරන තවත් එකම එක උදාහරණයක් විතරයි...නමුත් ව්‍යාපාර ලෝකයෙදි ඕනෑම කුපාඩි වැඩක් කරලා කියන්නේ It's Not Personal, It's Business....:(...

@ හේමලයා...
මමත් ඔය ගැන අහලා තියෙනවා.බොහෝමයක් අවස්ථාවල සිද්ධවෙන්නේ ඔය දේ තමයි.මිනිසුන්ගේ අහිංසක කමේ අයුතු ප්‍රයෝජන ගන්නවා.බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට.

Post a Comment