Wednesday, March 23, 2011

පූසාගේ අවසන් ගෞරව දැක්වීම..



ඇසින් දුටුවේ නැත්නම් විශ්වාස නොකරන අන්දමේ අන්දමේ අත්දැකීමකට මම අද උදෑසනම මුහුණදීපු නිසා ඒ ගැන මම සටහනක් තබමි.

සියඹලාගොඩ ආච්චි කියන්නේ අපේ අසල්වැසි නිවසක හිටපු දරුවෝ පස්දෙනෙකුගේ අම්ම කෙනෙක් . සෑම පසළොස්වක පෝයදිනකටම වගේ සිල් ගත්ත මේ ආච්චිට දාන මාන පිංකම් ආදියට සහභාගී වෙන්න තිබුනේ පුදුමාකාර ඇල්මක්. ඒවගේම පාරේ ඉන්න සත්තුන්ට කන්න ගෙදරට එන අසරණ සත්තුන්ට කෑම දෙන්නත් මේ ආච්චි දැක්වූයේ හරිම කැමැත්තක්.

මේ ආච්චි සොහොයුරියන් තුන්දෙනෙකුගේ වැඩිමහල් සොහොයුරිය. තමන්ගේ සහෝදරියන් එක්ක කාලයගත කරන්න මේ ආච්චි දැක්වූවෙ පුදුම කැමැත්තක් නිසා තමන්ගේ සහෝදරියන්ගේ නිවෙස්වලට ගිහින් දින දෙක තුනක් නතර වෙලා ඉඳලා ආපහු ගෙදර එන එක මේ ආච්චිට සාමාන්‍ය දෙයක්. පහුගිය සෙනසුරාදත් මේ ආච්චි තමන්ගේ සහෝදරියකගේ ගෙදරට මේ විදියට යන්න ඕනේ කියල කියල තිබ්බ නිසා ගෙදර අය එහාට ගෙනිහින් ඇරලවා තිබුනි.

ඉරිදා උදෑසන සෑදුන හදිසි හෘදයාබාධයක් නිසා මේ ආච්චි මියගොස් තිබුනි. අද අවසන් කටයුතු නිසා මමත් අසල්වැසි මේ අච්චිට අවසන් ගෞරවය පුදකරන්න මේ නිවසට ගොඩ වැදිලා දේහය තබා තිබූ ස්ථානයේ මඳ වේලාවක් රැඳි සිට් අතර තුර තමයි මේ අපූරු සිඳුවීම මගේ නෙත ගැටුනේ.

නිවසට එක්වරම දුවගෙන ආපු බළලෙක් එක්වරම දේහය අසලට විත් මහ ශභයක් නඟමින් කෑගසා ,ටිකවේලාවක් එසේ හිඳ ඉන්පසුව දේහය වටා එක් වටයක් ගොස් එක්වරම හිස අසලින් දේහය තබා තිබූ පෙට්ටියට ගොඩ වුනි. අනතුරුව මෘතදේහයේ මුහුණ අසලටම විත් හිස පහත් කර මහා ශබ්දයක් නඟමින් නවතත් කෑගසා පැන දිව්වේය. මෙ අපූරු සිදුවීම දුටුවේ නිවැසියන් සහ එවේලේ එම ස්ථානයේ රැඳි සිටි මා සහ මගේ මව පමණි. පූසාගේ අමුතු හැසිරීම නිසාම කවුරුවත් ඌ පෙට්ටියට නැඟුන අවස්ථාවේ එළවීමට උත්සාහ නොකළෝය. නිවැසියන් කී පරිදි අසල්වැසි නිවෙස්වලට නිතරම යන එන මෙම බළලාට සෑම උදෑසනකම මේ ආච්චි කෑම සහ තමන්ගේ උදෑසන තේ කෝප්පයෙන් අඩක් පමණ දීමටත් පුරුදු වී සිට ඇත.

තමන්ගේ ඥාතියාට අවසන් ගෞරව දක්වන්නට තමන්ගේ රාජකාරිය නිසා නොපැමිණෙන මිනිසුන් සිටින සමාජයක තිරිසන් ආත්මයක උපත ලැබ ඇති මේ සත්වයා කෘතඥ වූ අයුරු දැක මගේ දෑසටත් කඳුළක් මෝදු විය.

කැන්ඩි....

8 comments:

ඔහොම තමයි සමහර සත්තු මිනිස්සුන්ට වඩා කෙලෙහි ගුණ දන්නවා.

සම්පුර්ණ ඇත්ත.. සත්තුන් අතරේ විසේසයෙන්ම බල්ලා බලල ළඟ තියෙන කෙලෙහි ගුණ සැලකීම කවදාවත් මිනිස්සු අතරේ නැහැ.. හචිකෝ කියන චිත්‍රපටිය බලන්න. එක එකපාරක් ජපානයේ හදල පස්සේ ඇමෙරිකාවේදී අයිත නිෂ්පාදනය කලා. කතාව ස්වාමියා එනතෙක් මැරෙනතුරුම දුම්රිය පොළ ලඟට ගිහින් බලන් හිටි බල්ලෙක් ගැන ඇත්ත කතාවක්. ඒ බල්ලාගේ ප්‍රතිමාව ටෝකියෝ වල ශිබුය ස්ටේෂන් එක ඉස්සරහ අදත් තියෙනවා.. ගූගල් ගිහින් බලන්න.

සම්පුර්ණ ඇත්ත.. සත්තුන් අතරේ විසේසයෙන්ම බල්ලා බලල ළඟ තියෙන කෙලෙහි ගුණ සැලකීම කවදාවත් මිනිස්සු අතරේ නැහැ.. හචිකෝ කියන චිත්‍රපටිය බලන්න. එක එකපාරක් ජපානයේ හදල පස්සේ ඇමෙරිකාවේදී අයිත නිෂ්පාදනය කලා. කතාව ස්වාමියා එනතෙක් මැරෙනතුරුම දුම්රිය පොළ ලඟට ගිහින් බලන් හිටි බල්ලෙක් ගැන ඇත්ත කතාවක්. ඒ බල්ලාගේ ප්‍රතිමාව ටෝකියෝ වල ශිබුය ස්ටේෂන් එක ඉස්සරහ අදත් තියෙනවා.. ගූගල් ගිහින් බලන්න.

ගොඩාක් දේවල් හිතෙනවා . කතාකරන්න වචන් නෑ බං..........

akuru tikak loku korandoooooo

@ මධුරංග

ඇත්ත.. සත්තු හොඳට කෙළෙහි ගුණ අඳුනනවා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Lankapriya

ඔය Film එක නම් මම බලල නෑ..
අනිවා මම ඕක බලනවා..
පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Blog Walk on Dew

ඇත්ත මටත් ඒ වෙලාවේ ඔය වගේම දැනුනා..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ ටී ____..

හිස් තැන පුරවා ගනින්.
ප්‍රසිද්ධියේ නම කියන්න බැරි නිසා හිස්තැනේ අග අකුරවත් නොදා ඉන්න හිතුවා..
උඹේ ඇස් ඇත්තටම පොට්ටද?
හැමදාම අකුරු පොඩියි ගාන්නෙ..?
ඔයිට වැඩිය ලොකුවට දාන්නේ නා ආය පුලුවන්නම් නඩු දාපන්..
පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් අකුරු ලොකු කරන්න ගැජට් එකක් දාල තියෙන්නෙ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

සත්තු මිනිස්සුන්ට වඩා හොඳා

@ Astro Boy

ඇත්තෙන්ම සත්තු මිනිස්සුන්ට වැඩිය හොඳයි..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment