Sunday, March 20, 2011

බලාපොරොත්තු ගොන්න....





විභාගයත් ඉවරයි
ව්‍යාපෘතිත් ඉවරයි පැවරුමුත් ඉවරයි
ලියන්න පෙර මඟ බලා හිටියත්
ලියන්න හිතෙන්නේ නැති ගානයි
දහසක් දේ කරන්න හිටියත් දහසක් දේ හිතන් හිටියත්
කරන්නට එකම දෙයක් වත්
හිතට එන්නේ නෑ..
කාට කියන්නද කුමක් කරන්නද..?
හිස් මනසින් අහස බලා හිඳිමි මම
වහින්න සිටි අහසේ වළා පෙළ
වැස්ස වළාහක දෙවිඳුන් හොරකම් කරලා..


කැන්ඩි....

9 comments:

ලස්සන කවි ටික. දැන් මොන අවුරුද්ද ද කැන්ඩි ගෙවෙන්නේ ?

කොහොමහරි විභාගෙයි කෝස් එකයි ගොඩ දාගනින් මචෝ. මාත් මේ දගලන්නේ ඉක්මනින් මේකෙන් අවුට් වෙන්න.

විභාගෙට මගේ සුබ පැතුම් !!!

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

මට තව සෙමෙස්ටර් 4ක් තියෙනවා..

ස්තූතියි..

ඔබටත් සුභ පැතුම්..!!

ඒ කියන්නේ දැන් ඉන්නේ දෙවෙනි අවුරුද්දේ.

විභාගයි..ප්‍රොජෙක්ට් එක්ක තරග එක මනසට පොඩ්ඩක් විවෙකයක් දෙන්න ..එක වෙන්න ඇති මනස මුකුත් කියන්නේ නැත්තේ..එයාටත් ටික කාලයක් දෙන්න...

@ මධුරංග

ඔව් ඔව්..

ඔබතුමා අවසන් වසරෙද?

@ නිම්ෂා

මම හිතන්නේ මුල්ම වතාවට වෙන්න ඇති මේ පැත්තේ ආවේ..

මේ පැත්තේ ආවට ස්තූතියි..

එහෙමවත් කරල බලමු..

ලස්සන සිතුවිල්ලක්...

@ Praසන්ன

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තුතියි..

ඇත හිතේ කොනක
මැකී ගිය මතක
රැඳී ඇත තවම
නැත ගියේ අහක

නොදෙමි යනු ඉවත
මිතුරුකම නැවත
ඉඩ ඇතේ තවම
අත් අල්ල ගන්න

වැඩ බහුල කම
වැට බැඳුම නොම
අප මිතුරු කම
දුරස් වන ලෙස

ඇත හිතේ කොනක
විහිළු කල පදම
හිනා වූ තරම
එකිනෙකා වෙතට

සිදුවු දේ කිම
මතකෙ සිඳලන්න
සිටිය බව මම
ඔබෙ මිතුරු ලෙස

පහද දෙනු මැන
මිතුර මට අද
යන්නෙ කිම ඔබ
මිතුදමින් දුරට

දුකයි මට සිතුම
නැති බවක් නුඹව
මගේ මිතු කැළෙහි
පෙර'ද මෙන් මෙදින

අකමැතියි මම
අතහැරුම නුඹ
නුඹ වගේ මම
නොවේ කිසි දින

මිතුරුකම මට
මහමෙරක් විය
එදා මෙන් අද ද
වෙනස් වී නොමැත

කැන්ඩි නුඹ මිතුර
වීය මා සබඳ
එක කුසේ නො'පිද
හොඳ මිතුරො වු'දින

Post a Comment