Friday, August 5, 2011

නොසෑහුන සිත....



මෙය ඇත මට
නමුත් මෙහි අඩු ලුහුඬු ඇත
එය සර්ව සම කර ගනිමි මම
මෙය නැත මට
එය කෙසේ හෝ කර ගනිමි මා සතු
එය තිබුනද
අවැසි ලෙස නොතිබෙද
වෙනසටත් ඉඩ නොම දෙද
එය ඉවත ලා හොඳ දේ සොයමි මම
මෙය මෙපමණකි
නමුදු එය එපමණකි
නමුත් එය මා නොසනසවන කල
දමමි ඒ දෙයද ඉවතටම
ඉවත ලූ පසු
සොයමි මම මට අවැසි දෙය
හමු වූ කළ ඒ වැනි යමක්
සසඳමි ඒ, පෙර සමඟ
මේ දේ ඒ දේ කොයි දේ
ගෙන දේද වැඩි සතුට
මේ දේ මේ අඩුවද
මේ දේ මේ දෙය වැඩිද
පෙරදේ එය සමව තිබිණිද
හොඳම දේ , ඒ මා සෙවූ දේ
මා ළඟම තිබී ඇත
අවසනේ මා විසින්ම ඉවත හැරදමා ඇති එය
නැවත මා සතු කර ගනු කෙලෙස
පමා වැඩි සිත , ඔබ එයට පමා වැඩිය
හොඳම දේ සෙවූ සිත ඔබ
අසල වූ හොඳම දෙයම අහිමි කර ඇත
හොඳම දේ හොඳම ආකාරයට
සොයන නුඹ ,නොසෑහුන සිත
කවදා මෙල්ල කර ගනුද
ඒ නිම නොවෙන අසීමිත
නොසෑහීමම....


Picture source : http://debbieflood.blogspot.com/2010_07_01_archive.html Accessed on 05th July 18.00 [Online]

චතුර....

10 comments:

අසනි said...

වටිනා කියන කතාවක් යාලු..
සැසදීම,
නොසෑහීම,
පිරිහීමේ මුල..

චතුර.... said...

@ අසනි

ඔව් ඒවා පිරිහීමට මුල
මේ පැත්තේ ආවට තුති යාළු..

Ruka said...

කතාවනම් ඇත්ත සහෝදරයා.
අපිට ලැබෙන දෙයින් සැනසෙන් නැතුව,ඊට වඩා දෙයක් හොයන්නනෙ අපි යන්නේ..
හැමදාම.....

පිස්සු පුසා said...

ලස්සනයි මචං...කියන්න දෙයක් හිතට එන්නේ නැත සමාවෙයන්

rmpmcreation said...

කතාව ඇත්ත.ඒකනෙ කියන්නෙ ලද දෙයින් සතුටු වෙන්න කියලා

මධුරංග said...

මම මේක කියවලා කොයිල් උනා.
මොකක් ගැනද මේ කියලා තියෙන්නේ ?

චතුර.... said...

@ Ruka

ඔව් කොච්චර ලැබුනත් හොයන්නේම නොලැබෙන දේවල්..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

@ පිස්සු පූසා

ඒකට කමක් නෑ
මේ පැත්තේ ආවට තුති

@ rmpmcreation

ඔව් ඒක කරන්න පොඩ්ඩක් අමාරුයි උත්සාහ කළොත් බැරි වෙන්නේ නෑ..
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

අනේ මංදා වීඩියෝ එකක් දැම්මොත් පේන්නේ නෑ, අකුරු පොඩි වුනොත් පේන්නේ නෑ
(ඕක ආයේ අමුතුවෙන් කියන්න දෙයක්යැ අයියන්ඩිට කෝමත් කොයිල්නෙ,පොඩි විහිළුව්ක් කොළේ සීරියස් ගන්නව නෙවි ) ඇත්තටම මේක පුද්ගලික අත්දැකීමක් , සමහර දේවල් තෝරන්න යද්දී..( ඔන්න තේරුවේ මොනවද කියලා එහෙම අහනව නෙවි )
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

නාකියා said...

කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාළු උනාට පස්සෙත් ඔය විදියටද සසදන්න පටන් ගන්නවළු. ‍ඉන්න එකට වඩා හිටිය එක හොදයි කියලත් හිතෙනවාළු.
(චතුර ගැන නෙම් කිව්වෙ අරී...)

batti said...

ලෝක ස්වභාවය. ලදදෙයින් සෑහීමට පත් නොවීම

චතුර.... said...

@ නාකියා

'ලොල්'ය
ඔව් ඔව් , මේ පැත්තේ ආවට තුති

@ batti

ඔව් , මනුස්ස ගතියනේ
මේ පැත්තේ ආවට තුති..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons