Monday, July 25, 2011

ඔයා කොහෙද..?



හෙලෝ
ඔයා කොහෙද?
මම හොස්පිට්ල් එකේ
ඔයා කොහෙද?
බස් හෝල්ට් එකේ
ඔයා කොහෙද?
මම බස් එකේ
ඔයා කොහෙද?
බස් එකෙන් බහින්න මේ යන්නේ
ඔයා කොහෙද?
මම පුස්තකාලේ
ඔයා කොහෙද?
මම යාළුවොත් එක්ක ඉන්නේ
ඔයා කොහෙද?
මම අද යාළුවොත් එක්ක ඩිස්කෂන්
ඔයා කොහෙද?
මම ලෙක්ච'ර්' එකක ඉන්නේ
ඔයා කොහෙද?
අම්මත් එක්ක ඇඳුම් ගන්න ආවා
"ඇයි මල හත්තිලව්වේ ගෙදර ඉන්නේ කොයි වෙලාවටද?"
මෙහෙම හිතුනට මම කොහොමද ඔයාගෙන් එහෙම අහන්නේ....

Picture source : http://annliciousy.tumblr.com/post/4254186283/this-reminded-me-of-where-are-you-now-by-britney Accessed on 25th July 2011 19.30 [Online]

චතුර....

6 comments:

හෙලෝ..
.
.
.
.
.
"ඇයි වදේ එලියට යන්න මෙයාගෙන් ලයිසන් ගන්න ඕනා වගේනේ"
මෙහෙම හිතුනට මම කොහොමද ඔයාගේ මූනට එහෙම කියන්නේ...

ඔන්න වෙනදා වගේම අපේ පැත්තෙන් දෙබස මන් සම්පූර්ණ කරා...හි හි..

@ අසනි

ඒකත් ඇත්ත..
ඒත් ඉතින් මා එක්කත් නිදහසේ කතා කරන්න වෙලාවක් දා ගන්න එපැයි නේද?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

ඒකනේ. ගෙදර ඉන්නේ කොයි වෙලාවටද අප්පා.

@ මධුරංග

ඒකනේ නිදහසේ කතා කරන්න වෙලාවක් ඇත්තෙම නෑ..
මේ පැත්තේ ආවට තුති..

ඕකනේ මං කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැත්තේ, :D

@ චූටි මල්ලි
ඇත්ත, ඒත් නොබලා ඉන්න බැරි එකනේ වැඩේ.. :D
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

Post a Comment