Sunday, July 17, 2011

සිත නුඹ..



නොලැබෙන බව
දැන දැනත්
අහිමි බව
දැන දැනත්
මිරිඟුව පසු පස 
ලුහුබැඳීමට සිහින මවන
ලද දෙයින් සතුටු නොවන සිත නුඹ
වෙන්ව යාමකට සිත නොදී
වෙන්වන බැඳීම 
සියළු වෙර යොදමින් 
විවිධ වූ හේතු මවමින්
සවිමත් කරන සිත නුඹ
අහිමි කර ගනිම්දෝ 
නැවත සවිමත් කර ගනිම්දෝ
එක හිතක් නැතුව 
දෙපසට වැනෙන
අකීකරු සිත නුඹ
අහිමි වුවත් හිමි ලෙසම
පෙනෙන මායාකාර පෙම පසුපසම
දිවූ ඒ සිත නුඹය
ගලවා  දැමිමි 
උදුරා දැමිමි
අදිසි මිරිඟුවේ
මායාකාර බන්ධනයෙන්
හෙම්බත්ව පසු පසම දිවූ සිත නුඹ..

Picture source : http://malcolmlowryatthe19thhole.blogspot.com/2011_05_01_archive.html Accessed on 16th July 2011 23.30 [Online]

චතුර..

3 comments:

සිත කියන කෙනා නම් මේ කපේක විස්වාස කරන්න හොද නෑ. එකතැනක එක විදිහක ඉන්න පුලුවන් කෙනෙක් නෙමේ. කොච්චරවත් දුවන එක තමයි කරන්නේ.

චතුරගේ මේ කවි සිතුවිල්ල ගොඩක්ම ලස්සනයි.

ගලවා ඉවත දැමුවත් ටික දිනකින් යලි ලියලාවි එය.
බලා ඉන්න එය..

@ මධුරංග

ඔව් ඒක ඇත්ත..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ indi

හැමදාම වගේ එහෙම නොවේ කියා සිතනවා
මේ පැත්තේ ආවට ස්තුතියි..

Post a Comment