Saturday, April 2, 2011

සයිබරයේ ආචාරධර්ම..



අන්තර් ජාල භාවිතයේදී අප සන්නිවේදනය සඳහා නොයෙකුත් Messenger මෘදුකාංග භාවිතා කරන්නෙමු. උදාහරණ වශයෙන් Skype, Yahoo Messenger, Google Talk ,Windows Live Messenger ,OOVOO වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් ඒවා භාවිතය ගැන අප නිසිලෙස දැනුවත් වූවත් ඒවා භාවිතයේදී ඒවා නිසි ලෙස ක්‍රියාවට නංවනවාද යන්න නම් සැකයක් ඇත.මන්ද යත් බොහෝ දෙනෙක් මේවා භාවිතා කළත් ඒවායේ පහසුකම් ගැන දැන ගත්තත් ඒවා භාවිතයේදී ඒ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ. තවත් එක් කරුණක් වන්නේ තවත් සමහරු මේ දේ මේකයි කියලා දැනගෙන හිටියත් ඒ දේවල් ගැන නොතැකීමයි.








අප සැබෑ ලෝකයේදී අනෙක් කටයුතුවලදී අනුගමනය කරන ආචාරධර්ම විධි මෙහිදී යොද නොගන්නා එක තමයි මෙහිදී ඇති ප්‍රදානතම ගැටළුව. සරල උදාහරණයක් වශයෙන් කියනවා නම් සාමාන්‍යයෙන් අප කාර්යාලයකදී වෙනත් පුද්ගලයෙකුගේ කුටියකට ඇතුළු වීමේදී එයට කඩා පනින සිරිතක් නැත. සාමාන්‍යයෙන් පිටින් සිට දොරට තට්ටු කළ පසු එයට පිළිතුරක් ලැබුනහොත් ඇතුලට යාම තමයි අපගේ සිරිත. මේ වගේ සරල දෙයක් සරල හොඳ පුරුද්දක් අප සයිබරයේදී ක්‍රියාත්මක කරනවාද යන එක ලොකු ගැටළුවක්.

මම කළින් සඳහන් කළ Messengers හි තමන් ගේ වැඩකටයුතු හා කාර්ය බහුලත්වය අනූව Status යන එක Busy Mode දමා තිබෙන්න පුළුවන් .ඒ අවස්ථාවල අප ඒ පුද්ගලයෙක් හා සංවාදයක් ආරම්භ කිරීමට ප්‍රථම අඩුම තරමේ මම කතා කරන්නේ මේවගේ දෙයකට ඔබ කාර්යබහුලද මේවෙලාවේ කියා විමසන්න තරම් ආචාරශීලී වන්න.පෙරකී ආකාරයෙන් Busy Mode කර තිබේ නම් ඔබ සංවාදයක් ආරම්භ නොකර ඉන්නවානම් වඩා හොඳය. මන්දයත් පෙරකී පුද්ගලයා එසේ කර තිබෙන්නේ සත්‍ය වශයෙන්ම ඔහු කාර්යබහුල හෝ එම ස්ථානයේ පරිඝනකය ඉදිරිපිට ඔහු නොමැති නිසා විය හැක. ඔබට සංවාදය ආරම්භ කිරීමට අවශ්‍ය කාරණය ඉතා හදිසි එකක් නම් ඔබගේ අවශ්‍යතාවය සඳහන් කර පෙරකී ආකාරයෙන් ඔහු හෝ ඇය කාර්යබහුලද කියා විමසීමට තරම් ආචාරශීලී වන්න.










ඔබ තවත් ආකාරයකින් අනුන්ට බාධා කර නිදහසට කරුණක් ලෙස මෙසේ කියන්නට පුළුවන්. " ඔබ ඔය තරම් කාර්යබහුලනම් ඇයි ඔබ online ඉන්නේ කියා " එසේ අසන උදවියද නැත්තේ නොවේ. මතක තබා ගන්න ඒ පුද්ගලයා එහි රැඳී සිටින්නේ ඔහුගේ කාර්යය කරන වෙනත් අයෙක් සමඟ සන්නිවේදනයට පහසු නිසා විය හැක. එම පුද්ගලයාගේ online list එකේ ඉන්න එකම පුද්ගලයා ඔබ පමණක් යයි කොයි විටෙකවත් සිතා වැඩ කටයුතු නොකරන්න.

ඔබට යම් පුද්ගලයෙක් දිගින් දිගටම මෙසේ කරදර කරයි නම් ඔබට එම පුද්ගලයා Block කිරීමේ පහසුකමද බොහෝ Messenger සේවාවන් විසින් ලබා දී ඇත.

ඔබ කෙනෙකුට ආචාරශීලී වනවානම් අනෙක් පුද්ගලයිනුත් ඔබට ආචාරශීලී වනවා ඇත.

කැන්ඩි....

5 comments:

නියම ලිපියක් සයිබර් අවකාශයේත් ඔය ආචාරශිලි කම තියෙනවනම් තාමා වඩා හොද .

මාත් එකඟයි ඒකට. දැන් ටික දවසකට කලින් එකෙක් මට මාර ඈනයක් වුනා. වැඩ වෙලාවටයි, නිකං වෙලාවටයි මට ඉන්න නෑ... පස්සේ බ්ලොක් කරලා දැම්මා...

@ මධුරංග

ඔව් ගොඩක් වෙලාවට ඕක නැති එක තමයි ප්‍රශ්නේ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..


@ prasanna86k

මටත් වුනේ ඔය ටිකම තමයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

//ඔබ කෙනෙකුට ආචාරශීලී වනවානම් අනෙක් පුද්ගලයිනුත් ඔබට ආචාරශීලී වනවා ඇත.//
කතාව ඇත්ත

ආචාරශීලී වෙන එක කොහොමටත් හොඳ වැඩක්...

Post a Comment