Thursday, July 28, 2011

යකුන් අප සිතනා තරම් කළු නැත..


බලා සිටියෙමි
හමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්
නොසැලි සිටියෙමි
සිතට එඩි ගෙන
විපත දැන් දැන් එයි කියා
නමුදු කිසිවක් සිදු වූයේ නැත
සිංහ සෙයියාව
රඟ දුන්නාට
යකා හට කළ හැකි
වැඩක් නොම නැත
හීන් සැරයට යකා බයව ඇති සැටියකි,
කළ හැකිව තිබු
එකම දෙය වන උමතු සුනඛ රැඟුමද
සැනින් නිම විය.
යකුන් අප සිතනා තරම් කළු නැත..

Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online]

චතුර....

10 comments:

කාටද අප්පේ මේ බලි තොයිල් ගායනා..

@ අසනි

මොකැයි කීවේ..?
ඇයි නරක් වෙයිද කිව්වොත්..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

යකා හිතනා තරම් සුදුත් නැත :).ලස්සනයි සහෝදරයා

මචං චතුරෝ, මට උඹේ පෝස්ට් බර ගානක් මිස් වෙලානේ බං.

උඹ දවසට පෝස්ට් කීයක් දානවද?

යක්කු එක්ක සෙල්ලං එපා. උඹට මහසෝනා දෙයි පිට නිල් වෙන්න.

@ පිස්සු පූසා

ඔව් ඔව් යකාව සුළුවට තැකීමත් හොඳ නැත..
මේ පැත්තේ ආවට තුති..

@ මාළු යාළු

එච්චර මිස් වෙලා නැතුවැති මයෙ හිතේ..
හිකිස් මේ දවස් වල නම් සමහර වෙලාවට දෙකක් දැම්මා, ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ.ඒකයි ටිකක් නිදහසේ ඉන්න නිසා ලිව්වේ.
ඇයි බන් මටත් වැඩිය මහසෝනෙක් ඉන්නවද වෙන?

ලස්සනට ලියලා තියෙනවා සහෝ!

කියන තරමට යකා කලුත් නෑ කියන්නේ ඕක හින්දා වෙන්ටෑ.
නියම කවිය !!!

හීන් සැරයට ඔය කොයි සැරයත් යටයිලු නෙව...
ඇත්ත තමා යක්කු හිතන තරම් කළුත් නැහැ සුදුත් නැහැ..

@ sansarasidu

ඇත්ත යකා හිතන තරම් කලුත් නැහැ සුදුත් නෑ, යකාට ඕනවට වැඩිය බය වෙන එක කෝමටත් හොඳ නෑ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

@ blog gadol
ස්තූතියි
මේ පැත්තේ ආවටත් ස්තූතියි..

@ මධුරංග
ඒක තමයි
මේ පැත්තේ ආවට තුති..

Post a Comment