Monday, July 25, 2011

සාරිය..



නිවාඩු දවසනේ ඔන්න ඉතින් පොඩි පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසත් පොඩි වෙනසකටත් එක්ක කියලා අම්මයි මමයි අයියයි ඔන්න ඊයේ පොඩි සාප්පු සවාරියක් වගේ එහෙමත් නොවෙන ගමනක් ගියා.
කොහොමින් කොම හරි ඔන්න අපේ අම්මත් අන්තිමට ඇඳුම් සාප්පුවකට ගොඩ වෙන්න තීරනය කළා, " අම්මා මල්ලිත් එක්ක යන්නකෝ මම වාහනේ ඉන්නම්" ඔන්න අපේ අයියා ශේප් වෙන්න ලෑස්තිය," නෑ නෑ ඔයත් යන්" ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් අපේ අම්මත් ඇඳුම් සාප්පුවට ගොඩ වුනා. 

" ආනේ කාලේකින්නේ දැක්කේ ඔයාව ඥානේ( අපේ අම්මව මිතුරියන් අමතන ආකාරය )" කියාන එක පාරටම ආවේ අපේ අම්මගේ පරණ මිතුරියක්." ආ රංජි ඔයා"  ඔන්න අපේ අම්මත් ඇඳුම් තේරිල්ල පැත්තක තියලා ඔන්න කතාව , ටික වෙලාවකින් අපි දෙන්නා දිහාවටත් හැරිලා මොනවද මොනවාද කිව්වා ඉතින් අපිත් හිටපු විදියටම හිටියා, ඔන්න ඊළඟට යාළුවා ගියාම තමයි අපි හැමදාම බය අති භයංකාර  වෙලාව ඊයෙත් ආවේ. ඒ තමයි ඉතින් සාරි තේරිල්ල. ඔන්න ඉතින් සාරි පෙන්නන්න ගෑනු ළමෙකුත් ආවා, " අනේ පව් මෙයාට සොරි.කොම් තමා" අපේ අයියත් එයාට පොඩි බැල්මක් දාන ගමන් කිව්වා.( මෙයා ඉතින් කොතන ගියත් ඇහැට ප්‍රිය දසුනක් වුනත් අප්‍රිය දසුනක් වුනත් "නියම කුකුළා" , වෙලාවට බ්ලොග් කියවන්නේ නැත්තේ සිකුරා නලලේ නෙවි සරුවාංගෙම කියලා හිතා ගත්තොත් තමයි හොඳ ..)

 ඔන්න ඉතින් අම්මා අපි දිහාට හැරිලා අහනවා 
" මේකෙ පාට හොඳද ?"
 " හොඳයි හොඳයි ඕක තමයි ලස්සනම" ,අපි 
"ඒත් මේක නිකන් අවුට් ඔෆ් ෆැශන් වගේ නේද?"
"මේක හොඳද ?",අම්මා
"ඔව් ඔව් ඒක අරකට වැඩිය හොඳයි ", අපි
"මේක හොඳද?",අම්මා
"ඔව් ඔව්  ඕක  තමයි දැන් ට්‍රෙන්ඩ් එක", අයියා  
" ඈ.. ?තමුසේ කෝමද සාරි ට්‍රෙන්ඩ් දන්නේ ??" ,මම
"ඉක්මනට ගෙදර යන්න ඕනේ නම් කට වහගෙන හිටු " , අයියා අයියා කනට කර රහසින්..
"අනේ මංද මේක මගේ ඇඟට හරියන එකක් නෑ ", " මේක ලස්සනද..?", අම්මා
"ඔව් ඔව් ඕක තමයි අපේ ලෙක්චරර්ස්ලත් දැන් අඳින්නේ" මම
" තරුණ අය අඳින එව්ව මේ වයස මට හරියයිද? " අම්මා
"ඕකනේ කිව්වෙ , කට වහගෙන හිටු" ,නැවතත් අයියා කනට කර රහසින්
" මේක නම් මගේ හිතට ඇල්ලුවා"
"ඔව් ඔව් ඕක හොඳයි "අපි
" නෑ ඒත් මේක ඇන්ඳම ටිකක් පිම්බෙනවා වගේ මැටීරියල් එකක් වෙන එකක් බලමු "අම්මා
" මේ මැටීරියල් එක හරි නෑ ඕක ඉක්මනට ඩැමේජ් වෙනවා "
 " ඔය පාට දෙකක්ම මං ගාව තියෙනවා ඒක නිසා  ඔය පාටින් එපා",අම්මා .............................................................................................................
.............................................................................................................
.............................................................................................................
..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
සංවාදය තව පැයක් හමාරක් දිග්ගැස්සුනි.අවසානයේ සොයාපු දේ සම්භ විය. සාරිය ගත්ත අම්මාට වඩා සංතෝස අපිටය. "වෙලාවට අක්කා ගෙදර නැත්තේ නේද?" මම අයියාගෙන් ඇසිමි "අනේ වාසනාවන් නැත්තන් ඇඳුම් සාප්පු වලටම ඉරිදයි සෙනසුරාදයි යයි " අයියා. අක්කා විවාහ වීමට පෙර රෙදි යාරයක් මිලට ගැනීමට කඩ සාප්පු ගණනාවකට ගොඩ වී අවසානයේ රෙදි රෝල් දහසක් පමණ පෙරලා රෙදි යාරය මිලට ගත් සැටි මට මතක් විය. 

අම්මලාට අක්කලාට මේ වගේ පැය ගානක් ඇඳුම් තෝරන්න යන එක නම් ලොකු ප්‍රශ්නයක්. කාන්තාවන් එක්ක සාප්පු සවාරි යන වෙලාව දා ගන්නකොට පොඩ්ඩක් වැඩියෙන් වෙන කාර්‍යයකට යන වෙලාව මෙන් දෙගුණයක් වෙලා යොදා ගන්න.ගොඩාක් වෙලාවට සරිලන මිලට හිතන හරියන එකම සෙවීමට කාන්තාවන් දස්සියන් නිසා මෙයට වේලාව ගත වීම වැඩි වනු ඇත.

මගේ අවවාදය :අම්මලා අක්කලා එක්ක හෝ ඔබගේ සහකාරිය සමඟ සාප්පු යනවිට පරිස්සම් වන්න, ඉක්මනට ඒමට අවශ්‍ය නම් තේරීමට ඔබ මැදිහත් නොවන්න.

Picture source : http://www.thehindu.com/todays-paper/tp-national/tp-andhrapradesh/article2052836.ece Accessed on 25th July 2011 20.00 [Online]

චතුර..

15 comments:

අනේ අපි නම් එහෙම නෑ ඕන්න්න්....හි හි හි...

@ අසනි

ඔව් ඔව් ඕක පිළි ගත්තැකි අර අසනිගේ කවිවල හිමිකාරයා කිව්වා නම් :D :P
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

මමයි අයිතිකාරයයි ෂොපින් කරන්න ගියාම ඕකෙ අනිත් පැත්ත මට වෙන්නේ.

ගිය සතියෙ අයිතිකාරයා ඩෙනිම් එකක් තෙරුවා.පැය 3 1/2 ක්. බුදු අම්මෝ. මට එපා උනා.අන්තීමට වැඩි ගානක් දීලා ඩෙනිම් එකක් ගත්තට මට ඒක අල්ලන්නෙ නෑ. ඕක කියන්න ගියානම් තව පැය 3ක් කට්ට. කට පරිස්සම් කරගෙන මාත් ගත්ත ඩෙනිම් එක Superb කියලා නිකම් උන්නා

අප්පේ. සුදු මැනික හිටිකාලෙ මටත් මතකයි. බුදු අම්මෝ. ඔක්කොටම වඩා එක සුදු මැනිකගෙ අක්ක..

ජය....

මට නම් අත්දැකීම් නෑ ඔය වගේ. හැබැයි ඔය වගේ ඛේදජනක කතා ගොඩක් අහල නම් තියනව.

අම්මෝ ගෑනු කට්ටියත් එක්ක ෂොපින් යන්න හොද නෑ. එයාලට හරියන ඒවා හොයන්න ගියාම අපේ හොද පන යනවා.

මම යාලුවෙලා හිටපු දවස්වලත් කෙල්ල එක්ක ෂොපින් යන්න කියලා අඬ ගැහුවම මම අදි මදි කරලා තමයි යන්නේ. යන්න කලින් අහනවා ඔයාට යන්නම ඕනේද කියලා.

මම ඔය කට්ට කාපු තරම්... මට තමා හොඳටම සාරි තෝරන්න පුලුවන් කියලා සාරි ගන්න හැම දාම මාව එක්කන් යනවා. ඇවිදලා ඇවිදලාම අනේ ඉතිං පුංචි මගේ කකුල් දෙක....

@ දිල් අක්කා

ඒකත් මරු ඩෙනිම් ගැනිල්ලනේ, සාරියට හපන් එහෙනම් ඒක.ඔය හොඳම එක තෝරන්න ගියාම අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර තමයි නැත්තේ, ඒකට ඉතින් මෝස්තර නිර්මාණකරණ උපාධියක්වත් අරන් යන්න වෙන්නේ..මේ පැත්තේ ආවට තුති..

@ Gayan Rupasinghe

ඒකනේ කියන්නේ . මමත් ඔය හිත ගිය ඇත්තිට මාලයක් අරන් දෙන්න ගිහිනුත් ඔහොම කට්ටක් කෑවා, තව ඉතින් අක්කයි නංගියි දෙන්නෙක් තෝරන්න ගියාම කුමන කතාද..? ඔබටත් ජය. මේ පැත්තේආවට තුති.

@ Kasun

ආ.. යන්න යන්න ළඟදීම ලබා ගන්න ඒ ඉළ ඇදෙන ත්‍රාසජනක අත්දැකීම නැත්නම් හරි නෑ.ඔය කට්ට හොඳින්ම කනවා නම් ඉතින් අක්කා කෙනෙක් හරි තමන්ගේ හිත ගිය ඇත්ති හරි එක්ක තමයි යන්න ඕනේ. මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

ඒකනේ කියන්නේ, ඔය කට්ට කාලම බලන්න ඕනේ රස, ඇත්දැකීමක් නැතුව ඕක තේරෙන්නේම නැත.මේ පැත්තේ ආවට තුති.

@ මාළු යාළු

ආ.. ඔන්න ඔය හැකියාවත් එකක් තමයි, අපේ අයියත් හැමදාම කට්ට කන්නේ මිනිහා වැරදිලා හරි තොරන එක ලස්සන නිසාලු..මම නම් ඕන් සාරි වල ලස්සන බලන්න දන්නේ නැතෝ. මේ පැත්තේ ආවට තුති..

ආපෝ ගෑනුත් එක්ක ෂොපිං යන්න!! මතක් වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙන මාතෘකාවක්. මම නම් මොකක් හරි දහං ගැටයක් ගහලා ශේප් වෙනවා පුලුවන් හැම වෙලේකම.. ( හැබැයි ඉතිං වරදින වෙලාවලුත් නැතුවා නෙවෙයි.. )

ඔව් හැම වෙලාවෙම ශේප් වෙන එක තමයි ඇඟට ගුණ.. වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

මේ සිංහල අවුරුද්දට මමත් හිටිය කියන්නකෝ ගෙදර..(අවු 4ට පස්සේ)ඔන්න අපි දෙන්නා ලිස්ට් එකකුත් හදාගෙන (දෙන්නා කිවේ මගේ බිරිද)ගියා කියන්නකෝ ඇදුම් ගන්න, දැන් ඉස්සර වගේ බැනේ නෑදෑයෝ ගොඩයි,ඇදුම් ගොඩයි,සල්ලිත් ගොඩයි.

එයා; මේක අරයට..අරයට..අරයට..අරයට..
; මට උත්තර නෑ....

This comment has been removed by the author.

@ රතු මුහුද
පහසුම ක්‍රමය : එකවර සාප්පුවම ගෙදර අරන් යාම, කොහොමත් ඕක වෙනවනේ අන්තිමට ඒක නිසා වෙලාව නාස්ති නොකර සාප්පුවම අරන් යන එක තමයි හොඳ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති.

Post a Comment