Wednesday, March 30, 2011

අකීකරු මගෙම හිත ..




Space Collective 2011,Self-Evolving personal cargo Web Site,[Online],Available:http://spacecollective.org/SelfEvolving/4609/The-Extended-Mind[Accessed 30 March 2011]



තරහවක්
ආදරයක්
අනුකම්පාවක්
ලැජ්ජාවක්
එකවර ඇති වුනත්
මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගත්තත්
ආය බලන්නේ නෑ කියලා නීති දැම්මත්
මේක කරන්නේ නෑ කියලා පොරොන්දු වුනත්
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියත්
දුක යටපත් කරන් හිටියත්
වෛරය මැඩ ගත්තත්
කෙනෙක් ගැන දුක හිතුනත්
හොඳක් කළත්
නරකක් කළත්
හැමදේටම නීති දැම්මත්
හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට

කැන්ඩි....

9 comments:

හැමදේටම නීති දැම්මත්
//"හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට"//

ලස්සනය්.................නියමෙට ලියලා තියනවා

ඔට්ටුයි බෑ ඔය හිත මෙල්ල කරන්න....

@ බීටා

ස්තූතියි..
වෙනදා වගේ මේ පැත්තේ ආවටත් බොහොම ස්තූතියි..

@ prasanna86k

නෑ නෑ කරනවාමයි :D :P
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

හිත කියන දේ මෙල්ල කරන්න අමාරුයි නේ මලේ. කරලම බලමු. බැරි කමකුත් නැහෑ.

@ මධුරංග

බලමු බලමු කරලම බලමු
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@කැන්ඩි :
වෙනදා වගේ අර වාක්‍යය කිව්වට ස්තිතියි...

@ මධුරංග

හිකිස් හිකිස් :P
වෙනදා වගේ දෙවෙනි පාරටත් මේ පැත්තේ ආවට ස්තූතියි..

කැන්ඩි මේවගේ දෙයක් ලියපු එක පුදුමයි මටනම් හිතාගන්නවත් බෑ ඇත්තටම හොඳයි .

ඇත්තටම මටත් කරගන්න ඕන ඒත් කරන්න බැරි එකම දේ මගේ හිත මෙල්ල කරගන්න එක ..බිවුවට පසේ විතරයි මට හිත මෙල්ල කරගන්න පුලුවන් ...

@ හිස් අහස

ඔය දේනම් කොහොම හරි නවත්ත ගන්නවනම් තමයි හොඳ සහෝ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment