Saturday, July 23, 2011

මරණය අභියස හිඳ..




දියට බසින විට
සිතුනෙද කිසිවිටෙකත්
සැණෙන් මහදිය කඳක් ගලයි කියා
මහදිය කඳක් ආවත්
සැඩ වේගයකින්
සිතුනෙද සැඩපහරට හසුවේවි කියා
කාලය වෙනස් වන සැනෙකින්
වන සිදුවීම
මරණය සිදුවන්නේ අසවල්  වෙලාවේයයි
මරණය අභියස  හිඳගෙනවත්
කිය හැකි හපනෙක් වේද
පහලව මේ දියත..

දියට බසින විට අනතුරක සේයාවක් නැතත් සැමවිටම අනතුර ගැන විමසිලිමත් වන්න..

චතුර....

ප.ලි. මුලින්ම කොමෙන්ටුව දාන එක්කෙනා මධුරංග අයියට විස්තරේ ලියලා කොමෙන්ටුව දානවනම් හොඳයි..

10 comments:

සුනාමි වි‍යසනය මතක් වුනා...හරිම දුකයි මතක් වෙද්දිත්..

නොදන්නා තැන් තැන්හි
කෙරුමට පෙර සෙල්ලම්
මොහොතක් හිතුවේනම්
නොම ගෙන දෙයි නුබට
දුක්කිත මෙවන් විපතක්...

@ අසනි

ඔව් පොඩ්ඩක් පරෙස්සම් වුනා නම් ඔය ජීවිත ඔක්කොම බේරෙනවා, මටත් මේක දැක්ක වෙලාවෙම මතක් වුනේ ගාල්ල බස් නැවතුමේදී සුනාමියට අහුවෙලා ගහගෙන ගිය ගැහැනු ළමයි ටික..ඒකේ වීඩියෝවත් යූටියුබ් තිබුනා මට මතක විදියට..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

වෙලාව තමා...

හොද වෙලාවට වීඩියෝ එකත් එක්ක කවියක් දැම්මේ. නැත්නම් වෙනදා වගේ මොනවද වීඩියෝ එකේ තියෙන්නේ කියලා අහන්න වෙනවා.
කිව්වත් වගේ වතුරට බහින්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ.

බඩ පපුව දාලා ගියා ඒ වීඩියෝව දැකලා ..

හරිම අවාසනාවන්ත සිදුවීමක්. මටත් හිතට ආවේ සුනාමි සිදුවීම....

@ මාළු යාළු

ඔව් වෙලාව තමා.
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති

@මධුරංග

ඒකනේ මම කවියක් දැම්මේ.. ඒත් මේ වෙඩියෝවනම් කෝම හරි බලන්න..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති

@ හිස් අහස
ඔව් දැක්කම කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති

@ දිල් අක්කා

ඔව් මේකත් ඒ වගේම තමයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති

මාත් මේ වීඩියෝව ඊයේ මුහුණුපොතේ දැක්කා. ඒ වෙලාවේ මහ අවුල් සහගත සිතුවිලි කන්දරාවක් හිතට ආවා. එක අතකින් දුක්ඛිත දර්ශනයක්. ඊටත් වඩා එතන හිටි මිනිසුන්ගේ කිසි සැලකිල්ලක්, කලබල වුණු ස්වභාවයක් නම් වැඩිය අහන්න දකින්න ලැබෙන්නේ නෑ. සමහර විට ඒ පිරිසගේ නෑ හිතවත්තු කැමරාවට පිටුපසින් ක්‍රියාත්මක වුනාද කියන්නත් බෑ. කොහොම නමුත් ජල පහර වැඩි වෙන්නට මත්තෙන් ඉවුරට පැන ගන්නට තිබුණා නම් ඒ ජීවිත කීපය අදටත් ජීවතුන් අතර තියේවි.

@ ටෙශාන්

මේ පැත්තේ ආවට තුති..

ane deviyane oyawage dewal nawatha dakinna labenna eapa

Post a Comment