Thursday, March 24, 2011

අපි කරන්න ඕනෙත් අනිත් අය කරන දේමද..?




ටිකක් හිතට හරි නැති වුනත් ඔන්න කල්පනා කර කර ඉන්න කොට මටත් ලියන්න මාතෘකාවක් මතක් වුනා.

මේකට පාදක වුන කතාව ඇති වුනේ පහුගිය දවසක පවුලේ ඔක්කොමත් එක්ක මමත් සහභාගි වෙච්චි වන්දනා ගමනකදි. වන්දනා ගමන ගියේ කොහාටද කියල කියන්න නම් ඕනී නැහැ කියලා හිතනව , ඒත් ගියේ රටේම ප්‍රසිද්ධ ස්ථානයකට. ඔතන රථගාලේ ඉඩ නැතුව ටිකක් එහාට වෙන්නට තියෙන ස්ථානයකතමයි අපි වාහනය නැවැත්තුවේ. ඉතින් ආපහු ආවම ගෙනිහින් තිබුන කෑම වගයක් කාලා ඉවර වෙලා ඒවා දාල තිබුන කවර ඒ කියන්නේ ඇසුරුම් විසි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. එම ස්ථානයේ වාහන නවත්වලා ආහාර අරගෙන ඒවා තැන තැන දමා ගොස් තිබුන අතර තරමක් අපවිත්‍ර වී තිබිණ.

ප්‍රශ්නය ඇති වූයේ මා අපගේ ඉවත ලන දෑ ඉවත නොදමා වෙනත්කුණුදමන ස්ථානයකින් බැහැර කිරීමට වෙනම කවරයකට දමා ගත් අවස්ථාවේදීය. මගේ ඥාතී සොහොයුරාගේ අදහස වූයේ අනෙකුත් පිරිසුත් එම ස්ථානයේම අප ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා අප පමණක් අපද්‍රව්‍ය එම ස්ථානයේ බැහැර නොකර ආපසු රැගෙන යා යුත්තේ ඇයිද යන්නයි. නමුත් කෙසේ හෝ අවසානයේ අකමැත්තෙන් වුවත් කරුණු පහදා දුන්පසු අනෙක් සියල්ලන්ම අප එසේ අනෙක් අය කළ මෙන් නොකළ යුතු බවත් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකින්ම ඒවා බැහැර කළ යුතු බව පිළිගත් නිසා ඒවා ආපසු රැගෙන ආවෙමු. නමුත් මට මෙහිදී පැවසීමට වුවමනා වූයේ අනෙක් සියළුම දෙනා වැරදි දෙයක් අනුගමනය කළත් හරි දේ කුමක්ද කියා දැන ගෙනත් අපිත් ඒ දේම කළ යුතුද යන්නයි.

අද සමාජයේ බොහෝමයක් දෙනා දැන දැන වැරදි කරන්නේ මේ නිසයි. බොහෝමයක් පිරිසගේ ආකල්ප වල වෙනසක් කළ යුතු කාලයයි මේ. බොහෝමයක් දෙනා සිතන්නේ අනික් අයත් ඒ දේ කරනවා නම් මමත් ඒ දේ නොකළ යුත්තේ ඇයි යන්නයි. බොහෝමයක් දෙනා සිතන්නේ තමන් ගැන පමණය.බහුතරයක් දෙනා වැරදි කළ පමණින් දැන දැන තමනුත් වැරදි කළ යුතුද යන්න නුවණින් සිතා බලා කටයුතු කරනවා නම් මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ නැත.


හරි දේ දැනගෙනත් වැරදි අනුන් කරන නිසා තමනුත් වැරදි දෙයක් කළොත් තමන්ටත් කවදා හරි වෙනත් කෙනෙක් කරන්නේ ඒ දෙයමයි කියා සිතාගෙන කවුරුත් කටයුතු කරනවා නම් වඩා හොඳය. මන්දයත් තමන්ට වරදක් සිදු වූ කල්හි ඒ වෙනුවෙන් පිහිට වීමට අනුන් කරනවා ඒ නිසා මමත් කරනවා යයි කියා සිතන ආත්මාර්ථකාමී පුද්ගලයින් පිහිටට පැමිණෙන්නේ නැති නිසාය.


කැන්ඩි....

10 comments:

සිරාම කතාව සහෝදරය! කවුරුත් ඔහොම හිතනව නම් මේ රට කොච්චර ලස්සන වේවිද? ඔය වගේ අත්දැකීම් මටත් තියනවා. මොකක් හරි වැරදි වැඩක් නවත්වන්න හදනකොට හැමෝම අහන්නෙ ඕක තමයි.

@ kasun

ඔව් ගොඩ දෙනෙක් ඔහොමයි..
කියල වැඩක් නෑ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

කතාව ඇත්ත. කෙනෙක් වැරද්දක් කරපු පලියට අපිත් ඒ වරැද්දම කරන්න ඕනේ කියලා නියමයක් නෑ නේ.

ඒ වගේම වන්දනා ගමන් වලට සහභාගි වෙන අයත් හිතන්න ඕනේ තමන් ගේන ඇසුරුම් වල කුණු තැන් තැන් වල නොදමා අදාල ස්ථාන වලට බැහැර කරන්න !!!!

අනේ කෑන්ඩි ඕක කතා කරන්න ගිහින් මාත් එක්ක ගොඩාක් එවුන් තරහා වෙලා තියේනවා... ඒත් කමක් නෑහෑ අපි ඈත්ත කතා කරන්න ඔනෑ.... හෑමෝම තමන්ව හඩා ගත්තම ඔක්කෝම ඉබේම හෑඩෙනව,,, smh....

@ මධුරංග

ගොඩ දෙනෙක් කරන්නේම නැති දෙයක් තමයි කුණු නිසි ලෙස බැහැර කිරීම.
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Anonymous

තරහා වුනත් කමක් නෑ ,ඇත්ත කියලා දෙන්න ඕනේ..
ඇත්ත ගොඩක් දෙනෙක් හිතන්නේ නෑ තනි තනි පුද්ගලයෝ ඔය විදියට හිතනවා නම් අමුතුවෙන් සමාජයක් කියන ඒකකයක ආකල්ප වෙනස් කරන්න ඕනේ නැති විත්තිය.
මේ පැත්තේ ආවට ස්තූතියි..

මේ කුණු සම්බන්ධව විතරක් ගත්තත් මේක මාර ප්‍රශ්ණයක්. එක්කෙනෙක් කලාම අනිත් අය පෝලිමේ කරනවා. හැබැයි එහෙම පෝලිමේ ගිහින් හොඳ වැඩක් කරනව නම් අඩුයි. කවුරු හරි වැරදි දෙයක් කලොත් ඒක පස්සෙන් යන්න පෝලිමක් ඉන්නවා...

මෙහෙම කිව්වට නොදැනිම මගෙ අතිනුත් එහෙම වෙන වෙලාවල් තියෙනව ඇති...

හැමෝම කැන්ඩි වගේ හිතනව නම් කොච්චර දෙයක්ද.......

@ hare :-)

ඔව් හොඳ වැඩක් කරනවා බලාගෙන කරන්න ඉන්නේ නම් බොහොම අඩු පිරිසක්..
දවසින් දවස තමන්ගේ අතින් වන මේ වගේ වැරදි එක ගානේ අඩු කරන්න පුළුවන්නම් ඒකත් ලොකු දෙයක්..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ බීටා
ඇත්ත..
ඒත් හැමෝම ඒ වගේ හිතන්නේ නැති එක තමයි ප්‍රශ්නේ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

හොද ලිපියක්..

@ Praසන්ன

ස්තූතියි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment