Monday, August 1, 2011

ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


ගිම්හානයේ
අහඹු ලෙස මතු වූ
ගිම්හානයට වර්ෂාව  නොදුන්
වැහි වළාව මෙන්
හිස්ව තිබූ සිත් අහසට
පෑයූ ඔබ මගේ සඳ
සිත් අහසේ අමාවක උදාකර
මා හට අහිමි වේද..
ගිම්හානයට සැමදා වර්ෂාව අහිමිද..?


Picture source : http://www.thepaintingloft.com/group/jonathanwheeler/forum/topics/post-your-florals-here?commentId=4556549%3AComment%3A123029&xg_source=activity&groupId=4556549%3AGroup%3A1556 Accessed on 01st of August 2011 16.30 [Online]

චතුර....

4 comments:

අසනි said...

ලස්සන කවි සංකල්පනාවක්..යාලු

මධුරංග said...

ඔවු නේ. ගිම්හාන කාලෙට වහින්නේ නෑනේ.
ඔන්න වසන්ත කාලෙට නම් වහිනවා. එතකොට වර්ෂාව අහිමි නෑ. :)

අකුරු ලොකු කරලා පෝස්ට් කිරීම පිලිබඳ මගේ බලවත් ප්‍රසාදය !!!

පිස්සු පුසා said...

ඇත්තටම ගොඩාක් ලස්සනයි

චතුර.... said...

@ අසනි

අගය කිරීමට මෙන්ම මෙහි පැමිණියාට ස්තූතියි යාළු..

@මධුරංග

ඔව්නේ නේද.? සමහර බලාපොරොත්තු නොවුන වැසිත් තියෙනවනේ අකල් වැසි.
ලොකු කළ අකුරු කියවීමට වෙනදා මෙන් මෙහි පැමිණියාට ස්තූතියි..
ප.ලි ළඟදීම උපැස් යුවලක් මිලට ගන්නා මෙන් ඉල්ලීමක්ද කරමි..

@පිස්සු පූසා

අගය කිරීමට මෙන් කියවීමට වෙනදා මෙන් මෙහි පැමිණියාට ඇත්තටම ස්තූතියි..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons