Monday, August 8, 2011

අඟන සහ පර පුරුෂයා..



පැහැපත් ඡවියෙන්ද
දිගු වරලෙන්ද 
මනාවූ රුවෙන්ද යුතු 
ඇය රුවැති අඟනක් විය
කාලයේ වරදින් 
දෛවයේ සරදමින් 
ඇයට ලැබුණු අධම පුරුෂයාගේ පහත් ක්‍රියාවෙන්  
ඇය වෙසඟනක් විය
ඇය ස්පර්ෂයට
ඇගේ රුව දැකීමට
ඇගේ රුව විඳීමට
ඇය විඳ ගැනීමට
පහසින් මත් වීමට
නොයෙක් පර පුරුෂයන්  
ඇය වෙත එන්නාහ
ඇය ඔවුන්ට රහස, පහස, සුවය දෙන්නීය
එක් දිනක් තවත් එක් පුරුෂයෙක් ඈ වෙත ආවේය
රහස ,පහස ,සුවය විඳ ගත්තේය 
එයින් මත් වූවේය
සුරාතාන්තයට පැමිණියේය
අඟනද ඔහු රිසිසේ සිටියාය
ඈ අත ගතමනාවද තැබූ ඔහු
යන්නට සැරසින
නළල සිඹ 
"දියණියන් වැඩිමහල්ය දැන් ,ඔවුන් ප්‍රවේසම් කරනු වස් "
"සමසක සිට ඔවුන් තනිකර ඇය පවුල් යහනට නො එයි දැන්"
"නුඹ නාඩ ඉඳපන් මම සැමදාම එන්නම් "
යයි ' අඟනගේ සවන්පත් මත මිමිනුවේ"ලු"

පින්තූරය මෙතනින්..

චතුර....

5 comments:

අසනි said...

වෙනදානම් මේ වගේ දෙනක් කන වැකුණු ගමන් හෝ..දෑසින් දුටු ගමන් මගේ හිත දුවන්නේ.."තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමන් වන..ගීතයට..

ඒත් අද මට හිතුනේ වෙනම දෙයක්..තම පුර්ෂයා පර ස්ත්‍රියක් වෙත ඇදෙන්නේ ඇයි කියලා..හිතන්න අවස්ථාවක් කාන්තාවන්ට දුන්නා කියලයි මට හිතුනේ..අපූරුයි යාලු..

චතුර.... said...

ස්තූතියි ඔබේ කමෙන්ටුවට කවුරුවත් මේකට කමෙන්ටුවක් නො එව්වේ මොකද කියලත් හිතුනා, ඒත් මෙතනදි මම අහපු කතාවක නිදහසට කරුණ විදියට කියල තිබ්බ දෙයක් මම දැක්වූවේ , ඒත් ඔය කියන කාරණය වෙනත් ස්ත්‍රියක් කරා යන්න හේතුවක් කියලා හිතන්න ඉඩ දෙන්න මම නම් සූදානම් නෑ, නමුත් ඔයා කියන විදියට කාන්තාවන්ට දෙපාරක් හිතන්න ඕනේ කාරණයක් තමයි, ඒත් මේක ඔය විදියේ පිරිමි දෙන බාල ගණයේ උත්තරයක් ,ඇත්තටම ඒක නිදහසට හදා ගත්තු අමුතුම වංචනික උත්තරයක් නේද යාළු..
වෙනදා වගේ මේ පැත්තේ ආවාට තුති..

අසනි said...

ඒක නම් ඇත්ත..ඔහොම හිතන්න පුලුවන් වීමම මන් අගය කරනවා..ගෑනික්ට ජීවිතේ කවදාවත්ම බෙදා ගන්න බැරි එකම වස්තුවනේ තමගේ ස්වාමි පුර්ෂයා කියන්නේ..

ඒ නිසා අර වගේ අසාධාරණ පිළිතුරක්වත් මුවින් පිට නොවෙන්න වග බලා ගන්න හැම බිරිදක්ම උත්සහා ගන්නවනන්..ගොඩක් ප්‍රශ්න ගේ ඇතුලෙම විසද ගන්න පුලුවන්..

තාම ඒ තරම් ලොකු අද්දැකිම් නොවුනට අසනි කියන චරිතය මෙහෙම විය යුතුයි කියලා, මෙවැනි දේ තුලින් චිත්ත රූපයක් මවාගෙන ඉන්නවා.. බලමුකෝ ඉස්සරහට..

batti said...

මිනිහෙක්ට හරි යන්නේත් වරදින්නෙත් ගැහැනියෙක් නිසාලු. පුර්ෂයා අදම වුන පමණින් ඔය තරම් වැරදි පාරකට පත්නියකට නම් යන්න බෑ. එතන තියෙන්නේ වෙනස් මානසිකත්වයක් කියලයි මට නම් හිතෙන්නේ.

චතුර.... said...

@ අසනි

හැම දේකටම සාධාරණ හේතුමවන්නත් ඒවා තවත් සාධාරණීයකරනය කරන්නත් මිනිස්සු පෙළඹෙනවා.
ස්තූතියි අදහස් එක් කිරීමට.

@ batti

ඔව් , ගැහැනියෙකුට මනුස්සයෙක් නරක දෙයක් කළයි කියලා ඔය පහත් තත්වයට පත් වෙන්නේ නැතුව ජීවත් වුනහැකි. ඒක අවිවාදාත්මකයි. නමුත් මම මෙතන පෙනවලා දෙන්න උත්සාහ කළේ වෙසඹුවක් සොයා ගෙන ආපු පර පුරුෂයා ඒකට ඉදිරිපත් කරලා තියෙන හේතුව..
කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ.. එහෙම හිතෙන්නේ නැද්ද යාළු..
ස්තූතියි වෙනදා වගේ මේ පැත්තේ ආවට සහ අනිත් අය ( අසනි හැර )තමන්ගේ අදහස කියන්න මැලි වෙච්චි කාරණයකට අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons