Saturday, April 9, 2011

අපූරු ආයා....




China Smack 2010 Web Site,[Online],Available :http://http://www.chinasmack.com/2008/stories/new-rules-for-nanny-in-shaanxi-province.html/[Accessed 09 April 2011]


හදිසියේම දුරකතනය නාද වන්නට විය.වෙනදා මෙන්කවුරුන් හෝ ඇවිදින් එයට පිළිතුරු දෙන තෙක් මම බලා සිටියෙමි. එයට පිළිතුරු දීමට ගොස් පොඩි පුතේ ඕක ගන්නකෝ මම එනකන් ,පොඩ්ඩො ඕක බලනවකෝ යන විධානයන් දෙක දිනපතා ඇසීමට මා අකමැතිය.වෙනදා මෙන් අම්මා වහාම දුරකථනයට පිළිතුරු දුන්නාය. පොඩි පුතේ ජානි අක්කට පොඩි හදිස්සියක් කියලා මට එන්න කිව්වා ගිහින් එන්න යමුද පොඩ්ඩකට, මට වැඩක් තිබුණත් අම්මාට බකීමට නොහැකි නිසා මම අම්මාට හා මම ඇඳුමක් දාගෙන එන්නම් කියා කාමරයට වැඩුනෙමි. විනාඩියට දෙකකට වෙනත් ඇඳුමකට බැසගත් මා අම්මා සමඟ ජානි අක්කගේ නිවසට යාමට පිටත් වුනෙමි.

ජානි අක්කා මගේ ඥාතී සොහොයුරකුගේ බිරිඳයි. විධායක ශ්‍රේණියේ රැකියාවන් කරන ඔවුන්ගේ නිවෙස තිබෙන්නේ අප නිවසේ සිට පැය කාලකින් පමණ ළඟා විය හැකි දුරකින්ය. නමුත් ඒ වාහනයකින් යනවා නම්ය. ඔවුන් දෙදෙනාගේම පවුල්වල පිරිස පදිංචිව සිටින්නේ විදේශයන් හි නිසා ඔවුන් දෙදෙනාට වැඩිහිටිකමට ඥාතී කමට මිතුරු කමට් සැම විටම ළඟින් සිටින්නේ අපේ අම්මාය. තවම උදේ දහය පමණ නිසා මේ වේලාවේ ඇයට ඇති හදිසි ප්‍රශ්නය කුමක්දැයි මට හෝ අම්මාට සිතා ගත නොහැකි විය.

අප නිවසට ගොඩවන විට ඇගේ ආයා හඬමින්ද ඇය අටමසක් වයසැති බිළිඳු පුතු නලවමින්ද සිටියෝය. මොකද පුතේ වුනේ කියා අම්ම ඇසුවාය. මේ බලන්නකෝ නැන්දේ කියා ජානි අක්ක තොර තෝන්චියක් නැතුව ගලා ගිය ඇයගේ කතාව ආරම්භ කළාය. ඇය කී පරිදි කතාව මෙසේය. ඊට පෙර මම මේ ටිකද කියන්නෙමි, ඒ මෙය කියවන ඔබට අගක් මුලක් නොතේරෙන තත්වයකට පත් විය හැකි නිසාය. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන නිසාවෙන් ප්‍රසූතිය සඳහා ලැබී තිබුන නිවාඩු අවසන් වූ වහාම ඇයට රැකියාවට යාමට සිදු වූ නිසා මීට මාස දෙකකට පෙර ඇය රැකියාවට ගොස් පැමිණෙන තෙක් දරුවා බලා ගැනීමට ආයා කෙනෙක් සේවයට ගත්තාය. අසල්වාසී නිවසක තරුණියක් වූ ඇයට ජානි අක්කා දරුවාට සහ එම තරුණියට කෑමද සියළු දේද පිළියෙළ කරදී උදෑසන රැකියාවට පිටත් වී යන්නීය. ආයාට කිරීමට තිබුනේ ඇය රැකියාවට ගොස් එනතුරු කවා පොවා දරුවා බලා ගැනීම පමණි, දරුවාගේ දිනපතා රෙදි සේදීම ආදී කටයුතුද ජානි අක්ක රැකියාවට ගොස් පැමිණි පසු ඇය අතින් සහ මගේ ඥාතී සොයුරා අතින් සිදු විය.

ජානි අක්කා කී කතාව මෙසේය මෙහි සමහර ස්ථාන වලදී මට නම් සිනහා නොවී සිටීමට බැරි විය.

දරුවා උපන් දා සිට සෑම දෙමව්පියෙකු මෙන් මේ යුවලද අදාල සායනවලට මාසිකව සහ භාගී වී වෛද්‍යවරුන් හමු වී දරුවාගේ වැඩීම නිසි පරිදි සිදුවේ දැයි පරීක්ෂා කරවාගෙන ඇත.

ජානි අක්කා නැවත සේවයට යනතෙක් ඇයගේ පොඩි පුතුගේ වර්ධනය හෝ සෞඛ්‍ය තත්ව්ය නොවෙනස්ව සාමාන්‍ය ආකරයටත් වඩා හොඳින් තිබී ඇත. නමුත් ඇය සේවයට ගිය පසුගිය මාසදෙකෙහි දරුවාගේ වර්ධනය පෙර මාස වලදී මෙන් යහපත් ආකාරයෙන් සිදු වී නැත. දරුවා කිහිප වරක් රෝගී තත්වයන්ගෙන්ද පෙළී තිබිණ. පසුගිය දිනෙක ඇය වෛද්‍ය වරයා හමුවූ මොහොතක දරුවාට ලබා දෙන ආහාර ක්‍රමවත් කළ යුතු බවත් නිසි පරීදි දරුවා පෝෂණය කරන අයුරු දැන ගන්න ලෙසටත් ඇයට උපදෙස් ලැබී තිබේ. ඉන්පසුව සියල්ල සූදානම් කර රාජකාරියට යන ඇය හට යම් සැකයක් පහළ වී ඇත. ඇයගේ සැකය නිසා රාජකාරියට පිටත්ව ගිය ඇය සිය සේවා ස්තානයේ මඳ වේලාවක් රැඳී සිට නිවාඩු දමා හදිසියේම නිවසට පැමිණ තිබේ. එවිට දරුවා හඬන ශබ්දය ඇසී ඇය දරුවා නිදන කාමරයේ ජනේලයෙන් ගෙතුලට එබී බලා ඇත. එවිට ඇය දැක තිබුනේ මවකට නිම්හිම් නැති කෝපය දනවන දර්ශනයකි.දරුවා ඇඳේ පසෙක හඬමින් සිට ඇත. අටමස් වියැති බිළිඳා අත විස්කෝතුවක් තබා දරුවා ඇඳේ පසෙකට කර ඇය ඇඳේ මුනින්තලාව ඇයගේ ජංගම දුරකථනයෙන් ඇයගේ පෙම්වතා සමඟ හෝ වෙනත් අයකු ලෙස උකුළු මුකුළු පාමින් කතා කරන අතර තුර දරුවාගේ කිරි බෝතලයෙන්ම එයටම මුව තබා ඇය කිරි බිබී සිට ඇත. එය දුටු ජානි අක්කා කෝපයෙන් දොර ඇරගෙන ගොස් ආයාට බැන ඒ අතර තුරදී අම්මා අමතා ඇත.

අවසානයේ ආයා කෙසේ හැසිරුනත් වෙන කුමක් කළත් පළක් නොවන හෙයින් ඇය හට ඇයගේ වේතනය ලබා දී පිටත් කිරීමට සිදු විය.රාජකාරියට වඩා දරු සම්පත ලොකු නිසාවෙන් ජනි අක්කා තවත් මාසයක නිවාඩු අනුමත කරවාගෙන විශ්වාසවන්ත අයෙක් ලැබෙන තෙක් ඇය නිවසේ නතර වීමට තීරණය කළාය.

ඔබත් බිළිඳෙකුගේ දෙමව්පියෙක් නම් සහ ඔබගේ දරුවා පිටස්තරයෙක් සමඟ රඳවන වා නම් මීට වඩා ඔබගේ දරුවා කෙරෙහි සැලකිලිමත් වන්න. සැකයක් ඇති කර නොගත්තත් එම පුද්ගලයා නිසි පරිදි සිය සේවය ඉටු කරනවාදැයි ඒ පුද්ගලයාට නොදැනෙන සේ විමසා බලන්න. මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ පුද්ගලයෙකු සේවයට ගැනීමට පෙර එම පුද්ගලායා කෙබඳු චරිතයක් දැයි සොයා බලන්න. අවසානයේ යමක් සිදු වී එයට පිළියම් සොයනවාට වඩා සිදුවීමට පෙර වලක්වා ගැනීම යහපත්ය.

කැන්ඩි....

6 comments:

සහතික ඇත්ත පිටි මිනිස්සුන්ට දරැවො බලාගන්න දෙන්නෙ කල්පනාවෙන්..

@ ..ChAnDiKa..

ඔව් සහෝ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

හප්පද බොල... දැන් ඉතිං මොකද කරන්නේ... මචං විශ්වාසවන්ත කෙනෙක් නම් ඉතිං අවුරුදු 60කට වත් වඩා වැඩි ගැහැණු කෙනෙක් වෙන්න ඕනෙ බං.

@ prasanna86k

ඔව් මචෝ......
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

ඔය දේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පවුල නඩත්තු කරන්න රස්සාවට නොගිහිනුත් බෑ. රස්සාවට ගියාම දරුවෝ බලාගන්න කවුරුත් නෑ.

එහෙම බලාගෙන ගියාම විස්වාසවන්තකමකට ඉන්නේ දෙන්නගේ දෙමව්පියෝ කවුරුහරි තමයි.

"වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.. " කියන උදාන වාක්කිය කියනවට ගොඩක් ස්තූතියි !!!!

කිරි බෝතලේ කටේ තියාගෙන හිටපු එකනම් හිනා යන සීන් එකකි[එය කුක්කු පැටියාට අයිති රාජකාරියකි]. පිට මිනිසුන්ට කුක්කු පැටවුන්ව බලාගන්න දීම කල්පනාවෙන් කල යුතු දෙයකි.

Post a Comment