Friday, August 12, 2011

පෑනේ මිතුරෝ....




මේක කළේ නිවාඩු කාලෙක ගෙදර ඉන්න ගමන්. නිවාඩු කාළේට අයියත්  ගෙදර ඉන්න නිසා ඉතින් තුන් දෙනාම එක්ක මොනව හරි මගෝඩිස් වැඩක් තමයි ඉතින් කළොත්. 

ඒ දවස් වල තිබුණ ලොකුම උණ තමයි පෑනේ මිතුරන්ව ඇති කර ගන්න එක. ලෙඩේ ගෙදරට ගෙනාවේ අක්කා තමයි එයාගේ ඉස්කෝලේ යාලුවෙකුට වෙනත් රටක ඉන්න පෑනේ මිතුරෙක් ස්ටිකර් වගයක් එවලා කියන එකත් එක්ක. ඔන්න ඉතින් තුන් දෙනාම එක්ක ඒ දවස් වල ඔක්කෝම පත්තර වල තියෙන පෑනේ මිතුරු සමාජ හොයන්න පටන් ගත්තා. 

කොහොම හරි පත්තර කිහිපයක තිබුණ දැන්වීම වලට පිළිතුරු යවලා හොයා ගන්න හම්බවුනා මිතුරු සමාජවලට බැඳෙන ක්‍රම . ඒ අතරේ තව ඉරිදා ටයිම්ස් පත්තරේ තිබ්බ මිරර් මැගසින් එකේ ඒකේ ඒ කාලේ ළමා අතිරේකයක් තිබුණේ නෑ මට මතක විදියට  ළමයින්ට වෙනම පිටුවක් විතරයි, ඔය අතිරේකේ පළවෙනවා පෑනේ මිතුරුමිතුරියන්  ඇති කර ගන්න ඕනේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලිපින ,ඔය ලිපින වලට ලියලයි කොහොම හරි කිහිප දෙනෙක්ව අඳුන ගත්තා.

 නුවර පැත්තේ තිබුණ එක පෑනේ මිතුරු සමාජයක සඟරාවකින් විදේශීය මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුට යවපු ලියුම් වලටත් ප්‍රතිචාර ලැබුනා ඒ වගේම ඒ සඟරාවට අපේ තොරතුරු යවලා ඒකෙනුත් ලිපි කිහිපයක් ආවා. 

ඔන්න ඉතින් ඔය අතරේ තවත් ලංකාවේමිතුරු මිතුරියන් ඇති කර ගන්න සඟරවකට ඉල්ලුම් කරන්න ආවා. ඒ සඟරාවේ තිබුණා මෙහෙම කොන්දේසියක් , මිතුරු ජාලයේ සාමාජිකත්වය ගන්න බලාපොරොත්තු වෙන අය වයස අවුරුදු දහ අටට වැඩි අය වෙන්න ඕනේ කියලා. ඉතින් තුන් දෙනාම කල්පනා කළත් (ඒකාලේ මම කල්පනා කළා වුනාට මගේ තීරණ සතපහකටවත් ගණන් ගත්තේ නෑ ඔය දෙන්නා )තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් බැරි නිසා අක්කා මෙහෙම තීරණයක් ගත්තා ,අයියගේ නම දාලා වයස විදියට අවුරුදු විසිපහ දාලා අදාල පෝරමයට ඒ වයසට හරියන උපන් දිනයත් දාලා පුරවලා අරින්න. ඔන්න  ඉතින් එහෙමෙ කළා.

යැව්වට පස්සේ ඔය ජාලයෙන් ලියුමක් ආවා අපගේ මිත්‍රත්ව ජාලයේ  සඟරාවේ ඊලඟ කලාපයේ  ඔබගේ නම පළ කරනවයි කියලා.ඉතින් නිවාඩුවත් ඉවර වුනා. ඔන්න මාස කීපයකට පස්සේ ලියුමක් ආවා. අයියගේ නමට. ඉතින් එදා ගෙදර හිටිය නිසා ලියුම ගත්තේ ගිහින් අක්කා, ඔන්න ඉතින් ලියුම කඩලා බැලුවම තමයි කරපු වැඩේ බරපතල කම තේරුනේ.

ලියුමේ තිබ්බේ මෙහෙම.

දයාබර  ____අයියා (අයියගේ නම ) වෙත

(අසවල් )සඟරාවේ මේ මස කළාපයෙන් ඔබගේ නම හා ලිපිනය දැන ගතිමි. ඔබට මෙය කරදරයක් යැයි නොසිතන්න.බ්ලා බ්ලා බ්ලා බ්ලා (ඇය සේවය කරන ආයතනය , ලිපිනය , එන්න පාර  ඔය වගේ දේවල් ) තුන් මසක අසාර්ථක විවාහයකින් වෙන්ව සිටින මා යහපත් ගුණවත් උසස් රැකියාවක් කරන (රණවිරු සොහොයුරන් විශේෂයි ) නිහතමානී අවංක සොහොයුරෙකු හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටිමි.(මට මතක නෑ තව මේකේ ගොඩක් විස්තර තිබුනා ). අන්තිමට තිබුනා ලියුමට ප්‍රතිචාර දැක්වුවොත් හම්බ වෙන්න එන්න වුනත් කැමතියි කියලා.
 කොහොම හරි පස්සේ දැනුම තේරුම තියෙන කාලේ වෙනකොට තේරුනා ඕක මිතුරු හවුලක් නෙවෙයි සහකාරයන් සහකාරියන් සොයන අයට තියෙන හවුලක් කියලා. 

ඔන්න ඉතින් අක්කා චතුරටත් ඇහෙන්න ලියුම කියවද්දී අම්මා ආවා, ඇවිත් කවුද දුවේ ලියුම එවලා තියෙන්නේ කියලා ලියුම අරන් බැලුවා. ඔන්න අක්කගේ මූණ නිකන් ඇඹුල් වෙලා ගියා. චතුරයා ඉතින් එතකොට එකවසරේ හරි දෙක වසරේ හරි තමයි. 

ඔන්න ඉතින් අම්මා"කවුද ඔය සඟරාවට නම ඇරියේ ?"
(අක්කා බිම බලාගෙන ඇඹරෙනවා.) 
චතුර පැනපු සැණින් :"අයියාට ආපු ලියුමට අයියගේ නම දාලා අක්කා ලිව්වා "

එදා දවසම ඉතින් බැනුම් තමයි. ඔක්කෝම ඒ දෙන්නට ඉතින් ඒත් ඒ කාලේ හිටපු විදියට ඉතින් ඒ දෙන්නාට බනිනවා කියන්නේ ඉතින් මට බනිනවාට වැඩිය දුකයි.  ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කිව්වා, තාත්තා නම් එච්චර ගණන් ගත්තේ නෑ ඒත් අම්මගේ තීරණය විදියට මිතුරු සමාජයේ සාමාජිකත්වය අහෝසි කරනත් නම පළ නොකරන්නත් කියලා නැවතත් ලියුමක් ලියලා අරින්න සිද්ධ වුනා. 

ඊට පස්සේ ලියුමක් ලියනවා නම් අම්මට පෙන්නන්නත් අම්මට කියලා මිසක් ලියුම තැපැල් කරන්න බෑ කියලත් ලියුමක් ආවොත් කඩන්න කලින් අම්මා අතට පත් කරන්න ඕනේ කියලා අළුත් නීතියකුත් ආවා. පස්සේ කාලේක ලියුම් ලියන්න පටන් ගත්තු අක්කටයි අයියටයි වඩා වැඩි ලියුම් ප්‍රමානයකුත් මුද්දර සිය ගණනින් එවන යාළුවෝ පිරිසකුත් චතුරට හම්බ වුනා. 

පව් අර බලාපොරොත්තුවෙන් ලියුම් එවපු සහෝදරී, මොකක් වෙතත් එයා මිතුරෙක් වෙනුවට සහකාරයෙක් හොයා ගන්නනේ හැදුවේ.

චතුර....

15 comments:

blog gadol said...

හික් හික්!! ඔය මූනුපොත වගේ ඒවා ආවට පස්සෙ පෑනෙ මිතුරු සීන් එක නැතිවෙලා ගියා නොවැ!

මධුරංග said...

මරු සීන් නේ !!!
ගඩොල් පූසා කිව්වා වගේ මූනු පොත හන්දා දැන් පෑනේ මිතුරු සමාජ ටික නැති වෙලා ගිහින් නේ. අපරාදේ.

Prasanna said...

අනේ මන්දා උඹට වගේම තමා උඹ​ලෑ අක්කටත්... ඕනේ නැති මගුලක් නෑනේ...!

ChammA said...

ගොඩක් ඔයවගේ සීන් වල ඉන්නේ වෙන වෙන අරමුණුවල ඉන්න අය තමයි...හැබැයි මම දන්නා අය ඉන්නවා පිටරට අය එක්ක අවුරුදු ගානක්
මිතුරුකම් පවත්වන

ප්‍රසංග said...

අර අක්කා දන්නවනම් එයාගෙ පුතෙක් වගේ කෙනෙක්ට ලව් ලෙටර් ලියපු බව....

දිල් said...

ඔය එන්නේ...........මතක් උනා නේද Pen Pal

නිම්ශා said...

අක්කා අහගන්න ඇති හොදට..හෙහේ..

අසනි said...

හික් හික් මරු වැඩේ...අක්කා අහ ගන්න ඇති නේ...ලුනු ඇඹුල් ඇතුව..

Praසන්ன said...

කෙලින්ම ගෙදර ආවනං තමයි වැඩේ වෙන්නෙ.

හිස් අහස said...

එල කතාව .. අපේ ඉස්කෝලේ සමහර එවුන් ඉස්සර ඔයවගේ මිතුරු වැඩ වල එල්ලිලා හිටියා ..

දැන් ඔය වගේ වුවා නැතිම වෙලා ගිහිං ..

චතුර.... said...

@ blog gadol

ඔව් ඔය නැති වෙලා ගිය එක මහ අපරාදයක් නෙව..
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

ඒකනේ තිබ්බ නම් මරු
මේ පැත්තේ ආවට තුති..

@ Prasanna

ඒකනේ ඕනේ නැති මඟුලක් නෑ
මේ පැත්තේ ආවට තුති..

චතුර.... said...

@ ChammA

ඔව් ඔව් වෙන වෙන අරමුණු වල ඉන්න අයත් ඉන්නවා , මටත් හම්බ වුනා හොඳ යාළුවෝ කිහිප දෙනෙක්ම..
මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

ඒකනේ පවු ඒ අක්කා
මේ පැත්තේ ආවට තුති

@ දිල් අක්කා

ඒකනේ කියන්නේ මතක් වුනානේ
මේ පැත්තේ ආවට තුති..

@ නිම්ෂා

අහගත්තදත් අහනවා
මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඒකනේ නියම වැඩේ
මේ පැත්තේ ආවට තුති..

චතුර.... said...

@ Praසන්ன

අහ් එහෙනම් මරේ මරු
කාලෙකින් නොවැ දැක්කේ..
මේ පැත්තේ ආවට තුති

@ හිස් අහස

ඒකනේ දැන් ඔය වගේ එව්ව නෑනේ..
මේ පැත්තේ ආවට තුති..

Sabith said...

මාත් ලිව්වා බං කොහෙද රටක කෙල්ලෙක්ට! මොන රිප්ලයිද අපිට~

චතුර.... said...

@ Sabith

මම කෙල්ලන්ට නම් ලියල නෑ බන්.. නාකි ඇන්ටිලා අන්කල්ලා මුද්දර කාසිවගේ එව්වනම් මට එව්වා..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons