Tuesday, July 26, 2011

අපේ ප්‍රධානියා..




අපි වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත්
ප්‍රධානියා කියන්නේඅපි හෙමින් වැඩ කියලා
ප්‍රධානියා වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත් ඒකට කියන්නේ 
සර්ව සම්පූර්ණ කටයුත්තක් ඔහු සාර්ථක නිම කරන්නෙක්
අපිට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
අපිට කියන්නේ අපි කම්මැලියෝ කියලා
ප්‍රධානියාට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
ඒකට කියන්නේ එයා කාර්‍යබහුලයි කියලා..
අපි හොඳට වැඩක් නිම කළොත් 
ඒක ප්‍රධානියාට මතක නෑ
අපි අතින් වැරැද්දක් වුනොත් 
ප්‍රධානියාට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ
ඔක්කොම ප්‍රධානියෝ එක වගේද..?
ඒත් මෙහෙමත් හිතුවොත්
ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්  
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත් 
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්
ඔහු ඔබේ ප්‍රධානියා වුනොත්....





Picture source : http://www.realsoftwaredevelopment.com/software-developers-guide-to-managing-your-boss/ Accessed on 26th July 2011 14.00[ Online]
Picture source : http://www.soannoying.com/blogs/b/1516 Accessed on 26th July 2011 14.00[ Online ]

Love you Mr. Kalakaar ඇසුරෙනි.

චතුර....

14 comments:

අති විශිෂ්ටයි සර් ර් ර්....

"එහෙනන් ඔහු ප්‍රධානියගේ චරිතයෙන් මිදිලා,නායකයෙක් බවට පත් වෙනවා...ඒකේ ප්‍රතිඵලයක් විදියට,
සේවකයන්ගෙන් බහුතරයක්, ඔහුගේ අනුගාමිකයන් බවට පත් වෙන්නවා.. (බලාගෙන යද්දි ඕකත් කපටි කමක් ඕන් ඈ).

@ අසනි

ඔව් ඔව් කපටි කමක් වෙන්නත් බැරි නෑ අන්තිමේ නවතින්නේ කොහෙද කියන එක අනූව..
මේ පැත්තේ ආවට තුති..

හි හි ඔහොම ප්‍රධානීන් අද අපේ රටේ බොහොම දුලබයි.ඒ වගේ කෙනෙක් මගේ ප්‍රධානියා උනොත් අති විශිෂ්ටයි සර්......

මුලින් සඳහන් කෙරුණු විදියේ වගේම ඊට පසුව සඳහන් වුනු විදියේ ආයතන ප්‍රධාණීන් යටතේත් මට සේවය කරන්නට ඉඩකඩ ලැබිලා තිබෙනවා. ගොඩක් වෙලාවට මේ පලවෙනි විදියේ අය සමාජේ වැඩියි. ඒ වගේම අනිත් විදියේ අයත් නැතිවම නෙවෙයි. දැනට සේවය කරන්න මට ලැබිලා තියෙන්නේ ඒ දෙවෙනි විදියේ ප්‍රධානියෙක් යටතේයි.

අනිත් දේ තමයි සේවකයෝ ටිකක් කපටි වෙන්නත් ඕනේ කියන එක. ඒ වංචාවන් කරන්න නම් නෙවෙයි. ඒ කපටි වීම වැදගත් වෙන්නේ පළමු ආකාරයේ ආයතනික ප්‍රධානීන්ටම තමා. ඒකට හේතුව තමයි උස් පුටු වල ඉඳන් ඉද්දී පහල පුටු වල ඉඳන් වැඩ කරන අයගේ ඩහදිය මහන්සිය වැටහෙන්නේ නැති නිසා. ඒ නිසා කට තියෙනවා නම් ඒ වගේ ප්‍රධානීන් රවටන්න පුළුවන් වෙන්නේ හුදෙක්ම කරන මහන්සිය වෙනුවෙන් අනවශ්‍ය අවලාද නොඅසා සිටිය යුතු නිසාවෙන් කියලයි මට හිතෙන්නේ.

මට ඔය අන්ත දෙකම එක ප්‍රධානියාගෙන් දකින්න ලැබුණා. මම කොපමණ හොඳින් වැඩ කලත්, ඔහු අවුරුදු දෙකක්ම හිතුවේ මම හරියට වැඩ කරන්නේ නැති බව. අපි දෙදෙනා අතර පවිටු අතරමැදික් කල සිත් බිඳවීම් වඩාත් ඒ තත්වයට හේතු වුනා. කල නොකළ වගේම අනිත් අය කල දේටත් බයිට් එක වුනේ මම.

ඒත් කාලය ගෙවිලා ගිහින් ඔහු මාව හොඳින්ම හඳුනා ගත්තා.මා ගැන වැරදි වැටහීමක් තිබූ බව ඔහුම කීවා.එය නිවැරදි කරන්න මටත් හොරෙන් තවත් සහෘද අතරමැදියෙක් ක්‍රියා කර තිබුනා..

මේ සියල්ල බලා හිටපු තවත් මිතුරෙක් කීවේ," මචං, තමන් වැඩ කලත් නොකලත් වැඩ කරන බව පෙන්නන්න ඕනි, නැත්තන් වෙන එවුන් කාඩ් කපලා දානවා" කියලා. කතාව ඇත්ත. :)

ඒකනේ ඒකා ප්‍රධානියෙක් වෙලා අපි ඒකා යටතේ ඉන්න සුලු සේවකයෙක් වෙන්නේ. කතාව සහතික ඇත්ත. කට චුට්ටක් ඇරහන් රුපියල් පහක් කටට දාන්න. :)

මට තාම ප්‍රදානියෙක් එක්ක වැඩ කරන්න ලැබිලා නෑ.
((ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත්
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්))

මේ වගෙ ප්‍රදානියෙක් ලැබුනොත් Life එකම ගොඩම තමයි.

මට තාම ප්‍රදානියෙක් එක්ක වැඩ කරන්න ලැබිලා නෑ.
((ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත්
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්))

මේ වගෙ ප්‍රදානියෙක් එක්ක වැඩ කරන්න ලැබුනොත් Life එකම ගොඩම තමයි.

@ පිස්සු පූසා
ඔව් ඔව් අති විශිෂ්ඨයි සර්
මේ පැත්තේ ආවට තුති..

@ ටෙෂාන්
ඔව් ඔව් උඹට සලකපු එව්වා අපි දන්නවනේ..
මේ පැත්තේ ආවට තුති..

@ඉඳුනිල්
ඔය බොරුවට මවාපෑම් පාන අය අගය කරන අය ගැනත් පොඩ්ඩක් හිතන්නඕනේ, අනිත් එක ඔය කියලා තියෙනවා වගේ තමන්ගේ කාඩ් එක කුඩු කරන්න දෙනකම් බලන් ඉඳලත් බෑ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග..
පොඩි ප්‍රශ්නයක්, මම ළඟදිත් කොහෙ හරි දැක්කා කාගේ හරි කටේ පහක් ඔබල තියෙනවා, ඒත් කොහෙද කියලා නිච්චියක් නෑ..
පිං කැටයක් කැඩුවා නේද..? :D :P
ඔව් ඔව් ඒකනේ අපි සේවකයෝ වෙන්නේ ..
මේ පැත්තේ ආවට තුති..

@ මීහරක්පීඩියා..
ගොඩදත් අහනවා..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

වැරදි තියෙනවා නම් ඒවා කතා කරන්න ඕනේ. ආයතන ප්‍රධානියාගේ වැරදි මම කාගේත් හිත සුව පිණිස ප්‍රසිද්ධියේ කතා කරලා වුනු හදිය උඹ විතරක් නෙවෙයි මගේ බ්ලොග් එක කියවපු දෙනා දන්නවා ඇතිනේ? එක අතකින් අවුරුදු 3ක් තිස්සේ ඒ තැන ඉඳලා ගොඩ නගා ගන්න බැරි වුනු දැනුම්, අත්දැකීම් සම්භාරයක් මේ මාස කිහිපය ඇතුලතදී මට වෙනත් ආයතන මගින් ලබා ගන්න පුළුවන් වුනේ එම ආයතන වල පවතින ක්‍රමවත් හා කාර්යක්ෂ්‍යම ව්‍යාපෘති කළමණාකරණය නිසාවෙන් කියලා මම විශ්වාස කරනවා.

@ ටෙෂාන්
ඉතින් මම උඹට වැරදි කතා කරන්න එපා කිව්වද බන්..?
අනිත් එක , කවදා ඉඳලද ළමෙක් වුනේ..? උඹ ළමයා කියලා හිතා ගත්තට අපිනෙ දන්නේ ළමයි දහ දෙනෙක්ගේ විතර තාත්තා කියලා.

ඔව් ඉතින් ඕක උඹ ස්කයිප් එකෙන් කිව්වොත් කියන්නෙ ඔහොම නෙවෙයි නේ? ඒක මේකේ පල නොකරට තුති. :P
අපි ලොකුයි කියල හිතාගෙන හිටියට අපේ අම්ම තාත්තට අපි තාම ළමයි නෙ බං

@ tee "ළමයා"
මම ඇහුවේ නැහැනේ උඹගේ අම්මලා තාත්තලා උඹ ගැන හිතන විදිය..නේ?
ඒ කියන්නේ ස්කයිපියෙනුත් අහ ගන්න ඕනේ වෙලා වගේ..

Post a Comment