Tuesday, August 2, 2011

මගේ නෙතඟට කඳුලක් ගෙනත්....


කොච්චර ලං වෙන්න හැදුවත්
ලං වෙන තරමටම ඈත් වෙන
කොච්චර ආදරෙයි කිව්වත්
අන්තිමට කේන්තියකින් ඉවර වෙන
කතා නොකරන්න හිටියත්
ඔය කටහඬ ඇහෙන කොට මටම කතා කරන්න හිතෙන
නොදැක ඉන්න හිටියත්
අන්තිමට ඔය රුව දකින්න දුවගෙන යන
කොච්චර එපා කිව්වත්
අන්තිමට ඕනෙම වෙන
ඔයාගේ ආදරය
මටත් නොදැනිම
මගේ නෙතඟට කඳුලක් ගෙනත්....





Picture source : http://my.opera.com/Kaitz/blog/tear Accessed on 02nd August 2011 16.00 [Online]

චතුර....

12 comments:

පිස්සු පුසා said...

ආදරය නේ.....හ්ම්ම්ම්ම්ම්.ලස්සනයි සහෝ

Sabith said...

මසුරන් වටින කතාව! මට ඔහොමම හිතුනු වාර ගාන අනන්තයි අප්‍රමානයි~

අසනි said...

හරිම ලස්සනයි..පුදුම ආදරයක් ඒ කදුලු බින්දුව ඇතුලේ තියෙනවා කියලා හිතුනා..නොසෑහෙන ආදරයක් පිරිමි හිත අතුලේ පුරෝන ඉන්නවා කියලා දැනෙන පද වැලක්..යාලු..

චතුර.... said...

@ පිස්සු පූසා

ස්තූතියි
මේ පැත්තේ ආවට තුති සහෝ..

@ Sabith

ඔව් ආදරය කියන දේ හරි පුදුමාකාර දෙයක්
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති සහෝ..

@ අසනි

ආදරේ තිබුනට අවශ්‍ය කෙනාට ඒක දැනෙන්නේ නැති එක තමයි දුක .
මේ පැත්තේ ආවට තුති යාළු.

දිල් said...

මටත් වෙලා තියෙන්නෙ ඔය ටිකමයි.... සමහර වෙලාවට වදයක් වෙන තරමට හිතට දැනෙන .....ඒත් පැයක්වත් කතා නොකර ඉන්න බැරි.... ආදරය..වෙලාවකට කඳුළු අහුරු පිටින් නෙතට දෙනවා.....බැඳීම තුල තවත් හිර කර....

ලස්සනයි පද ටික

චතුර.... said...

@ දිල් අක්කා

ඔව් සමහර වෙලාවට වදයක් , සමහර වෙලාවට නැතුවත් බෑ, අමතක කරන්න හැදුවම වැඩියෙන්ම ඕනේ වෙනවා.. අනේ මංදා.. ස්තූතියි
මේ පැත්තේ ආවටත් තුති..

මධුරංග said...

අම්මෝ ඔය ආදරේ කියන්නේ එහෙම්පිටින්ම ගිනි ගොඩක්. දුක් සාගරයක්. වේදනා නෞකාවක් !!!

මම නම් ඒකෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා දුකක් නෑ.

චතුර.... said...

@ මධුරංග

ඔව් ඇත්ත..
මිදුන ක්‍රමය අපිටත් කිව්වා නම් බලන්න
මේ පැත්තේ ආවට තුති..

ChammA said...

මම නම් මේ දවස්වල ආදරය හොදින්ම විදිනවා..පදවැල් ටික නම් අපුරුයි
මචං :)

චතුර.... said...

@ ChammA

එහෙනම් අපෙනුත් සුභ පැතුම්..!!
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

Anonymous said...

adare mata nam dukak witharamai... hithata danena pada galapimak..lassanai..

චතුර.... said...

@ Ano

ඔව් සමහර වෙලාවට, මේ පැත්තේ ආවට තුති..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons