Sunday, July 24, 2011

හලාගෙන ඩයි කුප්පියක්..



ඉපදෙන සැවොම
වයස්ගත වන බව දැන
රූපයෙන් මන්මත්ව
සිටිනු රිසි සැම දිනෙම
අනුන් රවටනු පිණිස
මවා බොරු රූපයක්
හලාගෙන ඩයි කුප්පියක්
තම රුව ඇති සැටි
පෙන්වුමට කිමද ඒ හිරිකිතක්
සියළු දේ නැසෙන්නෙය
ඔබට පමණක් නොව සැමට එය පොදු දෙයකි
ඔබත් මහළුව දිරයි
තමා මිස අන්කෙනෙකු නොවේ ඒ රුව තුලම
ලෝධර්මතාවයට
පිටු නොපා සිටියේ නම්
අනුන් රවටනු පිණිස
කිමට තව බොරු රන් රූපයක්..

Picture source : http://www.clubplanet.com/Articles/2223/Hair-Dying-101-Stop-Worrying-and-Love-the-Bottle Accessed on 23rd July 2011 22.30 [Online]

චතුර....

3 comments:

අස්තීර ජීවිතයක
ස්තිර තැන් සොයන
මනුසත් අපි වෙමු
මහා මෝඩ රැල...

හරිම ලස්සන අර්ථවත් පද මාලාවක්..යාලුවේ..

අනිවාර්යෙන්ම. හමට යටින් කිසිම ලස්සනක් නෑ කියලා කියනවනේ.
ඒ නිසා රූපේ ලස්සන කරගන්න දේවල් කරනවා වගේම හිත ලස්සන කරගන්න දේවලුත් කරන්න ඕනේ.

@ අසනි

ස්තූතියි.
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.

@ මධුරංග

ඔව් ඒත් ඔය වයසක උන්දලා ඩයි නාන්න යන එක නම් මට පේන්න බෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.

Post a Comment