Wednesday, March 30, 2011

ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?




ෆෝන් ඕෆ් කරලා
චැට් බ්ලොක් කරලා
ගෙදරට ගත්තත් උත්තර නෑ
කිසිම කතාවක් නෑ
හුඹහට වැදුන සර්පයා වගේ
උඹේ ඔලුව ඉදිමිලාද
අඟක් මෝදු වෙනවද
ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?

ඇඳක් උඩට වෙලා පොතක් කියවන්න
නාන කාමරේට වෙලා සින්දු කියන්න
ගහක් උඩට නැගලා ගෙඩියක් කන්න
ආදරී ඉස්සරහින් වාඩි වෙලා බ්ලොග් ලියන්න
වහලේ උඩට නැගලා අහස බලන්න
සීලිමට වෙලා නිදා ගන්න
අස්මඬලට නැගලා වටේ බලන්න
ඇලේ බැහැලා මාළු අල්ලන්න
වෙලට බැහැල මඩ ගාගන්න
තණ බිස්සේ නිදියගෙන කල්පනා කරන්න
ගඟබොඩ ගිහින් කුරුම්බ බොන්න
සිරියගේ ගොටුපිට්ටු කන්න
අම්මට කියලා ඔළුවට තෙල් දා ගන්න
ආච්චි අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉන්න
නැන්දගේ සව් දොදොල් කන්න
ලොකු අම්මත් එක්ක පන්සල් යන්න
සීයගේ වීර කතන්දර අහන්න
අයියගේ දුව වඩාගෙන වදුරො පෙන්නන්න යන්න
අල්ලපු ගෙදර කලූට බැල්ම දාන්න

තියෙන දවස් ටිකත් මම උඹලගේ හිස් වැඩ බලන්න එන්න ඕනෙද..?

කැන්ඩි....

17 comments:

යාළුවෝ ඔච්චර තිත්ත වෙලා තියෙන්නේ කාටද ???
මටත් වෙලාවක යාලුවෝ මහා කරදරයක් කියලා හිතෙනවා. ඒත් වෙලාවකට යාලුවෝ නැතුවත් බෑ.

" සිරියගේ ගොටුපිට්ටු කන්න... "
මොනවද දන්නේ නෑ ගොටු පිට්ටු කියන්නේ. මම නම් දන්නේ පොල් පිට්ටුයි මනි පිට්ටුයි විතරමයි.

@ මධුරංග

මට මට
හදන විදිය දන්නේ නෑ
හැලප වල රසම වගේ තමයි.
යාළුවෝ සමහර වෙලාවකට සමහර දේවල් වලදී කරදරයක්.
මට ඉන්නේ ඉතින් බොහෝමයක් නමට මිතුරෝ හොඳ අය නැතුවත් නෙවෙයි
ඒකයි කරදරයක් කියලා හිතෙන්නේ
මේ පැත්තේ ආවට ස්තූතියි..

ඒ ඔයට මටනම් මගෙ හැමදේටම ඉදල තියෙන්නෙ යලුවො.
අවුල තියෙන්නෙ ඔයට ඉන්න යාලුවෝ නරක අය හරි ඔය හිතනවිදියෙ හරි.
ඔයාගෙ බ්ලොග් 1ක කියවගෙන යද්දි මට හිතුනේ කෙල්ලෙක් කියලා.
ගෙදරටම කො‍ටුවෙලා හැදෙන කොල්ලොත් කෙල්ලො වගේතමයි.
A/ළ් වෙනකනුත් ස්කුල් වැන් 1කක ගියපු උබ යලුකම කියනදේ තේරුම් අරගෙන නෑ.
ඒකයි අවුල.
මට මගේ යලුවන්ගෙන් 3දෙනෙක් සහොදරයො වගේ මම දන්නව කවදාවත් උන් මට නරකක් වෙන්න දෙනෙ නැ කියල
උබත් ඔය ගෙදරටම කො‍ටුවෙල ඉන්නේ නැතුව සමජයට බැහැල බලපන්
නැත්තන් උබ පවුලේන වෙන වෙච්ච දවසට උබට ගොඩක් අමරු වෙවි
යලුවො කියනා අය ජිවිතයට ගොඩක් අවශ්ශයි.

@ mahima

වෙන්න පුළුවන් ඒත් මම කියන්නේ එහෙම අය ගැන නෙවෙයි..
මටත් එහෙම යාළුවෝ ඉන්නවා ඒත් හැම වෙලාවකම ඒ අයත් එක්ක ඉන්න හම්බ වෙනවා අඩුයි මොකද කියනවා නම් උන් කරන්නෙයි මම කරන්නෙයි වෙන වෙන දේවල් නිසා, මම මෙතනදි යාළුවෝ කියලා අදහස් කළේ හැමදාම හම්බවෙන අකමැත්තෙන් එකට ඉන්න සිද්ධවෙලා තියෙන ටික දෙනෙක්ව..
ලියලා තියෙන ටිකෙන් මතු පිටින් පේන විදියට තීරණ ගන්න එපා ඒක ස්මහර වෙලාවට කෙනෙක් ගැන වරදවා වටහා ගැනීමක්. සමාජය කොයිවගේද කියලා මට අත්දැකීම් ගොඩාක් තියෙනවා,අනික තවත් දෙයක් හැමදෙනාම එකම දෙය කරන්න ඕනේ කියලා නියමයක් නැහැනි, හැමෝම එහෙම කරනවා කියලා මටත් එහෙම කරන්න උවමනාවක් නැහැ මම හිතන්නේ මොකද ඒ ඔයා මේ මම දෙන්න දෙදෙනෙක් අනිත් එක මගේ ක්‍රමෙන් මට තාම වරදක්වෙලා නැත්නම් ඒක වැරදියි කියලා කියන්න බැහැනේ.
කවදාවත් හොඳ මිතුරන් ආශ්‍රය නරකයි කියලා මම කියන්නේ නෑ මම ලියලා තියෙන ගොඩාක් දේවල් වලින් මම කිව්වේ මට අකමැත්තෙන් උනත් රැඳිලා ඉන්න වෙලා තියෙන මිතුරු පිරිස ගැන. මට හොඳ යාළුවෝ හැමදාම හිටියා දැනටත් ඉන්නවා ඉස්සරහටත් උන් මාත් එක්ක ඉඳියි.තවත් දෙයක් සමහරු සමාජශීලියි සමහරු හුද්කලා ජීවිත ගත කරන්න කැමතියි, ඒකෙන් කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරන්න බෑ මොකද ඒක එක එක එක්කෙනා හැදෙන වැඩෙන පරිසරය අනූව තීරණය වෙන දෙයක්. අනික තමන් හරිදේ කරනවා නම් තමන්ට එදිනෙදා හම්බවෙන සියළුම දෙනා එක්ක ඒ අයව තේරුම් අරන් ඒ ඒ අයත් එක්ක ගැලපෙන ආකාරයට ජීව්ත් වෙනවානම් අමුතුවෙන් සමාජයට බැසීමක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. වරද තියෙන්නේ කෙනෙක්ව තේරුම් අරගෙන ඒ කෙනා සමඟ කටයුතු කරන්න නොයාමයි. මොනදේ වුනත් අන්තිමට පිහිටට ඉන්නේ ගෙදර හෝ තමන්ගේ මිනිස්සු ,ලෙයට ලෙය ඇදේ කියලත් කියනවනේ..හොඳ මිතුරු ආශ්‍රය නරකයි කියලා මම කොතනකවත් කියලා නෑ, නමුත් අකමැත්තෙන් ආශ්‍රය කරන්න වෙන සමහර පුද්ගලයෝ එදිනෙදා ජීවිතයේ වැඩි වෙලාවක් එකට ඉන්න සිද්ධවෙන අය තමන්ට හතුරෝ කියලා කියන්න බැහැනේ ඒ අයත් එක්තරා මිතුරෝ පිරිසක්.නමුත් කළණ මිතුරන් ගණයට අයිති වෙන්නේ නෑ..
තව දෙයක් මම ලියපු ගොඩක් දේ කියවලා කියලා මට හිතුන නිසා හා කියලා තිබ්බ නිසා මෙහෙම හිතුනා මම ඔය කියපු මිතුරන් ගැනම කළින් පෝස්ට් එකක කියලා තිබුනා ඒකට කුලප්පු වෙච්චි තවත් ඒ ව්දියෙම මිතුරෙකුට පිළිතුරක් විදියට තවත් පෝස්ට් එකක් මට පළ කරන්න සිද්ධ වුනා මොකද කමෙන්ට් එකක් විදියටයි එයාගෙම බ්ලොග් එකකයි වරදවා වටහා ගෙන දෙයක් කියලා තිබුන නිසා , මම හිතන්නේ ඔය වරදවලා වටහා ගන්න ඇත්තේ එක් කෙනෙකුට පිළිතුරක් විදියට ලිව්ව ඒක.
තවත් දෙයක් ආචාරශීලීවීම තරමක් ලාමක භාශාවෙන් ලිවීම කොල්ලෙක්ට අකැප නෑ,ඒක කෙල්ලන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. මමත් කොල්ලෙක්.
මේ පැත්තේ ආවට ස්තූතියි..

සමාජෙ ගැන තීරනය කරන්න පවුලට අනුන්ගෙන් සිද්ධ වුනු වැරදි අඩු ලුහුඬු කම් යොදා ගන්න එපා. ඒක ඔයා කරන ලොකු පාඩුවක්. ඔය කියන හැටියට ඔයා ඔයාට පොදි අතපසුවීමක් හරි වරදක් හරි කරන සිද්ධ වෙන යාළුවෝ ඔයාගෙ යාළුවෝ විදියට පිළිගන්නවා නම් ඔයාට කවදාවත් යාළුවෝ කියලා ජාතියක් ඉතුරු වෙන එකක් නැහැ. මොකද කිව්වොත් යාළුවො එක්ක අඩ දබර කර ගත්තොත් ආයෙත් යාළුවො කියල නාමයක්වත් ඔයා ඉතුරු කර ගන්නෙ නැහැ නේ. ඔයාට පවුලේ සහෝදර සහෝදරියො ඉන්නවා නම් එයාල එක්ක බහින්බස් වීම්, අඩ දබර, අමනාප කම්, වෙලාවකට කරදරයක් වීම පවා ඔයා ජීවත් වුනු කාලය පුරාවටම සිද්ධ වෙලා නැහැ කියන්න බැහැ නේද? ඒවා වුනු හැටියට ඔයාට එයාලව අමතක කරන්න පුළුවන් වුනාද? සමහර විට ඔයාගෙ ප්‍රතිපත්ති වල හැතියට ඔයා ඒකත් කරලා ඔයාගෙ සතුට රැක ගන්න ඇති. ඒ නිසාදෝ මන්දා යාළුවන්ටත් ඒ මිම්මෙන්ම සලකන්නේ. ඔයාගේ කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම ඔයාට එපා වෙන විදියට හැසිරුනොත් අනිවාර්යෙන්ම ඔය එයාලව අමතක කරන්න සූදානම් බවයි මට නම් පේන්නේ. මොකද දන්නවද? ඔයා ජීවිතේ සතුටින් ගත කරන්න කියල බැඳීම් අඩු කර ගන්න විදිය ඒ තරම් සුභදායක වෙන්නෙ නැති හන්දා. මිනිස්සු වැරදි කරන බව ඇත්ත. ඒත් සමහර වැරදි අමතක කරලා දාන තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා. කෙනෙක් වරදක් කලාත අපිත් ඒ කෙනාට ඒ වරදම කරන එක හරිද? ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නෙ? ඔයාට කාගෙන් හරි සිද්ධ වුනු වැරැද්දක් ඔයා මහා ලොකුවට හිතේ තියාගෙන හිටියට ඔයාගෙන් ඔයාගෙ යාළුවන්ට මොන වගේ වැරදි සිද්ධ වෙනවද කියලා ඔයා නිකමටවත් හිතුවද? පුළුවන් ද කල්පනා කරලා බලන්න ඔයා නිසා දුක් වුනු යාළුවෝ ඔයාගෙ ජීවිතේදි ඉඳලා නැත්ද කියලා? ඒකට ආගම්, ජාති, ස්ත්‍රී, පුරුෂ භේධයක් නැහැ. අපිට හැමදාම අපි කැමති විදිහේ කාවවත් ආෂ්‍රය කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අපි ලඟ තියෙන දෙවඉල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද? මේ දේවල් කිව්වේ පුලුවන් නම් හිතලා බලන්නයි. කිසිම වෛරයකින් නෙවෙයි මිත්‍රයා. මිනිසුන්ව ආශ්‍රය කරන්න. අත හරින්න එපා තමන්ගෙ ජීවිතේට තර්ජනයක් නම් හැරෙන්න. මොකද ලෝකය කියන්නේ ඉගෙන ගෙන නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනිකඩව ලෝකේ ජීවත් වෙන්න ගන්න උත්සාහය නරකයි කියන්නෙ නැහැ මම. ඒත් තනිකඩව ජීවත් වෙන්න හිතන තරම් ලේසිත් නැති බව තේරුම් ගන්න කියලායි මම කියන්නේ. මොකද ඒ බව මම දන්න කාරණයක්. කවදාවත් තමන් ගැන හිතන කිසි කෙනෙක්ගෙ අතින් වැරදි වුනු පමණට ඒ අයගෙන් දුරස් වෙන්නවත්, නරක මිතුරො කියල හරි හංවඩු ගහලා කොටු කරලා සලකන්නවත් එපා. අපි ජීවත් වෙන්නෙ තව ටික කාලයයි. ඒ කාලෙදි ඔය දේවල් වලින් හිත පුරුව ගන්නවට වඩා පුරව ගන්න දේවල් දැනුම ගොඩක් තියෙනවා. තමන්ගේ වැරදි අඩු පාඩු හින්දා අනුන්ට දොස් පවරන එකත් කරන්න හොඳ නෑ. පුළුවන් හැම වෙලාවකදිම සතුරන්ටත් මෛත්‍රී කරන්න. එදාට ඔයා සමාජෙට අවශ්‍ය හොඳ මිනිහෙක් වේවි. එහෙම නැති වුනොත් රොබෝ කෙනෙක් වගේ මනුස්සයෙක් වේවි. හිතලා බලන්න ටිකක්. ජය ශ්‍රී!

මොකෑ ඔච්චර යාළුවෝ එපා වෙලා කියන්නේ

@ කිටියා

මම මෙහෙම දෙයක් කියන්නම්. මම කවදාවත් පුද්ගලික දේවල් අත්දැකීම් මත පදනම් වෙලා යාළුවෝ එක්ක තරහා වෙලාවත් යාළුවෙලාවත් නැහැ.ඒත් ඔය කියනාකමැත්තෙන් එකට ඉන්න වෙලා තියෙන යාළුවන් දැන

දැනම තමන් අකමැතියි කියල තේරෙන දෙයක් කරනවා නම් ඒ දේවල් තමන්ට ගැලපෙන්නේ නැහැයි කියලා හිතනවා නම් උන්ගෙත් හිත නොරිද්දා තමන්ගේත් හිත රඉද්ද ගන්නේ නැතුව මඟ ඇරලා ඉන්න පුළුවන්නම්

හොඳයි නේද? මම නම් කවදාවත් යාළුවෙක් කරපු පොඩි විහීළුවකට වෙනත් දේකට හිත රිද්දගෙනත් නෑ විහිළුවලට මගේ හිත රිදෙන්නෙත් නෑ.
"ඔය කියන හැටියට ඔයා ඔයාට පොදි අතපසුවීමක් හරි වරදක් හරි කරන සිද්ධ වෙන යාළුවෝ ඔයාගෙ යාළුවෝ විදියට පිළිගන්නවා නම් ඔයාට කවදාවත් යාළුවෝ කියලා ජාතියක් ඉතුරු වෙන එකක් නැහැ. "
මම කවදාවත් එහෙම කියලා නෑ, පොඩි අතපසුවීමක් නෙවෙයි ලොකු අතපසුවීමක් වුනත් දරා ගන්න මම කැමතියිමොකද මිතුරෙක්නේ.ඒත් එය මිතුරෙක් නම් ඒ අතපසුවීම හැමදම වෙන්න බැහැනේ නේද?
" සමහර විට ඔයාගෙ ප්‍රතිපත්ති වල හැතියට "
මාව දැකලත් නැති මාව ආශ්‍රය කරලත් නැති කොටින්ම කියනවා නම් කැන්ඩියා සුදුද කළුද කොටද උසද කෙට්ටුද මහතද කියලා දන්නේ නැති මේ කිටියා ඔහොම කිව්වේ කොහොමද?මට මේක හරිම ප්‍රශ්නයක්.
"කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම ඔයාට එපා වෙන විදියට හැසිරුනොත් අනිවාර්යෙන්ම ඔය එයාලව අමතක කරන්න සූදානම් බවයි මට නම් පේන්නේ. මොකද දන්නවද? ඔයා ජීවිතේ සතුටින් ගත කරන්න කියල

බැඳීම් අඩු කර ගන්න විදිය ඒ තරම් සුභදායක වෙන්නෙ නැති හන්දා. මිනිස්සු වැරදි කරන බව ඇත්ත. ඒත් සමහර වැරදි අමතක කරලා දාන තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා."
මම කලිනුත් කිව්වනේ සාමාන්‍යය මිතුරයි කළණ මිතුරයි ගැන,ක්ළන කියන ලේබලය ගැහුවට මෙතනින් අදහස් කරන්නෙත් සාමාන්‍ය මිත්‍රයෙක් තමයි. මොකද දුකට සැපට ඉන්න මිතුරු තොමෝ එකම පඩත්තල වැඩය

දෙවරක් කළත් හැමදාම නොකරති. ඔව් ඇත්තෙන්ම වැරදි අමතක කරලා යාළුවෙක් වෙන්න මමත් කැමතියි. ඒත්හැමදාම එකම වරද වෙනව නම් හැමදාම ඒ බැඳීම දුරස් වෙනවා නම් තවත් ඒ යාළුවා තමන් අකමැති ඒ

දේවල්ම නම් කරන්නේ එයා කළණ මිත්‍රයෙක් නෙවෙයි ඒ පුද්ගලයාගේවැඩකටයුතු කියලා යහමඟට හරව ගන්න බැරිනම් ඒ බැඳීම නැති කර ගන්න එක තමයි හොඳ.මොකද ඒක ඒ පුද්ගලයටවත් ඔයාටවත් පලක් නැති

එකක් වෙන නිසා. මෙහෙම දේකුත් කියන්නම් පලක් නැහි බැඳීම් හිතේ තියන් දුක් වෙනවට වැඩිය හොඳයි ඒවා ලිහලා සතුටින් ඉන්න එක ,මොකද ඔය දේ කොච්චර නිවැරදි කළත් නිවැරදි වෙන්නේ නැත්නම් කොච්චර

කළත් ඕක ඔච්චරයි. " ඔයාගෙන් ඔයාගෙ යාළුවන්ට මොන වගේ වැරදි සිද්ධ වෙනවද කියලා ඔයා නිකමටවත් හිතුවද? පුළුවන් ද කල්පනා කරලා බලන්න ඔයා නිසා දුක් වුනු යාළුවෝ ඔයාගෙ ජීවිතේදි ඉඳලා නැත්ද

කියලා?" නෑ යාළුවෝ හින්ඳා මගේ හිත රිදුනට මම කවදාවත් යාළුවන්ගේ හිත් රිදවලා නෑ කියන්න බෑ ඒත් එහෙම වෙච්චි හැම වෙලාවකම මම සමාව ගත්තා, අනික මම මගේ අතින් කෙනෙක්ට වරදක් වුනොත්

හැමවෙලාවකම ඒ දේ නැවත නැවත සිද්ධ නොවෙන්න වග බලාගෙන තියෙනවා, ඈ කිටියෝ උඹ කොහොමද අර පළවෙනි වාක්‍ය ඔච්චර විශ්වාසෙන් කිව්වේ.මට ආයිත් කිටියාව ප්‍රශ්නයක්. හිටපන් ගිහින් බලන්න අපේ

කුස්සියේ ඉන්න කිටිය ගාව ලැපක්වත් ත්යෙනවද කියලා ,මොකද ඌට නම් අපේ ගෙදර ඉඳලා මම ගැන අහල දැකලා ඔච්චර විශ්වාසෙන් මත පළ කරන්න පුළුවන්. ඌත් දැන් බ්ලොග් කියවනවද දන්නේ නැහැනේ..

ඉතිරිය අනෙක් කමෙන්ටුවෙන්

@ කිටියා 2

" අපි ලඟ තියෙන දෙවඉල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද?" අනිවා මම එහෙම දෙයක් කියලා තියෙනවද? මම කිව්වේ මට

ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ මම හිතන පතන විදියට ටිකක් ගැලපෙන්නේ නැති අය මිසක් මම උන්ට හතුරෝ කියලාඅ කිව්වෙත් නෑ මම උන්ට මූණට කිසිදෙයක්ක් කිව්වෙත් නෑ මම කළේ මඟ ඇරලා හිටපු එක විතරයි.

කළණ මිතුරන් සැමදා මගෙ හදේ සිටියි.ඔබතුමා දන්නවද මට ඉන්නවා මිතුරියක් ඉන්නේ ඉන්දියාවේ හැමදාම නිදියන්න කළින් රින් කට් එකක් හරි එස් එම් එස් එකක් හරි දෙන්නත් සතියකට පාරම් මම හරි එයා හරි කෝල්

කරන්නත් එක් එක් කෙනා ගැන හොයලා බලන්නත් අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලන්නත් අමතක කරලා නෑ,ඒත් මට විභාගයක් කියලා නිකමට හරි දැන ගත්තොත් අර තත්පර දෙක තුනකට හරි මිනිත්තු භාගෙකට

හරි දෙන රින්කට් එකත් මම කතා කරන කන් දෙන්නේ නෑ. අනික ලංකාවට ආවම මාව හම්බ වෙන්න හරි ඒකිගේ කොල්ලත් එක්ක කොහෙහරි යන වෙලාවක හරි විනාඩියකට හරි මාව බලල යන්නත් අමතක කරන්නෙ නෑ,

ඒකයි මිත්‍ර කම.නැතුව අම්ම අප්ප මහන්සියෙන් හරි හම්බ කරලා දෙන දේ හැමදාම MC එකට හරි Burger King එකට හරි පුදන්න යන එකවත් හැමදාම හවසට Exel World යන එකවත් නෙවෙයි යාළුකම.

නරක මිතුරන්ගෙන් තමන්ට අවැඩක් වෙනවා නම් ඒ අයගෙත් හිත් නොරිදා ඒ අයගෙන් වෙන් වෙන එක හොඳයි කියලයි මම හිතන්නේ මොකද නරක මිතුරු ඇසුරෙන් යන්නේම තව නරකෙකට මිසක් හොඳකට නෙවෙයි

තවත් දෙයක් අර තාපසාරාමේ ඉඳපු ගිරවයි හොරුන් ළඟ හිටපු ගිරවයි කරපු දෙවල් අහලා ඇතිනේ. මම කියන්නේ නෑ ඒ අය හංවඩු ගහල වෙන්කරලා දාන්න කියල ඒ අය යහ මඟට ගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ

,ඒත් ඒ අය අගය කර කර කරන නිශ්පල දේ උඩ දම දමා ඉන්න එක මම නම් හිතන විදියට තමන්ගේත් අනුන්ගේත් කාලය කා දැමීමක්.එ අය දැක්කම අහක බලාගෙන යන්නවත් කතා නොකර ඉන්නවත් නෙවෙයි මම

කියන්නේ ඒත් ඒ අවස්ථා වලදිත් වැරදි දෙයක් වෙනවා නම් ඒකත් නතර කරන තරමට ඇඟට ගුණයි. ජීවිතේ යහපත් දේවල් වෙනුවෙන් ටිකක් ආත්මාර්ථකාමී වුනාට කමක් නෑ.. අපෝ නෑ මම කවදාවත් සතුරන්ට වෛර කර

කර ඒක හිතේ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි . ඒ දේවල් අත් ඇරල මම පාඩුවේ ඉන්න තමයි හැම වෙලාවකම උත්සාහ කරන්නේ. මෙහෙමත් දෙයක් කියන්නම් ලෝකය ගැන ඉගෙන ගත් දේවල් වලින් පලක් ගන්නේ

නැත්නම් ඒ දේ ඉගෙන ගැනීමෙනුත් පලක් නෑනේ නේද..?

අවසාන වශයෙන් ,උත්තරය සැර වැඩිද මන්දා, ඒත් මම ගැන මට වැඩිය විශ්වාසයෙන් මත පල කරන්න ආපු කිටියාව කියලා තියෙන දේ වලිනුත් ලියලා තියෙන විදියෙනුත් මම හඳුනා ගතිමි.ඔය ලියන විදිය අඳුනා ගන්න මම

ගැන මට වඩා හොඳින් දන්න ආකාරයෙන් මත පළ කරන්න හදන කෙනා අඳුනා ගන්න බැරියයි සිතා ගන්න ඹැරිවෙන තරමට මා අනුවණයෙක්යයි නොසිතන්න.

මේ පැත්තේ ආවට ස්තූතියි. අදහස් වලටත් බොහෝම ස්තූතියි කිටියෝ..

@ බීටා

මොකුත් විශේෂ හේතුවක් නෑ මලේ ..
එකෙක් දෙන්නෙක් කරන කියන දේවල් වලට මඟ ඇරලා හිටිය නිසා උන් කිව්ව දේකට මට හිතුව දේ කෙටුවා එච්චරයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..
මම හිතුවා උඹත් පතරංග එකක් දාල ඇතියි කියලා හිකිzzzzz

මේ අර අල්ලපු ගෙදර කළු කිව්වේ බල්ලෙක්ටද, කෙල්ලෙක්ටද?

@ prasanna86k

හුටා ..
කෙල්ල කෙල්ල..
ඒකිට බලු වචනේ ඇහුනනම් මගේ විතරක් නෙවි අයියන්ඩිගේ ඔළුවත් කයි..

මේක බොහොම අව්‍යාජ සිතුවිල්ලක් මම හිතන ආකාරය අනුව...
ඒ රටාවට මම රුචියි...
බොරු මවාපෑම්, මානවහිතවාදීකම්, වලට වඩා...
කමෙන්ටු ටිකක් අපි හිතන පතන ආකාරය පලල් කරගන්න උදව් වෙනවා...
ජයවේවා...
දිගටම එන්නම්...

@ තිස්ස දොඩන්ගොඩ

ස්තූතියි..
"බොරු මවාපෑම්, මානවහිතවාදීකම්, වලට වඩා...
කමෙන්ටු ටිකක් අපි හිතන පතන ආකාරය පලල් කරගන්න උදව් වෙනවා..."
මෙන්න මේ වචන ටික කිව්වට ගොඩාක් ස්තූතියි මිත්‍රයා..
මේ පැත්තේ ආවට ස්තූතියි..
ඔබටත් ජය..

methana wenadeyak nee
uba hithanne uba hithana vidiyata
mama hithanne mama hithana vidiyata
eachcharai
ubata lebunau addekima wala vidiyata uba hithanawa mage addekiwala vidiyata mama hithanawa
weredda mage mama ne mama hithana vidiyata ubata hithanna kiwe

apee thaththalage, siyalage, muththalage, kaale nam oya yaaluwo kiyana un indala thiyanawa.., eeth dan kaale nam 'kalu nika' wage thamai..! mona de unath anthimata leyata leya witharai unu wenne kiyana kathawa nam sahathika aththa..!

apee thaththalage, siyalage, muththalage, kaale nam oya yaaluwo kiyana un indala thiyanawa..,
eeth dan kaale nam ithin 'kalu nika' wage thamai..! naththemath na..,hoyaa ganna amaarui..
mona de unath anthimata leyata leya thamai unu wenne kiyana kathawa nam sahathika aththa..!

@ madusha.samadhi

ඇත්ත.. එහෙම උන් හොයා ගන්න අම්මරුයි ඒත් නැත්තෙමත් නෑ..
මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment