Showing posts with label නිසඳැස්... Show all posts
Showing posts with label නිසඳැස්... Show all posts

Saturday, September 3, 2011

ධාර්මිකයා....





පින්තූරය මෙතනින්

මම ධර්මය උගනිමි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
මම එම මඟම යන්නෙමි
මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
ඔබ ධර්මය දනිත්ද..?


අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව
සාගින්නේ මියෙනු දැක
ඒ වලකනුව සිත් නොදී
ලොව මේ දේ පිළි ගනියි
මමත් ඒ දේ කරමි
ලොව මේ අත ගමන් කරයි
මමද ඒ මඟ ගනිමි
මේ දේ මේ ලෙසින් නොම වූ කලට
ලෝ දනා අතර මා සුවිශේෂ වනු කෙලෙස
කියා සිතන ඔබ 
අවසන රැවටුවේ කවුද..?
ඔබමද ලෝ දනද..?


මේ ඔබ උගත් ධර්මයද
ඔබ සැබවින්ම දැහැමිද
වදනකට පමණක් 
ධාර්මික භාවයක් 
කුමට ඒ දැහැමි බව
රවටනු පිණිස අන් අයම
ලෝ පරකාස වන ඔබේ දැහැමි බව
ගෙන දුනිද ඔබ යහමඟ
හැරම තව පාපයක්


දුකකි ඒ මා සිතට
ලොවට පෙනුමට පිනට ලැදි ලෙස 
ලොව රැවටුමට ගිය ඔබට 
වී ඇති විපතක මහත.. 

චතුර....

Friday, August 26, 2011

ඔබේ ආලය....






සිත් රිදුමට
කරනට හැකි සියළුම දේ කර
මුකුත්ම නොවුන විදියට
මුකුත්ම නොකිව් විලසට
නැවත ආදරෙයි කියා
නැවත තොඳොල් බස් දොඩන
ඔබ 
ඔබගේ ආදරය
එක් එක් වේලාවට
එක් එක් වර්ණයන්ගෙන් සැරසී
වර්ණයෙන් මත්ව රඟන
වර්ණයෙන් ලොව රවටන
කටුස්සෙකුගේ 
හැසිරීමෙන් වෙනස් නොවනවා යයි
කෙලෙසක නොපවසා සිටිම්ද..?
මම..

චතුර....

Monday, August 8, 2011

අඟන සහ පර පුරුෂයා..



පැහැපත් ඡවියෙන්ද
දිගු වරලෙන්ද 
මනාවූ රුවෙන්ද යුතු 
ඇය රුවැති අඟනක් විය
කාලයේ වරදින් 
දෛවයේ සරදමින් 
ඇයට ලැබුණු අධම පුරුෂයාගේ පහත් ක්‍රියාවෙන්  
ඇය වෙසඟනක් විය
ඇය ස්පර්ෂයට
ඇගේ රුව දැකීමට
ඇගේ රුව විඳීමට
ඇය විඳ ගැනීමට
පහසින් මත් වීමට
නොයෙක් පර පුරුෂයන්  
ඇය වෙත එන්නාහ
ඇය ඔවුන්ට රහස, පහස, සුවය දෙන්නීය
එක් දිනක් තවත් එක් පුරුෂයෙක් ඈ වෙත ආවේය
රහස ,පහස ,සුවය විඳ ගත්තේය 
එයින් මත් වූවේය
සුරාතාන්තයට පැමිණියේය
අඟනද ඔහු රිසිසේ සිටියාය
ඈ අත ගතමනාවද තැබූ ඔහු
යන්නට සැරසින
නළල සිඹ 
"දියණියන් වැඩිමහල්ය දැන් ,ඔවුන් ප්‍රවේසම් කරනු වස් "
"සමසක සිට ඔවුන් තනිකර ඇය පවුල් යහනට නො එයි දැන්"
"නුඹ නාඩ ඉඳපන් මම සැමදාම එන්නම් "
යයි ' අඟනගේ සවන්පත් මත මිමිනුවේ"ලු"

පින්තූරය මෙතනින්..

චතුර....

Saturday, August 6, 2011

ජාලයෙන් ස්වායත්ත වන්න ....



ජාලයක් ඇත
අහි ජාල පුරුක්වන අප
ජාලයට එක් කිරීමද ජාලයෙන් ගැනීමද කරන්නෙමු
නමුත් ජාලය නැති වූ කළ 
ජාලයෙන් තොරව කළ හැකි කිසිවක් අප නොසිතමු
ජාලයෙන් ස්වායත්ත වන්න 
ජාලයෙන් එපිට ලෝකය 
ජාලයේ ලක්ෂ්‍යයකට සීමා වී සිටින ඔබට වඩා 
බොහෝ පුළුල්ය
නමුත් එය විඳ ගැනුම 
එයට ඇතුල් වීම
ස්වායත්ත වීමට සිතන තරම් 
පහසු නොවනු ඇත....

Picture source : http://www.squidoo.com/digitalartsoftwareAccessed on 06th July 2011 19.00 [Online]

චතුර....

Friday, August 5, 2011

ආදරේ මෙයද..?



දවසක් ආදරෙන් හිටියොත්
මාසයක් තරහා වෙන
වචනයක් වැරදුනොත්
වචන සීයකින් පලි ගන්න
ආඩම්බරකමට මුල්තැන දෙන
ආදරේ මෙයද?
එහි සෙනෙහසක් ඇත්ද?
මා හට වැරදී  ඇති සෙයකි....



Picture source : http://www.artistsforum.org/viewtopic.php?f=4&t=2108065Accessed on 05th of August 2011 15.16 [Online]

චතුර....

Tuesday, August 2, 2011

මගේ නෙතඟට කඳුලක් ගෙනත්....


කොච්චර ලං වෙන්න හැදුවත්
ලං වෙන තරමටම ඈත් වෙන
කොච්චර ආදරෙයි කිව්වත්
අන්තිමට කේන්තියකින් ඉවර වෙන
කතා නොකරන්න හිටියත්
ඔය කටහඬ ඇහෙන කොට මටම කතා කරන්න හිතෙන
නොදැක ඉන්න හිටියත්
අන්තිමට ඔය රුව දකින්න දුවගෙන යන
කොච්චර එපා කිව්වත්
අන්තිමට ඕනෙම වෙන
ඔයාගේ ආදරය
මටත් නොදැනිම
මගේ නෙතඟට කඳුලක් ගෙනත්....





Picture source : http://my.opera.com/Kaitz/blog/tear Accessed on 02nd August 2011 16.00 [Online]

චතුර....

පාෂාණයේ රහස සොයා..




හද උණුසුම් කරන
දීප්තිමත් පාෂාණයේ 
ආලෝකයට නෙත් යොමන්න
ආලෝකයේ කාන්තිය දකින්න
එහි ඇති අරුත සොයන්න
දිවි ඇති තුරු අරුත සොයා යන්න
ඔබ එය සෙවීමට අසමත් වේ නම්
ඔබ සත්‍යය සොයා
නිවැරදි මඟ ගොස් නැත
ඔබ ආලෝකයේ කාන්තිය 
නිවැරදිව දැක නැත..
සත්‍ය සෙවුමට ආලෝකයේ කාන්තිය දකින්න..

පාෂාණය හිමි ආනි ෆ්‍රාග්ලන්තයේ මහා ශ්‍රාවකයාට පැවසූ අවසන් වදන් පෙළ....
 Hans Bemmann ගේ The Stone and the Flute  ඇසුරෙනි..

Picture source : http://www.dailypainters.com/paintings/63256/Riding-The-Creek-western-horse-and-rider/ Accessed on 02nd August 2011 05.00 [Online]

චතුර....

Monday, August 1, 2011

ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


ගිම්හානයේ
අහඹු ලෙස මතු වූ
ගිම්හානයට වර්ෂාව  නොදුන්
වැහි වළාව මෙන්
හිස්ව තිබූ සිත් අහසට
පෑයූ ඔබ මගේ සඳ
සිත් අහසේ අමාවක උදාකර
මා හට අහිමි වේද..
ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


Picture source : http://www.thepaintingloft.com/group/jonathanwheeler/forum/topics/post-your-florals-here?commentId=4556549%3AComment%3A123029&xg_source=activity&groupId=4556549%3AGroup%3A1556 Accessed on 01st of August 2011 16.30 [Online]

චතුර....

Thursday, July 28, 2011

යකුන් අප සිතනා තරම් කළු නැත..


බලා සිටියෙමි
හමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්
නොසැලි සිටියෙමි
සිතට එඩි ගෙන
විපත දැන් දැන් එයි කියා
නමුදු කිසිවක් සිදු වූයේ නැත
සිංහ සෙයියාව
රඟ දුන්නාට
යකා හට කළ හැකි
වැඩක් නොම නැත
හීන් සැරයට යකා බයව ඇති සැටියකි,
කළ හැකිව තිබු
එකම දෙය වන උමතු සුනඛ රැඟුමද
සැනින් නිම විය.
යකුන් අප සිතනා තරම් කළු නැත..

Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online]

චතුර....

පරවේණි උරුමය....


අඩු නැතිව
වැඩි නැතිව
මටත් ලැබුනා
පරවේණි උරුමය
උරුමයද කරුමයද
නොවිසඳිය හැක එය
පලක් ඇති මුත්
පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම
පරවේණි උරුමයට
ඇත යොමුව ගිජු ලිහිණි ඇස්
ඔබ නැති නිසාවෙන්
සිටින ගිජු ඒ තන්හාපතින්..
පලවා හැරුමට එක් සරින්
නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම්
පියාණෙනි නැවත එනු මැන
සවිය වනු මැන
හිඳිනු ලෙස මා පසුපසින් ..

Picture source : http://trip2orissa.com/orissa-paintings.html Accessed on 28th July 2011 07.00 [Online]

චතුර....

Friday, July 22, 2011

නිහඬ උත්තරය..





හිතට ආපු කේන්තියට
නිවෙන්නට ඉඩක් ඉඩක් නොදී
වචන දෙකක් කියෙවුනාට
මට ආපහු ඒ ගැන කියන්නේ නැතුව
මුකුත් නොවුන තරමටම 
ඔය ලෙංගතු හිනහවෙන්
ඔය ආදර කතාවෙන්
දීපු නිහඬ උත්තරය
සැරයි අතුල් පහරකට වැඩියෙන්..


Picture source : http://www.blogcatalog.com/blogs/ishita-bandyo-fine-artsAccessed on 22nd July 2011 19.30[Online]

චතුර..

මගේම අදහස..



මමම හොඳයි කියාපු
මමම හොයලා දීපු
මටම හිතුනු
මගේම අදහස
මගෙන්ම අහගෙන
මාව අමතක කර
මගේම අදහස උඹලගේ කරගෙන 
උජාරුවෙන් මටම පෙන්නපු හැටි....

Picture source : http://www.wiggz.com/blog/art/tag/paintings/page/2/ Accessed on 27th July 2011 06.00 [Online]

චතුර....

Monday, July 18, 2011

ඒ හිතම..




එපා වුන විට
අන්තයටම ගොස් එපයි කියපු
කෝපයක් නැගුන විට 
කේන්තියෙන් එපයි කියපු
දුකක් දැනුනම දුකෙන්ම එපයි කියපු
පිළිකුලක් දැනුනම
කලකිරීමෙන් එපයි කියපු
ඒ දේට
හැමදාම කියන නිදහසට කරුණුවලින් 
වෙනස් වී නැවත හා කියපු
ඒ හිතම 
අදත් ඔබේ නිදහසට කරුණු අසා
නැවත හා කියයිද?

Picture source : http://www.illustrationlovers.com/lauratrevey/Accessed 18th July 2011 19.00 [Online]

චතුර..

මෙහෙම අහන එක සාධාරණද..?


දවස් ගානකට පස්සෙ
ඔයාගේ මුවින් අමාරුවෙන්
"මම ඔයාට කැමතියි"
කියලා අහගත්තට පස්සේ
"ඇයි ඊයේ කතා නොකළේ"
"අපි කතා කළාට
අපිට කතා කරන්න කවුරුවත් නැහැනේ"
"ඇයි කතා නොකර හිත රිද්දන්නේ"
මෙහෙම කියපු ඔයා
මට දැන් දවස් දෙකක් දීපු
 නිහඬ පිළිතුරට
මට කේන්ති ආවම
"මට කතා කරන්න
බැරි වුනාට
ඔහොම කේන්ති ගන්නවද?"
කියලා අහන එක
සාධාරණයිද..?

Picture source : http://jilliebeanscene.wordpress.com/category/art/ Accessed 18th July 2011 18.30 [Online]

චතුර..

Sunday, July 17, 2011

සිත නුඹ..



නොලැබෙන බව
දැන දැනත්
අහිමි බව
දැන දැනත්
මිරිඟුව පසු පස 
ලුහුබැඳීමට සිහින මවන
ලද දෙයින් සතුටු නොවන සිත නුඹ
වෙන්ව යාමකට සිත නොදී
වෙන්වන බැඳීම 
සියළු වෙර යොදමින් 
විවිධ වූ හේතු මවමින්
සවිමත් කරන සිත නුඹ
අහිමි කර ගනිම්දෝ 
නැවත සවිමත් කර ගනිම්දෝ
එක හිතක් නැතුව 
දෙපසට වැනෙන
අකීකරු සිත නුඹ
අහිමි වුවත් හිමි ලෙසම
පෙනෙන මායාකාර පෙම පසුපසම
දිවූ ඒ සිත නුඹය
ගලවා  දැමිමි 
උදුරා දැමිමි
අදිසි මිරිඟුවේ
මායාකාර බන්ධනයෙන්
හෙම්බත්ව පසු පසම දිවූ සිත නුඹ..

Picture source : http://malcolmlowryatthe19thhole.blogspot.com/2011_05_01_archive.html Accessed on 16th July 2011 23.30 [Online]

චතුර..

Friday, July 8, 2011

නොදැනෙන නොහැඟෙන ප්‍රේමය..






සිතින් සිතකට
පෙම් බැන්ඳත්
සිතක් පුරා
ඒ සිතට සිතුම් පිරුවත්
දහසක් සිතුවිලි මල්
සිතේ පිපුනත්
හදින් හදකට ලං වූවත්
හද පුරා පැතුම් මල්
පීදුනත්
හද බැඳි දේ දහසක් වුවත්
එහි ඇති පල කිම
එයින් එකකුදු
ඔබෙ ඔය දැඩි හිතට
රළු හදට
නොදැනේ නම්
නොහැගේ නම්


Picture source : http://www.artween.com/Artists/Debora-Laura-Campobasso/Artworks/Impossible-Love Accessed 08th July 2011 20.30 [Online]


චතුර

Thursday, July 7, 2011

හුදකලා ප්‍රේමය


හැමදා ඒක පාර්ශවිකවූ
නමුත් කෙටි කලෙක සිට
ද්වී පාර්ශවීය වූ
අන්ධකාර ලෝකයේ
අහු මුළු සොයමි මම එළියට එන්නට
ඔබ වැරදි කළත්
මම වැරදි කළත්
අවසානයේ මම දොස් අසන
මරණයට කැප වූවන්ගෙන්ද
අසන නිදොස් බව
කිසිදිනෙක ඔබ මගෙන් ඇසුවේද කියනු මැන
දැනේ මට වෙනසක්
සිතේ සිතුවිල්ලකි එය
ඉඩ නොදෙනු වස් එයට
දුනිමි ඔබහට දඬුවමක්
සැමදා මගේ දොස් දකින ඔබ මෙ ලෙසින්
සිතන්නට මගේ සිත පෙලැඹුනේ මේ ලෙසින්
නාමයට ද්වීපාර්ශවද
පෙම් කරනුයේ මා පමණද
නොතිබේද ඔබ සිතේ
මා කෙරේ
ප්‍රේමයක්..


Picture source : http://powerofh.wordpress.com/category/poetry/,  Accessed 07th July 2011 20.30 [Online]

චතුර....

විඳින කළට..


කරන කළට සිතුවද නුඹ
දුකක් දැනෙයි කියා අන් හට
හිතැසි වෙසින් හිඳ
මිතුරු කමක් පා
පාවා දීමට පැමිණි ඔබ
සිතුවද කෙදිනක මෙසේ වෙයි කියා..
වෙනෙකෙකුගේ ජීවිතය
තවෙකෙකුගේ අරමුණක්
ඉෂ්ඨ වීම වලකනු වස්
නොපනත් කම් කළ නුඹ
සිය මතය ප්‍රකට කර
එයම හැර වෙනකක් නැතැයි සිතූ නුඹ
නුඹට පමණක් නුවණැස ඇතැයි සිතූ නුඹ
අනුන් පරදවීමට
තමන් දේ කර ගැනුම පසෙක ලා
උනුන් පා පැටලවීමට ගිය කළැ
සිතුවද නුඹ හට මෙසේ වෙයි කියා..
එකෙකුගේ අහිංසක කම
නිහින කමෙකයි සිතා
උන් තලා පෙළන කළ
දැනුනෙද අනුකම්පාව නුඹ හට
සිනා නොමසෙමි නුඹ හට
වෛර නොකරමි නුඹ හට
නමුත් මම නුඹහට
කරමි උපකාරය
දෙමින් මෙම උපදේශය
නුඹ හට වුන දේ දැක
මතුවට ගෙන එය ආදර්ශය
මෙවන් අවමාන කම්
නොකරනු මින් මතුවට
කෙනෙකු රිදවූවොත්
කෙනෙකුට අවැඩක් කළොත්
සෙවණල්ල මෙන් එහි විපාකය
එනු ඇත ඔබ පසු පසින්..

Picture source : http://www.artquotes.net/artists/mccurry/regret_painting.htm, Accessed 07th July 2011 20.00 [Online]

චතුර....

Wednesday, March 30, 2011

ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?




ෆෝන් ඕෆ් කරලා
චැට් බ්ලොක් කරලා
ගෙදරට ගත්තත් උත්තර නෑ
කිසිම කතාවක් නෑ
හුඹහට වැදුන සර්පයා වගේ
උඹේ ඔලුව ඉදිමිලාද
අඟක් මෝදු වෙනවද
ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?

ඇඳක් උඩට වෙලා පොතක් කියවන්න
නාන කාමරේට වෙලා සින්දු කියන්න
ගහක් උඩට නැගලා ගෙඩියක් කන්න
ආදරී ඉස්සරහින් වාඩි වෙලා බ්ලොග් ලියන්න
වහලේ උඩට නැගලා අහස බලන්න
සීලිමට වෙලා නිදා ගන්න
අස්මඬලට නැගලා වටේ බලන්න
ඇලේ බැහැලා මාළු අල්ලන්න
වෙලට බැහැල මඩ ගාගන්න
තණ බිස්සේ නිදියගෙන කල්පනා කරන්න
ගඟබොඩ ගිහින් කුරුම්බ බොන්න
සිරියගේ ගොටුපිට්ටු කන්න
අම්මට කියලා ඔළුවට තෙල් දා ගන්න
ආච්චි අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉන්න
නැන්දගේ සව් දොදොල් කන්න
ලොකු අම්මත් එක්ක පන්සල් යන්න
සීයගේ වීර කතන්දර අහන්න
අයියගේ දුව වඩාගෙන වදුරො පෙන්නන්න යන්න
අල්ලපු ගෙදර කලූට බැල්ම දාන්න

තියෙන දවස් ටිකත් මම උඹලගේ හිස් වැඩ බලන්න එන්න ඕනෙද..?

කැන්ඩි....

අකීකරු මගෙම හිත ..




Space Collective 2011,Self-Evolving personal cargo Web Site,[Online],Available:http://spacecollective.org/SelfEvolving/4609/The-Extended-Mind[Accessed 30 March 2011]



තරහවක්
ආදරයක්
අනුකම්පාවක්
ලැජ්ජාවක්
එකවර ඇති වුනත්
මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගත්තත්
ආය බලන්නේ නෑ කියලා නීති දැම්මත්
මේක කරන්නේ නෑ කියලා පොරොන්දු වුනත්
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියත්
දුක යටපත් කරන් හිටියත්
වෛරය මැඩ ගත්තත්
කෙනෙක් ගැන දුක හිතුනත්
හොඳක් කළත්
නරකක් කළත්
හැමදේටම නීති දැම්මත්
හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට

කැන්ඩි....