Thursday, July 7, 2011

හුදකලා ප්‍රේමය


හැමදා ඒක පාර්ශවිකවූ
නමුත් කෙටි කලෙක සිට
ද්වී පාර්ශවීය වූ
අන්ධකාර ලෝකයේ
අහු මුළු සොයමි මම එළියට එන්නට
ඔබ වැරදි කළත්
මම වැරදි කළත්
අවසානයේ මම දොස් අසන
මරණයට කැප වූවන්ගෙන්ද
අසන නිදොස් බව
කිසිදිනෙක ඔබ මගෙන් ඇසුවේද කියනු මැන
දැනේ මට වෙනසක්
සිතේ සිතුවිල්ලකි එය
ඉඩ නොදෙනු වස් එයට
දුනිමි ඔබහට දඬුවමක්
සැමදා මගේ දොස් දකින ඔබ මෙ ලෙසින්
සිතන්නට මගේ සිත පෙලැඹුනේ මේ ලෙසින්
නාමයට ද්වීපාර්ශවද
පෙම් කරනුයේ මා පමණද
නොතිබේද ඔබ සිතේ
මා කෙරේ
ප්‍රේමයක්..


Picture source : http://powerofh.wordpress.com/category/poetry/,  Accessed 07th July 2011 20.30 [Online]

චතුර....

2 comments:

ප්‍රේමය ලස්සනට කවියක ලියලා තියෙන්නේ. නියා කවි සිතුවිල්ලක් නේ.චතුරට නියමෙට කවි ලියන්න පුලුවන් නේ.

මට කවි ලියන්න බැරියෝ..
ඊයේ දවසට දෙවෙනි පාරටත් මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment