Monday, July 18, 2011

උඹේ යාළුකම..




හැමදාම නිදහසේ හිතන
අනුන් ගැන දොස් උඹට නොකියපු
තමන්ගේ පාඩුවේ වැඩක් බලන් හිටපු
උඹ කියපු දේ අහන් හිටපු
යාළුකමට ඒවයේ හරි වැරැද්ද නොහොයපු
මට
උඹ ඔහොම කිව්වේ
යාළුවෝ සෙට් වුනාම මම මෙහෙමයි මගේ නෑයෝ මෙහෙමයි කියලා
පාරම් බෑවේ නැති නිසාද?
ගුරුතුමියෝ ගැන එක එක අවලම් කැත කිව්වේ නැති නිසාද?
ඉරිදා හවසට චීත්ත කොට කලිසමක් ඇඳගෙන පලක් නැතිව එම් සී එකේ
බොරුවට එහාට මෙහාට යන්නේ නැති නිසාද?
පලක් නැති දේ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව
අම්මා තාත්තාගේ දේ රැකගෙන ඉන්න නිසාද?
මම එක එක විච්චූරන නොකරන නිසාද?
අනුන් විච්චූරන නොකලාම උන් ගොඩයෝ කියලා කිව්වේ නැති නිසාද?
ඇක්සන්ට් එක දාලා සිංහලෙන් කතා කළේ නැති නිසාද?
උඹ වගේ පොර ටෝක් දීලා අන්තිමට ඒ හිස් දේ පස්සේ නොයපු හින්දද?
යාළුකමට උඹේ හරි වැරැද්ද පෙන්නන්නේ නැතුව හිටපු නිසාද?
මට ඒ මන්ද මානසිකත්වය නැති නිසාද?


Picture source : http://www.alexremy.com/2007/11/punk-paintings-for-sale.htmlAccessed 18th July 2011 19.15 [Online]


චතුර..

10 comments:

ගොඩක් එවුන් පොරවල් කියලා කියෙන්නේ ඔහොම ඉන්න එවුනේ. අනිත් එවුන් දෙපැත්තටම නැති එවුන් කියලා තමයි හිතන්නේ. මුන්ගේ විකාර මිනුම් ක්‍රම !!!!!

ඔව් ඔය දේවල් කරන එවුන් හිතන් ඉන්නේ පොරවල් කියලා තමයි.. අපිට (මට )කමක් නෑ උන් මොනවා කළත් ඒත් ඒ දේවල් නොකළයි කියලා අනුන්ව හෙලා දකින්න යන එකට තදින්ම විරුද්ධයි..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..!!

හෑ? කවුද බොලේ එහෙම කොළේ?

@ ගල් ඉබ්බා

අං මෝදුවෙන ගොන් වස්සෙක්.
මේ පැත්තේ ආවට ස්තූතියි..

@ __x

ඔබේ කමෙන්ටුව මකා දැමීමට සිදුවීම ගැන බලවත් කනගාටුව. ඔබට සත්‍ය පෙන්වූවද එය වටහා ගැනීමට මොළය දීමට මා හට හැකියාවක් නැත. එම නිසා තර්ක කීරීමෙන් පලක් නැත. ඉහත දක්වා ඇති දේවල් කරන්නන් අගය කිරීම සහ ඔවුන්ගේ වැරදි නොදැකීම සහ ඒවා නොකරන්නන්ගේ වැරදි දැකීම සහ අවසානයේ එය විහිළුවක් බව කියා සිත සනසාගෙන සිටීම ඔබ සැමදා කළ දෙයකි. අවසානයේ ඔබ අනුන්ට පෙනෙන්නට විවිධ රංගනයන්ගේද යෙදෙයි. රවටන්නේ ලෝකයාවද තමන්වද යන්න වටහා ගැනීම ඔබට භාරයි. කිසි දිනෙක මා ඔබගේ දෙයක් විමසීමටද, හැර දැමූ වන්ගේ දේවල් හොය හොයා පහර ගැසීමටද ගියේ නැත. එම නිසා ඔබද එය කිරීමෙන් වලකින්න. මෙය මාගේ පුද්ගල්ක දේපලක් නිසා එහි අදහස් පලකිරීමේ අයිතිය මා සතුය. ඔබ වරදක් කළේ නෑ කියා ඔපමන දොඩවනවා නම් ඔපමණ නිවැරදි වෙන්නට මහන්සි ගැනීමේ පලය කිම. තවද මෙසේ දෙයකුත් කියන්නම් ඔපමණ නිවැරදිවෙන්නට තනන්නේ හිතේ කොනක හරි මම වැරදියි කියා හැඟීමක් ඇති නිසා නොවේද? තවත් යමක් කිරිබත්ගොඩ හරක් පැටියාගේ වරද පෙනුනද අනෙක්වාගේ වරද නොපෙනෙන්නේ කිමද? ඒවා අගය කරන්නේ කිමද? ඒ කිරිබත්ගොඩ ගොයියා පිළිබඳ හිතේ ඇති ඉරිසියාවක් නොවේද? නැවතත් කියමි සියළු වැරදි දේ වැරදි පුද්ගලයන් වැරදි පිළිවෙත් සාධාරණීයකරණය කිරීමෙන් රවටන්නේ කාවද කියා වටහා ගන්න..ඔබට ලජ්ජාව කියන දේ ඇතිවන්නේ කවදාද කියා ගැටළුවකි අච්චර මහා පිරිසක් මැද බැනුම් අසා කරගත් මෝඩකමම තවත් කිරීමට යාමෙන් වලකින්න. වෙනත් නම් වලින් කොමෙන්ටු එවීමෙන් වලකින්න හොඳ රචකයෙකු නොවූවද මා හොඳ කියවන්නෙකු නිසා කෙනෙකු ලියූ දෙයක් කියවූ මට නැවත ඒ කෙනා කුමන ආකාරයකින් මත පල කළද ඒ අදහස්වල ඇති ස්වාධීනත්වය හඳුනා ගත හැක.

හෑ?? මං නාපු දවසට දෙකට මේකෙ වලිත් ගිහින් වගෙ.

අහ! මට අහන්න අමතක වුනා නෙව, ඒ කියන්නෙ බොලා ගොං බාසාව දන්න තවත් ගොනෙක් නේද? අන්තිමට ඒකත් ඔප්පු වෙච්ච එක අගනෙයි!

@ ගල් ඉබ්බා

ගොන් බාසාව දන්ට ගොනෙක් වෙන්ට ඕනේම නෑ , හරක් බලා ගන්න එකත් ගොන් බාසාව දන්නවා, තමා දාලා තියෙන ගොන්පාට් එකේ හැටියටනම් මට සැකයි අං තිබ්බට ගොනෙක්ද කියලත් ඊටත් අන්ත ගානයි ගොන් පාට් එක..

උඹේ ගොං පාට් එක නම් අන්තයි තමයි.

@ ගල් ඉබ්බා

ඇත්ත මටත් උඹට කියන්න තියෙන්නේ ඔච්චරයි ..

Post a Comment