Monday, July 18, 2011

ඒ හිතම..




එපා වුන විට
අන්තයටම ගොස් එපයි කියපු
කෝපයක් නැගුන විට 
කේන්තියෙන් එපයි කියපු
දුකක් දැනුනම දුකෙන්ම එපයි කියපු
පිළිකුලක් දැනුනම
කලකිරීමෙන් එපයි කියපු
ඒ දේට
හැමදාම කියන නිදහසට කරුණුවලින් 
වෙනස් වී නැවත හා කියපු
ඒ හිතම 
අදත් ඔබේ නිදහසට කරුණු අසා
නැවත හා කියයිද?

Picture source : http://www.illustrationlovers.com/lauratrevey/Accessed 18th July 2011 19.00 [Online]

චතුර..

2 comments:

හප්පේ... උඹේ ආදරේ හෙන ගල් මුල් ගොඩක් නෙව. නරකද ඕකුන්ගෙ විගඩම් නොබල පාඩුවෙ හිටියොත්?

@ ගල් ඉබ්බා

ඔව් නොබල ඉන්න එකත් හොඳ විසඳුමක් තමයි
මේ පැත්තේ ආවට තුති..

Post a Comment