Sunday, April 3, 2011

අවසාන මොහොතේ දුටු ඥාතියාණෙනි ඔබට නිවන් සුව...!!!!

Flicker By Sarah Sad and Beautiful Collection[Online],Available:http://www.flickr.com/photos/sadandbeautiful/3549518115/in/photostream/[Accessed [Accessed 2 April 2011]


නිවසට ආ නාඳුනන අමුත්තකු පැවසූ දෙයින් මම පුදුමයට පත් වීමි. ජීවිතයේ කෙදිනකවත් අසා නැති ජීවිතයේ කෙදිනකවත් දැක නැති අඩුම තරමේ මෙළොව ළඟ නෑ කමක් ඇති නුඹ වන්නෙක් ජීවත්ව සිටීදැයි නොසිටි මා හට අමුත්තාගේ පණිවුඩය පුදුමය දනවන්නක් විය. ඔබගේ වියෝව ඇසූ මා හට පළමුව දුකක් හෝ සතුටක් ඇති නොවිනි, මා සිත තුල ඇති වූයේ හිස් බවකි. කෙඳිනකවත් අසා නැති ඔබ ගැන සියළු තතු හෙළිවන්නට විය.

අපගේම වූ ඔබ මින් විසිපස් වසරකට පෙර ජීවත් වූ ආකාරයත් තමන්ගේ වූ කෙනෙකුට කළ කී දෙයත් මා හට අසන්නට ලැබුනි. කිසිදා නොදුටු ඔබ ගැන ආදරයක් වෙනුවට මා සිත ප්‍රථම වරට ජනිත වූයේ පිළිකුලකි. නමුත් කිසිදා නුදුටු කිසිදා නොඇසූ ඔබගැන ඔබ ඒ දේ කළේ ඇයිද යන්න ඔබේ සිතැඟි නොඅසා ඔබ ගැන වෛරයක් ජනිත වීමට මාසිත ඉඩ නොදුනි. නමුත් කොතරම් බැහැර කරන්නට හැදුවත් මුලින් ඇති වූ පිළිකුළ නම් සිතෙන් ඉවත් කිරීමට මා හට නොහැකි විය. කොතරම් අමතක කර දමන්නට වීරිය කළත් අවසානයේ සිතේ කොනක පැලපදියම් වූ එය නුදුටු ඔබ ගැන නිතරම මසිත ඇති කළේ ඔබ ගැන පිළිකුල් සහගත සිතුවිලිය. සියල්ල දැන ගත් පසු මගේ සිත මගේ ගමන වැලැක්වීමට තැත් කළත් මින්මතුවට ඔබ ගැන සෙවීමට මීට වඩා කාරණාවක් නොවේ යයි සිතේ මුල්ලක වූ තවත් සිතුවිල්ලක් කෑ ගසා කී හෙයින් ඔබ දැකීමට යන ගමන වැලකුනේ නැත.

වසර තිහක පමණ කුරිරු අතීතයකින් පසුව කිසිදා අපගේ කිසිවෙක් පය නොගැසූ ඔබගේ ප්‍රතාපවත් ගෘහයේ දොරකඩට මම පැමිණියෙමි. මා වැන්නකු සිටී දයි නොදැන සිටියද මා හට පරවේණීව උරුම වී තිබූ බාහිර ස්වරූපය නිසා ඔබගේ සමීපතමයින් ලෙස ඔබ වැළඳගත් ඔබගේ සමීපතමයින්ට මා හඳුනා ගන්නට හැකි විය. ඔබ ගැන පිලිකුල් සහගතව සිතූ මගේ සිතිවිලි ගොන්නත් සමඟ වසර තිහක පමණ නොදත් අතීතය මා ඉදිරියේ දිග හැරෙන්නට විය. සත්‍ය නොපැවසුනද මා හට සත්‍ය පසක් වන්නට විය.එහි සැබෑ ස්වරූපය මා හට දර්ශනය වන්නට විය. එය එසේ වන්නට වන්නට පෙර සිතේ කොනක වූ ඔබ ගැන වූ පිළිකුල නැවත දළු ලා වැඩෙන්නට විය. ඔබ කල වරද ඔබගේ සමීපතමයින් සැඟවීමට උත්සාහ කළේ ඒ දේ මා උපත ලැබීමට සිදු වූ හෙයින් සමහර විටෙක අවසන් මොහොතේ හෝ ඔබ කරා පැමිණෙන්නට මා හට සිත් දුන්නේ ඒ පෙර වැරදි නොදත් නිසා යයි සිතන නිසා බව ඔබගේ සමීපතමයි ව්‍යංගයෙන් පැවසූ දෙයිනුත් මා ඉදිරියේ ඔවුන් මුව ඇඳි ඒ සැඟවිය නොහැකි සිතුම් නිසාවෙනුත් නිසැකයෙන්ම පසක් වන්නට විය. එය එසේම වන්නට ඉඩ හැරීම විනා එය නිවැරදි කිරීමට මා සිත ඉඩ නොදුන්නේ සත්‍ය දැන ගැනීමට මසිත තුල වූ බලවත් කුහුල නිසා විය හැක.

ඔවුන් පැවසුයේ සත්‍ය නොවුනත් තවදුරටත් එහි රැඳුන මා හට සත්‍ය වසන් කිරීමට ඔවුන් හට නොහැකි විය. මෙයට තිස් වසරකට පෙර ඔබ ජීවත් වූ ආකාරය කෙතරම් අසාධාරනද යන්න ඒ දේ අසා නැවත නැවත සිතෙන්නට විය.අවසානයේ ඒ දේ එසේ වූවද ඔබගේ කතාවද ඇසීමට මා සූදානම් වීමි. ඔබගේ කතාවද මා ඉදිරියේ දිග හැරෙන්නට විය. වසර විසිපහකට පෙර ජීවිතයේ කෙදිනකවත් සමාව දිය නොහැකි වරදක් කර සමීපතමයින් ලෙස තෝරා ගත්තවුන් සමඟ ඔබ ගෙවුනු වසර විසිපහ ගත කළ අන්දම මා ඉදිරියේ දිග හැරුනි.

ඔබ කර ඇත්තේ කෙදිනකවත් සමාව දිය නොහැකි වරදක් වූවද වසර විසිපහක් මුළුල්ලේ ඔබට ලැබුන දඬුවම සැර වැඩිද කියා ඔබගේ ජීවනාන්දරය ඇසූ මට සිතුනි. ඔබ සියළු වරද කර ඔබ හා සමීප කර ගත්තවුන් ඔබගේ දෙයින් ඔබ දුන් දෙයින් ඔබගේ විසල් බූදලයෙන් ජීවත් වුනද අවසානයේ ඔබ හා ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට ඔබ සමඟ ඉතිරිව ඇත්තේ ඔබගේ වයෝවෘධ සොහොවුරිය පමණි. විසිපස් වසරකට පෙර කළ වැරදි ඔබ හට මෙළොව දීම දිට්ඨ ධම්ම වේදනීය ලෙස විපාක දී ඇත. විසි පස් වසරක්ම ඔබ ජීවිතය ගෙවා ඇත්තේ තමන් කළ වැරදි වලට ප්‍රතිවිපාක ලෙස ලැබූ දේ නිසා මහත් වූ සිත්තැවුලෙනි.ඒ දේ කරන විට ඔබට එසේ වේ යයි ඔබ කිසිදා නොසිතන්නට ඇත.ඔබ හා ඒ දේ හිදී සමීපතමයින් ලෙස සිටිය වුන්ට ඔබට වඩා ජීවිතය දඬුවම් ලබා දී ඇත.අවසානයේදී පිළිකුලක් ලෙස ඉතිරිව වෛරයක් බවට පත්වන්නට තිබූ ඔබ කෙරෙහි වූ ඒ සිතුවිල්ල ඔබ ගැන අනුකම්පාවක් දයාවක් බවට පත් විය.

ඔබ ජීවත්ව සිටියදී මා හට ඔබ සිටි තත්වය දකින්නට ලැබුනා නම් ඔබගේ ජීවිතයට මීට වඩා යහපත් වාසනාවන්ත අවසානයක් ළඟා කර දෙන්නට ඉඩ තිබුනා නේද යන්න පමණක් මගේ සිතේ ඉතිරි විය.
අවසාන මොහොතේ දුටු ඥාතියාණෙනි ඔබට නිවන් සුව...!!!!

කැන්ඩි....

10 comments:

කොච්චර තරහා වෙලා හිටියත් කෙනෙකුගේ දුකකදී පිටු නොපා ඉන්න එක සැබෑ මනුස්ස කමේ ලකුණක් !!!!!

මල්ලිගේ නෑයා ට නිවන් සුව පතමි !!!!

@මධුරංග..

ඔව් ඒ වගේ වෙලාවකට අහක බලන්න හිතුනත් ඒ දේ කරන්න බෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@කැන්ඩි... :
වෙනදා වගේ
"වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.. "
වෙනදා වගේ ඔය උදාන වාක්‍ය දැම්මට ගොඩක් ස්තූතියි.
(උබ මාව පිස්සෙක් කරනවා කවදාහරි ඔය වාක්කිය දාලා.)

ඒක නෙමෙයි. කැන්ඩි කිව්වට කොළඹ ද ඉන්නේ ???

ඔව් බන්.. නුවර හිටියේ මීට අවුරුදු දොළහකට ඉස්සෙල්ල..නුවර ඉඳන් මෙහෙ ආව දා ඉඳල ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකන් දීපු කාඩ් එක තමයි කැන්ඩි..
දැන් ඕක නමට වැඩිය පුරුදුයි..
"වෙනදා වගේ ඔය උදාන වාක්‍ය දැම්මට ගොඩක් ස්තූතියි. "
හිකිස් උදාන වාක්‍යට ස්තූති කළාට ස්තූතියි.. :P

දුක ඈති අම්බානෙට නේ... උඹට තිබුනේ ඒ මනුස්සාය නැති වෙන්න කලින් දැක බලා ගන්න බං...

@ prasanna86k

දුකයි දුකයි ....අම්බානටම තොට මං කිව්වයි කියලා හිතා ගං..

අනේ මංදා අය්යේ...මට මේක තෙරෙනේ නෑ නෙවෙ......ඒ නිසා මට කමෙන්ට් එකක දාන්න බැරිය

@ බීටා

දිග කතාවක් මලේ..
වෙනදාවගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ ඇනෝ

මට උඹේ කමෙන්ටුව දැක්කම ටිකක් දුක හිතුනා, ඒත් ඉතින් ඒකටත් කතාව භාගෙට කියපු මගේ වරදක් ඇති නිසා මම ඔය ප්‍රශ්නේ ඇහුවයි කියලා උඹට දොසක් කියන්නේ නෑ.. මගේ තාත්තා නැති වුනේ මීට අවුරුඩු දොළහකට විතර උඩදි එතකොට මට වයස එකොළහක් විතර ඇති. ඒත් උඹ ඔය හිතන විදියේ දෙයක් නම් කවදාවත් හෙනෙන්වත් මට නම් වෙලා නෑ. අපේ තාත්තා නැති වෙනකන්ම හිටියේ අපිත් එක්කම තමයි. ලෝකේ හොඳම තාත්තා කියලා මට බයක් සැකක් නැතුව කියන්න පුළුවන්..මම මෙතන කෙටුවේ වෙන සිදුවීමක් සහ ඒ වේලාවෙ සිදුවෙච්චි දේවල් මට දැනුන විදිය. එපමණයි..

ඇනෝ කමෙන්ටු දැමීම මම අකමැති දේවල් වලින් එකක්. මම හිතන්නේ ඒක කොන්ද පණ නැති කමක් තමන්ගේ අනන්‍යතාවෙන් අදහස් ප්‍රකාශ කරන්න.දැන් අහන්න එපComment Moderation දාල ඇයි කමෙන්ටුව Publish කළේ කියලා?මම Comment Moderation දාල තියෙන්නේ අසැබි වචන commentවල තිබුනොත් remove කරන්න මිසක් ඇනෝ comment filter කරන්න නෙවි. මම දන්නවා Account හදල log වෙන්න කාලය යනවා කියලා ඒත් ඇනෝ කමෙන්ට් දානකොට නම හරි තමන් හඳුන ගන්න විදියට වෙනත් යමක් පාවිච්චි කරලා කරනවා නම් තමයි හොඳ..

Post a Comment