Friday, July 22, 2011

නිහඬ උත්තරය..





හිතට ආපු කේන්තියට
නිවෙන්නට ඉඩක් ඉඩක් නොදී
වචන දෙකක් කියෙවුනාට
මට ආපහු ඒ ගැන කියන්නේ නැතුව
මුකුත් නොවුන තරමටම 
ඔය ලෙංගතු හිනහවෙන්
ඔය ආදර කතාවෙන්
දීපු නිහඬ උත්තරය
සැරයි අතුල් පහරකට වැඩියෙන්..


Picture source : http://www.blogcatalog.com/blogs/ishita-bandyo-fine-artsAccessed on 22nd July 2011 19.30[Online]

චතුර..

12 comments:

අම්මෝ කේන්ති ආපුවාම කටට එන එක ඔහේ කියලා දාන්න හොද නෑ. මොනවා කියවෙයිද කියලා දන්නේ නෑනේ. කියපු දෙයක් ආයේ ගන්නත් බෑනේ.

මම හොදවයින් ඇනගෙන තියෙනවා ඔය හන්දා.


ඔබේ උදාන වාක්කිය දවසක මාව පිස්සෙක් කරයි !!!

ඒකනේ , දැන් තමයි තේරුනේ..හැබැයි තරහා ගියාම කට පනින්නේ හිතන්නත් කළින්..

"ඔබේ උදාන වාක්කිය දවසක මාව පිස්සෙක් කරයි !!!"

මේක ආයේ නොදමනු.. දැමුවොත් කරන දේ බලා ගත හැක.(කෝමටත් මන් ලියන එව්ව කියවන්ට පොඩි පහේ පිස්සුවකුත් තියෙන්නට ඕනේ නැත්තන් එව්වා තේරෙන්නේ නැත :ඩී :ඩී :පී :පී )

ඔන්න උදාන වාක්කිය "වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..!!"

හිත් අහස
පාලු කර
නුබ මාව
පෙලුවාට
හිතක් නෑ
පලි ගන්න
කදුලු දී
ඔය හිතට
හිතනු කිම
තව දුරට
අදරෙයි නම්
මන් නුබට..

ලස්සන කවි සිතුවිල්ලක් යාලුවේ..හිතුනා ඒ නිසාම කවි සිතුවිල්ලකින් උත්තර දෙන්න...හැබැයි ඕන් මට පුලුවන් විදියට..

@ අසනි

ලස්සන කවි සිතුවිල්ලක් , ඔව් හිත රිදවන එකෙන් කාටත් පලක් නෑ ,පලි ගන්න එකත් හොඳ නෑ
කවි සිතුවිල්ල පල කරන්න..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

අතුල් පාර මදි. මඩු වලිගෙන් තලන්න ඕන ඕං

@ ගල් ඉබ්බා

උඹ මගේ පරණ තරහකාරයෙක්ද?
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

හා හා උක්කුං පැටියට බය හිතුනද? එහෙනම් පිහාට්ටකින් තලන්නම්කො... ලොලේ ලොල්

@ ගල් ඉබ්බා

තලන්න පොඩ්ඩක් අමාරු වෙයි..

ලොවෙත් නෑ සහෝ. පට්ටයි! සිරාවටමයි කියන්නෙ.

@ Kasun

ස්තූතියි..
මේ පැත්තේ ආවටත් ස්තූතියි..

අදමයි මේ පෑත්තට ආවෙ.කටට ආපු පලියට බෑන්නට ආදරෙයි නෙ ඒනිසා කමක් නෑ කියල එයා හිතනව ඈති.

@ හිම හංසි

ඔව් එහෙම වෙන්න ඇති.
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති.

Post a Comment