Friday, August 19, 2011

එයාට සඳුදට විභාගෙලුනේ..





මූණු පොතේ යාලුවොත් එක්ක කතා කළාට
පැය විසි හතරම මූණු පොතේ එක එක එව්වා දැම්මට
තත්පරයක් ගානේ යාළුවන්ට අදහස් දුන්නට
මූණුපොතේ යාළුවන්ගේ පින්තූර වල ඇද කුද හොයන්න වෙලාව තිබ්බට 
එකම එක මිනිත්තුවක්
මට කතා කරන්න
මගේ දුරකථන ඇමතුමකට උත්තර දෙන්න
මට කෙටි පණිවුඩයක් එවන්න
එයාට වෙලාවක් නෑලු
එයාට සඳුදට විභාගෙලුනේ....

ප.ලි  මේක අහපු මගේ යාළුවෙක් මෙසේ කීවේය : කෙල්ලට කොල්ලා  එපා වන තාක් කොල්ලා කෙල්ලගේ බල්ලාය....

චතුර....

20 comments:

batti said...

ආදරේ වැඩි කමටත් ඔහොම කරනවා. ඒත් යන්නම යන්නම ඕනෑ නම් ඇයි ඉන්න කියන්නේ?

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

විභාගෙලුනේ බං ඉතිං...

මධුරංග said...

අනිත් ඔක්කෝ.....ඕ...ටම වෙලාව තියෙනවා. උබට කෝල් එකක් දෙන්න තමයි වෙලාව නැත්තේ !!!! අනේ අනිච්චං !!!

ChammA said...

ඔව්ව ඔහොම තමා බන්...

නදී said...

විභාගෙනේ පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉතින්.

අසනි said...

අනේ පව් අප්පා මේ චතුර කොළුවා....හි හි

චතුර.... said...

@ batti

ඔව් යන්නම යන්නම ඕනෑ නම් යන්න දෙන්න ඕනේ කියලා මටත් දැන් හිතෙනවා,
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ පැණි දොඩම්

ඔව් බන් විභාගේ ඉවර වෙනකන් ඉම්මුකෝ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

ඒකනේ කියන්නේ.. අනිච්චං දුක්කං
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ChammA

එහෙම වුනයි කියලා හැමදාම ඔහොම කරලා හරියනවද බොලන්..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ නදී අක්කා

ඔව් ඔව් ඉවසලා බලමු ඉති නේද..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඒකනේ චතුර කොළුවා පව්..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

prasanna86k said...

අර අන්තිමට දාපු එක ඇත්ත බව නම් දැන් දැන් මටත් සිතේ...

tee ළමයා said...

විභාගෙ ඉවර වෙනකන් හිටියත් ඕකේ වෙනසක් වෙන එකක් නෑ. සුපුරුදු පම්පෝරිය පටන් ගනීවි. ඔය වගේ කෙල්ලො හදන්න බෑ සහකාරය ශාරුක් ඛාන් වුනත්.

ප්‍රසංග said...

උබත් එක්ක කතා කොරන්න ගොහින් විභාගෙට පාඩම් කොරපුව අමතක වුනොත් හෙම....

Hasitha said...

ඔයත් ඒකම කරන්න​.. එතකොට හරි යයි..

මහි said...

මං අදයි මේ පැත්ත ට ආවේ. මේක කියෙව්ව ම මං මොහොතක ට ගල් වුණා වගේ දැනුණා. දුක හිතෙන කතාවක්. ඔයාගේ ඉවසීම ට ගරු කරනවා.......

චතුර.... said...

@ මාළු යාළු

ඔව් ඔව් ඔව් මටත් සිතේ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ tee ළමයා

ඔව් ඉතින් එහෙම වෙයිද කියන්නත් බෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ ප්‍රසංග

ඒකනේ අමතක වුනොත් එහෙම
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

චතුර.... said...

@ Hasitha

කරලම බලමු..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි සහෝ..

@ මහී

ඉවසීම පලක් වෙයිද කියලත් සැකයි.
ඔයාට තේරුන දේ තේරෙන්න ඕනේ කෙනාට තේරුනේ නැහැනේ ඒකයි දුක.
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති..

Praසන්ன said...

ඉවසපං කොල්ලො.

Anonymous said...

iwasanna..iwasanna..iwasana..kawadahari eken prathipalayak labei...(hoda ho naraka)

හා පැටික්කි (MS) said...

ඇහ්...... මේ මං කලින් ආ කැන්ඩිගේ මතක අහුරමදැයි??

විභාගෙනේ. ඔයා එක්ක ලයික් දානවා වගේ, කමෙන්ට් දානවා වගේ තත්පරයක් දෙකක් කතාකරලා මදි ඇති..... :)

(පුලුවන් නම් සබ්ස්ක්‍රයිබ් බයි ඊමේල් දාන්නකෝ, ඒක පහසුයිනේ අපිට අයියගේ කමෙන්ට් වලට පිලිතුරු බලාගන්න)

චතුර.... said...

@ Praසන්ன

ඒකනේ ඉවසලා බලමු
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ඇනෝ

ඔව් ඔව් එහෙම කරලා බමු , මොකක් හරි වෙන්නේ නැතෑ..
මේ පැත්තේ ආවට තුති..

@ හා පැටික්කි(MS)

ඔව් ඔව් මේ ඒකම තමයි
ආ එහෙමද දන්නේත් නෑ නේද..?
ඉක්මනටම දාන්නම් ..

වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Kasun said...

කෝකටත් ඉවසල බලපන් බං. හැබැයි ඉතින් ඊට පස්සෙත් එකම කතාව නම් ඉතින් මම නම් කියන්නෙ උඹ තීරණයක් ගනින් කියල. ඕනම දේක සීමාවක් තියනව නෙ.

"කෙල්ලට කොල්ලා එපා වන තාක් කොල්ලා කෙල්ලගේ බල්ලාය...."

එහෙම වෙන එක හෝ එහෙම නොවෙන එකේ තීරණය තියෙන්නෙ උඹේ අතේ. මම නම් කියන්නෙ එහෙම වෙනවට වඩා හොඳයි තනිකඩව ඉන්න එක.

චතුර.... said...

@ Kasun

මටත් කලින් ඔය දේ නොහිතුනා නෙවෙයි, ඒත් දැන් මම ඔක්කොම හිතින් අයින් කළා, අමතක කරන්න ලේසි නෑ , ඒත් කරන එක තමයි හොඳම විසඳුම..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons