Friday, July 8, 2011

නොදැනෙන නොහැඟෙන ප්‍රේමය..






සිතින් සිතකට
පෙම් බැන්ඳත්
සිතක් පුරා
ඒ සිතට සිතුම් පිරුවත්
දහසක් සිතුවිලි මල්
සිතේ පිපුනත්
හදින් හදකට ලං වූවත්
හද පුරා පැතුම් මල්
පීදුනත්
හද බැඳි දේ දහසක් වුවත්
එහි ඇති පල කිම
එයින් එකකුදු
ඔබෙ ඔය දැඩි හිතට
රළු හදට
නොදැනේ නම්
නොහැගේ නම්


Picture source : http://www.artween.com/Artists/Debora-Laura-Campobasso/Artworks/Impossible-Love Accessed 08th July 2011 20.30 [Online]


චතුර

7 comments:

මධුරංග said...

අපෝ රලු හිතකට නම් කොච්චර ආදරේ කලත් වැඩක් නෑ. ඒ වගේ හිතකට ආදරනීය හැඟීම් දැනෙන්නේ නෑ. මොකෝ මේ දවස්වල කවිම ලියන්නේ ?

ප.ලි.- මේ ටිකේ පොඩි විවෙකයක් ලැබිලා වගේ. :)

දිල් said...

හොඳ අදහසක්නෙ.... ටිකක් හිතුවොත්....ඇත්තම ඇත්ත නේද කියලා හිතෙන තරමට

චතුර.... said...

@ මධුරංග

ඔව් ඇත්ත.. රළු හිතකට ආදරය කරලා වැඩක් නම් නෑ. ඒත් සමහර වෙලාවට කළු ගලුත් උණුවෙනවා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..
සඳුදට "_"භාගය ආරම්භ වෙනවා..
විවේකය සිහිනයකි..
මෙදා පාර ලියන්නේ ගිහින් මාගේ බ්ලොගයේ කවි ටික තමයි පිළිතුරු පත්‍රයට.. :P :P
හැම වෙලාවෙම පාඩම් කර කරම ඉන්න බෑ සහෝ..

@ දිල් අක්කා

ඔව් ඔව් ඇත්තම ඇත්තයි..
අත්දැකීමෙන් කියන්නෙ..
මේ පැත්තේ ආවට ස්තූතියි..

Kasun said...

ලස්සන අදහසක් සහෝ.

හිතුවක්කාරි said...

ලස්සන අදහසක්...ඇත්ත......රළු හිතකට ආදරයක් තේරුම් ගන්න අමාරුයි.....එහෙම හිතක් මොළොක් කරන්න....කවි පොතක් ලිව්වත් බැරි වෙන්න පුළුවන්....

Doggiya said...

ආයෙත් පරණ ටේප් එක දාල නේ? "මේ පැත්තේ ආවට ස්තූතියි" කියල. නරකද දැන් ටේප් එක විසික් කරල සීඩී එකක් ප්ලේ කරොත් ඔක රැප් කරල? ලොල්

චතුර.... said...

@Kasun
ස්තූතියි
මේ පැත්තේ ආවටත් ස්තූතියි..

@හිතුවක්කාරි
ගල් හිත් මොලොක් කරන්නත් ක්‍රම සහ විධි තියෙනවා, පසුව ලියන්නම්.
මේ පැත්තේ ආවටස්තූතියි..

@Doggiya
පරණ දේ වුනත් අළුත් විදියකට අහනවා නම් ඒකේ රසය තියෙනවා..
මේ පැත්තේ ආවට ස්තූතියි.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons