Thursday, July 28, 2011

පරවේණි උරුමය....


අඩු නැතිව
වැඩි නැතිව
මටත් ලැබුනා
පරවේණි උරුමය
උරුමයද කරුමයද
නොවිසඳිය හැක එය
පලක් ඇති මුත්
පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම
පරවේණි උරුමයට
ඇත යොමුව ගිජු ලිහිණි ඇස්
ඔබ නැති නිසාවෙන්
සිටින ගිජු ඒ තන්හාපතින්..
පලවා හැරුමට එක් සරින්
නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම්
පියාණෙනි නැවත එනු මැන
සවිය වනු මැන
හිඳිනු ලෙස මා පසුපසින් ..

Picture source : http://trip2orissa.com/orissa-paintings.html Accessed on 28th July 2011 07.00 [Online]

චතුර....

5 comments:

අපෝ මට නම් ප්‍රවේනි උරුම එපා. ඕවයින් හොද එක්කම නරකත් එනවා. මගේ මේ දනිස් අමාරුවත් ආවේ ප්‍රවේණියෙන්ම තමයි.

මොකෝ මේ දිගටම කවිම ලියන්නේ. !!!!

@ මධුරංග

කියලා වැඩක් නෑ සහෝ, ඔව්වා නැති තරමට හොඳයි.
විශේෂයක් නෑ ..
මේ පැත්තේ ආවට තුති..

ලැබුනත් අවුල..නොලැබුනත් අවුල...

පරවේණි නම් මොකටද යාලු... අත පය දෙක හොදට තියේනම්..
දුකට සැපට අම්මයි තාත්තයි ඉන්නවනන් ඒකම මදැ...

@ indi

ඔව් ලැබුනත් අවුල් නොලැබුනත් අවුල්
ලැබුනම පරිස්සම් කරගන්න ඕනේ කියන බරත් නොලැබුනාම නොදුන්නනේ කියන බරත් හිතට දැනෙනවා..
මේ පැත්තේ ආවට තුති.
@අසනි

සමහර විට මේ වගේ අත්දැකීමක් නැතුව ඇති, තාත්තා නැති වුන කළට පරවේණි උරුමයන් සොරා කන්න ලංකාවේ සමහර මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ..සමහර මිනිස්සුන්ට ගොඩ වැඩි කර ගන්න ඕනේ වුනාම තමන් කවුද කියන එක අමතක වෙනවා, මගේ ජීවිත කතාව ඇහුව නම් සමහර විට පුදුම වෙයි..
මේ පැත්තේ ආවට තුති.

Post a Comment