Monday, July 18, 2011

ඔබටත් මෙහෙම දෙයක් වුනොත්..

video


මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝව මගේ යහළුවෙක් එවපු විද්‍යුත් ලිපියක අන්තර්ගත වුන එකක්.එය ඉන්දියානු වෙළඳ දැන්වීමක්. සරල විදියට ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති අදහසක් මේ වෙළඳ දැන්වීමේ දක්වා තිබෙනවා යයි සිතුන නිසා මේ සටහන තබමි.

මේ විදියටම ඔබගේ පෙම්වතිය හෝ පෙම්වතා ඔබව යම් කාලයක් ආශ්‍රය කරලා ඔබට මේ වගේ දෙයක් කිව්වොත් ඒක දරා ගන්න පුළුවන් වෙයිද?
ඔබ එය දරා ගන්න සූදානම් වුනත් නැවත කිසි දිනෙක ඔබට ඒ නිසා පසු තැවිල්ලක් ඇති නොවෙයිද..?
ඔබට එය දරා ගන්න පුළුවන්නම් ඔබ ඒ පුද්ගලයා සමඟ කෙබඳු ඇසුරක් ඉන්පසුව පවත්වයිද?
ඒ ඇසුර පෙර පරිදිම මෙම හේතුව නිසා කිසි ලෙසකින් වෙනස් වූවක් නොවෙයිද?
ඔබට එය දරා ගන්න බැරිනම් කිනම් දෙයක් සිදු වෙයිද?
ඔබ ඒ පුද්ගලායාට කිනම් ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද?
ඔබ ඒ පුද්ගලයාට වෛර කරයිද?
ඇත්තටම ඔබ ආදරය කළානම් ඔබට ඒ පුද්ගලයාට වෛර කරන්නට පුළුවන්ද?
ඇත්තටම ඒ පුද්ගලයා ඔබට ආදරය කළා නම් ඔහු හෝ ඇය ඔබව මෙතුවක් රවටාවිද?

ඔබට සිතෙන ඔබ සිතන ආකාරයට සිතා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලා ඔබත් කුමන ආකාරයක තීරනයකට යයිද කියා සොයා බැලීමට ඔබට භාර කරමි.

පුද්ගලයන් විවිධාකාරයි , එක් එක් පුද්ගලයාට දරා ගැනීමට ඇති හැකියාව ඒ ඒ පුද්ගලයාගේ ආත්ම ශක්තිය සහ වෙනත් සාධකයන් මත රඳා පවතින නිසා ඒ ඒ පුද්ගලයා මේ ආකාරයේ සිදුවීම් වලට ගන්න තීරණ විවිධාකාරයි. නමුත් හොඳම දේ තවෙකෙකු රවටා සිත දිනා ගන්නවාට වඩා සත්‍ය පවසා සිත දිනා ගැනීමයි.බොහෝවිට සත්‍ය වසන් කර අහිමි වන දෙයක් හිමි කර ගන්නට යාමෙන් එය පෙරටත් වඩා තම ජීවිතයෙන් ඈතට යාම සිදුවේවි, එය ඔබ ආදරය කරන පුද්ගලයා මත තීරණය වන්නක් .කලාතුරෙකින් අවස්ථාවක ඒ පුද්ගලයා ඔබට පෙරටවඩා ආදරය රැකවරණය ලබා දේවි, නමුත් කෙනෙකු රැවටීම කුමන අවස්ථාවකවත් අනුමත කළ නොහැකි ආකාරයේ දෙයකි.

මතක තබා ගන්න දීර්ඝ කාලීන සබඳතා රඳා පවතින්නේ එහි ඇති  විනිවිද භාවය මතයි..ඔබ සබඳතාවයකදී අනෙක් පාර්ශවකරුට යමක් හංගනවානම් එය දීර්ඝ කාලීන සබඳතාවක් නොවේවි..

චතුර..

17 comments:

දේවා ගේ අඩවිය said...

මේ වගේ දෙයක් කිවොත් කියලා කිව්වට මොකක් වගේද කියලාඅ මට නම් හොයා ගන්න බැරුව ගියා යාලුවා

චතුර.... said...

බාහිරව,ඇතුලාන්තයෙන්,සෞඛ්‍යමය හෝ අදහස් වලින් ඔබ කලෙක පටන් ඇසුරු කරන ඔබේ සමීපතමයා , සහකරු/සහකාරිය වන ඔහු ගැන හෝ ඇය ගැන ඔබ හඳුනා නොගත් දෙයක්..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

ගල් ඉබ්බා said...

අනේ උඹ දන්න සබඳතාවෙ. තමන්ගෙ එක රැක ගන්නෙ නැතුව බණ කියනවා ලෝකෙටම. අපිත් ඉතින් ඇස් කන් තියෙන උදවිය. ඒ නිසා උඹේ විගඩම් අපිටත් පේනවා ලොක්කෝ.

චතුර.... said...

@ ගල් ඉබ්බා..

ඇත්තට..උඹ හරි හරි දේවල් දන්නවා නෙව..ලියලා තිබ්බ ඔක්කෝම එක පාරම දාන්න බැරි නිසයි ටික ටික පබ් ලිස් කොලේ අනික මම ඔව්ව ලියල නෝට් පෑඩ් වල දාලා තිබ්බට පබ්ලිස් කරන්න බ්ලොගයට ගොඩ වදින්න ඕනේ නිසා නිවාඩු හම්බ වෙනකම් ඉන්නවා.. මේ දවස් ටිකේ නිදහසේ ඉන්න නිසයි ගොඩක් එක පාර දැම්මේ.. එක අදහසකින් දෙකකින් මනුස්සයින් මනින්න යන්ට එපා ගල් ඉබ්බෝ..කමක් නෑ උබේ ආසාවනේ ගන්න සිඟිති ආතල් එකක් ගනින් උඹේ ගල් ඉබි ආසාවනේ..

මධුරංග said...

මට නම් මේ වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නෑනේ. මගෙ කනෙක්ශන් අවුලක්. ඒ නිසා දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්ද මොකද්ද මේ වීඩියෝ එකෙන් කියන්නේ කියලා.

චතුර.... said...

@ මධුරංග

වැඩි දෙයක් නෑ , කොල්ලා මුද්ද දාන කළින් කෙල්ල කණ්නාඩි දාන එකත් උස අඩුයි කියන එකත් පෙන්නනවා. කොල්ලත්(මේකෙ ඉන්නෙ අංකල් කෙනෙක් වගේ පොරක් ) ඊට පස්සෙ තමන්ගේ කොන්ඩේ බොරු එකක් තියෙනෙ තට්ටෙ කියලත් පෙන්නනවා..කියන්න උත්සාහ කළේ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගෙන් යමක් සඟවාගෙන සිටියොත් කියන එක..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

deeps said...

මොනවත් හංගන් ඉන්නේ නැතිව අර දෙන්නා වගේ කියලා දැම්මා නම් ඉවරයිනේ :)

අසනි said...

තමන්ව ඇති සැටියෙන් සමාජයට ගේන්න බැරි හීන මානේ තියෙන අයට තමයි ඔන්න..එහෙව් අයෙක් එක්ක ජීවිත කාලේම ඉන්න පුලුවනිද කියලා සැරයක් නෙමේ දෙසරයක්ම හිතන්න නම් වෙනවා..

අසනිනම් බොරුකාරයන්ට සමාව නම් දෙන් නෑ..මොකද එහෙම අයට තමන්ගේ ජීවිතේ ගැනවත් වටිනාකමක් නෑ..ඉතින් අපේ ජීවිත ගැන අහවල් කතාවක්ද.....?

ඇත්ත කියලා පැත්ත ගියත් කමන් නෑ කියනවනේ.......

චතුර.... said...

@ deeps

ඔව් ඒකනේ කිව්වා , ඉවරයි වැඩේ ගොඩ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ අසනි

රවටලා තියෙන විදිය අනූව තමයි ඕක තීරණය වෙන්නේ.ඒක ඉතින් සමාව දෙන්න බැරිතරමේ එකක් නම් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ වගේ පුද්ගලයෝ තමන්ගේ ජීවිතෙන් ඈත් කරනවා මිසක්.
පැත්ත ගියත් ඇත්ත ඇති සැටියෙන් කියන එක තමා හොඳ.ඒත් සමහර වෙලාවට සුළු අඩුපාඩුවකට කෙනෙක් ඈත් කළහම ඈත් කළාට පස්සේ තමයි තේරෙන්නේ තමන්ට ගැලපෙනම හොඳම දේ තමයි තමන් ළඟ තිබිලා තියෙන්නේ කියලා, ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
මේ පැත්තේ ආවට ස්තූතියි..

නිකමා said...

එකෙන්ම නියමයි ගැබුරු අදහසක් දෙනවා

චතුර.... said...

@ නිකමා

එකෙන්ම එලzzzzzz..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

sdp sanjeewa said...

නියමි චතුර .... බ්ලොග් එක එල කිරි යාලු . ගොඩක් වටිනා දේවල්, ෆන් දේවල් ,වැදගත් දේවල් තියෙනවා. දිගටම කරගෙන යන්න.ඔබට හදවතින්ම ජය පතමි ....

චතුර.... said...

@ sdp sanjeewa

අගය කිරීමට ස්තූතියි..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

ගල් ඉබ්බා said...

ඒයි... මේ උන්නැහේ...
මේකේ අර මෙව්ව එක දාපන්කො බොල. අර මෙව්ව එක බන්. මොකද්ද....... අහ්! මතක් වුනා, අර කොමෙන්ටුවක් දැම්මම ඒවට රිපලයි එන සබ්කිප්සන් එක දාහන්කෝ. මේ පැත්තේ නාවත් එතකොට ඊතල මේල් එකට උඹේ රිපලයි එක ඒවි නෙව. අනේ දාහන් හොඳේ?

චතුර.... said...

@ ගල් ඉබ්බා

හා බලමු බලමු
මේ පැත්තේ ආවට ස්තූතියි..

ගල් ඉබ්බා said...

කෝ දාල නෑනේ තාම. උහුම්ම් උහුම්ම් :'(

චතුර.... said...

@ ගල් ඉබ්බා

දාන්නේ නෑ..නඩු දාපන්..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons