Friday, July 22, 2011

මගේම අදහස..



මමම හොඳයි කියාපු
මමම හොයලා දීපු
මටම හිතුනු
මගේම අදහස
මගෙන්ම අහගෙන
මාව අමතක කර
මගේම අදහස උඹලගේ කරගෙන 
උජාරුවෙන් මටම පෙන්නපු හැටි....

Picture source : http://www.wiggz.com/blog/art/tag/paintings/page/2/ Accessed on 27th July 2011 06.00 [Online]

චතුර....

10 comments:

ගුරු මුෂ්ටිය තියා ගන්න කියන්නෙ ඕවා සිද්ධ වෙන නිසා වෙන්න ඇති....මේක කනේ පාරක්ද ?

@ දිල් අක්කා

ඔව් ඊළඟ පාර ගුරුමුෂ්ටිය තියා ගන්න ඕනේ කියලා මටත් හිතුනා..
ටිකක් ඒ වගේ තමයි. වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

මූසිල ප්‍රහාරයක්ද...?

හික් හික් හික්...

@ අසනි

දැන් මූසිලයෝ වැඩියි නෙව..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

ඕක තමයි කාලා ඉන්න බැරි !!!1
තමන්ගේ අරක්කු තමන්ටම ගහන කොට ඉවසන් ඉන්නේ කෝම් !!!!

හපෝ අමතක උනා.
ඔබේ උදාන වාක්කිය දවසක් මාව පිස්සෙක් කරයි !!!!

@ මධුරංග

ඒකනේ ..ඒක තමයි දරුණුම..
ඔන්න එහෙනම් උදාන වාක්කිය වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..!!

ආයෙත් මේ පැත්තේ නාවට කමක් නෑ කියලා කියන්නේ එතකොට කාටද බොලන්? ඔන්න මට නම් කියනව නෙවෙයි ඕං, මෙන්න වැන්දා සාදු!!!

මේ ඒයි... දැන් එතකොට ඕක කළේ කවුද?

@ ගල් ඉබ්බා

"මේ ඒයි " උඹටත් ඕනේ නැති එකක් නෑ
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment